තාරකා විද්‍යාව හා ජෝතිශ්‍යය

අප අහසේ දකින තාරකා, ග්‍රහලෝක ඇතුළු දේ මත පදනම් වුන ජෝතිශ්‍යය හා තාරකා විද්‍යාව පිළිබඳ මූලික කරුණු කීපයක් තමයි මේ ලියන්න හදන්නේ. ඒකට හේතුවුනේ තාරකා විද්‍යාව හා ජෝතිශ්‍ය කියන්නේ එකම විශය ක්‍ෂේත්‍රයක් යැයි සිතමින් ඒ පිළිබඳ හදෑරීමට මැලිකමක් දක්වන අය වෙනුවෙන්. අප වටේ තියෙන තාරකා රටා, ග්‍රහලෝක, හිරු, සඳු කියන දේවල් මේ දෙකටම අදාල වුනත් ජෝතිශ්‍ය විද්‍යාවේදී සැලකීමක් නොකරන ධූමකේතු, මන්දාකිනී, ග්‍රහක ඇතුළු තව බොහෝමයක් දේවල් ගැන සෙවීම තාරකා විද්‍යාව සතු වෙනවා.










ජොතිශ්‍ය විද්‍යාව අනුව තාරකා රටා 12කුත් බුධ, සිකුරු (ශුක්‍ර), අඟහරු (ගුරු), බ්‍රහස්පති (කුජ), සෙනසුරු (ශනි), යුරේනස්, නෙප්චූන් හා ප්ලූටෝ ඇතුළු ග්‍රහයින්ගෙන් පෘථිවියට ඇති බලපෑමත්  හිරුගේ හා සඳුගේ බලපෑමත් ගැන කතා කරනවා. මෙහිදී ඇති තාරකා රටා 12, සමාන අංශක 30 කොටස් හිමි කරගන්නා බවත් සලකනවා. නමුදු තාරකා විද්‍යාවේදී අප දැනට හඳුනාගත් තාරකා රටා 88ක් පමණ තිබෙන අතර ඒ ඒ තාරකා රටාවන් අහසේ සිට විවිධ ප්‍රමාණයේ ඉඩකඩක විහිදී පවතිනවා. උදාහරණයක් විදිහට තුලා රාශිය අංශක 20කට අඩු ප්‍රමාණයකත් කන්‍යා රාශිය අංශක 50කට ආසන්න ප්‍රමාණයකත් පැතිර පවතිනවා.
ජෝතිශ්‍ය විද්‍යාවේදී කෙනෙකුගේ ලග්නය ලෙස තෝරාගනු ලබන්නේ නැගෙනහිර දෙසින් එම කාලයේ පායා එන තාරකා රටාවට අදාලග ලග්නය වුවත් ඉහත හේතුව නිසාවෙන් එය වෙනස් රාහියක උපන්නෙක් විය හැකියි. මෙසේ තාරකා රටා 12 ක් හඳුනාගෙන ඇතිතේ සමකය ඉහල අහස පදනම් කරගෙන වන අතර එයට හේතු ලෙස දැක්විය හැකි ප්‍රධානම කරුණ වන්නේ ජෝතිශ්‍ය යනු දකුණු ආසායාතික රටවල් වලින් පැවත එන්නක් වීමයි. ජෝතිශ්‍යය ශාත්‍රයක් වනවා විතරක් නොවෙයි එය වැරදි මිත්‍යාවක් ලෙස සලකා කරුනු ඉදිරිපත් කිරීමට විහිළුවකි. නමුදු තාරකා විදයාව හා අප දන්නා සාමාන්‍ය දැනුම අනුවද දක්නා කරුණක් ඇත. එනම් තාරකා හා ග්‍රහලෝක වල පිහිටීම් කාලයත් අනුව වෙනස්වන බවයි.
විසරණය වෙමින් හෝ හැකිලෙමින් පවතින්නා වූ විශ්වයේ වන වෙනස්වීම සඳහන් නොවන්නා වූ ජෝතිශ්‍යය කාලය අනුව වෙනස් නොවන්නා වූ පාරම්පරික විශය ක්‍ෂේත්‍රයක් බවට පත්ව ඇත. ග්‍රහක, ධූමකේතු ආදිය ගැන සඳහනක් ජෝතිශ්‍යෙය් නැත. අප අවට ඇති ග්‍රහලෝක වල බලපෑම, හිරු, සඳුගේ බලපෑම අපට ඇති නම් අනෙක් දේවල් වලින් බලපෑමක් නැතැයි ද සිතිය නොහැක. තාරකා විද්‍යාව හා ජෝතිශ්‍ය විද්‍යාව එකම විශය ක්‍ෂේත්‍රයක් යැයි සිතන්නේ නම් එය වැරදි මතයකි. තාරකා විදයාව යනු නිරීක්‍ෂණ හා නිගමන මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ යන විශයයක් වුවද ජෝතිශ්‍ය විදයාව යනු යම් යම් බැදීම් රුසකට යටත්ව ඇති උපකල්පන මත පදනම් වූ විශයයකි. එනිසා මේ විශයයන් දෙක එකම භෞතික සම්පත් භාවිත කරමිනි නිර්මිත වෙනස් විශය ක්‍ෂේත්‍ර දෙකක් ලෙස හඳුන්වා දීම වඩා යෝග්‍ය යැයි සිතමි.

ජෝතිශ්‍යය ගැන ලියැවුන ලිපියක් මෙතැනින්......

තාරකා නිරීක්‍ෂණ කඳවුරක් ව්‍යවහාරික පීඨයේදී

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයය, මේ ගැන මම හුඟ කාලෙකින් කතා කලේ නැහැ නේද? ඒ අපි කාලයක් වහලා තිබ්බ හින්දා විතරක් නෙවෙයි මම කල විවිධ වෙනත් වැඩ නිසා. කොහොම උනත් මම සම්බන්ධ තාරකා විද්‍යා සංගමයක් හරහා විශ්ව විද්‍යාලයයේ ව්‍යවහාරික පීඨයේ අයට තරු පෙන්නන්න ගත්තු පුංචි උත්සාහයක් තමා මේ. කලින් අපේ සංගමය මගින් කල අපූරු අහස වැඩසටහන නිසාවෙන්ම අපිට ඒකට වඩා විශාල පරාසයක් කියලා දෙන්න හිතන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හැදුවේ.
විශ්ව විද්‍යාලයෙන් අවසර ගන්න එක තමා වුන විශාලම ගැටළුව. තනි කෙනෙක් විදිහට මේ දේ කරන්න බැරි බව තේරුණ නිසාම මම විශ්ව විද්‍යෘලයේ ශිෂ්‍ය සංගමය මේකට එකතු කරගත්තා. ලිපිලේඛණ හදාගත්තු මම ඒ දේවල් වලට අනුමැතියත් අරන් ආවත් නෝම්බි සඳහා උපවාසවල යෙදිලා ඉන්න මුස්ලිම් සහෝදරයන්ට මේ වැඩ සටහනට සහභාගී වෙන්න ලැබුනේ නැහැ. ඒත් තාරකා නිරීක්‍ෂණය සඳහා අපිට අවැසි දිනය නොවෙයි අහසට අවැසි දිනයකුයි ඕනෑ කරන්නේ. ඒ නිසාම අපි තෝරගත්තු 2013 ජූලි 18 වෙනිදා විශෟව විද්‍යාලයට වැඩසටහන අරගෙන අපි කණ්ඩායම ගියා. තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහත්මයා මේ සඳහා ගෙන්වා ගැනීමට අප කොතෙකුත් වෙහෙසක් දැරුවත් නොවැලැක්විය හැකි හේතුවක් නිසාවෙන් එතුමාට මේ සඳහා දායක වෙන්න බැරි වුනා.
තාරකා නිරීක්‍ෂණය සඳහා විශ්ව විද්‍යාල සිසුන් පැමිණියා විතරක් නෙවෙයි ඒ අයගේ ගැටළුත් අප වෙත ඉදිරිපත් වුනා. හිතූ තරම් ප්‍රමාණයක් නොවුනත් සහභාගී වීම පිලිබඳ සහභාගී වුවන්ට ස්තූතිවන්ත වෙන්න ඕන. රාත්‍රිය නම් අපි එක්ක තරහා නොවී පැහැදිලිව තිබුනා විතරක්ම නෙවෙයි සාර්ථක විදිහට චන්ද්‍රයා හා  සෙනසුරු නිරීක්‍ෂණය කලත් සිකුරු ග්‍රහයා බලන්න බැරි විදිහට ගස් අතරේ සැඟවුනා. විශ්ව විද්‍යාල සිසුන්ට නව දැනුමක් ලබාදීම අරමුණු කරගෙන මගේ අතින්ම නිමැවුන වැඩසටහන වෙනුවෙන් කිසිඳු ලාභයක් නැතත් අප කණ්ඩායම මා වෙනුවෙන් ඒ දේ කරන්න ඉදිරිපතු වුනා. ඒ පිළිබඳ එතැන හිටි අම්පාර වැව්සිරිගම විද්‍යාලයේ ගුරු සෙනෙවිරත්න මහත්මයාට, පොලිස් කොස්තාපල් අනුර බණ්ඩාර මහත්මයාට වාගේම මා මිත්‍ර දර්ශන තරංග (රෝසා අයියා) සහ චමින්ද අයියටත් මේ වෙලාවේදී ස්තූති වන්ත වෙන්න ඕන. 

අපි දකින දේට වඩා එහා දෙයක් දකින්න පොඩ්ඩක් හරි උත්සාහ කරන අයට ඒ දේවල් පෙන්නන්න ගත්තු පුංචි උත්සාහයක ප්‍රතිථල තමා මේ. අපේ දුප්පත් කැමරාවෙන් ගත්තු හඳේ හා සෙනසුරුගේ පින්තූර පහල තියෙනවා.



 





මචං බොන්න එපා....!

මම මේක හැමදාම යාළුවන්ට කිව්වා. එතකොට උන් මට උත්තර දුන්නේ මෙහෙම.

"නොබොන උඹ කොහොමද දන්නේ බොන එකේ ආතල් එක". 

ආයේ ඉතින් මොනා කියන්නද? උන්ගේ ආතල් එක ගනිල්ලා කියල අතාරින්නත් බෑ. යාළුවෝනේ. හැබැයි ඉතින් ආතල් එක පේන්නේ බීලා ඉවර වුනාම. ආං එතකොට තමා නොබොන මට ආතල් එක තේරෙන්නේ. මුන් විලි සංගියක් නැතුව එලිපිට කරන්න කියන්න බැරි දේවල් ටික බීලා කරනවා. මෙකෙක් වත් ගනං ගන්නේ නෑනේ මුන් බීලා නිසා. කාට බැන්නත් ඉතින් උදේට බැනපු එවුන් හම්බුනාම කියන්නේ මෙහෙම.

"ආ..... සොරි අයියේ මං පොඩ්ඩක් අරන් හිටියේ ඒකයි වැරදි දෙයක් කියවුනානම් සමාවෙන්න".

පුහ්.....!

යකෝ හොඳට දැනගෙන කියලා වැරදිලා කියවුනා වගේ සමාව ඉල්ලන හැටි රෙදි ඇඳන්ම....

තාත්තලා බොන එක ප්‍රසිද්ධ රහසක් කරගන්නවා. ඊට පස්සේ ලමයි ඒක රහසක් විදිහට කරන්න පටන් ගන්නවා. ඊටත් පස්සේ එයාලත් ඒක ප්‍රසිද්ධ රහසක් කරනවා. ඊට පස්සේ දෙමාපියන්ටවත් ඒ ගැන අහන්න බැහැ. තාත්ත බොනවනම් මම බිව්වට මොකද අහන ලමයි ඕන තරම් ඉන්නවානේ.

කොහොමත් තාත්තා කල දේ පුතා නොකලොත් ඌ මොකාගෙද පුතා කියනවානේ. =D

සමහර අයට බොන එක වීරකමක්. ඒක නිකන් රාජ්‍යයක් දිනාගත්තා වගේ. සමහර අය එදා වෙන දේවල් අමතක කරන්න බොනවා. සමහරු දුකට සමහරු සතුටට. තවත් සමහරෙක් ඔය දෙකටම. හැබැයි ලෝකෙ හැමතැනම නොබී ඔය හැඟීම් පාලනය අය ඕනෑ තරම් ඉන්නවා.

බීලා ආතල් ගන්න එකෙයි නොබී ආතල් ගන්න එකයි සම්පූර්ණ වෙනස් කියන එක නම් කියන්න ඕන. බොන එකේ ආතල් එක අරන් බලන්න තිබුනා ඒත් ඒකට ඇබ්බැහිවීමේ අවධානමක් නොතිබුනානම්. මොනවා වුනත් දවසගානේම බොන අයත් අනන්තයි. කොල්ලන්ට ට්‍රිප් එකක් යන්නත් ඉස්සෙල්ලා මතක් වෙන්නේ බොන්න. ගමන් වියදමත් ගෙවාගන්නේ ආමාරුවෙන් කිය කියා සල්ලි එකතු කරන එවුන් යන එනකම් බොන්න සල්ලි හොයාගන්නේ පාරේ තියෙන සල්ලි ගස් වලින්ද කියලත් හිතෙනවා.

එකී මෙකී හැමදෙයක්ම අතරේ නොබී බන්න එක තමා වඩා වටින්නේ. කාටවත් කියන්න දෙයක් තිබුන පලියටවත් කාටවත් ගහන්න හයිය ගන්නවත් නෙවෙයි කිසිම දෙයක් කරන්න කියල නම් බොන්න එපා. කොහොමටවත් බොන්නේ නැතිනම් හොඳයි. ලෝකෙ විශාල ගානක් බීලා බීලා මැරෙද්දී උන්වෙනුවෙන් අඬන්නේ සහ උන් නිසා විඳවන්නේ නොබොන මිනිස්සු බව මතකයේ තියාගන්න.

තරූ.....

තරූ....... තරූ......
------------
අයියෝ.... ආයෙත් හීනයක්. උඹ අපිට නිදාගන්න දෙන්නේම නැද්ද තුෂාර. නුවන් ඇහුවේ තුෂාරගේ කෑගැහිල්ලට ඇහිරිලා නිදිමත අමතක වෙද්දියි. ඒත් එතැන අමනාපයක් නම් තිබුනේ නැහැ. ඒ තුෂාර හා තරුෂි ගැන නුවන් හොඳින්ම දැනන් හිටි නිසා.
දැන් ඕවා හිතන්නේ නැතුම නිදාගනින් මචං. නුවන් කිව්වේ හදවතින්මයි. ඒ තුෂාර ගැන තිබුන අනුකම්පාවට.

හ්ම්.. තුෂාර ආයෙත් ඇඳේ පෙරළුනේ එහෙම කියාගෙන. ඒත් නින්ද නම් තුෂාරගේ හිතේ තිබුනේ නැහැ. ඒ ආයෙත් හීන වල අතරමංවෙයි කියලා.

මීට අවුරුදු තුනකට හතරකට කලින් නුවන්, තුෂාර සහ කමල් තුන්දෙනා පරණ යාළුකම් අළුත් කරගත්තා. ඒ අළුත් ඉස්කෝලේ උසස් පෙලට එකම පන්තියට ආව නිසා. තරුෂි, පන්තියේ හිටපු ලස්සනම නිහඬම ගැහැණු ලමයා. කවුරුත් ට්‍රයි කලේ තරුෂි තමන්ගේ කරගන්න. ඒත් තරුෂිගේ හිත ඇදුනේ තුෂාරට. ඒකත් දෛවෝපගත සිදුවීමක් වගේ. තරුෂි බොහෝම ලස්සන කෙල්ලෙක් වුනත් පන්තියේ කියන්න තරම් තැනක් තුෂාරට තිබුනේ නැහැ. ඒත් තුෂාරගේ හිතේත් තරුෂි ගැනත් නොතිබුනාම නෙවෙයි.

තුෂාර කියන්නේ ගමේ ඉස්කෝලේ මහත්තයාගේ පුතා. ඒත් තරුෂි? හ්ම්.... කවුරුත් කිව්වේ එහෙමයි.

අඩේ බං තුෂාර අර බලපන්. අරකි උඹට ලයින්ද කොහෙද? බලපන්කෝ ටිකක්.. නුවන් කිව්වේ තරුෂි නුවන් දිහා බලන විදිහ දැකලා. ඒත් තුෂාර නිතරම කිව්වේ ඒකි කොහෙද අපි කොහෙද බන්. හඳ දිහා බලපන් ඒත් අල්ලන්න යන්න එපා. කරන්න බැහැ කියලයි. ඒත් අන්තිමට තුෂාරටත් නොදැනීම තරුෂි තුෂාරගේ හිතේ ඉඩ ඔක්කෝම අත්පත් කරගෙන.
හිතත් මහ පුදුමයි නේද තරු. තුෂාර කිව්වේ කැන්ටිමේදි කෑම කන ගමන්.

ඇයි තුෂාර එහෙම කියන්නේ?

මම ඔයාට ලංවෙන්නේ නෑ කියල හිතුවත් මටම හොරා මගේ හිත ඔයාට ලංවෙලා.

ඇයි ඔයා මට ආදරේ නැද්ද තුෂාර? ඔයා අකමැතිද මාත් එක්ක ඉන්න?

අනේ නැහැ තරූ මම ඔයාට ආදරෙයි. ඒත් අපිට කවදාවත් එකතු වෙන්න බැහැ. ඒ වගේම මට කවදාවත් ඔයා විඳින සැප සම්පත් දෙන්න පුළුවන් කමක් නැහැ.
 
නුවන් ඒක කිව්වේ බොහෝම හැඟුම්බරව වෙනමම කල්පනාවක ඉඳන්. ඒ නිසා දෙන්නාම විනාඩි කීපයකට ගොළු වෙලා ගියේ වෙනමම ලෝක වල.

මම එයාට ආදරේ කලේ ඔයාගෙන් සැප සම්පත් බලාගෙන නෙවෙයි තුෂාර. මම කවදාවත් හිතුවේ නෑ ඔයා එහෙම කියයි කියලා.

ආයෙත් මතකයන් අතර තනිවෙච්චි තුෂාරගේ හිත එකම වචන පෙලක නතර වුනා.

මම කවදාවත්ම ඔයා අමතක කරල යන්නේ නෑ තුෂාර. සත්තයි...!

දැන් තරුෂි තමාගෙන් වෙන්වෙලා කියල හිතාගන්නත් බැරුව හීන වල අතරමං වෙච්චි තුෂාරට හංදියේ කඩේ පාන්දරම අරින සද්දේ ඇහුනාම තමා හිතුනේ නිදාගන්න ඕන කියලා.

***********************

අඩෝ... නැගිටපාන්..... වැඩට යන්නේ නැද්ද?

නුවන්ගේ කෑ ගැහිල්ලට ගැස්සිලා ඇහැරුනු තුෂාරට එතකොටයි මතක් වුනේ තමා ආයතන ප්‍රධානියෙක් වගේම ආදර්ශමත් නිලධාරියෙක් කියන එක. තරුෂිගේ සමුගැනීමත් එක්ක තමන් වෙනමම පැත්තකට ආව විතරක් නෙවෙයි සාර්ථක නිලධාරියෙකුත් වෙලා. ඒ පරිගණක මෘදුකාංග ශිල්පියෙක් විදිහට. ජීවිතය තනියම ගෙවනවා කියන තීරණය එක්ක තමාගේ දෙමාපියන් රැක බලාගෙන ජීවත් වෙන්න තුෂාර හිත හදාගත්තේ බොහෝම අමාරුවෙන්. ඒත් දැන් ඒ දේ සාමාන්‍ය වුනත් හැමදාම දකින හීන නම් තුෂාරට නිදහසක් දුන්නේ නැහැ.


තුෂාරගේ කතාවේ ඊලඟ කොටස පස්සේ දවසක ලියන්නම්....


මගේ ගමන් බිමන් හතලිස් නමවන කොටස - මුල්කිරිගල

 මුල්කිරිගල කියන්නේ රජමහා විහාරයක්. ඒ විතරක්ම නෙවෙයි ගුහා සංකීර්ණයකින් හෙබි තැනක්. මෙතැනට යන්න නම් බෙලිඅත්ත - වීරකැටිය පාරේ ඇවිත් මුල්කිරිගල හංදියෙන් හැරිල කිලෝමීටර 2ක් විතර යන්න ඕන. සාමාන්‍ය පොලව මට්ටමේ ඉඳන් අඩි 678ක් විතර උසක් තියෙන විශාල ගලක තමා මේ විහාර සංකීර්ණය පිහිටුවලා තියෙන්නේ. මේක පේන විදිහ නිසාවෙන් මේකට පුංචි සීගිරිය කියලත් කියනවා. අද මුල්කිරිගල කියන නමෙන් ව්‍යවහාරයේ තිබුනත් කලින් මේකට ගොඩක් නම් කියල තියෙනවා. ඒ සමුද්ද පබ්බත, මුහන්ද්‍ර ගිරි, මුහුදු ගිර, ගිරිබා වෙහෙර, ගිරිබ ලෙණ, දක්ඛින පබ්බත, දක්ඛින ගිර, මුවතිරිගල, මුකිරිගල්ල, මුල්ලගිරිය විදිහට.
විශාල ගලේ තට්ටු පහක ලෙන් විහාර 7ක් විතර දකින්න පුළුවන්. තවද කටාරම් කෙටූ ලෙන් 11ක්ද දකින්න පුළුවන්. මෙහි තට්ටු පහල ඉඳන් ගත්තාම පහත මළුව, බෝධි මළුව, රජමහා විහාර මළුව, උඩ බෝධි මළුව හා චෛත්‍ය මළුව විදිහට නම් කරන්න පුළුවන්. විශාල ගලේ පිහිටවපු ගල් පඩිපෙල දිගේ තමා මේ කියන උඩ මළුවට වෙනකම්ම යන්න තියෙන්නේ.