මේ දේවල් අසාධාරණයි නේද?

මේ ලිපිය ලියන්න හිතුවේ ගොඩාක් කල්පනා කරල. ඒත් මේක ජාතිවාදීවත් ආගම්වාදීවත් අරගලයක් ඇති කරන්න ලියන ලිපියක් නම් නෙවෙයි. මේ තවත් ආගමක් මුවාවෙන් කරන වංචනික වැඩක් ගැන හෙලිදරව්වක්. ඇත්තෙන්ම කියනවානම් අසාධාරණය සිදු කරන්නේ මුස්ලිම් ශිෂ්‍යාවන් විසින්. ඒ විභාග ලියද්දී නිල නොලත් දෑ විභාග ශාලාවට ගෙනයාම. මේක විශාල වශයෙන් කෙරෙන්නේ මුස්ලිම් ශිෂ්‍යාවන් අතින්. ඒ එයාලාගේ කාම්බාව තුල විවිධාකාර දේ සඟවාගෙන යාම.
 
 










මේ දේ මම හැබැහින්ම දැක්ක අවස්ථා කීපයක්ම තිබුනා. ඒත් ඒ අවස්ථාවේදී ඒ දේ වැරදියි කියන්න හැකියාවක් මට තිබුනේ නැහැ. ඒ වාගේම ඒ පරිසරය ඒ වගේ දෙයක් කරන්න තරම් සුදුසු වෙන්නෙත් නැහැ. මොකද මුස්ලිම් පිරිස වැඩි ප්‍රදේශයක ඒ වාගේවැඩක් කරන එක ජීවිතයට පවා අනතුරුදායක විය හැකියි. කාම්බාව කියන්නේ ඔය මුස්ලිම් එව්වො පොරවාගෙන ඉන්න ලොකු කළුපාට ඇඳුම නොවැ. ඒත් ඉතින් මොනා කරන්නද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. දවසක් මුස්ලිම් කෙල්ලක් පොඩි කොළ කෑල්ලක් දමාගෙන ඔබනවා මේ කාම්බාව අස්සේ. තවත් අවස්ථාවක විභාග ශාලාවට එන්න කලින් Bluetooth hands-free එකක් කණේ ඔබාගෙන දුරකථන ඇමතුම අරගෙන විභාග ශාලාවට ඇවිත්. විභාගෙ ඉවර වෙනකන්ම තනියෙන් ප්‍රශ්ණ කියව කියව හිටි හැටි මගේ යාළුවෙක් විස්තර කරන්නේ "මටත් මුස්ලිම් කෙල්ලෙක් වෙලා විභාගේ ලියන්න තිබ්බනම්"  කිය කිය. මෙන්න තත්ත්වේ. ගොඩක් රටවල් මේ ඇඳම ඩවත් කරන්න කියල මුස්ලිම් වරුන්ගෙන් ඉල්ලා සිටිය වගේම සමහර රටවල් වල මේ ඇඳුම සහිතව ඒ රටට ඇතුල් වෙන්න පවා තහනම් කරලයි තියෙන්නේ. ඒකට හේතුව ත්‍රස්තවාදී ක්‍රියා. ත්‍රස්ත්‍රවාදීන් බහුලවම self blasting කරගන්නේ මේ විදිහට මුස්ලිම් කාන්තාවන් විදිහට ඇඳගෙන ඇවිත්. 
 









 
 මේ තුල සිටින්නා කවුරුන්දැයි කාහට නම් කිව හැකිද?





මේ දේ වෙන්න හේතුව ඒ අයගේ ආගම අනුව කාන්තාවකගේ ශරීරය දැකිය හැක්කේ ඒ කාන්තාවගේ පියා, එක කුස උපන් සහෝදරයින් හෝ සැමියා යන පිරිමි උදවිය පමණයි. ඒ හැරුණු කොට වෙනත් පුරුෂයකු තම ශරීරය දැකීම විශාල පාපයක් ලෙසයි සැලකෙන්නේ. මේ හේතුව නිසා ශරීරය තුල යමක් සඟවාගෙන ගෙයාමට බොහෝ ස්ථන වලදී ඔවුනට අවස්ථාව ලැබෙනවා. මේ හැරුණු කොට විශාල වශයෙන් මුස්ලිම් ප්‍රදේශ වල විභාග වංචා සිදුවුනත් ඒදේවල් පිටතට නොයන ලෙස ඔවුන් වග බලාගන්නවා. ඒ දේ කෙරෙන්නේ පල්ලියේ නාමයෙන් හා දෙවියන්ගේ නාමයෙන් සිටින්නාවූ මුස්ලිම් බලධරයන් යටත් කරමින්. මේ දේවල් සිදුකිරීමට යම්තාක් දුරට ඒ ප්‍රදේශයේ ඇති පල්ලියේද දායකත්වය ලැබෙනවා. සාධාරණ මුස්ලිම් ගුරුවරයෙකු සිටියත් කොටිවල්ගය අල්ලාගත්තා වැනි වු ආගමකට යටත් වූ මොවුන්ගේ බලය දෙවියන්ගේ නාමයට හැමවිටම යට වෙනවා. ""අල්ලා හු අක්බර්..... (දෙවියන්මයි උතුම්) කියාගන්නා මේ ප්‍රජාව සිදුකරන මේ වංචනික වැඩ දෙවියන්ද අනුමත කරනවා යැයි සිතීමද විහිළුවකි.


ලොවට දැනගන්න මුස්ලිම් සංස්කෘතියෙන් බිඳක්....

අහා.......! කාලෙකින් යාළුවනේ...! විශ්ව විද්‍යාලයයේ මුල් සමාවාසික විභාගේ නිසා ටික දවසක් බ්ලොග් එක පැත්තේ එන්න බැරිවුනා. ඔන්න විභාගෙ අතරෙම ඔයාල වෙනුවෙන් ආයෙත් මම කරලියේ. මේ ඔයාලටත් දැනගන්න අළුත් සංස්කෘතියක් ගැන විස්තරයක්. මේ මුස්ලිම් ආගම ගැන. මේක ලියන්න හේතුවුනේ මම ඉන්න පරිසරය. ඒ කියන්නේ මුස්ලිම් නගරයක ඉන්න මට ලැබුනු අළුත්ම අත්දැකීම හදාරන්න මුස්ලිම් ආගම. මේ ලිපිය කියවන මුස්ලිම් කවුරු හරි ඉන්නවනම් සමාවෙන්න වැරදි තිබුනොත්. ඒ වගේම කාරුණිකව ඉල්ලනවා ඒ වැරැද්ද හදන්න කියල. මේ මම දැනට ලැබුණු අත්දැකීම් වලින් තමා ලියන්නේ. තව ඉදිරියේදී මේ දැනුම අළුත් කරගෙන ආයෙත් මේ ගැන ලියන්නම්.

මුස්ලිම් වරුන්ගේ ආගම ඒ කියන්නේ ඉස්ලාම් ආගම අදහන අය සාමාන්‍යයෙන් දවසට පස් වතාවක් දෙවියන් නමැදීම කරනවා. ඒ වාගේම පල්ලියේ යාතිකා කරන්නත් වේලාවක් තියෙනවා. මේ වේලාව සාමාන්‍යෙයන් විනාඩි 15ක් විතර එක් වතාවකට විදිහට දවසට පස් වතාවක්. සිකුරාදා දිනයට විතරක් මේක වෙනස් වෙනවා. මොකද එදාට විශේෂ ආගමික පණිවිඩ වෙනුවෙන් සියළු මුස්ලිම්වරු පල්ලියට එනවා. අවුරුද්දේ මේ දවස්වල නෝම්බි අල්ලනවා ඒ කියන්නේ fasting කරනවා. මේ දේ එයාල කරන්නේ දෙවියන් වෙත තියෙන බය පක්‍ෂපාතී බව පෙන්වන්න. ඒ වාගේම ඇති අය දුප්පතුන් වෙනුවෙන් කෙරෙන මේක තමා එයාලගේ අවුරුද්ද.

මුස්ලිම් ධර්මයේ දෙවියන්ගේ පණිවිඩය ගෙන එන්නේ ශුද්ධවු කුරාණය විදිහට. කුරාණයේ හැටියට මේ ගතකරන ජීවිතය කියන්නේ එයාලට තාවකාලික නවාතැනක් විතරයි. මරණයෙන් පස්සේ ස්වර්ගයට යන්න ඉස්සෙල්ලා හැම කෙනාටම දෙවියන් ඉදිරියේ විනිශ්ච දිනයක් හා අවස්ථාවක් හම්බෙනවා. ඒ වෙලාවේදී ජීවිතයේදී කෙරෙන සියළු හොඳ හා නරක දේවල් ගැන ප්‍රශ්ණ කරන බවත් ඒ අවස්ථාවලදී කල නරක දේ සඳහා දඬුවම් නියම වන බවත් ප්‍රකාශ වෙනවා. මේ සියල්ල අවසානයේ දෙවියන් ඔවුන්ව ඔවුන්ගේ සදාකාලික නවාතැන වන ස්වර්ගයට ගන්නා බව ශුද්ධ වූ කුරාණයේ සඳහන් වෙනවා.

නෝම්බි වලදී කෙරෙන්නේ උදේ පාන්දර  4.30 වෙද්දී කෑම අරගන්නවා. ඊට පස්සේ පැය 12ක පමණ කාලයක් පුරාවට ආහාර ගැනීමෙන් වැලකී සිටිනවා. මේ කාලය පුරාවට ආහාර ගැනීම සිදුකරන්න ශුද්ධ වූ කුරාණයේ අවස්ථාව දීල තියෙන්නේ දීර්ඝ ගමන් යෙදෙන්නන්, ගැබිණි මාතාවන්ට හා කිරිදෙන මව්වරුන්ට පමණයි. මේ දේ කරන එක ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට විශාල ලෙස උපකාරීවන බව අළුත් වෛද්‍ය විද්‍යා පරීක්‍ෂණ වලින් පෙන්වා දීල තියෙනවා. පැය 12කට පස්සේ ඔවුන් එකට එකතුවෙලා පල්ලියේ හරි විශේෂ ස්ථානයක හරි එකතුවෙලා ආහාර ගන්නවා. මේ ආහාරය කන්ජි නමින් හඳුන්වන කැඳ වර්ගයක් හා රටඉඳි, පළතුරු හා බීම වර්ගයකින් ආරම්භ කරල ඊට පස්සේ දෙවියන් නැමැදීමක් කරනවා. ඒ අතරතුර විශේෂ පණිවිඩ ඔවුන් වෙත දැනුම්දීම කරනවා. ඊටත් පස්සේ තමා නියම විදිහට ආහාර ගන්නේ. මේ ආහාරය සියළු පෝෂක රැගත් ආහාරයක් හැටියටයි සාමාන්‍යයෙන් සකස් කරන්නේ. 




මටත් මේ දේ අත්දකින්න කීප වතාවක් අවස්ථාව ලැබුණා. ඒ අපේ උපකුලපතිතුමාට පින්සිද්ද වෙන්න පළවෙනි වතිවටත්, ලඟම තියෙන පල්ලියට පින්සිද්ධ වෙන්න දෙවනි වතාවටත් ඊට පස්සේ කීප වතාවකුත් මම ඉන්න විශ්ව විද්‍යාලය හා ඒ අවට පරිසරයට පින්සිද්ධ වෙන්න හොඳට කන්න හම්බුනා. මේ අවස්ථාව තවත් විශ්ව විද්‍යල වල අයට ලැබෙනවා ඇති ඒත් අපිට තරම් විශාල ලෙස නම් නෙවෙයි. ඒ වාගේම අපි වෙනුවෙන් එයාල එයාලගේ පණිවිඩ සිංහල භාෂාවෙනුත් ඉදිරිපත් කරන්න තරම් කාරුණික වුනා. තව තවත් දේ ලිපිය වෙනුවෙන් තිබුනත් විභාගය නිසා මට ඒ දේ හරියට පෙලගස්වා ගන්න අමාරුයි. අවස්ථාව ලද වෙලාවක ලිපියේ දෙවන කොටසක් විදිහට හරි ඒ දේවල් දාන්නම්. එතකන් සියළු දෙනාට බායි.....!
 

 තවදුරටත් මුස්ලිම් ආගම ගැන දැනගන්න සිංහලෙන් මුස්ලිම් අය ගැන තියෙන මේ අඩවිය බලන්න.


විභාගේ තමා අපේ අභාගේ.......!


හප්පා හුඟ කාලෙකින් කස්ටිය වෙනුවෙන් පොඩි මතකයක් දීල යන්නයි ආවේ. මේ දවස්වල මගේ පළමු වසරේ පළමු වර්ෂාර්ධ විභාගෙට පාඩම් කරන ගමන් අළුතෙන් දාන්න හිතන් ඉන්න ලිපි නම් ගොඩයි. ඒකෙන් ටිකක් වත් දාන්න කවදා හම්බෙයිද කියල මම ම දන්නේ නෑ. ඒ මදිවට මේ මඟුල් නගරෙට මොබිටෙල් 3G signal නෑ. එපා වෙනවා වැඩක් කොරන්න. ලැප්ටොප් එකට ඩොංගලේ ප්ලග් කොරල වත්ත වටේම යන්න ඕන සිග්නල් හොයන්න. කීප පාරක් පැමිණිලි කරත් වැඩක් නෑ. ටිකක් ඉවසන්නකෝ මම මේ විභාගේ ඉවර වෙලා වෙලාවක් ආපු ගමන් දෙන්නම් ඇරියස් එක්කම. දැනට Keep in Touch