විකසිත පෙම් පොකුරු පියුම්

විරහව විඳින්න මොන තරම් නම් විධි තියෙනවද? විරහව එක් එක් අය දාරා ගන්න විධියට වෙනස්. අද කාලයේ ඇහෙන ගොඩක් ප්‍රවෘත්ති විරහව දරාගන්න බැරි වුන නිසා සිදුවෙන ඛේදවාචක විදිහට තමයි අහන්න ලැබෙන්නේ. ඒක බොහෝමයක් වෙලාවට සිදු වෙන්නේ විරහව තමා තුල සිරකරගෙ සිටීම නිසා විඳි වීම පසුව මානසික ආතතිය බවට පත් වීම නිසා කියලයි මම ිනම් හිතන්නේ. නමුත් කලාව දන්න මිනිහා, කලාකාරයෙක් ඒ විරහවම තමාගේ කලාව ඇතුලට සම්මිශ්‍රණය කරල සමාජවයටම මුදාහරිනව. ඒ තුල තමාගේ ශෝකය අඩු කරගන්නත් කාට හරි තමන්ගෙ කතාව කියල ලැබෙන සැනසීමත් ඔවුන් ලබා ගන්නවා. ඔය දේ නැති තැනදි වෙනන්න පුලුවන් හානිය අපමණයි. මේ තියෙන්නේ එක් කලාකාරයෙක් තමාගේ විරහව විඳින ආකාරය.

ආචාර්ය අංන්තා රණසිංහයන් අතින් ලියැවෙන මේ පද ඔහුගේම කතාවක් කිලත් සමහර අය විග්‍රහ කරනව. ඒ කොාහම වුනන් කලාවත් එක්ක සම්මිශ්‍රිත විරහව මේ පද ඇතුලෙ අපූරුවට හංගනව. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා ලබා දීපු සංගීතය, කේමදාස මාස්ටර් ඒ හැඟීම් උපරිමයටම තියන්න හදාපු විදිහත් හරිම අපූරුයි. ඒ සංගීතය ආරම්භයම ගම්බද හැඟීමක් තමයි මවන්නේ. මම නම් ගමක වලව්වක පොඩි කුමාරිහාමි කෙනෙක්ට පෙම්බැන්ඳ තරුණයෙක්ගේ කතාවක් කියන තැනට තරම් ගෙනියන්න මේ සංගීතයම ප්‍රමාණවත්.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

කතානායකයගේ එහෙමත් නැතිනම් තරුණයාගේ හිතෙත් තරුණියගේ හිතෙත් ඇතිවුන ආදරයක්. ඒ ආදරේ නවතින්නේ කාන්තාවගේ පැත්තෙන්. ඇයගේ පයටයි පොඩි වෙලා විනාශ වෙලා යන්නේ. ඒ ඇතුලේ ආදරයට වඩා ඇයගේ තත්වයේ උසස් බවක්‍ පෙන්වනවා කියලයි මම හිතන්නේ.ඇයගේ තත්ත්වය හමුවේ තරුණයාගේ ආදරය පයට පෑගිලා පොඩිවෙන තරමයි. ඔහු කියනවා ඔහුට පිටුපාල පතිකුලයට යනව කියල. එතනත් ඇය ඔහුට වඩා උසස් අයෙක් හා යන බවක් හඟවනවා. නමුත් අවසන් පෙල ඔහු තවමත් ඇය ආමන්ත්‍රණය කරන්නේ "සොඳුරු ලඳුනේ" කියල. ඒ ඇය ගැන තවමත් ඇති ආදරයේ ප්‍රමාණයමයි. ඔහු වෛර කරන්නේ නෑ. ඔහු තේරුම් ගන්නවා ඇය ඔහුට අයිති නැති බව.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

ඔහු ඊලඟට කියන්නේ තවත් කතාවක්. ඒ ඇය යන තැන, ඇයගේ විවාහක සැමියා ගැන දන්නවා වගේ හැඟීමක් මතුකරමින්ම මතක් කර දෙන්නක්. ඒ ඇයට දවසක ඉන්න තැනක දුකක් කඳුරක් ආවොත්, කාටවක් කියාගන්න බැරිව අඬන්න වුනොත් අපේ ආදරය මතක්වෙලා විරහ වේදනාව දැනෙන්න එපා කියලයි. ඒ වේදනාව ගින්නක් වගේ දාගන්න බිරි බව ඔහු දන්නව. ඒ වේදනාව කවදාවත් ඇයට දැනෙන් එපා කියල තරුණය ප්‍රාර්ථනා කරනව.

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා

ජීවිතේ පසු කාලයකදී වුනත් ජීවිතේ තනියක් දැනෙද්දී වුනත් ඔයා තෝරගත්ත ඔය සැපවත් ජීවිතය ඇතුලේ ඒ දුක නොදැනෙන්න තරම් දේවල් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ආයෙමත් මුලින් කියපු ඇය ඔහු වෙනුවට තොරගත්තු සැපවත් ජීවිතය පිලිබඳවත් රචකයා මතක් කරනවා.


තනියම ඉන්න නිශ්ෂබ්ද වෙලාවක, අනිත් සද්දබද්ද වලින් පිරුණු සංකීර්ණ ලෝකෙන් අයින් වෙලා මේ සගීතය අහල බලන්න. ඔයාලට මොනවගේ චිත්‍රයක්ද මැවෙන්නේ කියල. හිතනවා ඔයාලගේ අදහස් මේ යටින් ලියැවෙයි කියල.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...//

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...//

විකසිත පෙම්...

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...//

විකසිත පෙම්... //

ගායනය: විශාරද පණ්ඩිත් අමරදේව
ගී පද: අජන්තා රණසිංහ
සංගීතය: ප්රේමසිරි කේමදාස

10 comments:

  1. ලව් එක කැඩිලා ඩිප ( ඩිප්‍රෙශන්) ගහලා ඉන්න කාලෙ බොක්කටම වැදුනු සිංදුවක් තමයි ඉතින් -Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  2. අජිත් ඩී - ලන්ඩන්5 December 2023 at 04:02

    සුලා මල්ලිගේ ලව් එක
    බිඳී ඇත අද දින හොදටම
    සුරා බී මත් වින
    ගී අසා අඩයි තිස්සෙම

    ReplyDelete
    Replies
    1. එකෝමත් කාලෙක
      පෙම බිඳුන දිනෙක
      හිතේ අග අස්සෙක
      මුමුණාපු ගීයෙක
      පද විරිත් පමණක
      මෙලෙස කල අකුරක
      සුරාවෙන් තොරවු මට
      හැඬුම් දැන් අමතක
      ලව් එකක් තිබුනනම්
      කොහෙද කාලය ලියනට

      Delete
  3. කොයි වෙලාවක, කොයි විදිහේ මානසික මට්ටමක හිටියත් මේ සින්දුව අහද්දී මට නම් තද පාලු ශෝකාකූල හැඟීමක් දැනෙනවා. අමරදේව මාස්ටර් ගේ කටහඬේ මායා බලය තමයි ඒ. මමත් බොහොම කැමති සින්දුවක් තමයි.

    ReplyDelete
    Replies
    1. මලී අන්ටිට ආදරේ මම

      Delete
  4. මේ එක්තරා යුගයක ආකල්ප. දැන් ආදරය කරන අය මේ තත්ත්වයට මුහුණ දෙන්නේ මීට ප්‍රතිවිරුද්ධ මානසික මට්ටමකින්නේ.

    ReplyDelete
  5. කාලයක් බොහොම ආසාවෙන් අහපු ගීතයක්...අද තමා මේ පැත්තට ගොඩ වැදුනේ

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!