නවක වදය......

මේ නිසඳැස ලියන්නේ මේ දින වල නවකවදයට හසුවුන ශිෂ්‍යාවක්.. ඇයගේ අවසරය සහිතව මම මේක දාන්නේ ඔයාලටත් නවකවදය වෙන අතරතුර උපාධි අපේක්‍ෂකයෙකුගේ හැඟිම් තේරුම් ගන්න. ඒ වාගේම මම ඒ ශිෂ්‍යාවට ස්තූතිවන්ත වෙනවා මට මේක ලබා දුන්නාට...


විටෙක දරුණු වූද.....
විටෙක රුදුරු වූද....
සොම්නස් නවමු අත්දැකීමකට,
සැඩ වර්ෂාවට හසුවූ හා පැටවුන් මෙන් හැකිලෙන
විලාසය....
දැනේද කිසිදිනෙක එහි නියම අරුත
පහස විඳීමට එලියට බැසීමට....
දැනේ! දැනේ! නිසැකයෙන්ම ඔබට එය
හිමි වූ දෙය අහිමි වූ, එක් දිනයක!
විඳිනට තිබූ "හුස්ම පොදක ලබැඳියාව"
වෙන්වීගිය නිමේශයක
සදහටම...... සදාකාලිකවම.....
රිදවා සිහිවේවි හදේ ගැඹුරුම තැනට
එය සියුම් සුළං රැල්ලක් බව....
සිහිල් පිනි දහරින් ඔබ නහවා, සතපා ගිය බව
ජීවනාලියේ අත්විඳි මිහිරිතම....
යොවුන් ආශ්වාදයේ පෙලගැස්මක්
නවක වදය!!!
වියළී ගිය ජීවිතයට ජීවය ලබාදුන්
සදා අමරණීය සොඳුරුතම හැඟීම වග....
නැවත නොඒමට තනිකර දමා ගොස්
තිබෙන විලාසය....
නෙත් කොනෙහි කඳුලක් නවතා
තිබීමත් සමඟම......!!!

ගුරුවරුන්ටයි මේ කතාව......

මේ කියන්න යන කතාව ටිකක් කණගාටුදායකයි. ඒත් කියන්නම ඕන දෙයක් කියල හිතුන නිසයි ලියන්නේ. මේක කියන්න මටත් අත්දැකීම් තියෙනවා පාසල් ශිෂ්‍යයෙක් විදිහටත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදිහටත් විතරක් නෙවෙයි අවුරුදු දෙකක ගුරුවරයෙක් විදිහටත්.














දයාබර ගුරුවරුනි! ඔයාල දන්නවාද සාර්ථක ගුරුවරයෙක් කියන්නේ කාටද කියල. ගුරුවරයෙක් සාර්ථක වෙන්න නම් ඒ ගුරුවරයාට සාර්ථකව උගන්වන්න වාගේම ශිෂ්‍යයෙක් සාර්ථකව ඉගෙන ගන්න පොළඹවන්නත් හැකියාවක් තියෙන්න ඕන. ඒක ගහල බැනල කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. ඒකට තමන්ට ශිෂ්‍යයා ගෞරව නොකෙරුවා කියා ශිෂ්‍යයාට බැන වැදීම වෙනුවට ශිෂ්‍යයාටත් ඔහුට හිමි ගෞරවය ලබා දෙන්න. මේ දේ කිව්වාම හුඟක් දෙනා මට බැන කොමෙන්ටු දාවි. ඒත් ඊට කලින් මේ ලිපියේ ඉතිරියත් කියවල හොඳින් හිතල බලන්න. මම කියන්නේ ගුරුවරයා ඔහුට හිමි ගෞරවය ශිෂ්‍යයාට දෙන්න කියන එක නොවෙයි. සෑම ශිෂ්‍යයෙකුටම තමන්ට හිමි ගෞරවයක් තියෙනවා. ඒ ඒ පුද්ගලයා අපේක්‍ෂිත ගෞරවය හඳුනාගෙන ඒ ඒ අයට ඒ හැටියට සලකන්න පුළුවන් නම් සාර්ථක ඉගැන්වීමක් කරන්න පුළුවන්.

ඔයාලට පුළුවන් නම් කියවන්න Totto Chanගේ The Little Girl in the Window කියන පොත. ඒකෙන් ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන් මම කියන ගෝලයාගේ ගෞරවය ගැන. ඒත් ඔයාල කියයි ඒ දේවල් හොඳයි ජපානෙට අපිට හරියන්නේ නැහැ කියල. ඒක මම පිලි ගන්නවා. ඒත් අපි දැනගන්න ඕන ඒක අපිට හරියන්න. ඒක තමා මම කියන සාර්ථක ඉගැන්වීම. එයාල ටිකක් කල්පනා කරන්න ඔයාල ඉගෙන ගත් කාලේ ගැන. ඒ කාලේ ඔයාලා ගුරුවරු ගැන හිතුවේ කොහොමද කියල. තාමත් එහෙමම තමා. ඒත් සංවර්ධනය හා වෙනත් හේතූන් මත ලමයින්ගේ අදහස් වලට යම් යම් දේ එකතු වෙනවා වාගේම ඒ දේවල් ගොඩක් අසාධාරණ නොගැල පෙන ආකාර වලට වෙනස් වෙන්න පුළුවන්. මේක තමා ශිෂ්‍යයන් විසින් ගුරුවරුන්ට පහරදීම් වැනි දේ වර්ථා වෙන්න හේතුව වෙන්නේ.

මේ කියන දේ ගැන ගැඹුරින් ලියන්න ආසයි. ඒත් මගේ තියෙන කාල වේලාවේ මඳ කම නිසා හා මේ ලිපියේ දිග වැඩිවීම නිසා කියවන අයට එපා වෙන එක නවත්වන්නත් මට මේ දේ මෙතැනින් නවත්වන්න සිද්ධ වෙනවා. ඔයාලත් දාන්න කොමෙන්ටුවක් මේ ගැන ඔයාල දරන අදහස මොකක්ද කියල. එතකොට අනිත් අයට දැනගන්න පුළුවන් මේ දේවල් ගැන හැමෝටම දැනෙන්නේ කොහොමද කියල.