තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
කවුරුත් අහල තියෙන රාධා හා ක්‍රිශ්ණාගේ කතාව පාදක කරගනිමින් ලියැවෙන ශ්‍රී ජයදේවයනගේ ගීත ගෝවින්දය මේ ගීතය සදහා වස්තු බීජය සපායා ඇති සෙයකි. මේ ගීතය ගැන මාගේ අවධානය යොමු කලේ මාගේ මිතුරෙක්.. ඒ පිළිබද ඔහුට මම ස්තූතිවන්ත විය යුතුයි. මේ ගීතය තරම් ශෘංගාරය කැටි කල ගීතයක් තිබේද යන්න හිතන්නවත් බැරි තරම්.. ගීතය පුරාවට කියැවෙන කතාන්දරය පිළිබදව හාංකවිසියක්වත් නොදැන මේ ගීතය විදින්න පුළුවන් තරම් අපූර්ව සංගීතයක්ද මේ ගීතය සතු වෙනවා. ඩබ්ලිව් ඩී ආරියසිංහයන්ගේ හඩින් ගැයෙන මේ ගීතය සදහා සංගීතය සපයා තියෙන්නේ ගුණදාස කපුගේ ශූරීන් විසිනුයි. රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන කතාවත් එහි ඔහු තෝරාගෙන ඇති කොටසකත් අපූර්වත්වය වැඩි කරන්න සමත්වෙලා තියෙනවා.
ගීතයේ තතු කියන්නට මත්තෙන් රාධා හා ක්‍රිශ්ණා කතාවේ ගීතය සදහා පදනම් වූ කොටස මතක් කල යුතු යැයි සිතමි. රාධා හා ක්‍රිශ්ණා දෙපලගේ ආදරය පිලිබද කතා අපමණ තිබේ. ක්‍රිශ්ණා යනු වසදඩු වයන ගොපලු තරුණයෙකි. මේ වන විට රාධා ඔහුගේ බිරිද බවට පත්ව ඇත. ක්‍රිශ්ණා ගොපලු රැහේ අනෙකුත් ගෝපිකාවන් හා ඇසුරට වැටීම නිසා රාධා ඔහුගෙන් මිදී දුකින් කාලය ගත කරයි. ඔවුන් වෙන් වූ පසු දෙදෙනාම එකිනොගෙන් වෙන්ව තම ආදරයේ සොදුරු නිමේශයන් මතක් කරමින් කාලය ගත කරයි. නමුත් එකිනෙකා වෙත දෙවැනි වීමේ අකමැත්ත නිසාවෙන්ම ඔවුන් තවමත් විරසක පෙම්වතුන්.. ඇය, ඔහු කල දෙය නිසා නොදෙවෙනි වන අතර ඔහු පුරුෂයෙකු නිසා නොදෙවෙනි වූවා විය යුතුය.
මෙගා පික්සල් බිලියන 24.9ක පින්තූරයේ කතාව
මම මේ ලියන්න යන්නේ මේ දවස් වල මුහුණු පොත පුරාම කතාබහට ලක්වෙලා තියෙන පින්තූරයක් ගැන විස්තරයක්. ඒ තමයි මෙගා පික්සල් බිලියන 24.9ක් වන චීනයේ චන්ද්‍රිකාවක් මගින් ගත්තා යැයි කියන පින්තූරයක්. මෙය කෙතරම් විශාල කර දැකිය හැකිදැයි කීවොත් අවසානයේ අවසාන මිනිසෙකු පවා පැහැදිලිව දැකිය හැකි වන අයුරින් නිර්මාණය කර තිබෙනවා.
මේ ඒ පින්තූරය බලන්න යන්න තියෙන සබැදිය
දැන් අපි බලමු මේ පින්තූරය ලැන පැහැදිලි කර ගන්නේ කොහමද කියල. ඇත්තටම මේ පින්තූරය දන්ද්‍රිකාවකින් ගත්තු ඡායාරූපයක් නම් නෙවෙයි. එහෙමත් නැතිනම් අධික විභේදනයක් ඇති කැමරාවකින් ගත්තු එකකුත් නෙවෙයි. ඇත්තටම මේක පින්තූර දහස් ගානක් එකතු කරල හදපු එක ඡායාරූපයක් යැයි කීවොත් තමයි වඩාත් නිවැරදි වෙන්නේ.
කොහොමද එහෙම පින්තූරයක් ගන්නේ.....?
ලිපිය දැම්මේ
Sula (සුලා)
@
12/20/2018 09:07:00 pm
නම් කිරීම්:
තාක්ෂණික,
බෙලි කැපෙන ඇත්ත,
මගෙන්....,
හිතන්ට
විදුලි මිණි පහන් දැවී
ලූෂන් බුලත්සිංහල විසින් රචනා කල මේ ගීතය තුල ඔහු තවත් නිර්මාන කිහිපයක මතු කරන්නා වූ ඇති නැති පරතරය/ ධනපතියන්ගේ හා දුගීන් අතර වෙනස මතු කර පෙන්වන බවයි මගේ නම් හැඟීම. ගුණදාස කපුගේ ශූරීන් විසින් සංගීතය නිර්මාණය කර ගායනා කරන මේ ගීතය සඳහා ඔහුගේ සංගීතය මෙන්ම කටහඬ ද මනා සාධාරණයක් ඉටු කර ඇතැයි සිතමි.
ගීතයේ පද පිලිබඳ කතා කරන්නට මත්තෙන් සංගීතයේ දක්වා ඇති කුඩා ස්ථාන දෙකක් මතු කර දැක්වීම සුදුසු යැයි සිතමි. ඒ ආරම්භයේ හා අවසානයේ යෙදී ඇති සමූහ ගායනයත් නිරන්තර ඇති කරන්නා වූ ට්‍රම්පට් ශබ්දයත්ය. සමූහ ගායනය තුල දුගී පිරිසේ ආඳෝනාවත් ට්‍රම්පට් මගින් ධනවතුන්ගේ විනෝද සාදයත් මතක් කර දෙන බවක් මට දැනේ.
ගීතයේ කතාවේ ආරම්භය ලෙස මා සිතන අයුර විග්‍රහ කිරීම වඩා සාර්ථක යැයි සිතමි. ඔහු පෙම්වතෙකි. දුගියෙකි. නමුත් ඔහු පෙම් බඳින්නේ ධනවත් යුවතියකටය. ඇයද එසේමය. නමුත් එහි ඇති නොගැලපීම ඔහු දනී. කිසිදා සැබෑ නොවන ප්‍රේමයක ඔහු පැටලී ඇති බව නිසා ඔහුගේ සිත දෙගෙඩියාවක පෙලේ. ආදරවන්තිය ඔහු ඇගේ සමාජයට ගෙන යාමට උත්සාහ දරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට තම නිවසේ පැවැත්වෙන සාදයකට ආරාධනා ලැබේ. ඔහු එහි යන්නේ දෙගෙඩියාවෙනි. ගීතය පවසන්නේ ඔහු විඳි ඔහුට දැනුන හැඟීම් සමුදායයි.
ඡායාරූපකරණයට පිවිසෙන ඔබට
ඡායාරපකරණය අද මේවන විය බොහෝම ජනප්‍රයිය වෙලා තියෙනවා. නමුත් කීයෙන් කීදෙනක්ද නිවැරදි දැනුමක් එක්ක ඡායාරූපකරණයට ඇවිත් ඉන්නේ කියන එක නම් ප්‍රශ්ණයක්. ඒ නිසා මේ කරුණු ටික ලිවිය යුතු යැයි සිතනවා.
ඡායාරූපකරණයට ආව ගොඩක් අය ඡායාරූපකරණය එහෙම නැතිනම් Photography කියන එක මොකක්ද කියන එක වත් දන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඡායාරූපකරණයේ මූලික දේවල් දන්නේ නැති ගණනත් අනන්තයි.
එහෙම නම් කොහොමද මේ තරම් අය මේ ක්‍ෂේත්‍රයේ රැදී ඉන්නේ ?
ඒක හරි සරල උත්තරයකින් දෙන්න පුළුවන්. ඒ තාක්‍ෂණය නිසා. ඡායාරූකරණය ගැන කතා කරන ගොඩක් අය අද භාවිතා වෙන දියුණු කැමරා උපකරණ එක්ක බැදීල ඉන්නවා.
හොදම කැමරාව, හොදම ලෙන්ස් එක, හොද ආලෝක උපකරණ, ආලෙලා්ක මෘදුකාරක වාගේ දේවල් ගොඩක් එක්ක තමයි වැඩකට යන්නේ.
මගේ ගමන් බිමන් එකසිය දහයවන කොටස - මන්නාරම් ගමන දෙවන කොටස
මන්නාරම් ගමනේ පුංචි පුංචි සුන්දර තැන් ටිකක් ගැන පළවෙනි ලිපියේ තිබුනානේ. මේ ඒකේ ඉතිරි ටික...
ලූර්දු මාතා දේවස්ථානය ගාවින් ආව අපි දවල් කෑම කන්නත් වෙලාව ඉතිරි වෙලා තිබුන නිසා මඩු දේවස්ථානය බලන්න යන්න තීරණය කලා.
මරද මඩු දේවස්ථානය
මඩු දේවස්ථාය ඉදිවන්නේ
කන්‍යා මරියතුමිය වෙනුවෙනුයි. මාත්තෙයි වල තිබූ මරියතුමියගේ දේවමාතා ප්‍රතිමාව පළමුව
තබා තිබුනා යැයි සැලකෙන්නේ ලූර්දු මාතා දේවස්ථානයේය. නමුත් ලන්දේසි ආක්‍රමණ සමඟ පෘත්‍රගීසින්ගෙන්
පාලනයෙන් ගිලිහුණු ලංකාවේ කතෝලික, හින්දු හා බෞද්ධයන් ගේ ජීවිත වලට තර්ජන එල්ල
විය. එම තර්ජන උග්‍රවීමෙන් පසු දේවමාතා පිළිරුව හා තමන්ගේ ජීවිත ද
ආරක්ෂා කරගන්නට අවශ්‍ය බැවින් මඩුමාතා පිළිරුවද වඩම්මවාගෙන
මාන්තෙයි සිටි කතෝලික පියතුමන් සමඟ විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සිංහල
රජුගේ පාලන ප්‍රදේශය කරා පිටත් විය. එම පිරිස ලන්දේසීන්ගෙන් හා වන සතුන්ගෙන් බේරී නුවර
රාජධානියට යන අතරතුර එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අසල නැවතී ඇත. එහි සිංහල රජුට
අයත් බදු එකතු කරන මධ්‍යස්තානයේ බදු නිලධාරියාගේ උදව් ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක
දේවමාතා පිළිරුව වඩා හිඳුවා ගෙන එහි පදිංචි විය. එම ගම
හඳුන්වා ඇත්තේ මරද මඩු නමිනි. මරද මඩු යනු කුඹුක් වැව යන
අරුත ගෙන දෙන්නකි. එම කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ පෘතුගීසි
සෙන්පතියකුගේ දියණියක වන හෙලේනා නම් වූ පෘතුගීසි තරුණියකි.
මඩු ගම්මානයේ දී
හෙලේනා තරුණිය එකී බදු නිලධාරියා සමඟ විවාහ වීමෙන් පසු සෙසු පිරිසද වනය
හෙළිකොට නව ගම්මානයක් තනාගනිමින් එහි නැවතී ඇත. ඉන් අනතුරුව හෙලේනා සිය
සැමියා ඇතුළු සෙසු පිරිස සමග එක්ව කුඩා ස්ථිර ගොඩනැඟිල්ලක් සාදා
මඩු මාතා පිළිරුව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකොට තිබේ.
මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එය බව පැවසේ. ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතර
ප්‍රචලිත වූ එම මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම්
මොයිස් මහතා විසින් 1823 දී
මැටියෙන් තරමක විශාල මැදුරක් තැනවීය. ඉන්දියාවේ ගෝවේ නගරයේ
සිට ධර්මදූත කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණ ජුසේවාස්
පියතුමාද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසේ. වත්මන් මඩු දේවස්ථානය වර්ෂ 1872
දී තනා නිමකළ එකකි. එය
සෑදවීමට මුල් වූයේ 1868 දී
අගරදගුරු තනතුරට පත් බොන්වින් නමැති පියතුමෙකි. නයි,
පොළොන් ආදී විසකුරු
සර්පයන් සේම රුදුරු වග, වලස්,
කොටි, සිංහයන් ගහන වනපෙතක
දිවි ගෙවමින් මඩු මාතාවන් ඇදහූ බැතිමතුන්ගේ විශ්වාසය සපල කරමින් මඩු මාතා
දෙව්මැදුර ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන්නට විය. 1868 වසරේදී නිර්මල මරිය නිකාය පාලනයට භාරවූ
මඩු පුදබිමේ ප්‍රථම මංගලෝත්සවය පවත්වා ඇත්තේ 1870 වසරේ ජුලි 02 වැනිදාය.
මගේ ගමන් බිමන් එකසිය දහයවන කොටස - මන්නාරම් ගමන පළමු කොටස
කාලෙකට පස්සේ යාලුවෝ ටිකත් එක්ක ඇවිදින්න යන්න හිතුවා. ඒ මන්නාරම.. මම පය නොතිබ්බ ලංකාවේ තිබුන එකම දිස්ත්‍රික්කය. කොහොම වුනත් ඒ හීනයත් හැබෑ කරගෙන ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලට පය තැබීමත් එක්ක මන්නාරම් යන්න හිතුවා. මේ මන්නාරමේ ඇවිදපු එක ගැන කතාව.... යන්න පිටත් වුනේ ජොබ් එක නිසා එකතු වුන දැන් සමහරු ඒ ජොබ් එකේම නැතත් තවමත් ඉතිරිව ඇති අපූරු මිතුරු හවුලක්..
අවුරුදු ගානක් කොටි ත්‍රස්තවාදය නිසා හැංගිලා තිබුන මන්නාරම කියල කිව්ව ගමන් ඕනෑම කෙනෙකුට මතක් වෙන්නේ කරවල. හැබැයි ඉතින් කරවල වලටත් වඩා මන්නාරමේ ඓතිහාසිකව වැදගත්කමක් තියෙන තැන් ගොඩක් තියෙනවා බලන්න. ඒ වගේමයි ලස්සන තැන්. මුලින් මන්නාරම අරාබිවරුන්ගේ වෙළඳ නගරයක්. පසු කාලෙක පෘතුගීසීන්ද දෙවනුව ලන්දේසීන්ද අවසානයේ ඉංග්‍රීසීන්ද අත්පත් කරගෙන පාලනය කරල තියෙනවා. ත්‍රස්තවාදය නිසා බොහෝ දෙනෙක් වෙනුවෙන් වැහිල තිබුන මන්නාරම අද ආයෙමත් හැමෝම වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා.
අපේ ගමන ආරම්භ වෙන්නෙ කොළඹින් රාත්‍රී තැපැල් දුම්රියේ... මගදී දුම්රියේ කාර්මික දෝශයක් නිසා සෑහෙන වෙලාවක් ප්‍රමාද වුනා.. කොහොම හරි අපේ කට්ටිය 10 දෙනත් එක්ක පාන්දර 6 වෙද්දී අපි මන්නාරම් දුම්රිය ස්ථානයෙන් බැහැගත්තා. අපේ නවාතැන වුනේ හමුදාවේ නිවාඩු නිකේතනයක්. ඒ තල්ලඩි වල. අපේ ගමන අපි සැලසුම් කරල තිබුනේ තල්ලඩි වල ඉඳන් වාහනයක් අරන් ඇවිදින්න යන්න. ඒ නිසා කොච්චියෙන් බැහැල කෙලින්ම ආවේ නවාතැනට. අපේ බඩු මලු පැත්තකට දාල කෂණික නූඩ්ල්ස් වලින් උදේ කෑම සම්පූර්ණ කරගෙන මුලින්ම යන්න හිතුවේ මන්නාරමේ තියෙන ලන්දේසි කොටුව බලන්න.
ජීවන විල මැද
සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලබන මෙම ගීතය වත්මන් යෞවනියන්ගේ කතාන්දරයම යැයි කීවොත් වඩා නිවැරදිය. 1963 දී තරගත වූ "මහ රෑ හමුවූ ස්ත්‍රිය" චිත්‍රපටය සදහා ගැයුනු මෙ ගීතය රචනා කරනු ලැබුවේ කරුණාසේන ජයලත් විසිනි. එම්. කේ. රොක්සාමි විසින් සංගීතවත් කරන ලදී.
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති
රූබර වූ යුවති
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති
ඇය අවටම රඟති
තරුණ යුවතියකගේ ජීවිතය පිළිබද කතාන්දරය මෙලෙසින් දිග හැරෙන්නේය. ජීවිතය නැමැති විල මැද සිටින්නා වූ ලස්සන කැකුළු මලකි. මෙය තරුණ යුවතියක් සංකේතවත් කරන්නට ගත් අපූරු යෙදුමකි. ජීවිතයද වරෙක විලකි. තෙරක් ගැඹුරක් නොමැති විලක් මැද ඇති යාන්තම් පිබිදීගෙන එන විට කුමක් නම් දන්නවාද? කැකුළු මලක් පිබිදෙද්දී එහි ඇති නැවුම් රොන් වල රසය දන්නෝ මී මැස්සන්මය. ඔවුන් මේ මළට අයිතිවාසිකම් කියන්නට වෙර දරන්නෝය. ඒ මෙම පිපෙන්නා වූ කැකුළු මලෙහි ඇති රොන් ගන්නටය. ඒ ලෙසින්ම තරුණ යුවතියක් පසු පස කොතරම් තරුණයන් සරන්නේද? ඔවුන් සියල්ලෝ වෙර දරන්නේ ඇය තමාගේ කරගැනීමටය.
මහ වැස්සක පෙර නිමිති
කේ. ඩී. කේ. ධර්මවර්ධන අතින් ලියැවෙන මේ අපූරු ගීතය විශාරද සනත් නන්දසිරි විසින් සංගීතවත් කරනවා. ගායනය කරන්නේ පණ්ඩිත් අමරදේවයන් විසිනි. පණඩිත් අමරදේව ශූරීන් අවසාන කාලයේ මේ ගීතය ගායනා කරද්දී මේ ගීතය තුල ඔහු ජීවත් වූවා යැයි මට සිතේ. මහළුව ගිය බොහෝමයක් අය වෙනුවෙන් මේ ගීතය ලියවී ඇත්තාක් මෙන් දැනෙන්නේ අප සමාජයේ දකින බොහෝමයකගේ ජීවිතය ද මෙයම වන හෙයින් යැයි මා සිතමි.
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුලුව අතරින් හිරිකඩ එනවා
මල්පැන් වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
මහ වැස්සක් එද්දී දැනෙන හැගීම ගැන මා අමුතුවෙන් කිව යුතු නොවන්නේය. එහෙම වෙලාවක තමාට තියෙන කුඩා කාමරයේ කවුරුව අතරින් එන හිරිකඩ සුලග මතකයට නැගෙන්නේ නම් මේ සිදුවීමේ විස්තර කරන අවස්ථාව පිළිබද ඔබට මැවෙනු නිසැකය. එවැනි වෙලාවකදී අප කතා නායකයා වූ මහලු පුද්ගලයා මත්පැන් ටිකක් බීල ශරීරයට උණුසුම ලබා ගන්නට කල්පනා කරනවා. ඒ සදහා කඩමණ්ඩියට යන්නට පිටත් වන්නේ පොද වැස්ස හිරිකඩ වැටෙද්දීමයි.
වසන්තයේ අග......
කපිල කුමාර කාලිංග අතින් ලියැවුනු මෙම ගීතය තුල
බොහෝමයක් පුද්ගලයින් ඩීවත් වන බව මට සිතේ. විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් සංගීතයෙන්
හැඩ ගන්වා ගායනය කල මෙම ගීතය තවත් එක් වෙන්වූ ආදරයක සොදුරු තැන් ස්පර්ශ කරන්නේ
යැයි සිතමි.
වසන්තයේ අග හමුවෙමු සොදුරිය
ලවැලි තලාවක විපුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සද නැගෙනා හෝරාවේ
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
අද ලියන්න යන ගීතය සමාජයේ එක පැත්තක දුක් ගැනවිල්ලක් ගැන කියවෙන ගීතයක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ ඇගලුම් කාර්මාන්තයේ නියුතු තරුණියන් සම්බන්ධව තිබෙන්නා වූ ඛේදාන්තය. ඔවුන්ගේ ජීවිත කොයි තරම් දුක් කම්කටොලු වලි පිරී ඇත්දැයි බාහිර සමාජය නොදන්නා තරම් වෙනවා. බන්දුල නානායක්කාරවසම් ගේ පද රචනයත් රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත් එක්ක හැදුනු මෙම ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන් විසිනුයි. මේ ගීතයේ කියැවෙන කතාන්දරයට අතිශය සාධාරණයක් සංගීතයෙන් කරල තියෙනවා කියන එකයි මගේ හැගීම.
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
තවත් එක් කතාවක්...
කාල වේලාව හීන වීමත් සමග ලිවීමේ කාර්යයෙන් මදක් ඈත් වීමට සිදු වූ බව සැබෑය. නමුත් විසි වසරක පැතුමක් ඉටු වීම නොලියාම බැරිය. එනිසා තවත් එක් කතාවක් මෙසේ අකුරු කරමි.
මා මේ කියන්නට යන්නේ සාහිත්‍යකරුවන්ගේ උදාහරණ කතා වල එන මැක්සිම් ගෝර්කිගේ අම්මා හෝ චිංගීස් ආයිත්මානව්ගේ ගුරු ගීතය නොවේ. හුදෙක් මෙය එක් කතාවක් පමණක්මය. ඔබටත් මටත් අමතක වී ගිය එක් අපූර්ව ලේඛිකාවකගේ පුංචිම පුංචි නවකතාවක් පමණක්මය. නමුත් එය පැසසිය යුතුමය. වසර විස්සක් තිස්සේ සෙවූ ඒ පොත මා අතට ලැබී සතියක්වත් ගතවී නැත. නමුත් මේ පිළිබද නොලියා සිටිය නොහැකි අයුරින් මේ ගැන ලිවිය යුතුයැයි මා මනස මට වද දෙන අයුරු පැහැදිලි කරනට තරම් පෝෂිත වචන ප්‍රමාණයක් මා සතුව නොමැත. කෙසේ හෝ වේවා නොනිදා හෝ මා මේ කතාව ආරම්භයේ සිටම ලියමි.
මා කුඩා කල ලගම ඇති පුස්තකාලයෙන් අපට කියවිය හැකි අපූර්ව පොත් සොයා ගෙනැවිත් දෙන්නේ අම්මා ය. මමත් මගේ සහෝදරයනුත් ඒ පොත් කියවන්නට පුරුදු කලේද අම්මා විසින් මය. එලෙස මා අතට පත්වන එක් පොතක් මා සිත ගැමි සුන්දර පරිසරයකට ගෙන ගියේ මන්දැයි මා නොදනිමි. ඒ පොත නමින් "පේ අයියා" ය. 1991 එස් ගොඩගේ සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම නවකතාව රචනා කර ඇත්තේ මාලිනී විජයවීර නම් ලේඛිකාව විසිනි. වරක් දෙවරක් කියවූ පොත් අතර කුඩා වයසේදීම යලි යලිත් ගෙන්වාගෙන විසි තිස් වාරයකටත් වඩා කියවූ පොතක් ඇත්නම් ඒ "පේ අයියා" විය යුතුය.
පැන මඩ කඩිති වැව් තාවලු
සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන පැන මඩ කඩිති වැව් තාවලු ගීතය තැනෙක ගුරු ගීතය ලෙසින් හදුන්වනු අසා ඇත්තෙමි. චිංගීස් ආයත්මාතව් විසින් රචිත රුසියානු නවකතාවක් වන ගුරු ගීතය මෙම ගීතයේ අර්ථය සමග කොරම් ගැලපේ දැයි සිතීම ඔබට බාරය. මහින්ද චන්ද්‍රසේකර විසින් රචිතව රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවූ මෙම ගීතය අපූර්ව වන්නේ මේ සියල්ල කරා සිත දිව යන නිසාවෙන්ම යැයි මට සිතේ.
පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
මෙහි කතා නායකයා පැරණි ගුරුවරයෙකි. ඔහු ලමයෙකුව ඉන්නා කල ගුරුවරුන්ට ලැබූ සැලකිල්ලට වඩා අද ඔහු ලබන සැලකිලි වෙනස් වී ඇත. ඔහුද තම ශිෂ්‍යයන්ට සමාජයේ සැලකුම් ලබමින් උගතෙකු වියතෙකු වන ආකාරය කියා දී ඇත. ඔහුගෙන් උගත් සිසුවන් දැන්සමාජයේ ඉහල තැන් වලද ඇත. නමුත් ඔවුන් කිසිවෙකුත් තම ගුරුවරයා පිලිබඳ සොයා බලන්නේ හෝ මගතොට දැක කතා කරන්නේද නැත. පැරැණි වයසට ගිය ගුරුවරයා තවමත් පැරණි පාසලේම අවසන් කාලය උගන්වමින් සිටී. තව නොබෝ දිනකින් ඔහු විශ්‍රාම යනු ඇත. ඔහු ඉගැන්වූ පාසල කෙබඳුද? එහි දරුවනට උගන්වන්නට ඔහු දැක්වූ අපරිමේය වෙහෙස රචකයා ගෙනෙන්නේ පලමු පද පේලි දෙකකිනි. තෙවෙනි පෙල ලමුන් දැන් සිටින තැන පිලිබඳව ගුත්තිල කාව්‍ය ඇසුරින් ගෙනහැර් පායි. සිව්වන පෙල ගුරුවරයා තම අවසන් කාලය වන තුරුත් තම සේවය නොපිරිහෙලා ඉටුකරන බව කියාපායි.
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
ප්‍රේම කීර්ති ද අල්විස් නම් අසහාය ගීත රචකයා අතින් ලැයැවෙන අපූර්ව ගීතයක් ලෙස මෙම ගීතය හදන්වන්න පුළුවන්. දශක තුනක් පුරාවට කාගේත් මුවෙහි රැදුනු පද පෙලක් ඇති මෙම ගීතය සදහා සංගීතය සපයන්නේ හා ගායනා කරන්නේ මර්වින් පෙරේරා විසිනුයි.
ලෝකය තුල ප්‍රේමය හදුනන අය නොමැත. ඒ මෙන්ම පෙම් නොකල අයද නොමැත්තේය. එයිනුදු පළමු ප්‍රේමයෙන් පරාජය වූ පෙම්වතුන් බහුලය. පලමු ප්‍රේමයම විවාහය තෙක් ගෙන ගොස් ඇති පෙම්වතුන් විරලය. මෙයද එවැනි සමාජ වෘතාන්තයකි. කාටත් මෙවැනි සිදුවීම් වී ඇති නිසා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් තට්ටු කරන්නේ සමාජයේ සිටන ඔබත් මමත් වැනි සමාජ බහුතරය ගේ සිතටය. එයම මෙම ගීතය සමාජය තුල පවතින්නට ජීවය දෙන්නේය.
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
පුන්සද රෑට ඇවිදින් හේනේ....
රන්න ශ්‍රී විජේසිංහයන් යනු අපූර්ව කළකරුවෙකි. ඔහු අතින් ලියැවුනු අපූර්ව ගීත අපතුල අදත් වින්දනයක් ඇති කරවන්නට මෙන්ම මතක සටහන් ඇති කරවන්නටද සමත් වන්නේය. නිර්මාණකරුවකු දක්‍ෂයෙකු වන්නට නම් ඔහුගේ නිර්මාණ කා අතරත් කතා බහට ලක්විය යුතුය. විදිය හැකි විය යුතුය. එලෙස ලියැවෙන කන්තාවක් හා ඇයගේ දුක් කනස්සල්ල පිළිබද ලැයැවෙන මේ ගීය සදහා වස්තූ බීජය වන්නට ඇත්තේ කුමක්දැයි මා නොදනිමි. නමුත් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ නිර්මාණ බොහෝමයක ඔහුගේ අත්දැකීම් තුලම වූ වස්තු බීජයක් තිබේ.
ගීතයේ සංගීතයද අපූර්වය. එය ගීතයේ අරුත අපූර්වට මවන්නට සලස්වනවා පමණක් නොව ගීතයේ සියුම් තැන තුල අප ජීවත් කරවන්නට පවා සමත්වනවා. කාන්තාවගේ දුක කනස්සල්ල හොදින් දැනනෙන ආකාරයෙන් නිර්මිත තනුව සංගීතවේදී ඔස්ටින් මුණසිංහයන්ගෙනි. නිරෝෂා විරාජිනී ගායනා කරන මෙම ගීතය මෙසේ යැයි මා සිතමි.
ගීතයේ කතාව ආරම්භවන්නේ හේන් ගොවිතැනෙන් ජීිතය රැකගන්නා ස්වාමියෙකු හා භාර්යාවකගෙනි. ගීතය තුල කතා නායිකාව වන්නේ ස්වාමියා පැල් රකින්නට ගිය පසු කාන්තාවගේ ඇතිවන සිතිවිලි හා බද්ධ වූ කනස්සල්ල මුසු වූ හැගීම් වලිනි.එහි ආරම්භය මෙසේය.
ෆෙම්ටෝ ඡායාරූපකරණය (Femto Photography)
ලිපියක් ලියන්න තරම් වෙලාවක් නැති වුනත් අගෝස්තු 19 වැනිදාට යෙදෙන ලෝක ඡායාරූප දිනය වෙනුවෙන්වත් මේ ලිපිය ලියුවේ නැතිනම් ඒක කරන අසාධාරණයක් වනවා නොඅනුමානයි. කොහෝම වුනත් මම මේ ලියන්න යන මාතෘකාව ගැන ලංකාවේ දන්න අය නම් දැනට අතලොස්සයි කියල කිව්වවොත් මම නිවැරදියි. අන්න ඒ නිසාමයි මම මේක ලිවිය යුතු වන්නේත්.. අපි මෙතුවක් ඡායාරූප ගත්තු හැම කැමරාවක්ම පරාද කරන්න පුළුවන් තරමේ කැමරාවක් සහ උපකරණ රාශියකින් සමන්විත අලුත් විෂයයක් දැන් ඡායාරූපකරණයේ යෙදෙන අය වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඒ තමයි ෆෙම්ටෝ ඡායාරූපකරණය කියන එක.
මම මුලින්ම කියන්නම් ෆෙම්ටා එකක් කියන්නේ කොච්චරක්ද කියන එක. කාලය මිනුමට ඒක ගත්තාම ඒ තත්පර 1/1000000000000000 තරම් ප්‍රමාණයක්. ඒකට අපි femtosecond එකක් කියල කියනවා. ඒ කියන්නේ තත්පරයකින් කුවාඩ්ඩ්‍රිලියනයකින් එකක් විතර කුඩා ප්‍රමාණයක්.. හිතාගන්නවත් පුළුවන් ප්‍රමාණයක්ද? අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කැමරාවක ද්වාර වේගය වෙන්නේ 1/8000ක් විතර නමුත් හිතන්න 1/1000000000000000 ක් විතර වුනාම මොනවා වෙයිද කියල. භෞතික විද්‍යාව දන්න කෙනෙක්ට නම් දැන් මතක් වෙන දෙයක් තියෙනවා.. ඡායාරූපකරණය කියන්නේ ආලෝකයෙන් පින්තාරු කිරීම නම් ආලෝකයේ වේගය තත්පරයට මීටර 300000000යි නම් මොකක් වෙයිද කියන එක. පොඩි ගණිතය පාරක් දාල බලන්න ෆෙම්ටා තත්පරයකදී ආලෝකය කොයි තරම් දුරක් යයිද කියල.....
ශතවර්ෂයේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය - 2018 ජූලි 27 වැනිදා
2000 වර්ෂයේ ජූලි මස 16 වැනිදායින් පසුව පෙනෙන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය 2018 ජූලි මස 27 වැනිදා සිදුවේ. නැවත මෙවැනි අවස්ථාවක් ලැබෙනුනේ 2036 අගෝස්තු මස 7 වැනිදාය. නමුත් එය යුරෝපය හා අප්‍රිකානු රටවලට පෙනුනද ලංකාවට නෙපෙනෙනු ඇත.
චන්ද්‍රග්‍රහණයක් ඇතිවන ආකාරය මීට පෙර මා ලියූ ලිපියක් වන 2018 ජනවාරියේ ඇති වූ චන්ද්‍රග්‍රහණය ගැන ලිපියේ විස්තර කරා මතක ඇති. අමතක අයට මෙන්න ලින්කුව ඒකටත්....
http://sulakkhana.blogspot.com/2018/01/2018.html
http://sulakkhana.blogspot.com/2018/01/2018.html
මෙවර ජූලි 27 රාත්‍රියේ සිදුවන චන්ද්‍රග්‍රහණය වඩා දීර්ඝ එකක් වන්නේ සඳ ගමන් කරන ඉලිප්සාකාර මාර්ගයේ දීර්ඝ කෙලවර ආසන්නයේ පිහිටුමකදී මෙම සිදුවීම සිදුවීමයි. සම්පූර්ණ සිදුවීම පැය 6 මිනිත්තු 14ක පමණ කාලයක් සිදුවන අතර පූර්ණ චන්ද්‍රග්‍රහන කාලය පැය 1 මිනිත්තු 43ක පමන කාලයක් සිදුවනු ඇත.
අහස් විලෙන්
බන්දුල නානායක්කාරවසම් විසින් පද රචනය කල රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවී සෝමතිලක ජයමහ විසින් ගායනා කරන්නා වූ අපූරු ගීතයක් මේ විදිහට අප අතරට එක්වෙනවා. මෙහි ආරම්භක සංගීතයෙන් ගීතයට ලබා දෙන්නා වූ සවිය ගැන කියනවාට ඩා එය ඇසීමම පුමාණවත් යැයි සිතමි.
අහස් විලෙන් හඳ පිටමන් වෙලා
අහස් ගඟ යනු අනෝතප්ත විලෙන් ගලා යන ජලයෙන් සැදි ගංගාවයි. නමුත් මෙහි සඳහන්වන අහස් විල යනු එය නොවේ යැයි මා සිත පවසයි. තරු පිරී ඇති රාත්‍රී අහස වේ ලෙස හඳුන්වා ඇති සේය. එහි තිබූ හඳ පිටමං වී ගොස් ඇත. එතැනින් ඉවත් වූ සඳ මා ලඟට විත් මගේ දුක් ගැනවිල්ල අසා සිටින්නේය. නමුත් සඳ අහිමි වූ අහස අඳුරු වලාවන් වලින් වැහිලා අඬමින් සේ දැනෙද්දී වලාකුළු අතරින් තරු සඳ සොයන්නට මෙන් එබී බලන්නෝය. නමුත් මෙලෙස සඳ මා වෙත පැමිණිම නිසාවෙන් මගේ රාත්‍රියේ අඳර නම් ගෙවී යන්නේය.
ප්‍රේමවන්තයෙකුගේ විරහ වේදනා මකන්නට එක් වූ නව ආදරවන්තියකගේ අස්වැසීමක් තනිවුන පෙම්වතාට දැනෙන ආකාරය මෙලෙස විස්තර වූවා විය යුතුය.
අහස් විලෙන් හඳ පිටමන් වෙලා
අහස් විලෙන් හඳ පිටමන් වෙලා
රහස් හඬින් මගෙ දුක අහනවා
අඬන අහස පීරලා තරුද හඳම හොයනවා
මගේ රැයක අඳුර නිවෙනවා
ප්‍රේමවන්තයෙකුගේ විරහ වේදනා මකන්නට එක් වූ නව ආදරවන්තියකගේ අස්වැසීමක් තනිවුන පෙම්වතාට දැනෙන ආකාරය මෙලෙස විස්තර වූවා විය යුතුය.
ගැලුවාට ගඟක් බාදක හිරිහැර පෙලා
කවුරුන්ද ගියේ උල්පත කොයිදැයි සොයා
ගගුල සේ ඇදි සයුර හා වෙවී
ඈ ආදරේට නව අරුතක් සොයනවා
ගංගාවක් බාධක අතරින් ගලා යද්දී එහි ලස්සන විඳිනවා මිස කිසි කෙනෙක් ගංගාවේ මූලය එසේත් නැතිනම් උල්පත කොතනදැයි සොයන්නේ නැත. එමෙන්ම ඇයද බාධක අතරින් දුශ්කර වූ ගමනක් ලස්සනට මුහුද වෙත ගලායන්න උත්සාහ කරනවා. මේ විදිහට පැරණි දුක්බර වූ මාර්ගයෙන් තම පෙම්වතාව බේරගන්න ඇය දරන උත්සාහය කෙතරම්දැයි දැනෙන්නට පටන් ගෙන ඇත.
ගංගාවක් බාධක අතරින් ගලා යද්දී එහි ලස්සන විඳිනවා මිස කිසි කෙනෙක් ගංගාවේ මූලය එසේත් නැතිනම් උල්පත කොතනදැයි සොයන්නේ නැත. එමෙන්ම ඇයද බාධක අතරින් දුශ්කර වූ ගමනක් ලස්සනට මුහුද වෙත ගලායන්න උත්සාහ කරනවා. මේ විදිහට පැරණි දුක්බර වූ මාර්ගයෙන් තම පෙම්වතාව බේරගන්න ඇය දරන උත්සාහය කෙතරම්දැයි දැනෙන්නට පටන් ගෙන ඇත.
හැමුවාට සුලඟ මලේ සුවඳ පොද දරා
කිසිදාක මලක් දිව ගියේද තටු ලබා
සුළඟ සේ ඇදී සුවඳ ලොවට දී
මුලු ජීවිතේම ඈ සුළඟින් වහනවා
මල්වල සුවඳ අරගෙන සුලං හැමුවා වුනත් ඒ සුවඳ එක්ක මල් පියාඹල යනව දැකල නැහැ නේද? ඒ සුවඳ ඇදෙන්නා වගේ ඇය ලෝකයට සුවඳ දෙනවා. පෙම්වතාගේ මුලු ජීවිතයම ඒ සුවඳින් ඇයගේ ආදරයෙන් වසන්නට තරම් ඇය සමත්.
හැරගිය පෙම්වතියගේ මතකයෙන් ඉවත්කරල අලුතින් තමා ආලය කරන පෙම්වතා වෙනුවෙන් පෙම්වතියකගේ කැප කිරීම, විරසක වූ පෙම්වතාගේ කැඩුණු බිඳුනු හිතට දැනෙන ආකාරය මෙලෙස අකුරු වුනා යැයි මට සිතේ. කෙසේ හෝ වේවා අපූර්ව සංගීතයකින් හැඩ වූ මෙම ගීතය අහල විඳල දකින්න යැයි මම ඔබට ආරාධනා කරනවා.
මල්වල සුවඳ අරගෙන සුලං හැමුවා වුනත් ඒ සුවඳ එක්ක මල් පියාඹල යනව දැකල නැහැ නේද? ඒ සුවඳ ඇදෙන්නා වගේ ඇය ලෝකයට සුවඳ දෙනවා. පෙම්වතාගේ මුලු ජීවිතයම ඒ සුවඳින් ඇයගේ ආදරයෙන් වසන්නට තරම් ඇය සමත්.
හැරගිය පෙම්වතියගේ මතකයෙන් ඉවත්කරල අලුතින් තමා ආලය කරන පෙම්වතා වෙනුවෙන් පෙම්වතියකගේ කැප කිරීම, විරසක වූ පෙම්වතාගේ කැඩුණු බිඳුනු හිතට දැනෙන ආකාරය මෙලෙස අකුරු වුනා යැයි මට සිතේ. කෙසේ හෝ වේවා අපූර්ව සංගීතයකින් හැඩ වූ මෙම ගීතය අහල විඳල දකින්න යැයි මම ඔබට ආරාධනා කරනවා.
අහස් විලෙන් හඳ පිටමන් වෙලා
අඹන්කුලමේ දිවියා
මේ දවස් වල සමාජ ජාල ඔස්සේ හා විවිධ මාධය ඔස්සේ කතාබහට ලක්වී ඇති මාතෘකාවක් වන්නේ කිලිනොච්චිය, අඹන්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් පහර දී මරාදැමූ දිවියෙකු පිලිබඳ කතාන්දරයයි. මේ පිලිබඳ යමක් නොකියා සිටීමට මා සිත කැමැත්ත තිබුනද මාගේ බ්ලොග් අඩෙවියේ කලකට ඉහත කතා කල සමාජ මාතෘකාවන්ට පණ පොවන්නටත් හේතු කාරණාවක් කරමින් මේ පිලිබඳ මාගේ අදහස ලියන්නට තීරණය කලෙමි. තවද මෙහි කොතැනකවත් දේශපාලණික හෝ වර්ගවාදී සිතුවිල්ලකින් නොලියන බැවින් ලිපිය එවැන්නකට හරවා ගැනීමෙන් වලකින්න යැයි පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
මිනිස්සු ජොලියට වගේ අනුන්ගේ ගම් වලට රිංගුවට කැලෑ වැදුනා වුනාට කැලෑ සත්තු නම් ජොලියට ගම් වදින්නේ නෑ. බොහෝමයක් වන මංකඩවල දැන් පාරවල් හදලා. වානාන්තර එලි කරලා ගෙවල් හදාගෙන. ඉතින් උන් යන පාරේ අපි පාරවල් ගෙවල් හදාගෙන කියන එක මතක තියා ගත්තානම් හොඳයි කියන එක තමා කියන්න ඕන. ඒ වාගේම තමයි ලංකාවේ වනජීවී එකට මම කෙලින්ම චෝදනා කරනවා. මොකද මම ඒ අය ගැන හොඳින් දන්න නිසා.
ලිපිය දැම්මේ
Sula (සුලා)
@
6/22/2018 11:21:00 am
නම් කිරීම්:
බෙලි කැපෙන ඇත්ත,
මගතොටදී......,
මගෙන්....
කැමරාවද ලෙන්ස් එකද????
ඡායාරූපකරණයට ආධුනික ඔබට ආරම්භයේදී ඇති වෙන්නා වූ ගැටලුවක් වන්නේ අපි ලඟ තියෙන මුදල කොයි විදිහටද වියදම් කරන් ඕන කියන එක. මම කලින් ලියපු කැමරාවක් තෝරගන්න කලින් කියන ලිපිය කියවලා යම් කරුණු ටිකක් එකතු කරගන් පුළුවන්. ඒ වගේම තමයි කැමරාව තෝරගනිද්දී කැමරාවට වියදම් කරනවාට වඩා ලෙන්ස් වලට වියදම් කරන්න කියන එක නම් වඩා වාසිදියක වෙනවා. හොඳම දේ වෙන්නේ තමා ලඟ තියෙන මුදලින් වැඩි ප්‍රමාණය ලෙන්ස් එක වෙනුවෙන් වෙන් කරන එක. මොකද කොයි වෙලාවේදීත් පින්තූරය හදන්නේ ලෙන්ස් එකෙන් වීමත් කැමරාව කරන්නේ ඒ සකස් කල පින්තූරය අල්ලා ගෙන ගබඩා කිරීමත් නිසා.
ඩ්‍රෝන හෝ නියමුවන් රහිත ගුවන් යානා සඳහා ලංකාවේ පවතින නීති
මෙය 1950 න් පසු ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සකස් කල නීති පද්ධතිය ලංකාවටත් එලෙසින්ම බල පවතිනවා. ලංකාවේ දී මෙය සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලබන අතර එය 2010, 14 වැනි පණත අනුව ක්‍රියාත්මක වේ. මෙය 2017.01.10 වැනිදා සංශෝධනය විය. ඒ අනුව පහත ඇති නීති රීති ලංකාවේ ගුවන් ගත කරන්නා වූ සියලුම Drone සහ සැහැල්ලු ගුවන් යානා සියල්ල සඳහා බල පැවැත්වේ.
මේ යටතේ සියලු සැහැල්ලු ගුවන් යානා සහ ඩ්‍රෝන වර්ග ප්‍රධාන කොටස් 4 කට වර්ගීකරණය කෙරේ.
A වර්ගය - මේ යටතේ 25kg ට වඩා වැඩි දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.මේ යටතේ සියලු සැහැල්ලු ගුවන් යානා සහ ඩ්‍රෝන වර්ග ප්‍රධාන කොටස් 4 කට වර්ගීකරණය කෙරේ.
B වර්ගය - මේ යටතේ 1kg සහ 25kg අතර දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
C වර්ගය - මේ යටතේ 200g සිට 1kg දක්වා දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
D වර්ගය - මේ යටතේ 200g ට අඩු දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
A වර්ගය
දැනට මේ වර්ගය ලංකාවේ භාවිතා වන්නේ නැතත් ඉදිරි කාලයේ මේ වර්ගයද ලංකාවට ගෙන්වනු ඇත. මෙය පියාසර කරවන්නේ නම් ඒ සඳහා ගුවන් යානාවක් සඳහා බලපවත්වන්නා වූ සියලු නීති රීති වලංගු වනු ඇත. ඒ නිසා ඒ සඳහා අදාල ලියාපදිංචි කිරීම් හා පුහුණු වීම්, පැදවීමේ බලපත්‍ර ආදී සියලු ලිපිලේඛණ තිබිය යුතුය.
B වර්ගය
ලංකාවේ දැනට තිබෙන්නා වූ වෘත්තීමය ඩ්‍රෝන වර්ගසියල්ලම අයත් වන්නේ මේ වර්ගයටයි. කැමරාවක් ඇති දිගුදුර සංඥා මගින් පාලනය වන්නා වූ සියලු ඩ්‍රෝන වර්ග මෙයට අයත් වේ. මේ කාණ්ඩයට අයත් වන්නා වූ ඩ්‍රෝනයක් පියාසර කරවන්නේ නම් ඒ සඳහා අයිතිකරු, ඩ්‍රෝනය හෝ ගුවන් යානය, වෙනත් පදවන්නන් සිටී නම් ඔවුන් යන පාර්ශව තුනම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර මෙය වසර දෙකකට වරක් අලුත් කරවා ගත යුතු ද වෙනවා. මෙලෙස ලියාපදිංචි කරවා ගැනීමේදී වුවද ලංකාවේ සියලුතැන් වල මෙය පියාසර කරවන්න බැහැ. වෙනත් ස්ථානයක මෙය පියාසර කරනවා නම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතියක් ගන්න වෙනවා.
C වර්ගය
මෙම වර්ගය කැමරාවක් හෝ වෙනත් සංවේදක උපකරණ රහිත නම් ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම කැමරාවක් සහිත වුවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසර ලත් ගෙන්වා බෙදාහරින ආයතනයකින් මිලදී ගැනීමක් සිදු කර තිබේ නම් එම මිලදී ගැනීම සමඟ වෙනම ලියාපදිංචි වීමක් අවශ්‍ය වන්නේ නැහැ. මීට අමතරව පියාසැරිය සඳහා D වර්ගය සඳහා බලපැවැත්වෙන නීති ද වලංගු වෙනවා.
D වර්ගය
මෙම වර්ගය කැමරාවක් නැති නම් ලියාපදිංචි කල යුතු වන්නේ නැහැ. නමුත් පියාසර කරනවා නම් අඩි 150ක් දක්වා තමාගේ වත්තේ යවනවා නම් අවසර ලබාගත යුතු වන්නේ නැහැ. නමුත් කැමරාවක් සහිතව දිගුදුර සංඥා සහිතව පියාසර කරනවා නම් පූර්ව අවසරයක් ගැනීම කල යුතු වෙනවා. එමෙන්ම වෙනත් අයෙකුගේ ඉඩමක මෙය පියාසර කරනවා නම් ඒ පුද්ගලයාගෙන් හෝ සමාගමෙන් පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතු වෙනවා. එමෙන්ම වෙනත් තැනක පියාසර කරනවා නම් ලඟම ඇති පොලීසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නත් ඕන.
සියලු නියමුවන් රහිත ගුවන් යානා හා ගුවන් යානා පදවන්නන් සඳහා පහත නීති වලංගු වේ.
C වර්ගය - මේ යටතේ 200g සිට 1kg දක්වා දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
D වර්ගය - මේ යටතේ 200g ට අඩු දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
A වර්ගය
දැනට මේ වර්ගය ලංකාවේ භාවිතා වන්නේ නැතත් ඉදිරි කාලයේ මේ වර්ගයද ලංකාවට ගෙන්වනු ඇත. මෙය පියාසර කරවන්නේ නම් ඒ සඳහා ගුවන් යානාවක් සඳහා බලපවත්වන්නා වූ සියලු නීති රීති වලංගු වනු ඇත. ඒ නිසා ඒ සඳහා අදාල ලියාපදිංචි කිරීම් හා පුහුණු වීම්, පැදවීමේ බලපත්‍ර ආදී සියලු ලිපිලේඛණ තිබිය යුතුය.
B වර්ගය
ලංකාවේ දැනට තිබෙන්නා වූ වෘත්තීමය ඩ්‍රෝන වර්ගසියල්ලම අයත් වන්නේ මේ වර්ගයටයි. කැමරාවක් ඇති දිගුදුර සංඥා මගින් පාලනය වන්නා වූ සියලු ඩ්‍රෝන වර්ග මෙයට අයත් වේ. මේ කාණ්ඩයට අයත් වන්නා වූ ඩ්‍රෝනයක් පියාසර කරවන්නේ නම් ඒ සඳහා අයිතිකරු, ඩ්‍රෝනය හෝ ගුවන් යානය, වෙනත් පදවන්නන් සිටී නම් ඔවුන් යන පාර්ශව තුනම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර මෙය වසර දෙකකට වරක් අලුත් කරවා ගත යුතු ද වෙනවා. මෙලෙස ලියාපදිංචි කරවා ගැනීමේදී වුවද ලංකාවේ සියලුතැන් වල මෙය පියාසර කරවන්න බැහැ. වෙනත් ස්ථානයක මෙය පියාසර කරනවා නම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතියක් ගන්න වෙනවා.
C වර්ගය
මෙම වර්ගය කැමරාවක් හෝ වෙනත් සංවේදක උපකරණ රහිත නම් ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම කැමරාවක් සහිත වුවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසර ලත් ගෙන්වා බෙදාහරින ආයතනයකින් මිලදී ගැනීමක් සිදු කර තිබේ නම් එම මිලදී ගැනීම සමඟ වෙනම ලියාපදිංචි වීමක් අවශ්‍ය වන්නේ නැහැ. මීට අමතරව පියාසැරිය සඳහා D වර්ගය සඳහා බලපැවැත්වෙන නීති ද වලංගු වෙනවා.
D වර්ගය
මෙම වර්ගය කැමරාවක් නැති නම් ලියාපදිංචි කල යුතු වන්නේ නැහැ. නමුත් පියාසර කරනවා නම් අඩි 150ක් දක්වා තමාගේ වත්තේ යවනවා නම් අවසර ලබාගත යුතු වන්නේ නැහැ. නමුත් කැමරාවක් සහිතව දිගුදුර සංඥා සහිතව පියාසර කරනවා නම් පූර්ව අවසරයක් ගැනීම කල යුතු වෙනවා. එමෙන්ම වෙනත් අයෙකුගේ ඉඩමක මෙය පියාසර කරනවා නම් ඒ පුද්ගලයාගෙන් හෝ සමාගමෙන් පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතු වෙනවා. එමෙන්ම වෙනත් තැනක පියාසර කරනවා නම් ලඟම ඇති පොලීසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නත් ඕන.
සියලු නියමුවන් රහිත ගුවන් යානා හා ගුවන් යානා පදවන්නන් සඳහා පහත නීති වලංගු වේ.
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට..
සෝමතිලක ජයමහ නම් සංගීතවේදියා අතින් ලියැවෙන මෙම ගීතය සඳහා තනුව යොදන්නේද ගායනා කරනනේද ඔහු විසින්මය. මේ ගීතය පසුපස ඇති කතාන්දරය වරක සෝමතිලක ජයමහ ශූරීන් විසින් පවසා ඇත.
ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටි 1960 අගභාගයේදී ලියැවෙන මෙම ගීතය සඳහා පාදක වන්නේ ඔහු නැවතී සිටි නවාතැන අසල නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල ශිෂයාවන් පිරිසකි. දිනක් සවසක ඔහු නවාතැන වෙත පැමිණෙද්දී අඳුර වැටෙමින් කලුවර වන විට සෑම නිවසකම පාහේ කෙරෙන කාර්යයක් ඔහු දකිනවා. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තම නේවාසිකාගාරයේ ජනෙල් වසා දමන ආකාරයයි. මෙය දකින ඔහුගේ සිත තුල "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට.. කවුලු පියන්පත් වැසෙන වෙලාවට..." යන පද වැල නිතැතින්ම ඇතිවෙයි. එය පාදක කොට ගනිමින් එයට ප්‍රේමය හා විරහව එක් කර ගීතය රචනා වෙද්දී සෝමතිලක ජයමහ ශූරීන් ප්‍රේමවන්තයෙකු වී ද නොමැත්තේය. 1969 වසරේදී ගුවන් විදුලියේ මෙම ගීතය ගායනා කල අතර 197 වසරේදී රටපුරා පැවති භීෂණ වාතාවරණය සමඟ මෙය සෑම දිනකම පාහේ විකාශණය විය. කෙසේ හෝ වේවා මෙම ගීතයේ පද වලට අපූර්ව ආකාරයකින් යෙදුනු තනුව නිසාවෙන් සැඳෑ කාලයක සවන් දෙන්නට අපූරු ගීතයක් ලෙස බිහිව තිබේ.
ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටි 1960 අගභාගයේදී ලියැවෙන මෙම ගීතය සඳහා පාදක වන්නේ ඔහු නැවතී සිටි නවාතැන අසල නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල ශිෂයාවන් පිරිසකි. දිනක් සවසක ඔහු නවාතැන වෙත පැමිණෙද්දී අඳුර වැටෙමින් කලුවර වන විට සෑම නිවසකම පාහේ කෙරෙන කාර්යයක් ඔහු දකිනවා. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තම නේවාසිකාගාරයේ ජනෙල් වසා දමන ආකාරයයි. මෙය දකින ඔහුගේ සිත තුල "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට.. කවුලු පියන්පත් වැසෙන වෙලාවට..." යන පද වැල නිතැතින්ම ඇතිවෙයි. එය පාදක කොට ගනිමින් එයට ප්‍රේමය හා විරහව එක් කර ගීතය රචනා වෙද්දී සෝමතිලක ජයමහ ශූරීන් ප්‍රේමවන්තයෙකු වී ද නොමැත්තේය. 1969 වසරේදී ගුවන් විදුලියේ මෙම ගීතය ගායනා කල අතර 197 වසරේදී රටපුරා පැවති භීෂණ වාතාවරණය සමඟ මෙය සෑම දිනකම පාහේ විකාශණය විය. කෙසේ හෝ වේවා මෙම ගීතයේ පද වලට අපූර්ව ආකාරයකින් යෙදුනු තනුව නිසාවෙන් සැඳෑ කාලයක සවන් දෙන්නට අපූරු ගීතයක් ලෙස බිහිව තිබේ.
21 වන සියවසේ මහ සොහොන් පුවත
එක්තරා ප්‍රසිද්ධ මල්ශාලාවක සේවකයෙකි. තනතුරෙන් ඉහල ඔහුගේ අත්දැකීම් කියැවෙද්දී තැනක ඇහුණ මේ කතාව නොලියාම බැරිය.
මෘත ශරීර දෙකක් එකවර පැමිණි අවස්ථාවකි. එකක් නිතීඥයෙකුගේය අනෙක ගුරුවරයෙකුගේය. ඥාතීන්ගේ ඉල්ලීම පරිදි ගුරුවරයාට නැෂනල් එකත් නීතීඥයාට ටයිකෝට් දමා සරසන්නත් "ඇණවුම" ලැබුණි. දෙපාර්ශවයේම ඥාතීන්ගේ කලබලකාරී ජීවිත වලට මුදල් බාධාවක් නොමැති අයුරකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම ඥාතියා උපරිම අයුරින් සරසා දීම පමණකි. කෙසේ හෝ වේවා මඳ වේලාවකට පසු මහා ගාලගෝට්ටියකි. සේවකයන්ද මෘත ශරීර දෙකෙහි අයිතිකාර පාර්ශවයන් දෙකද අතර වූ මහා ගාල ගෝට්ටිය විසඳීම උක්ත සේවකයාගේ රාජකාරිය විය. කරුණු විමසීමේදී සිදුව ඇත්තේ වරදකි. කලබලය හේතුවෙන් මෘත ශරීර වල ඇඳුම් කට්ටල මාරු කර අන්දවා ඇත. ඥාතීන් මේ සඳහා කලබල කරති. ඇඳුම් මාරු කර නැවත සරසා දෙන තුරු සිටීමට තරම් කාලයක් සේවාදායකයන්ට නොමැත. ගත වන සෑම මිනිත්තුවක්ම මුදල් බවට පත් වූ ලෝකයක එය සාමාන්‍ය කාරණාවකි. මෙය විසඳීම සඳහා මා කලින් සඳහන් කල සේවකයාට ගණ දෙවි නුවණ පහලවන්නේ මෙතනදීය.
මිනිත්තු කීපයක් සේවාදායකයනිගෙන් ලබා ගත් ඔහුට මල්ශාලාවේ දොරවල් වැහෙද්දී "මහ සොහොන් පුවත" මතක් වන්නට ඇත. මිනිත්තු කීපයකින් හිස් දෙක කපා වෙන්කොට අදාල ශරීර වලට සවි කරන්නට ගත වන කාලයත් මුහුණට දමන මේකප් එකට ගත කල කාලයත් ඇරුණු විට ගතවන්නට ඇත්තේ මුදල් ගෙවීමට ගත වන කාලය පමණි. අදාල ඥාතීන් අනේ ......, අනේ ......... වැනි අඳෝනාවන්ගෙන් තම තමන්ගේ ඥාතියාගේ හිස ඇති වෙනෙකෙකුගේ ශරීරයක් අසල අඬා වැටෙද්දී ගැටුම සමථයකට පත් කරන්නට ගත් පියවර ගැන ඔහුට මල්ශාලා අධිපතියාගෙන් පැසසුම් නම් අනේක වශයෙන් ලැබෙන්නට ඇත.
මා සිතන්නේ මෙය පළමු වතාව නොවුනද ගණදෙවි නුවණ මෙහෙයවා රාජකාරිය ඉටුකල අදාල පුද්ගලයාට නම් මාගේ ප්‍රණාමය පුද කල යුතුම වන්නේය. එසේ වන්නේ මුදලට නාට්‍යයක රඟන්නට යන උන්ත තමන්ගේ ඥාතියාගේ ශරීරය හඳුනා ගැනීමට තරම්වත් නොහැකි සමාජයක මෘත ශරීරයක් හා සාරධර්ම ඉටුකර යුතු නොවන නිසාවෙනි.
සැමට ජය....
මෘත ශරීර දෙකක් එකවර පැමිණි අවස්ථාවකි. එකක් නිතීඥයෙකුගේය අනෙක ගුරුවරයෙකුගේය. ඥාතීන්ගේ ඉල්ලීම පරිදි ගුරුවරයාට නැෂනල් එකත් නීතීඥයාට ටයිකෝට් දමා සරසන්නත් "ඇණවුම" ලැබුණි. දෙපාර්ශවයේම ඥාතීන්ගේ කලබලකාරී ජීවිත වලට මුදල් බාධාවක් නොමැති අයුරකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම ඥාතියා උපරිම අයුරින් සරසා දීම පමණකි. කෙසේ හෝ වේවා මඳ වේලාවකට පසු මහා ගාලගෝට්ටියකි. සේවකයන්ද මෘත ශරීර දෙකෙහි අයිතිකාර පාර්ශවයන් දෙකද අතර වූ මහා ගාල ගෝට්ටිය විසඳීම උක්ත සේවකයාගේ රාජකාරිය විය. කරුණු විමසීමේදී සිදුව ඇත්තේ වරදකි. කලබලය හේතුවෙන් මෘත ශරීර වල ඇඳුම් කට්ටල මාරු කර අන්දවා ඇත. ඥාතීන් මේ සඳහා කලබල කරති. ඇඳුම් මාරු කර නැවත සරසා දෙන තුරු සිටීමට තරම් කාලයක් සේවාදායකයන්ට නොමැත. ගත වන සෑම මිනිත්තුවක්ම මුදල් බවට පත් වූ ලෝකයක එය සාමාන්‍ය කාරණාවකි. මෙය විසඳීම සඳහා මා කලින් සඳහන් කල සේවකයාට ගණ දෙවි නුවණ පහලවන්නේ මෙතනදීය.
මිනිත්තු කීපයක් සේවාදායකයනිගෙන් ලබා ගත් ඔහුට මල්ශාලාවේ දොරවල් වැහෙද්දී "මහ සොහොන් පුවත" මතක් වන්නට ඇත. මිනිත්තු කීපයකින් හිස් දෙක කපා වෙන්කොට අදාල ශරීර වලට සවි කරන්නට ගත වන කාලයත් මුහුණට දමන මේකප් එකට ගත කල කාලයත් ඇරුණු විට ගතවන්නට ඇත්තේ මුදල් ගෙවීමට ගත වන කාලය පමණි. අදාල ඥාතීන් අනේ ......, අනේ ......... වැනි අඳෝනාවන්ගෙන් තම තමන්ගේ ඥාතියාගේ හිස ඇති වෙනෙකෙකුගේ ශරීරයක් අසල අඬා වැටෙද්දී ගැටුම සමථයකට පත් කරන්නට ගත් පියවර ගැන ඔහුට මල්ශාලා අධිපතියාගෙන් පැසසුම් නම් අනේක වශයෙන් ලැබෙන්නට ඇත.
මා සිතන්නේ මෙය පළමු වතාව නොවුනද ගණදෙවි නුවණ මෙහෙයවා රාජකාරිය ඉටුකල අදාල පුද්ගලයාට නම් මාගේ ප්‍රණාමය පුද කල යුතුම වන්නේය. එසේ වන්නේ මුදලට නාට්‍යයක රඟන්නට යන උන්ත තමන්ගේ ඥාතියාගේ ශරීරය හඳුනා ගැනීමට තරම්වත් නොහැකි සමාජයක මෘත ශරීරයක් හා සාරධර්ම ඉටුකර යුතු නොවන නිසාවෙනි.
සැමට ජය....
සඳකඩ පහණක කැටයම් ඔපලා....
හැත්තෑව දශකයේ බිහිවන අපූර්ව ගීතයක් වූ මෙම ගීතය සිව් කුළුඳුල් ගීතයක් වශයෙන් ඉතිහාසයේ කියැවෙන ගීතයකි. එසේ වන්නේ "මාතර ආච්චි" චිත්‍රපටය වෙනුවෙන් මෙම ගීතය ලියැවෙන චොලී නානායක්කාරයන්ගේ ප්‍රථම ගීත රචනය වීමත් චිත්‍රපටය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්‍ෂනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ ප්‍රථම සංගීත අධ්‍යක්‍ෂණය වීමත් සුනිල් එදිරිසිංහයන්ගේ මුල්ම චිත්‍රපට ගීතයත් වීමයි. මෙම ගීතයේ විවිධ අර්ථ කථනයන් තිුනා වුවද වඩා සාර්ථක වන්නේ මෙයම යැයි මට සිතේ. පෙම්වතිය හැරගිය පෙම්වතෙකුගේ සිතිවිලි මේ ගීතය හරහා දිගහැරෙනු දැකිය හැකිය.
සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී
සඳකඩ පහණක් යනු විශ්වයේ පවතින්නා වූ මහාඅනර්ග නිර්මාණයකි. එහි කැටයමි කිරීම ලේසි පහසු නොවන්නේය. එය නිර්මාණය කල පසු ස්ථිරනිර්මාණයක් ලෙස කාලයක් පවතිනු ඇත. පෙම්වතාගේ ආදරයද එසේමය. නමුත් පෙම්වතියගේ ආදරය දේදුන්නක් ලෙසය. දේදුන්නක් කෙතරම් අලංකාර වුවද මහ වැස්සකට පෙර ඇතිවී කෙමෙන් වෙනස් වී නැතිවී යයි. මෙලෙස ලංවෙන ඇය ගැන ඇතිවන විවිධ සිතිවිලි නිසා කැලැතුනු ඔවුන්ගේ සිත් තුල ආදරය යන අකුරු වැල පැන නගින්නේ දිය බුබුදුක් ඇති වන්නාක් වැනි ලෙස කෙටි කාලයකිනි. එය ක්‍ෂණයකින් ඇතිවුන හැඟීම් සමුදායක සම්මිශ්‍රණයකි. නමුත් ඒ ආදරය නොමැකෙන තරම් ප්‍රභල විදිහට ඔවුන් තුලට ඇතුලු වෙලා එකට ජීවත් වෙන්න තරම් තීරණයකට ඔවුන් එනවා. විවාවහයට යන්න හිතුවත් ඔවුන්ට ගැටලුවක් තියෙනවා. මා හිතන්නේ ඒ දුප්පත් කම කියලයි. කෙසේ හෝ වේවා මේ සියලු ගැටලු විසඳාගන්න උත්සාහ ගද්දී ඇයව බලෙන් ඔහුගෙන් ඈත් කරනවා. ඒ ඇයගේ අකමැත්තෙන්. නමුත් ඇයට කල හැකි දෙයක් නැහැ.
සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී
සඳකඩ පහණක් යනු විශ්වයේ පවතින්නා වූ මහාඅනර්ග නිර්මාණයකි. එහි කැටයමි කිරීම ලේසි පහසු නොවන්නේය. එය නිර්මාණය කල පසු ස්ථිරනිර්මාණයක් ලෙස කාලයක් පවතිනු ඇත. පෙම්වතාගේ ආදරයද එසේමය. නමුත් පෙම්වතියගේ ආදරය දේදුන්නක් ලෙසය. දේදුන්නක් කෙතරම් අලංකාර වුවද මහ වැස්සකට පෙර ඇතිවී කෙමෙන් වෙනස් වී නැතිවී යයි. මෙලෙස ලංවෙන ඇය ගැන ඇතිවන විවිධ සිතිවිලි නිසා කැලැතුනු ඔවුන්ගේ සිත් තුල ආදරය යන අකුරු වැල පැන නගින්නේ දිය බුබුදුක් ඇති වන්නාක් වැනි ලෙස කෙටි කාලයකිනි. එය ක්‍ෂණයකින් ඇතිවුන හැඟීම් සමුදායක සම්මිශ්‍රණයකි. නමුත් ඒ ආදරය නොමැකෙන තරම් ප්‍රභල විදිහට ඔවුන් තුලට ඇතුලු වෙලා එකට ජීවත් වෙන්න තරම් තීරණයකට ඔවුන් එනවා. විවාවහයට යන්න හිතුවත් ඔවුන්ට ගැටලුවක් තියෙනවා. මා හිතන්නේ ඒ දුප්පත් කම කියලයි. කෙසේ හෝ වේවා මේ සියලු ගැටලු විසඳාගන්න උත්සාහ ගද්දී ඇයව බලෙන් ඔහුගෙන් ඈත් කරනවා. ඒ ඇයගේ අකමැත්තෙන්. නමුත් ඇයට කල හැකි දෙයක් නැහැ.
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
කාලෙකට පස්සේ ආයෙමත් අපූරු ගීතයක් ගැන ලියන්න හිතුවා. ඒ ප්‍රසන්න බංඩාර පද රචනා කල එච්. එම්. ජයවර්ධනයන් ගේ තනුව හා සංගීතයෙන් හැඩ කල සෝමතිලක ජයමහ විසින් ගායනා කරන "එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා" ගීතයයි. දැන් දැන් ගුවන් විදුලියේවත් ඇහෙන්නේ නැති තරමේ ගීතයක් වුනත් අපුූර්ව ගීතයක් ලෙද වින්දනය ලබන්න පුළුවන් ගීතයක්. විරහ වේදනාවෙන් පෙලෙන්නා වූ පෙම්වතෙකුගේ සිතිවිලි තමන්ගෙන් වෙන්ව ගිය පම්වතියට වෛර බඳින්නේ නැතිව විඳ දරා ගන්න දරන උත්සාහයක් ගීතයක් අයුරින් නිර්මාණය වී ඇත.
ගීතය ආරම්භ වන සංගීතය ගැන නොකියා ගීතය ගැන කතා කිරීම පලක් නැති බවයි මගේ වැටහීම. එයට හේතු වන්නේ මෙම ගීතය හරි හැටියට දැනෙන්න නම් ආරම්භක සංගීතයට සවන් දිය යුතුම වන්නේය. ගොම්මන් සන්ද්‍යාවක තනියම හිඳ ගෙන මේ සංගීතයට සවන් දුන්නේ නම් හෝ කලබලකාරී ඝෝෂාවෙන් මිදී සවන් දෙන්නේ නම් ඔබ මෙය මැනෙවින් වටහා ගනු ඇත. එය දුක් දොම්නස් මතක් කර දී ගීතය තුලට ප්‍රේක්‍ෂකයා ඇදගෙන යන්නේය.
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
ගීතය ආරම්භ වන සංගීතය ගැන නොකියා ගීතය ගැන කතා කිරීම පලක් නැති බවයි මගේ වැටහීම. එයට හේතු වන්නේ මෙම ගීතය හරි හැටියට දැනෙන්න නම් ආරම්භක සංගීතයට සවන් දිය යුතුම වන්නේය. ගොම්මන් සන්ද්‍යාවක තනියම හිඳ ගෙන මේ සංගීතයට සවන් දුන්නේ නම් හෝ කලබලකාරී ඝෝෂාවෙන් මිදී සවන් දෙන්නේ නම් ඔබ මෙය මැනෙවින් වටහා ගනු ඇත. එය දුක් දොම්නස් මතක් කර දී ගීතය තුලට ප්‍රේක්‍ෂකයා ඇදගෙන යන්නේය.
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
මගේ ගමන් බිමන් එකසිය නමවන කොටස - ඩෙල්ෆ්ට් දූපත සහ කැලෑ අශ්වයෝ
යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්ට් දූපත වනාහි අපූර්ව ස්ථානයකි. වර්ග කිලෝමීටර 49.5ක් පමණ වූ මෙම භූමි ප්‍රදේශය සම්පූර්ණෙයන්ම වාගේ සැදී තිබෙන්නේ හිරිගල් පාෂාන වලින් එසේත් නැතිනම් කොරල් වලින්. දිගින් කිලෝමීටර 8ක්ද පළලින් කිලෝමීටර 6ක්ද පමණ වනවා. අවට මුහුදු තීරයද නොගැඹුරු කොරල් පර වලින් පිරුණු මුහුදු තීරයක්. අතීතයේ මෙය නෙඩුන්තිව් ලෙස ව්‍යවහාර වූ බවත් පසුව පෘතුගීසි ආක්‍රමණයෙන් පසු ඩෙල්ෆ්ට් ලෙස භාවිතා වුන බවත් කියවෙනවා. අර්ධ ශුෂ්ක නිවර්තන කලාපීය දේශගුණයකට හිමිකම් කියන මෙම දූපතේ වාර්ෂික වර්ෂාපතනය 500-700mm පමණ වන අතර උපරිමය අප්‍රේල් - නොවැම්බර් කාලයේදී වෙනවා. Equus caballus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඩෙල්ෆ්ට්
අශ්වයින් ලංකාවේ ස්වභාවිකව ඇති එකම ස්ථානය ලෙස හැඳින්වෙන්නේ මෙම දූපතයි. මෙහි දැනට
අශ්වයින් 500කට ආසන්න ප්‍රමාණයක් සිටින බව ගණන් බලා තිබෙනවා.
මේ
දූපත බලන්න යන්න සූදානම් වෙද්දීම සාමාජිකයින් 15ක් විතර හිටියා වුනත් අවසානයේ ගමන
පිටත් වුනේ සාමාජිකයින් 7 දෙනෙකුගෙන්. ලංකාවේ විවිධ ප්‍රදේශ වල ඉන්න මේ සාමාජිකයින්
හැමදෙනාම එකතු වෙන්නේ CPC නමින් හැඳින්වෙන ඡායාරූප සමාජය හරහා. ප්‍රධාන වශයෙන්
අශ්වන්ව ඡායාරූපගත කරන්න වගේම කුරුල්ලන් ඡායාරූපගත කිරීම කරගත් අපි 30 උදේ පාන්දර
යාපනය ප්‍රධාන බස් නැවතුම්පල ලඟදී එකතු වුනා. එතැන ඉඳන් අපේ ගමන පහසු කරන්න
වාහනයක් ගත්තා.
කෝච්චියයි මමයි...
ලංකාවේ කෝච්චියක් යන ඕනම තැනක කෙනෙක්
රැකියාවට යන්න හොඳම තේරීම කරගෙන තියෙන්නේ කෝච්චිය තමයි. බස් වලින් ගිහින් වාහන
තදබද අස්සේ යන එකයි බස් සිංදු ටික දැම්මාම කණක් ඇහිල යන්න බැරි එකයි සැලකුවාම පුංචි කාලේ
ඉඳන්ම කෝච්චියේ යන එක මාරම ජොලි වැඩක්. ඉස්සර
කොලඹ එනවා කියන්නේ හෙනම ට්‍රිප් එකක්. කෝචිචයේ යන අපිට තිබුන එකම ට්‍රිප් එක වුනේ කොලඹ යන එක. ඉතින්
අම්මල කොළඹ යමු කිව්වාම අපි මුලින්ම හොයන්නේ
පත්තරයක්. ඒ වෙන මොකකටවත් නෙවෙයි. පත්තරේ පුංචි පුංචි කෑලි කඩාගෙන ඒක පරිස්සමට මල්ලක
දා ගන්නවා. නැතින්ම කලිසම් සාක්කු දෙකම පුරව ගන්නවා. කොහොම හරි කෝච්චියේ ජනේලයක් අයිනට සෙට් වෙලා කොල කෑලි ටික එකින් එක
හුලඟේ පා කරල යවන ටික තමා ජොලිම ටික. ගිය වැඩේ කොහොම වුනත් ආයේ එද්දී ජනේලේ අයිනේ
හම්බෙයිද කියල හිතන එක තමා ඊලඟට කරන්නේ.
ඇයි ඒ
විතරක් යැ. ඒක ඔෆිස් යන උන් යන කෝච්චියක් නම් පැත්තකින් කාඩ් සෙල්ලන් කරන උන්
ටිකකුයි තව පැත්තකින් සිංදු කියන සෙට් එකකුයි ඉන්නවා. උන් දාන වැඩ කෑලි ටික බලාගෙන
ඉන්නේ මැජික් කාරයො ටිකක් දිහා බලන් ඉන්න වගේ. මග යන වඩේ කාරයෙක්ගෙන් වඩේ ටිකකුත්
කෑවේ නැත්තම් නින්ද යන්නෙත් නෑ එදාට. ඒ කාලේ හරිම සුන්දරයි. හැබැයි ඉතින් කාලයක් ඉගෙනීම්
එක්ක ඉඳලා ආයෙමත් කෝච්චියේ යන්න සෙට් වෙද්දී හරිම පුදුමයි. ඒ ඒ අතීතයේ කිසි දෙයක් දැන්
නැති නිසා.
චන්ද්‍රග්‍රහණය බලන්න ආපු බුද්ධිමත්තු (?)
කාලෙකට පස්සේ සමාජයේ වෙච්ච දෙයක් ගැන ලියන්න හිතුවා. 2018-01-31 වෙනිදා කියන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පෘථිවියට බලාගන්න පුළුවන් වුන දවසක්. ඒ පිලිබඳව මම ලියපු ලිපිය මෙතැනින් ගිහින් කියවන්න පුළුවන්. රූපවාහිණියේ හෝ ගුවන්විදුලියෙන් ඒ ගැන කියන්න කලින් මම මේ ලිපිය ලියුවේ. කොහොම වුනත් කාලගුණික වෙනස නිසා ලංකාවේ බොහෝමයක් අයට මේ සංසිද්ධිය බලාගන්න බැරිවුනා. නමුත් චන්ද්‍රග්‍රහණයේ අවසන් අදියර කීපය බලන්න තරම් අහස පැහැදිලි වුන තැන් තියෙනවා.
මේ කියන්න හදන්නේ ඒ පෙනුන ටිකත් හරිහැටි බලාගන්න බැරිවුන සහ බලාන්න බැරි කල පිරිසක් ගැන. ලංකාවේ විවිධ තැන් වල මේ වගේ අය ඉන්න ඇති. රාත්‍රී අහස නිරීක්‍ෂණය ගැන "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය වෙනුවෙන් මම සක් කල ලිපිය කියෙව්වා නම් ඔයාලට ඒ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන් වෙයි.
කෙටියෙන් කියනවා නම් මූලික වශයෙන් ආලෝක දූෂණයෙන් අවම වෙන තැනක් වෙන්න ඕන. ඉතින් මම හඳ පේන්න පටන් ගත්ත මොහොතේ අපේ අම්ම තාත්තටත් මේ අව්තාව පෙන්වන්න කතා කලා. අවට අයටත් ඇහෙන්නම. මොකද මේ සංසිද්ධිය වගේම මේ අවස්ථාව බලන්න පුළුවන් වෙන්නේ ජීවිත කාලයටම එක් වතාවක් පමණක් නිසා. ඒ චන්ද්‍රගහණය නිසාම නොවෙයි. හඳේ විශාලත්වය, දීප්තිය, වර්ණය වගේ හේතු බොහෝමයක් නිසා. ඒ වගේම මම දැක්කා කීප දෙනෙක් එහෙම අවස්ථා තියෙනවා කියල විවිධ මත පල කරල තියෙනවා. ඇත්ත චන්ද්‍ර ග්‍රහණ ඇති වෙනවා. නමුත් මම මේ කියන සියලු කාරණාව් සම්පූර්ණ වන අවස්ථාවක් නම් එන්නේ නෑ.
මගේ ගමන් බිමන් එකසිය අටවන කොටස - සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය
බස්නාහිර පලාතට අයිති වන ඉලුක්ඕවිට ග්‍රාමයේ පිහිටුවා ඇති සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ලංකාවේ පස්වන උද්භිද උද්‍යානය ලෙස සැලකේ. ලංකාවේ උද්භිද උද්‍යාන පිහිටුවීම පිලිවෙලින් 1821 ඉදිකල පේරාදෙණිය උද්භිද උද්‍යානය, 1861 දී ඉදිකල හග්ගල උද්භිද උද්‍යානය, 1876 ඉදිකල හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, 2013 දී ඉදිකල මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානය හා 2015 දී ඉදිකල සීතාවක උද්භිද උද්‍යානය දැක්විය හැකිය.
පුවක්පිටිය තුම්මෝදර ග්‍රාමයේ පිහිටුවා ඇති සීතාවක උද්භිද උද්‍යානය අක්කර 106ක පමණ භූමි භාගයකට හිමිකම් ලබයි. ඉදිකඩ මූකලාන වන රක්‍ෂිතයට ආසන්නව ඇති මෙම් උද්භිද උද්‍යානය ලබුගම ජලාශයට ජලය සපයන ජල පෝෂක කලාපයට යාබදව පිහිටා ඇත.
බසයෙන් ගමන් ගන්නා කෙනෙකුට අවිස්සාවේල්ල පාදුක්ක 239 ගමන් මාර්ගයේ බසයකින් පාදුක්කේ සිට කිලෝමීටර 17කුත් අවිස්සාවේල්ලේ සිට කිලෝමීටර 10කුත් තිබේ. සෑම පැය භාගයකටම වරක් බස් රථයක් මෙම මාර්ගයේ ගමන් කරයි. තමන්ගේම වාහනය පැමිණෙන අයෙකුට පුවක්පිටිය දුම්රිය ස්ථානය ලඟින් හැරී කිලෝමීටර 6ක් පමණ යද්දී උද්භිද උද්‍යානයට ලඟාවිය හැකිය.
2018 ආරම්භයේ ශ්‍රී ලංකාවට දිස්වන චන්ද්‍රග්‍රහණය
චන්ද්‍රග්‍රහණය හා සූර්යග්‍රහණ වඩා සුලභ සංසිද්ධීන් නොවන නිසා අපි මේ සංසිද්ධිය ඇති වීම ජීවිත කාලය තුල එක් වතාවක් වත් බලා ගන්න ආස කරනවා. 2018 වර්ශය ආරම්භ වෙද්දීම අපිට මේ සඳහා අවස්ථාව උදාවෙලා තියෙනවා.
දින වකවානු කියන්න කලින් මම චන්ද්‍රගහණය හා සූර්යග්‍රහණය කියන්නේ මොකක්ද කියන එක ටිකක් පැහැදිලි කරන්නම්.
චන්ද්‍රගහණයකදී සිදු වෙන්නේ සූර්යයා හා චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණිම නිසා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීම. ඒ හේතුවෙන් චන්ද්‍රයා සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අඳුරු විය හැකිය.
චන්ද්‍රගහණයකදී සිදු වෙන්නේ සූර්යයා හා චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණිම නිසා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීම. ඒ හේතුවෙන් චන්ද්‍රයා සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අඳුරු විය හැකිය.
මගේ ගමන් බිමන් එකසිය හත්වන කොටස - පිළිතුඩ ඇල්ල
කලුතර දිස්ත්‍රික්කයට අයිති තවත් දිය ඇල්ලක් තමයි පිළිතුඩ ඇල්ල එහෙමත් නැතිනම් අත්වැල්තොට ඇල්ල කියන්නේ. ගොඩක් උස නැති වුනත් අපූරු සුන්දරත්වයක් තියෙන දිය ඇල්ලක්. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා බසින
කුකුළේ ගඟේ අතු ගංගාවක් වන පැලන් ගඟ මගින් අත්වැල්තොට දිය ඇල්ල නිර්මාණය වෙනවා.
අගලවත්ත තිරුවාණකැටිය පාර දිගේ යද්දී හමුවෙන අත්වැල්තොට ප්‍රදේශයේ ප්‍රධාන පාර අයිනෙම වගේ තියෙන දිය ඇල්ලක්. සම්පූර්ණ ඇල්ල මීටර 5ක් විතර උස වුනත් කොටස් දෙකකට තමයි ගලා හැලෙන්නේ. මෙයින් ප්‍රධාන කොටස මීටර තුනක් විතර වෙනවා.මාර්ගය අයිනේ තියෙන නාමපුවරුව නිසා තැන හොයා ගන්න ඒ තරම් අපහසුවක් නැහැ.
මගේ ගමන් බිමන් එකසිය හයවන කොටස - තොටහ ඇල්ල
පහුගිය කාලයේ රාජකාරි නිසා කලුතර දිස්ත්‍රික්කයේ ඇවිදින්න අපූරු අවස්ථාවක් මට ලැබුනා. රාජකාරිය සඳහා යන අවස්ථාවලදී හමුවන විවිධ අපූරු ස්ථාන පිළිබඳ සටහන්, එහෙම නැතිනම් ඒ තැන නාමපුවරුවක පින්තූරයක් මම අරගෙන එන්නේ ඉඩහසර ලැබුණු අවස්ථාවන් වලදී ඒ තැන බලන්න යන්න හිතාගෙන. ඒ විදිහට පහුගිය කාලයේ ගිහිපු තැනක තිබුණු නාමපුවරුවක තිබුණ දිය ඇල්ලක් බලන්න තමයි මේ යන ගමන ලියැවෙන්නේ.
කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන තොටහ කියන ප්‍රදේශයේ තිබෙන කුඩා දිය ඇල්ලක්. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ එන කෙනෙක් නම් වැලිපැන්නෙන් එලියට ඇවිත් උතුම්ගම පාරෙන් වලල්ලාවිට හංදියට එන්න පුළුවන් එතැනින් අවිත්තාව පැත්තට ආවනම් තොටහ ප්‍රදේශයට එන්න පුළුවන්. කුරුඳුගහ හැතැප්මෙන් එලියට ආව නම් එතැනින් අවිත්තාවට ඇවිත් තොටහ ප්‍රදේශයට එන්න පුළුවන්. පැලවත්ත හෝ මීගහතැන්න ප්‍රදේශ වලිනුත් වලල්ලාවිට හංදියට එන්න පුළුවන්. මේ කොයි පාරෙන් හරි ඇවිත් ප්‍රධාන පාර අයිනේ වාහනය නවත්තලා මීටර 500ක් විතර පයින් තමයි දිය ඇල්ල ලඟට යන්න වෙන්නේ.දිය ඇල්ල ලඟට පාර අහනවා නම් දෙයියාගල ආරණ්‍ය සේනාසනය ලඟට කියල ඇහුවා නම් ලේසියෙන් පාර අහගන්නත් පුළුවන්.
මගේ ගමන් බිමන් එකසිය පස්වන කොටස - කබරගොයි දොල ඇල්ල
කලුතර දිස්ත්‍රික්කයට අයත් නමුත් ප්‍රසිද්ධියට පත් නොවූ දිය ඇල්ලක් ලෙස කබරගොයිදොල ඇල්ල හඳුන්වන්න පුළුවන්. දිය ඇල්ල බලන්න යන්න මාර්ග දෙකක් භාවිතා කරන්න පුළුවන්. අගලවත්ත තිරිවානකැටිය මාර්ගය දිගේ අත්වැල්තොට පහුකරගෙන කිලෝමීටර 4ක් විතර ගියාම අහස්බෝක්කුව පාලම හමුවෙනවා. මේ පාලම 1900දී විතර පළමු ලෝක යුද්ධ කාලෙදි හැදුවා කියල තමයි කියන්නේ. පාලම පහු වෙද්දීම තියෙන පාර දිගේ කිලෝමීටර භාගයක් විතර ගියාම දිය ඇල්ල පාමුලට යන්න පුළුවන්. පාලම ලඟින් හැරෙන්නේ නැතිව තව කිලෝමීටර එකහමාරක් විතර ගියාම කඹුරුහේන පාර හමුවෙනවා. එතැනින් පොඩි දුරක් ගියාම දිය ඇල්ල මුදුනට යන්න පුළුවන්.
මීටර 21ක් විතර උස මේ දිය ඇල්ලට කබරගොයි දොල ඇල්ල, අහස්බොක්ක ඇල්ල කියන නම් භාවිතා වෙනවා. දිය ඇල්ල කුඩා දිය ඇලි ගොඩක් වගේ තමයි සාමාන්‍ය දින වල දකින්න ලැබෙන්නේ. දිය ඇල්ල පාමුල පොඩි ගුහාවක් තියෙනවා. දිය ඇල්ලෙන් නාන එක වුනත් කරන්න පුළුවන්. චිත්‍රපටි වල දකිනවා වගේ දිය ඇල්ල හරහා ගිහින් ගුහාවේ වාඩි වෙලා ඉන්නත් පුළුවන්.
මගේ ගමන් බිමන් එකසිය හතර කොටස - මාකෙළි ඇල්ල
බස්නාහිර පලාතේ කලුතර දිස්ත්‍රික්කයට අයත් වුන අපූරු දිය ඇල්ලකින් 2018 වර්ෂය ආරම්භ කරන්න හිතුවා. ඒ තමයි මාකෙළි ඇල්ල. මාකෙලි ඇල්ල බලන්න යන අයට මේ දිය ඇල්ලට ලඟාවෙන්න ක්‍රම කීපයක්ම තියෙනවා. බුලත්සිංහලට ඇවිත් එතැනින් මෝල්කාවට එන්න පුළුවන්. එහෙම නැතිනම් ලත්පඳුරට ඇවිත් එතැනින් මෝල්කාවට එන්න පුළුවන්. එතැනින් කෙලින්කන්ද මාර්ගය දිගේ ආව නම් දිය ඇල්ල ලඟට එන්න පුළුවන්. තිරිවානකැටිය පැත්තේ ඉලඳන් එනවා නම් මහවැව පහු වෙනව එක්ක තියෙන කුකුලේගඟ පාලම පහුවෙලා ටිකදුරක් ගියාම කුකුලේගඟ ව්‍යාපෘතියට යන පාර හමුවෙනවා. ඒක දිගේ ගියාමත් දිය ඇල්ල ලඟට යන්න පුළුවන්.
පාරෙන් ටිකක් පහලට බහිදද්දී නැරඹුම් වේදිකාවක් තියෙනවා එතැන ඉඳන් බොහොම අපූරුවට දිය ඇල්ලේ සුන්දරත්වය විඳින්න පුළුවන්. එතැනින් පහලට බහින්න පුළුවන් කම තියෙනවා වුනත් වැසි කාලයේදී නම් දිය ඇල්ල පාමුලට යන එක ඒ තරම් නුවනට හුරු වැඩක් නෙවෙයි. දිය ඇල්ලේ නාන එක නම් කොහොමටවත් හොඳ වැඩක් නෙවෙයි. ඒකට හේතු වෙන්නේ ජීවිත 40කට ආසන්න ගණනන් මේ වෙද්දීත් දිය පහර විසින් බිලි ගෙන තිබීම.
Subscribe to:
Posts (Atom)