Funny සුද්දෙක්.............!

මේක මේ ලඟදි වුනේ.

ආවා සුද්දෙක් Computer එක repair කරගන්න. ඉතින් සුද්දෙක්නේ අපේ එකෙක් ඇහුව "What Do You Want?" කියල. එතකොට මහ කැත වැඩේ වුනේ මේ සුදු මෑන්ස් කියාපි "ප්‍රශ්ණයක්" ඉතින් කස්ටියටම හිනා. මේ මෑන්ස් සිංහල දන්නව. නෝන්ඩිය අතෑරල ඒ පාර සිංහලෙන් ඇහුව මොකද වෙලා තියෙන්නේ කියල. එතකොට මෑන්ස් ඉංගිරිසියෙන් කියනව "It Has A VGA Problem" කියල.

මරු මෑන්ස් ඉංග්‍රීසි වලින් ඇහුවම සිංහලෙන් උත්තර දෙනව සිංහලෙන් ඇහුවම ඉංග්‍රීසි වලින් උත්තර දෙනව. ඒත් හැමදේම නෙවි. සමහර වචන වලට සිංහල බෑ කැඩිච්ච වුනත් අමු සිංහල. මෑන්ස් ඒ වැඩේ කරන්නේ fun එකට කියල අපටත් තේරුනා.

හැබැයි ඉතින් මෑන්ගේ Computer එකේ problem එකට නම් විසඳුම් දෙන්න බැරි උනා. මොකද Windows 7 වලට AGP VGA Drivers දැම්මත් Screen Saver Run කරද්දි Error එකක් එනවා. "Direct 3D Not Supported  So Can't Run Screen Saver" කියල. දන්න කවුරු හරි ඉන්නවනම් Comment එකක් දාන්න. කොහොමද ඒක විසඳන්නේ කියල.


ඒත් පාඩුයි බං ...........!

මේක මගේ යාලුවෙක් කිව් කතාවක්,

මෑන්ස් කෙනෙක් ඉන්නව ඌ කරන්නෙ වැල්ලෙ තියෙන හුනුගල් එකතු කරල විකුනන එක. දවසක් මෑන්ස් කියනවා යාලුවෙකුට "මචං මේ බිස්නස් එකත් පාඩුයි බං"

හැබැයි වැදගත්ම දේ තමයි මෑන්ස් කරන එකම දේ හුණුගල් ඒකතු කරල විකුණන එක විතරයි.

ශ්‍රී ලාංකික පාරිභෝගිකයෝ (මා ද ඇතුලත්ව)

ඩේකට ගිහින් මොනවා හරි ගන්නවා කියන්නේ බොහෝම කල්පනාවෙන් කල යුතු වැඩක්. යමක් ගන්න ඉස්සර ඒ දේ ගැන දැනගෙන යන්න ඕන මොකද නැත්තම් අපත් ඒ දේ ගැන තෘප්තියකට පත් වෙන්නේ නෑ. වෙලෙන්දා තෘප්තිමත් වෙන්නෙත් නෑ. ඒක තමා ඇත්ත. හුඟක් වෙලාවට හොඳම දේ තමා දෙයක් ගන්න කොට ඒ දේ ගැන තමන් වැඩි විස්තර දන්නේ නැතිනම් දන්න කෙනෙකුගෙන් අහන්න. එහෙමත් නැතිනම් නොදන්න බව කෙලින්ම වෙලෙන්දාට කියල ඔහුගෙන් විස්තර ගන්න එක. ඒත් බොහෝ වෙලාවට වෙන්නේ වෙලෙන්දා තමන් විකුණන product එක තමා හොඳම කියල කියන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා මොකුත් නොදැන ඒ දේ ගැන දන්නවා වගේ කතා කරන්න යන්න එපා..! ඒකෙන් වෙන්නේ තමන්ගේ නොදැනුවත්කම, නොදැනුවත්වම එලියට එන එක.


දැන් මම කියන්නම මම කියන්න හදන දේ මේක මට ලඟදි හම්බුවෙච්චි අත්දැකීමක්........

මම යාලුවෙකුගේ Shop එකක friendship එකට වැඩකරනවා. පඩියට නෙවි. යාලුකමට. ඒක Computer Shop එකක්. Brand new, Used Computers සහ Computer Parts, Repairing ඔක්කොම තියෙනව. මම මේ කියන තැන් ගැන නම් ගම් සඳහන් කරන්නේ නෑ ඒක ඒ ගොල්ලන්ට හොඳ නෑ. මෙන්න වෙච්චි එකක්.

ඔන්න Shop එක ටිකක් Busy දවසක් සෙනඟ පිරිල මල්ලි කෙනෙක් දුවගෙන ආව machine එකක් අරන්. "අයියේ මගේ Machine එක On වෙන්නේ නෑ පොඩ්ඩක් බලල තියනවද මම වැඩකට යන ගමන්. හවස එන්නම්." කිව්වා. Machine එක තිබ්බා මෑන්ස් ඉගිල්ලුනා.

මෑන්ස් ගිය විදිහ අපට ඇල්ලුවේ නෑ ඉතින්මෑන්ස් එනකන් අපි Machine එක ඇල්ලුවේ වත් නෑ..

හවස ඒක අමතක වෙලාම ගියා මෑන්ස් ආවම තමා මතක් උනේ. එයාම ඇවිත් Machine එක තෝරල දුන්නා. Technician Check කරල බැලුවා. Motherboard එක වැඩ නෑ. Warranty තියෙනව. Warranty යවන්න ඉස්සර වෙලා තියෙනව වැඩක්. Physical Damage  හරි Corrode වෙලා හරි තියේද කියල බලන්න ඕන. මෙන්න වැඩක් මලයගේ Board එක සීරිලා. ඒ මදිවට ඒක වහන්න මොනාද ගාල. කට්ටිය ඇවිස්සුනා. මොකද Shop එකට බොරු කරන්න හැදුවේ කියල. දැන් මේක මල්ලිට පෙන්නුවා. ඒ කියන්නේ Board එකේ අයිතිකාරයට.
මෙන්න එත‍කොට මෑන්ස් කියාපි ඒක වෙන්න බෑ මම Machine එක ගැලෙව්වේ වත් නෑ කියල. මම බැලුව මල්ලි දිහා කෙලින්ම. පවු..! මලයගෙ ඇස් රතුවෙලා.... මට තේරැණා මොකක් හරි අවුලක් කියල. ඒ පාර Shop එකේ අයියා කිව්වා "මල්ලි Board එකට Warranty ගන්න නම් අමාරුවෙයි" කියල. මේක ඒ මල්ලිගෙ තුන්වෙනි Warranty එක. ඒ ගමන මල්ලි අලුත් කතාවක් කියාපි. "අයියා Board එක දෙනකොටත් ඕක තිබුන" මරන්ඩ එපැයි යකෝ මෙහෙම Customers ල. 

මොන එකාද Physical Damage තියෙන Board එකක් ගන්නේ  අනික මොකාද එහෙම දෙන්නේ.  පස්සේ අයියට දුක හිතිල ඒක බාරගත්තා. ඒත් Warranty හම්බවෙයි කියල නෙවි. පොතක ලියල අත්සන් කරල තමා බාරගත්තේ. නැත්තම් බයයිනේ. අනික රෑ වැටුන වලේ දවල් වැටෙන්නත් බෑනේ.

ඕං ලංකාවේ Customers ල.

දැන් මතක් වෙච්චි තව එතත්...................................

මේක වෙනකොට මමයි මගේ යාලුවයි ගමනක් යනව. ආව Shop එනකන් Call එකක්. "අයියේ Board එකක් තියෙනව Physical එක්ක. බාරගන්නද?" පස්සේ Damage මොනාද කියලත් කිව්වා. අයිය කිව්ව "company යවල බලමු ඒ ගොල්ල මොකද කියන්නේ දුන්නොත් දෙන්නම්" කියන්න. ලියල අත්සන් කරවගෙන භාරගන්න.

මෙන්න ටිකකින් ආයෙ Call එකක් ආව. "Board එකේ අයිතිකාරය අත්සන් කරන්න බෑ කිව්වා. Board එක තියල ගියා. Next Week එන්නම් කියල" ඔන්න අයියට මල පැන්න නව දොරෙන්ම. Board එක ඔතනම තියෙන්න අරින්න ඇතුලට ගන්න එපා. මම එයාට Call කරන්නම්.

මෙන්න Call එක මට ඇහුනු ටික.

මල්ලි ඔයා ‍Board එකක් දුන්නු බවට අපි ගාව සලකුණක් නෑ අනික ඒකෙ Physical Damage තියෙනවනේ ඒ බව පිලි අරන් අත්සන් කරන්න අන්න Board එක තාම තිබ්බ තැනම කවුරැ හරි අරන් යන්න ඉස්සර ගිහින් නියම විදිහට Shop එකට භාරදෙන්න. නැත්තම් Warranty තියා ඔයාට Board එකත් නැතිවෙයි.

Shop එකට ආවම කතාවේ ඉතිරි ටික හම්බුනා. මෑන්ස්ට වැඩේ හරියන්නැති බව තේරිලා. තෙමිච්ච කුකුල වගේ ඇවිත්. නට්ට අමුඩ ගහගත්ත බලු පැටියෙක් වගේ අත්සන් කරල ගිහින්. ඔන්න එතකොටයි Board එක භාර අරන් තියෙන්නේ. නීත්‍යානුකූලව.

තම තමන් ගැනම හිතන්න මට බනින්නේ නැතිව වැඩේ හරිද බලන්න. හිත රිදුනානම් තව පාරක් හිතන්න.

නිර්නාමික ඇමතුම් වල හැටි

මගේ පලවෙනි බ්ලොග් එක පලවෙනි පෝස්ට් එක. කියවලා බලන්න. මේක මම දන්න මල්ලියෙකුට වෙච්චි දෙයක්...!

මලයගේ නම ඕන නෑ. පොඩි එකා හිටියේ 11 ශ්‍රේණියේ. මෑන් ට්‍රයි කලා කෙල්ලෙකුට. කෙල්ලට අයියල 4 ක් ඒ කියන්නේ මලයට මස්සිනාල 4ක්. පවු..! ‍ගෑනු ලමයත් එසේ මෙසේ පලාතක නෙවි. දකුණු පලාතේ නමගිය ගමක.

ඉතින් ඔන්න අපටත් ආව ආරංචිය.

දවසක් මලයට ආව නොදන්න නමබර් එකකින් කෝල් එකක්. " හා, මල්ලි මම මේ ........ගේ අයියා කතා කරන්නේ. ඔයා .......නේද? වහාම අපේ නංගිත් එක්ක තියෙන ලව් එක නවත්තනව නැත්තම් පස්සේ කරදර වෙයි" ඉතින් මල්ලි කියාපි "අනේ අයියේ දැන් එහෙම එකක් නෑ" කියල.

මෙන්න ඊට පස්සේ සංවාදේ කෙටියෙන්................

අයියා : එහෙනම් මොකටද ......... පැත්තේ එන්නේ
මල්ලි : මම නිතරම ඒ පැත්තේ එනව ඒකෙ ඉතින් අවුලක් නෑනේ. දැන් එහෙම එකක් නැ.

අයියා :මම ඔයාගේ සුදු මාමා දන්නව මම එන්නම්කො ගෙදර මට ආරංචියි ලගදිත් මේ පැත්තේ ආවා කියල. තාම තියෙනව නේද ඒක?

මල්ලි : දැන් එහෙම ඒකක් නෑ අයියේ එයා class එන එක නැවැත්තුවනේ ඊට පස්සේ ඒකත් නැවතුනා දැන් ලියුමක්වත් එවන්නේ නෑ මම. දැන් මම ඒව ගැන හිත්න්නේ නෑ. දැන් ම‍ට ගෑනු ලමයි ගැන හිතල වැඩක් නැ මට ඊට වඩා වැඩ තියෙනව කරන්න. ඉගෙන ගන්න.

අයියා : ඉතින් ඒ කාලේ හිතන්න තිබුන නේද ඒ ගැන.
මල්ලි :ඔව් අයියේ දැන් අපි කරපු මෝඩකම් ගැන අපි ලතවෙනව අයියේ. අන්තිමට අපේ ජිවිතත් ඉවරයි අහිංසක ගෑනු ලමයින්ගේ ජීවිතත් ඉවරයි.

ඔන්න ඉතින් අයිය පොඩ්ඩක් ඉන්න කියල call එක කට් කොලා.

කතාව ඉවර නෑ තව තියෙනව හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටනේ............!

මේ අස්සේ මලය එයා දන්න අයියා කෙනෙකුට කතාව කියනව ඒ අයියත් දන්නේනෑ වගේ අහගෙන ඉන්නව..

ටිකකට පස්‍සේ ආයෙ call එකක්.

අයියා : ඔයා මොකද එක එක්කෙනාට මේව කියන්න ගියේ.
මල්ලි :නෑ අයියේ ඒ මගේ හොඳම යාලුවෙක්. මේ අහන්න අයියේ අයියලට ඕනනම් මට ගහන්න ගුටි කාල මම සද්ද නැතුව ඉන්නම්. ඒත් අපේ ගෙදර එන්න එපා. මොකද අපේ අම්මයි තාත්තයි මේව අහල දුක්වෙනවට මම කැමති නෑ..............

මේ ටිකනම් මලය කිව්වේ හද පත්ලෙන්මයි..! පවු..!

අයියා :ඔයා මොකටද අම්මල තාාත්තල දුක්වෙන ඒව කලේ.
මල්ලි :ඒක තමා අයියේ ඒක ඉතින් වයසේ වැරැද්ද.
අයියා :ඒ වයසේ වැරැද්දටනම් ගහන්නම වෙනව. හිටපන්කෝ මම ගෙදර ඇවිත් සුදු මාමා හම්බෙනකම්.


ඉතින් ඔහොම ටිකක් ගිහින් අවවාද දීල call එක කට් කොලා.

ඕක වෙලා ටිකකට පස්සේ මේං මලය ඉන්නව ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන බයවෙලා හොඳටම.

දැන් කස්ටිය බලනෝ ඇති ඒ කතාව මම දන්නේ කොහාමෙයි කියාලා. මෙන්න නිදාන කතාව.

call කලේ මගේ යාලුවෙක් එයාම තමා අර මලය කතාව කිව් එයා දන්න අයියා. කතාව ඔක්කොම ‍රෙකෝඩින් මම.

කතාව සම්පූර්ණ සත්‍ය සිදුවීමක් මලය ටික දවසක් හොඳටම බයවෙලා හිටිය. පස්සේ අපි පව් කියල කතාව මිනිහට කිව්ව. ඒත්.... තාම මිනිහට විශ්වාස නෑ ඒක අපේ වැඩක් කියල.

වැස්සකට පස්සේ පායනව වගේ. ලව් එක නවතිනකොට අයිය කතා කලාම මිනිහෙක් බයවෙන එක අහන්න දෙයක්යැ. ඒකත් අයියල 4 ක් ඉන්න තැනකින් ...!

මේක කියවල කස්ටිය අපට බනින්න එපා මේක අපි කලේ හොඳ හිතින් මොකද කොල්ල exam කරන එකෙක් නේ. බේරගන්න. ලව් එකයි exam එකයි දෙකම මිනිහට එකපාර කරන්න බැරි නිසා...