මේ දවස් වල මොකද වෙන්නේ

කාලෙකන් බ්ලොග් එකට ලිපියක් ලියන්න වුනේ නැහැ. සමහර විට මට නිවාඩුව තිබුනත් ලියන එක ඒ තරම් වැඩක් නෑ කියල හිතෙන නිසා ලියන්න පටන් ගන්නේ නැතිව ඇති. මොකද දැන් දැන් කවුරුවත් ලියන දේවල් කියවන්නේ නැති නිසා. කොහොම වුනත් 2010 ඔක්තෝම්බර් මාසෙ පටන් ගත්ත මේ බ්ලොග් එකට දැන් අවුරුදු 10ක් වෙනව. ඒ කාලෙ වගේ නෙවෙයි දැන් දැන් කියවන අය නෑ. ඉස්සර නම් බ්ලොග් කියන්නේ මාරම දෙයක්.

හරි දැන් බලමුකෝ මේ දවස් වල කොරෝනා නිසා කොහේවත් යන්න වුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි අවුරුද්ද ඉවර වෙනකම්ම හරි හැටි ගමනක් යන්න බැරිවෙන්න හේතු දෙක්ක තිබුනා. එකක් කොරෝනා අනික මගේ පණ ඇති සහ නැති ඇවිදින සගයෝ දෙන්නම මට නැති වුනා. ඊලග අවුරුද්දේවත් බලන්න ඕන අලුත් පණ නැති සගයෙක් ගන්න. 

සුවෙන් සිටිමු! COVID-19 දකිමු පරදමු

මේ වන විට රට තුල පවතින කෝවිඩ් 19 වෛයිරස ව්‍යාප්තිය වේගවත්ව ඇති නිසා සහ එහි ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් සොයා ගැනීමේ අපහසුතාවයන් නිසා වෛරසය මැඩපැවැත්වීමට අපහසුව ඇත. නමුත් මේ සම්බන්ධයෙන් ICTA ආයතනය මගින් මෘදුකාංග මෙවලමක් සපයා තිබේ. මේ එකී මෙවලම භාවිතා කරන ආකාරය ගැන පොඩි සටහනක්. 


සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය භාවිතයෙන් ඔබත්, ඔබේ පවුලත්, මිතුරනුත්, සමාජයත් කෝවිඩි උවදුරෙන් සුරකින්න. 
මේ ගැන මම කල පොඩි වීඩියෝ එකේ සියල්ල පැහැදිලි කරල තියෙනවා.. ඒක බලන්න කියල ආරාධනා කරනවා. 

 https://staysafe.gov.lk

අඩු වියදම් Macro Light modifier එකක් Develop කරමු

පහුගිය කාලය පුරාවට ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයකට උත්තරත් අරගෙන මම අද ලියන්න හදන්නෙ අඩුම වියදමකින් ආරම්භකයෙකුට Macro light modifier එකක් හදන්නෙ කොහොමද කියලයි.

මම මේ modifier එක හදපු හැටි සහ ඒක ක්‍රමාණුකූලව දියුණු කල ආකාරය ගැනත් මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 

මම මේක හදන්න ගන්නෙ කඩේ ගන්න තියෙන්න pringles හිස් ටින් එකක්. ඒකෙ දෙපැත්තම සිදුරු කරල එක පැත්තක් ෆ්ලෑෂර් එකට හයි කරන්න පුලුවන් විදියට හදා ගන්න. 

පින්තූරු අල්ලන හැටි ඉගෙන ගන්න උන්ට.......

එක එක අය පින්තූර ගන්න විදිය වෙනස්.. ඒ වගේමයි එක එක අයගේ පින්තූර ගන්න තෝරගන්න අරමුණු වෙනස්. ඒකට තෝරගන්න කැමරාව පවා එකිනෙකාට වෙනස් වෙනවා. මොබයිල් එකකින් වටේටම පින්තූර කොටනවා වෙනුවට වැටෙන ලයිට් එක ගැන හිතමින් පින්තරයක් ගන්න උත්සාහ කල එකෙක් ගත්ත අපූරු පින්තූරයක් සහ ඒක දියුණු කල හැකි ක්‍රමය ගැන තමා මමමේ කෙටි සටහන් තියන්නේ.. 

මාත් ඒක්ක ඇවිදින උන්ගෙන් එකෙක් අනිත් අයගෙන් වෙන් වෙලා ෆෝන් එකේ කැමරාවත් අරගෙන පින්තූර ගන්න හැටි මම දැක්ක. හෙමින් එතැනට කිට්ටු වුන මම අහපු සමහර දේට දුන්න සරල උත්තර නිසාම මම ඌට මොනව හරි කියා දෙන්න ඕන කියල හිතුවා. 

වනසන වනාන්තර වල වැරදි ගණනයන්

පහුගිය කාලය පුරාවට මගේ අතින් ලිපියක් අකුරු නොකලෙමි. එයට ප්‍රධාන හේතුව අකුරු කිරීමෙන පමණක් පල නැති බව මා දන්නා නිසාවෙනි. කෙසේ වෙතත් මා තුල ඇති "මෝඩයා" මාගේ පාලනයෙන් තොරව නැවත නැවතත් අවදි වන්නේ අකුරු නොකරම බැරි අවස්ථාවන් වලදී පමණක්මය. මේ එවන් අවස්ථාවක් යැයි මා සිතමි.

සිංහරාජය..

මා මෙතැනින් මදක් නවතින්නට සිතමි. ඒ මා සදහන් කල මේ වචනය කාලීන වීමත් මා ද තවත් එක් සංවිධානයක, පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ ගැත්තෙක් වී ඇතැයි හංවඩු ගසමින් මේ ලිපිය කියවන ඔබ වෙනුවෙන් එක් දෙයක් සදහන් කිරීමටය. හත කී කිසිදු පාර්ශවයක මා ගැත්තෙකු නොවන බව මා ගැන දන්නා උන් හොදින් දනී. තවද ඔබේ සිතිවිල්ල එතැනින් පටන් ගන්නේ නම් මේ ලිපිය කියවීම හැරුණු කොට ඔබගේ "වටිනා" කාලයෙන් වෙනත් "වටිනා වැඩක්" කරගන්න යන ඉල්ලීම කරමි.

දුරස්ථ පාලක ගුවන් යානාවක් හදමු..

ඉස්සර වගේ නෙවෙයි දැන් දැන් බ්ලොග් එකට ලිපියක් ලියන්න කාලයක් හොයා ගන්න එක ලේසි නැහැ. ඒ කොහොම වුනත් කාලෙකට පස්සේ ලැබුන ඉඩෙන් කියවන අය වෙනුවෙන් වැදගත් දෙයක් දෙන්න ලැබෙයි කියල හිතෙනවා. 

කාලෙකට කලින් වගේම දැනුත් මගේ ආසම විෂයක් වෙන්නේ භෞතික විද්‍යාව. හැබැයි ඒක මහා අණ්ඩරදෙමළයක් වගේ අන්තවාදීව හිතන්න නම් මගේ ආසාවක් නැහැ. තවම. අපි ඉගෙන ගන්න සරල භෞතික විද්‍යාව ප්‍රායෝගිකව යොදා ගන්න පුලුවන් විධි ගැන මගේ කවදත් ආසාවක් තිබුනා. මේ එයින් එක් අවස්ථාවක් භාවිතා කරල පොඩි සෙල්ලමක් කරන හැටි ගැන. 

බර්නූලී.. තරල ගති විද්‍යාව ඉගෙන ගද්දී අපි හැමදාම හිතුවේ මොන මගුලකට මේක ඉගෙන ගන්නවද කියලයි. හැබැයි ඒ ප්‍රායෝගික භාවිතයන් ගැන කියාදෙන තරම් පාඩම අගට එද්දී නම් හිගෙනවා මේක වැදගත් කියල. හැබයි ඉතින් ප්‍රායෝගිකව තමන්ම අත් විදින්නේ නැතිව ඒක කොයා තරම්ද කියන එක තේරෙන්නේ නැහැ කියන එකයි මගේ නම් අදහස.

Macro Rail එකක් ගෙදරදීම හදාගමු - දන්න සිංහලෙන් Macro Photography - සයවන කොටස

Macro Rail එකක් නැතිව Focus Stack එකක් කරගන්න ගිහින් කරදරේ වැටිල ඉන්න අය වෙනුවෙන් Macro Rail එකක් ගෙදරදි හදාගන්නේ කොහොමද කියන එක ගැන මම කරපු පරීක්‍ෂණයක අවසන් ප්‍රතිඵල ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මේ ඒ දේ කරන්න ඕන කරන සම්පූර්ණ රූප සටහන් වලින් සිදු කරල තියෙනවා.

ඒ සියල්ල දිග පළල සම්බන්ධයෙන් පවා දක්වල තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන මම කල වීඩියෝ එක තමයි පහලින් තියෙන්නේ.



මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය වීඩියෝ එකේ තියෙන නිසා වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් මම ඇදපු රෑප සටහන් වල භාවිතා කරන්න ඕන ද්‍රව්‍ය හා ප්‍රමාණ සම්බන්ධයෙන් තියෙනවා.

මේ දින වල සිදුවන අන්තර්ජාල දත්ත වංචාව - Corona Special

මේ කියන්න යන කතාව පහුගිය මාස කිහිපය තුල සිදුවුන සහ මම අධ්‍යයනය කල දෙයක්. මම භාවිතා කරන අන්තර්ජාල සේවා ලබා ගන්න හා දුරකථන ඇමුතුම් ලබා ගන්න භාවිතා කරන ආයතන දෙකක සිම්පත් තියෙනවා. ඒ වගේම මගෙ සහෝදරයා  වත් ආයතනයක සිම්පතක් භාවිතා කරනවා.

පහුගිය කාලය පුරා ඔවුන් අන්තර්ජාල සේවා සදහා ලබා දෙන පහසුකම් වල වැරැද්දක් තියෙනවා කියල පෙනුන නිසා මම පොඩ්ඩක් මේ ගැන බැලුවා. මේක සම්පූර්ණ මගේ අත්දැකීමක් වෙන අතර මේ සම්බන්ධයෙන් ගැටලු සියල්ල එකී ආයතන වෙත දුරකථනය මගින් විමසීම් සිදු කලා. ඒ සම්බන්ධවත් ඔවුන්ගේ පිළිතුරු සාරාංශයනුත් මෙහි ඇතුලත්.. ඒ සම්බන්ධව සියලු රෙකෝඩින් සහ කෙටිපණිවිඩ හා Chat වල Screen Shots තිබේ.

සාමාන්‍යයෙන් මම මගේ දත්ත අවශ්‍යතාවයන් සදහා මෙම සමාගමේ ලබා දී ඇති මෘදුකාංගයක් භාවිතා කරල එහි සදහන් පැකේජ අතරින් මට ගැලපෙන පැකේජය සදහා මුදල් මගේ බැංකුව මගින් යොදවන එක තමයි කරන්නේ. ඒ වගේම මගේ සිම්පත තියෙන්නේ portable hotspot එකක යොදවලා නිසා එහි ඇමතුම් හෝ කෙටි පණිවිඩ සේවාවන් මම භාවිතා කරන්නේ නෑ. ටික දවසක ඉදන් මම යොදවන මුදල් මගේ මෘදුකාංගය තුල පෙන්වන්නේ නෑ. මේ සම්බන්ධයෙන් විමසීම් කිරීමට උත්සාහ ගත්තද රටේ පැවති අහිතකර තත්ත්වය නිසා පාරිභෝගික සේවා නිලධිරීන් නොමැති බවත් ඒ සදහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පණිවිඩ තබන ලෙසත් සටහනක් භාවිතා කර තිබෙනවා. ඒ අනුව මම යොදවපු ෆේස්බුක් සටහනට දවස් ගානකට පස්සේ ප්‍රතිචාර ලැබුනා. එයට යොදන පිළිතුරට තවත් දවස් ගානකින් ප්‍රතිචාර. මේ වන විට එම පැජෙය භාවිතා කරමින් ඔවුන් හා සංවාදයේ යෙදුනු අතර දින ගතවන විට අන්තර්ජාල දත්ත නොමැති බව නිසා නැවත මුදල් යෙවීමක්සිදු කලා. නමුත් පෙර ලෙසම මට අවශ්‍ය පැකේජ භාවිතා කරන්න නොහැකි වුනා. 

මොනවද මේ Ransomware කියන්නේ?

මේ දවස් වල බොහෝමයක් අයගේ පරිගණක වලට ඇතුලු වෙච්ච දත්ත නොපෙන්වන රෝගයක් ගැන බොහෝමයක් දෙනා කතා කරල අහනවා. විස්තරය බලුවාම ඇවිත් තියෙන්නේ Ransomware එකක්.
Ransomware කියන්නේ Malware පවුලට අයිති වෙන වයිරසයක්.මේකක් පරිගණකයට ඇතුලු වුනාම පරිශීලකයාගේ දත්ත සංකේතනය කරනවා. ඒක සම්පූර්ණයෙන් ලොක් කරල තියෙන නිසා කිසිම දත්තයක් බලන්න බෑ. දත්ත බලන්න නම් මේ ransomware එක හපු අයට ගෙවීමක් කරන්න කියනවා. ඒක කප්පමක්. සාමාන්‍ය වයිරස වගේ නෙවෙයි මේක හරි ගස්ස ගන්නේ කොහොමද කියන උපදෙස් මාලාවත් මේකත් එක්කම ලබා දෙනවා. සයිබර් අපරාධයක් විදිහට සලකන මෙම ක්‍රියාව සිදු කරන අපරාධකරුවන් අනන්‍යතාවය සොයාගත නොහැකි විදිහට බිට්කොයින් වැනි ඩිජිටල් කුම මගින් අති විශාල මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා සිටිනවා.

ස්වර්ණමය රීතිය, ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය සර්පිලය

ගොඩක් අය වැරදියට වටහාගෙන ඉන්න ස්වර්ණමය රීතිය, ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය සර්පිලය (Golden rule, Golden ratio & Golden Spiral ගැන පුංචි කතාබහක්.. ඇති කරන්න හිතුවා. මොකද බොහෝමයක් අය වැරදි විදිහට මේ රීතිය ඣායාරූපකරණයේදී භාවිතා කරන බව දකින නිසා.

මේ සම්බන්ධයෙන් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට YouTube වීඩියෝ එකක් හැදුවා. මේ ලින්ක් එකෙන් එතැනට ගිහින් බලන්න පුළුවන්.


ඒ වගේමයි මගේ Youඔube Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ ගණනාවක් කරල තියෙනවා වගේම කරන්නත් තියෙනවා.

 

මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු ඕනෑම දෙයක් මගෙන් කමෙන්ටි විදිහට අහන්න පුළුවන්. ඒ නිසා කමෙන්ට් කරන්න.

ස්තූතියි.

පාට වෙනස් නොකල "රෝස සඳ"

ලංකාවේ දැන් දැන කියවන පිරිස අඩු වීමත් එක්ක ලියන එක සෑහෙන්න අඩු කරල දැමමා. ඒ නිසාම තමයි මේ ප්‍රමාද වෙලා ලිපියක් ලියන්න සිදු වෙනනේ.. මේක කල් ඇතුවම ලියන්න හිතුවත් මිනිස්සු සමාජ ජාල වල පල කරන වැරදි දේ නිසා මේ ලිපිය ලියන්න හිතුවා.
මොකක්ද මේ රෝස සඳ කියන්නේ කියන එක කියන්න කලින් අපි බලමු සුපිරි සඳ කියන්නේ මොකක්ද කියල. ඒ ගැන මම කලින් ලිපියක් ලියුවා පහත තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන ටිකක් කියවල එන එක හොඳයි..

දෑවැදි දෙන්නට

තවත් එක් අපූර්ව ගීතයක් තමයි මේක. සුනිල් ඒදිරිසිංහයන් විසින් අපූර්ව ආකාරෙයන් ගායනා කරන්නේ මේ ගීතයට කඩහඩකින් දෙන්න පුළුවන් උපරිමය ලබා දීල කියලයි මම නම් හිතන්නේ. ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචිත ගීත බොහෝමයක් ඔහුගේ ජීවිතය හා බැදුනු සිදු වීම. මේ ගීතයත් ඒ විදිහට බැදුණු ගීතයක් ද කියන එක නම් මම දන්නේ නෑ. හැබැයි බොහෝම ලස්සන කාලීන ගීතයක්.

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නඟේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නඟේ

දේශපාලනය, නවක වදය සහ කොරෝනා

මම සාමාන්‍යයෙන් කතා කරන්න අකමැති මතෘකාවක කොටසකුත් එකතු කරල මේ ලියන්න යන්නේ කාලීන ගැටලුවක් නිසා. කරුණාකරල මේකෙ අවසානය දක්වා කියවන්න අකමැති හෝ කම්මැලි අය මේකට අදහස් ලියන්නත් එපා.
ඉස්සෙල්ලාම මම මතෘකාවේ අගින් පටන් ගන්නම්. "කොරෝනා". මේක විද්‍යාත්මක විග්‍රහයක් නොවන නිසා කොරෝනා කියන්නෙ මොකක්ද? ඒකේ ආරම්භය කොහේද කියල ලියන්න යන්නේ නෑ. මේක බෝවෙන රෝගයක්. මාරාන්තිකයි. දැන් ඒක ලංකාවේ අයටත් බෝවෙලා. හැබැයි ඒකට අපේ අය ප්‍රතිචාර දක්වන ආකාරය ගැන නම් කිසිදු සතුටක් පෙන්වන්න බෑ. ලංකාවේ පනතක් මගින් සම්මත් නීති රීති සමුදායක් තියෙනවා මෙහෙම දෙයක් වුනාම කොහොමද ක්‍රියා කරන්න ඕන කියන එක ගැන. ඒ සියල්ල පැත්තකින් තියල මේ අය මොකක්ද මේ කරන්න යන්නේ කියන එක ගැන නම් මට තියෙන්නේ සෑහෙන්න ලොකු ප්‍රශ්ණයක්. බෝවෙන රෝගයක් හැදුනාම අපේ අය කල යුතු වෙන්නේ අනිත් අයට බෝවෙන්න පුළුවන් අවකාශ ඉවත් කරන එකයි. නමුත් අපේ අය මොකක්ද කරන්නේ ?

රන් කෙන්දෙන් බැඳ

දිවංගත අජන්තා රණසිංහයන් විසින් රචිත අපූර්ව ගීතයක් තමා අද කතාව ලියන්න තෝරා ගත්තේ. මේ ගීතයේ සංගීතය සපයන්නේ සරත් දිසානායකයන් අතින්. ඒ වගේම තමා ගීතයේ අර්ථයට අපූර්ව හැගීමක් ලබා දෙන්න පුළුවන් විදිහේ කටහඩක් තියෙන නන්දා මාලිනී විසින් ගීතය ගායනා කරල තියෙන්නේ. මේ ගීතය දුහුල් මලක් චිත්‍රපටය සදහා කල නිර්මාණයක් වුනත් චිත්‍රපටය නොබලපු කෙනෙකුට වුනත් අපූර්ව ආකාරයෙන් ගීතය විදින්න පුළුවන් විදිහෙන් නිර්මානය වෙලා තියෙනවා. මේ ගීතය රචනා කරන වෙලාවේදී අජන්තා රණසිංහයන්ගේ සිතිවිල් දාමය කොයි ආකාරයෙන් ක්‍රියා කරන්න ඇතිද කියන ප්‍රශ්නාර්ථය හැම වෙලාවේ දී ම දැනෙන කරුණක්. කොයි ආකාරයෙන් ද මේ ගීතයේ කතා නායිකාවගේ සිතිවිලි වචන කලේ කියන එක.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි

මගේ ගමන් බිමන් එකසිය පහලොස්වන කොටස - නකල්ස් කදුවැටිය (එක් ගමන් මගක්)

කාලයක් තිස්සේ ගමන් බිමන් වල තොරතුරු ලියපු මම රස්සාවත් එක්ක සෑහෙන්න කාර්‍ය බහුල වෙලා. ඒ කොහොම උනත් රස්සාව කරන තැනදී හම්බවුන අපූරු යාලුවෝ ටිකක් එක්ක ආයෙම ඇවිදින්න යන්න පුරුදු වුනා. හැමෝගෙම හීනයක් වෙච්චි ගමනක් වුන නකල්ස් රක්‍ෂිතයේ ඇවිදින්න තීරණය වුනේ ඒ විදිහට. අපි තීරණය කලේ ලෙබනන් වතුයාය පැත්තෙන් කැලේට ඇතුලු වෙලා රණමුරේ ගම්මානය පැත්තෙන් එලියට එන්නයි.

කොහෝම වුනත් විවිධ බාධා මධ්‍යයේ නිවාඩුත් හදාගෙන නුවර දුම්රිව ස්ථානයෙන් පාන්දර 4.50ට තියෙන දුම්රියේ වත්තේගමට ගියා එතැනින් බස් එකේ ලෙබනන් වතුයායට ගියා. වෙලාව ඉතුරුකරන්න හිතාගෙන එතැනින් වෑන් රථයක් අරගෙන තවත් කිලෝමීටර කීපයක් ගියා. අවාසනාවක මහත අපේ යන්න හිටි එකෙක් පරක්කු වෙලා පැය දෙකකට විතර පස්සේ එනවා. කොහොම හරි ඌවත් අරගෙන ගමනේ එදා දවසේ සැලසුම වෙනස් කරගෙන පළමු රාත්‍රිය ගත කරන KMP වාඩියට යන්න අපි පිටත් වුනා. KMP කියන්නේ කෝනාර මුදියන්සේලාගේ පියදාස කියන නමේ මුලකුරු ටික. ඒ මේ වාඩිය අයිති මුදලාලිගේ නම. එයාටත් කලින් මේ වාඩිය අයිති වෙලා තියෙන්නේ ඒකනායක කියන මුදලාලිට. කලේ මේ වාඩි හදන්න හේතුව වෙලා තියෙන්නේ ඒ කාලේ කැලේ එළි කරල එනසාල් වගා කිරීම. 
එනසාල් වගාව ලංකාවේ ව්‍යාප්ල වෙන්න පටන්ගන්නේ සුද්දා ලංකාවෙන් යන්න කිට්ටුව. ඒ කියන්නේ 1940 දී විතර. මුලින් ද්‍රවිඩයන් යොදාගෙන එනසාල් වගාව කරගෙන ගියත් පසුව අනෙක් අයත් වගා කරන්න යොමුවෙලා. වගාව සාර්ථක වෙලා හෙලිකොප්ටරේකින් වගාව බලන්න තරමට දියුණු වෙලා තියෙනවා. නමුත් 2000න් පස්සේ එනසාල් වගාකරුවන්ට විකල්ප නැතිව එනසාල් වගාව නවත්තන්න රජය තීරණය කරනවා. බොහොම වෙලාවට හේතුව විදිහට තියෙන්නේ වගාව තුලින් සිදුවෙන වන විනාශය. කොහොම වුනත් තාමත් විනාශ නොවී නකල්ස් වන මැද්දේ තියෙන මේ වාඩි ඉතිරිවෙලා තියෙනවා. අලුත්වැඩියාවන් කරන්න බැරි විදිහට නීති රීති තිබුනත් දැනට මේ වාඩියේ ජීවත් වෙන මහතුන් මාමා නකල්ස් වල ඇවිදින්න එන කාටත් මෙතැන නවතින්න ඉඩ තියල බොහෝම ප්‍රවේශමෙන් වාඩිය පවත්වාගෙන යනවා. 

ඈත කඳුකර හිමව් අරණේ


 


















ලංකාවේ ගීත අතරේ බොහෝමයක් අප දකින්නේ ස්ත්‍රී වර්ණනා කිරීම්ය. ස්ත්‍රීත්වය වර්ණනාවේ දී විවිධාකාරයේ යෙදුම් භාවිතා කරනු දැකිය හැකි වේ. නමුත් සංස්කෘතිමය හෝ කලාත්මක වශයෙන් පුරුෂ වර්ණනාවක් දැකිය හැකි වන්නේ කලාතුරකිනි. මා එවන් අවස්ථා දෙකක් සිහි කරමි. ඉන් එකක් නම් යසෝධරාව විසින් බුදුන් වහන්සේ වර්ණනා කිරීමයි. දෙවැන්න නල දමයන්ති කතාව තුලයි.

මා මෙහි සඳහන් කරන්නේ එකී දෙවැනි කතාව තුලින් නිර්මිත ගීතයේ කතාවයි. ගීතයේ අරුත පිලිබඳ සිතන්නට කලින් ගීතයේ කතාව පිලිබඳ අව‌බෝධයක් ලබා ගැනීම සුදුසු යැයි මා සිතමි. මහා භාරතයේ එන් නල දමයන්ති කතාව ඇසුරින් චිත්‍රසේනයන් නිර්මාණය කල නල දමයන්ති මුද්‍රා නාටකය ඇසුරින් නිර්මිත මෙම ගීතයේ කතා නායකයා වනුයේ හංසයෙකි. මහගම සේකරයන් විසින් රචිත ගීතයට තනුව ලබා දෙන්නේ ආචාර්ය ලයනල් අල්ගමයන් විසිනුයි. පණ්ඩිත් අමරද‌ේවයන් විසින් ගායනා කරන මෙම ගීතය ඉතා අපූර්ව අයුරින් පුරුෂයා වර්ණනා කරයි.