අද කියන්න යන්නේ හිස්ටග්‍රම් එක ගැන. අහල තියෙන
අය වගේම අහලා නැති අයත් ඇති. ඒ කාටත් ප්‍රයෝජන වෙයි කියල හිතල මම තේරුම් ගත්තු මම
උගනිපු හිස්ටග්‍රම් එක, එහි වැදගත්කම හා භාවිතය ගැන ටිකක් කියන්න හිතුනා.
මුලින්ම කතා කරමු මොකක්ද මේ හිස්ටග්‍රම් කියන්නේ
කියල. හිස්ටග්‍රම් එක අර්ථ දක්වන්නේ නම් තාන අගයයන්ගේ (Tonal Values) විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. වෙන විදිහකින්
කිව්වොත් පින්තූරයේ උපරිම දීප්තිය ඇති තැන සිට අවම දීප්තිය දක්වා පරාසය තුල එක්
එක් දීප්ති විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. මේක දීප්තියත් එක්ක ගනුදෙනු කරන ප්‍රස්ථාරයක්
වෙන්නේ ආරම්භය කලු සුදු ඡායාරූප වලින් පටන්ගත්තු නිසා විය යුතුයි. සාමාන්‍යයෙන්
අපට හිස්ටග්‍රම් ප්‍රස්ථාර විවිධ ආකාරයෙන් දකින්න පුළුවන්. Luminosity,
RGB, Red, Green, Blue හා Colors කියන
ප්‍රස්ථාර වර්ග කීපයම නවීන කැමරාවල වගේම පසුසංස්කරණ සඳහා භාවිතා කරන මෘදුකාංග වල
දකින්න පුළුවන්. ඒ එක එකක් ගැන පසුව කතා කරමු. සෑම හිස්ටග්‍රම් ප්‍රස්ථාරයක්ම 0 - 255 දක්වා වූ පරාසයක විචලනය වන අතර අවම දීප්තිය
එසේත් නැතිනම් කලු වර්ණය 0 අගයයෙනුත් උපරිම දීප්ත අගය වන සුදු වර්ණය 255 අගයයෙනුත්
දක්වනු ලබන අතර ඉතිරි දීප්ති අගයයන් සියල්ල 0 - 255 දක්වා පරාසය තුල පිහිටවනු ලබනවා. හිස්ටග්‍රම් එකක සම්පූර්ණ තාන පරාසය (Tonal
Range) 0 සිට 255 දක්වා අගයයන් පරාසය කොටස් තුනකට වෙන්
කලාම 0 අගයෙන් පටන් ගන්න කොටස සෙවනැලි තාන පරාසය (Shadows)
ලෙසත් 255 අගයෙන් අවසන් වල කොටස දීප්ත තාන පරාසය (Highlights) ලෙසත් මැද කොටස මධ්‍ය තාන පරාසය (Mid
tones) ලෙසත් හඳුනා ගන්න පුළුවන්. තව දෙයක් තමයි සෑම
විටම මේ හිස්ටග්‍රම් එක එකම ප්‍රමාණයක් තිබීම.එය කැමරාවේ හෝ පරිඝණකයේ හෝ වේවා එහි
පරාස ප්‍රමාණය නියත අගයක්. යම් අවස්තාවක එකම තානයක් අනන්ත ප්‍රමාණයකින් ඡායාරූපයේ
තියෙනවා උනත් එම තානයේ ප්‍රස්තාරික අගයේ උස උපරිම සීමාවකින් දක්වන ආකාරයෙන් එම අගය
හැකිලිලා තමයි පෙන්වන්නේ.