මගේ ගමන් බිමන් සත්වන කොටස - ඉහල කොත්මලේ ව්‍යාපෘතිය

ලාංකික විදුලි ඉල්ලුම දැනට වර්ෂයකට 7-8% ප්‍රමාණයකින් ඉහල නගිමිනුයි තියෙන්නේ.  මේ ඉල්ලුම සපුරන්න නම් 150MW ප්‍රමාණයක නිශ්පාදන ධාරිතාවක් අවශ්‍ය වෙනවා වර්ෂයකට. මේ විදුලිය නිශ්පාදන කරන්න සැලසුම් වෙලා තියෙන්නේ විවිධ ස්ථාන වල ඉදිවෙන කුඩා හා විශාල ප්‍රමාණ වල ජල විදුලි බලාගාර විදිහට. මේ සඳහා සැලසුම් කල ව්‍යාපෘතියක් තමා ඉහල කොත්මලේ බලාගාර ව්‍යාපෘතිය කියන්නේ. මේකත් මහවැලි යෝජනා ක්‍රමය යටතේම සිදු වෙන්නක්. මේ ව්‍යාපෘතිය සඳහා ආධාර සපයන්නේ ජපන් රජය මගිනුයි. 2011 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙහි සියළු වැඩ අවසන් කල හැකි වේ යැයි අපේක්‍ෂා කරනවා.
බලන්න එන අයට


ව්‍යාපෘති සැලැස්ම

කාර්යයාලය ඉදිරිපිට











ව්‍යාපෘතිය සඳහා මුළු පිරිවැය විදිහට රුපියල් මිලියන 37,269ක් වැයවේ යැයි ඇස්තමේන්තු සකස් කරල තියෙනවා. ජලාශයේ මුළු පැතිරීම වර්ග කිලෝමීටර 0.25ක් වෙනවා වාගේම 150MW ධාරිතාවෙන් යුක්තයි. එහි අපේක්‍ෂිත දවාර්ශික බල සැපයුම 409GWh වෙනවා. මේකත් ලංකාවේ තියෙන එක භූගත බලාගාරයක්. මේ බලය ලබාගන්න උස වෙනස විදිහට මීටර 473කුත් උපරිම ජල පිටකිරීම තත්පරයට ඝනමීටර 36.9කුත් වෙනවා. මේකෙ ජනන හැකියාව 31%ක්. මේ ව්‍යාපෘතිය කාලයකදී කාගෙත් අකමැත්ත ප්‍රකාශවුන යෝජනාවක් උනත් ඒ පෙර තිබූ අකමැත්ත මැඩ ගන්න විකල්ප සැලසුමක් ඉදිරිපත් කරල තමා දැන් සැලසුම් සකස් කරල තියෙන්නේ. මේකට හේතු වෙලා තියෙන්නේ පැරණි සැලැස්ම අනුව ලංකාවේ ලස්සන දිය ඇලි පහක් වෙන ශාන්ත ක්ලෙයාර්, ඩෙවෝන්, පූණාඔය, රම්බොඩ හා ශාන්ත ඇන්ඩ්රූස් යන දිය ඇලි විනාශ කෙරෙමින් මේ ව්‍යාපෘතිය ඉදිවීම. නමුත් නව සැලසුම් අනුව නම් අපිට නැතිවෙන්නේ එක් දිය ඇල්ලක් පමණයි. ඒ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල. නමුත් මේ දිය ඇල්ල නරඹන්න එන අය සඳහාත් සැලසුමක් සකස් වෙලා තියෙනවා. ඒ තමා දිනකට දහවරක් පැය භාගයකට වරක් මේ දිය ඇල්ල සඳහා පැය භාගයක් ජලය ලබා දෙන්න. ඒ සඳහා ඉදිවෙන වේල්ලේ වෙනනමම නලයක් යොදාගෙන තියෙනවා. මෙමගින් උපරිමය විදිහට තත්පරයට ඝනමීටර 6.6ක ප්‍රමාණයක් තමා ලබාදෙන්නේ.
මෙහිදී පිවිසුම් වේල්ල ඉදි කරන්න මුලින්ම හැරවුම් උමගක් සාරල ඒක මගින් ඔයේ ජලය වෙනතක හැරවීමක් කරල තිනෙවා. ඊට පස්සේ තමා වේල්ල ඉදි කරල තියෙන්නේ. මේ වේල්ල මීටර 35.5 උස වන අතර දිගින් මීටර 157කුත් පළල මීටර 7කුත් වෙනවා. මෙහි වාන් දොරටු 5ක් ඇති අතර මේ වේල්ලේ දැනට විශාල ප්‍රමාණයකින් වැඩ අවසන් වෙලා තියෙනවා. වේල්ල ඉදිවන්නේ තලවකැලේ වුවත් භූගත බලාගාරය නම් ඉදිවන්නේ නියම්ගම්දොර ප්‍රදේශයේ මේ බලාගාරය සඳහා ජලය ගෙනයාම සඳහා කිලෝමීටර 13ක් දිග විශ්කම්භයෙන් මීටර 5.8ක් පමණ වන භූගත උමං මාර්ගයක් යොදාගන්නවා. විදුලිය නිශ්පාදනය සඳහා මිටර 461ක උස වෙනසක් යොදාගන්නා අතර ඇතිවන පීඩන අන්තරය නිසා උමං මාර්ගය විනාශ වීම වලක්වන්න කැලඹුම් ලිදක් උපයෝගී කරගන්නවා. විදුලි ජනනයෙන් පස්සේ ජලය ආයෙම කොත්මලේ ඔයට නිදහස් කරනවා.

වේල්ල

වේල්ල

හැවුම් උමඟ

වේල්ල සැලසුම

වේල්ල ඉදිකිරීම්

බලාගාර පිහිටුම

උමඟේ සැලසුම

බලාගාර උස වෙනස

ප්‍රධාන උමඟ

බලාගාරය

බලාගාරය

පලමු ටර්බයිනය විවෘතකිරීම

පළමු ටර්බයිනය විවෘත කිරීම

ටර්බයින සැලැස්ම

ටර්බයින සැලසුම
හැරවුම් උමඟ













බලාගාරයේ දී ජලය ගෙනයන උමඟ දෙකට බෙදමින් විශාල ටර්බයින දෙකකට ලබා දීම මගින් විදුලිය උත්පාදනය කරන අතර මෙහි සිදුකල යුතු අළුත් වැඩියාවන් සඳහා පිවිසුම් උමඟකුත් නිපදවන විදුලිය ගෙනයාමට රැහැන් සඳහා උමඟකුත් විදිහට උමං දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. මෙහිදී අවතැන් වෙන පිරිස් සඳහා නිවාස සහ විනාශවෙන දෙමළ මහා විද්‍යාල නැවත ඉදි කිරීම. පාලම්, නගරසභා ගොඩනැගිල්ල, ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල සඳහා නැරඹුම් මැදිරියක් හා නවාතැන් පහසුකම් ලබා ගැනීම සඳහා හෝටලයක්ද නිර්මාණය කරමින් පවතිනවා. නිවාස හා දෙමළ මහා විද්‍යාලය නම් ඉදිකර අවසන්. 




අවට ඇති ලස්සන

අවට ඇති ලස්සන

අවතැන්වන ප්‍රදේශ

නැවත ගොඩනැගීම්

නැවත ගොඩනැගීම්

බලය එක්රැස් කරන ස්ථානය

විදුලි බලය එක්රැස් කරන ස්ථානය

පිවිසුම් උමඟ

පිවිසුම් උමඟ

පිවිසුම් උමඟේ වැඩ කටයුතු

පිවිසුම් උමඟේ වැඩකටයුතු

දුම්බීම, මධ්‍යසාර හා ඒකෙන්ම විනාශවෙන මිනිසා

මුලින්ම කියන්න ඕන දෙයක් තමා මේ දේ ගැන කතාකරන්න ගොඩ දෙනෙක් හිටියත් ඒක කරන අය ඒකෙන් මුදව ගන්න ඉන්නේ ටික දෙනෙක් විතරයි. ඒ ඒදේ කරන්න පෙළමුන අය ඒකෙන් ගලව ගන්න බැහැ කියන මතය ගොඩක් දෙනාගේ හිතේ තියෙන නිසා. ඒත් ඒක එහෙම නෙවේ කියල සෘජුවම කියන්න පුළුවන්. මොකද මම ඒක කරල තියෙන නිසා. මේ දේවල් දෙකෙන් වඩා ශරීරයට අහිතකර එක තමා දුම්බීම. ඒකට හේතුව ඒකෙන් ඇතිවෙන ප්‍රතිවිපාක මරණිය වෙන තරම් වීම. මේක කොරන්න පුරුදු වෙන්න නම් එච්චර අමාරු  නැති වුනත් අතාරින්න නම් සෑහෙන්න ආමාරු වෙන්නේ ඒකට ඇබ්බැහිවෙන නිසා. දුම්වැටි වල තියෙන නිකොටින් කියන දේ තමා තව තවත් ඒක අවශ්‍යයි කියල ශරීරයට හඟවමින් ඒකට ඇබ්බැහි කරවන්නේ. ගොඩක් වෙලාවට ලමයි මේ දේට යොමු වෙන්නේ කුතුහලය නිසා. ඒ වාගේම ඒ දේ කරොත් තමා තමන් වැඩිහිටියෙක් වෙන්නේ කියන අදහස දක්වන්න.
ගොඩට අදින්න
මේ වගේ අනාගතයක්




















මුලින්ම කතාකරමු දුම්බීම හා එහි පළවිපාක ගැන. දුම්බීම වර්ග කීපයක්ම තියෙනවා උදාහරණ හැටියට දුම්කොළ භාවිතය සිඟරට්, පයිප්ප, බීඩි වගේ ගොඩක් ක්‍රම වලින් භාවිත කරනවා. ඒ හැමදේකින්ම කරන්නේ දුම්කොළ වල තියෙන නිකොටින් ටික ඇඟ ඇතුලට දාගන්න එක. මෙතැනින් වඩා ප්‍රසිද්ධම හා භාවිතාවන එක තමා දුම්වැටි. 2007 වර්ශ සමීක්‍ෂණ වලට අනුව ලෝකය පුරා ඉන්න මිලියන 4.9 ජනතාවක් දුම්බීම නිසා මියයන බව සොයාගෙන තියෙනවා. දුම්බීමේ ප්‍රතිපල දුම් නොබොන්නන් අතරත් ප්‍රචලිත වෙලා තියෙන්නේ ඒ අසල ඉඳන් ඒ වාතය ආශ්වාස කරන නිසාවෙන්. මේකේ තවත් කොටසක් තමා අබිං හා කංසා භාවිත කරන්නන්. ඒකත් විශාල වශයෙන් අපේ තරුණ කොටස් ඇබ්බැහි වෙන පැත්තක්. දුම්වැටියටත් වඩා මේ දේට ඇබ්බැහි වෙන්නේ ඒ දේවල් වල අහිතකර පලවිපාක ගැන කවුරුත් කතා කරන්නේ නැති නිසා. කංසා ගැන මුලින්ම අහන්න ලැබෙන්නේ 19වන සියවසේදී චීනයෙන්. එතැනදී ඒක යොදාගෙන තියෙන්නේ සාම්ප්‍රදායික බෙහෙතක් විදිහට. පස්සේ ඒක අසීමිතව යොදා ගැනීම නිසා ඒක බෙහෙතක තත්ත්වයෙන් ගිලිහිලා මත්ද්‍රව්‍යයක් විදිහට මුළු ලෝකය පුරාම විහිදිලා තිනෙවා.

දුම්බීම නිසා පෙනහළු පිළිකා, හෘදයාබාධ, පෙනහළු අක්‍රීය වීම හා ලිංගික අප්‍රාණිකතා ඇතිකරනවා. ඒවාගේම මළ දරු උපත් ඇති කිරීමටත් හේතුවක් වෙනවා. මේ දේවල් නිසාවෙන්ම බොහෝ රටවල් දුම්වැටි හා එවැනි මත්ද්‍රව්‍ය ගෙන්වීමේදී විශාල බද්දක් අය කරනවා වාගේම දුම්වැටි විරෝධි වැඩමුළු හා දුනුවත් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. දුම්වැටියක් උරද්දී ඒක කෙළවර සෙල්සියස් 700කටක් හරය සෙල්සියස් 60කටත් රත්වෙලා දුම්වැටියේ තියෙන දුම්කොළයෙන් විවිධාකාර විෂධුලක නිපදවනවා. ඒ පිළිකාකාරක තාර, කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩි කරන නිකොටීන්, ශරීරයේ ඔක්සිජන් බිඳ දමන කාබන් මොනොක්සයිඩ් වගේ සංයෝග. මේ දේවල් නිසා ශරීරය විනාශ වෙන්නේ බලාඉඳිද්දිම.
ගොඩක් වෙලාවට කංසා පාවිච්චි කරන්නන් කියන දෙයක් තමා මරු බං පාවෙනවා වගේ. උඹත් කරල බලපන්. ඒත් ඇත්ත තමා මේ දේ අත්හදා බලන්න නම් එපා. තවත් වෙලාවකදී මේව නැත්තන් ජීවිතේ වැඩක් නැහැ කියන අයත් ඉන්නවා. ඒ කියන කෙනාගෙන් වැඩක් නැහැ කියල එයාට තේරෙන්නේ නැත්තේ ඒ පාවිච්චි කරන මත්ද්‍රව්‍ය නිසාමයි. ඇයි දුම්වැටි භාවිතය අත්හරින්න ඕන කියල කතාකරනවා නම් පළවෙනි දේ තමා ශරීරයට වරළඳෙන රෝග නිසා තමන්ගේ ආයුකාලයෙන් භාගයක් ගෙවද්දි මැරෙන්න වෙන එක. අනෙක තමා වියදම් වෙන විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වෙන එක. ගොඩක් වෙලාවට අවුරුදු 15ක් 16ක් වෙන ලමයි මේ දේ කරන්න ගත්තාම වියදම් කරන්නේ තමන්ගේ දෙමාපියන් අමාරුවෙන් හම්බකරල ඉගෙන ගන්න දෙන මුදල්. හිතන්න දවසට දුම්වැටි දෙකක් භාවිත කරන්නෙක් ඒ දිනය වෙනුවෙන් රුපියල් 40කුත් මාසෙකට රුපියල් 1200කුත් අවුරුද්දට රුපියල් 14400කුත් වියදම් කරන්නේ තමන්ගේ ශරීරය ලෙඩ කරගන්න මිසක් කිසි වැඩකට ඇති දේකට නොවීම නම් කණගාටුවට කරුණක්.

මත්පැන් භාවිතයත් මේ වාගේම ප්‍රශ්ණයක් වෙලා තියෙනවා. මේ දේ කරන්න ගොඩක්ම පෙළඹිලා තියෙන්නේ පාසල් ළමයි හා විශ්ව විද්‍යාල සිසුන් වගේ අය වීම කණගාටුදායකයි. ඇත්තෙම්ම කියනවා නම් මේ දේ වෙන්න මූලික හේතුවක් වෙලා තියෙන්නේ ප්‍රචාරණ කටයුතු චිත්‍රපට වල මේ දේ යොදා ගැනීම හා දෙමාපියන්ගේ වැරදි ආදර්ශ. මේ දේ නිසා මේ දුම්වැටි හා මත්පැන් භාවිතයට පෙළඹෙන පුද්ගලයා අවසානයේ විනාශය කරා යන්නේ අවාසනාව හැමෝටම ගෙනදෙමින්. මේක තමා ජීවිතේ, මේක නැතුව වැඩක් නෑ කියන යාළුවෝ එක්ක වැටිල ඒ අය කරනදේ ගැන කිසිම අදහසක් නැතුව ඉන්න අය නිකන්ම මේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ බොහොම ඉක්මනින්. හැබැයි ඉතින් තමන් සමාජය තේරුම් අරන් හරි විදිය මොකක්ද? හැසිරෙන්න ඕන කොහොමද? තමන්ගේ නිසහස හරි විදිහට භුක්ති විඳින්න ඔන කොහොමද? කියල තේරුම් අරන් වැඩ කරනවා නම් කවදාවත් මේ දේ වලට ඇබ්බැහි වෙන්නේ නෑ. ඇත්තෙන්ම මේ දේ සඳහා දෙමාපියනුත් වග කියන්න ඕන ඒ ඒ අය නියමිත කාලයේදී ලමයිට නිදහස දෙන්නේ නැති වීම හා නියමිත කාලයට කලින් නිදහස දීම. මේ දෙක නිසාම ලමයි වැරදි මඟට පෙළඹෙනවා. ලමයින්ට අවවාද දීල උවමනාවට වඩා තෙරපන්නේ නැතිව නියමිත වයස හා සමාජ දැනුම ලබාදීල ඒ කාලයේදී නිදහස දෙන එක තමා හොඳම විදිහ. (හරියට මට ලැබුනා වගේ) හැබැයි කාලයක් යනකම් හොයා බලන්න ඕන ඒ අය කරන්නේ මොකද? ආශ්‍රය කරන්නේ කවුද? මොන විදිහටද? කියන එක.

















   
දැන් අහවි කොහොමද අපි මේ දේ අත්හරින්නේ කියල? ගොඩක් දෙනා මේ දේ අත්හරින්න කිව්වත්, හිතුවත් තාමත් ඒ අය ලඟ ක්‍රමයක් නැහැ කොහොමද කරන්නේ කියල. ලඟදී මේ දේවලට යොමුවන කෙනෙක් නම් එච්චර අමාරු නැහැ. ඒත් කාලයක් හිටියානම් එකපාරටම මේක කරන්න අමාරුයි. මේක තමා ලෝකයේ ගොඩක් දෙනා ඇබ්බැහිවූවන්ට මේ දේවල් වලින් ඈත්වෙන්න දෙන පිලියම. මුලින්ම හිතන්න මම මේක නවත්තන්න ඕන ඊට පස්සේ ඒ දේ කරන්න පටන් ගන්න. දවසකට දුම්වැටි දෙකක් පාවිච්චි කලා නම් ඒක එකකට අඩු කරන්න. ඒ ඉතිරිවන සල්ලි වෙන දේකට යොදවන්න නැතිනම් කැටයක දාල එකතු කරන්න. (සැලකිය යුතුයි : පතුල හිල්වෙච්ච කැටයක් ගන්න එපා.) ඒ දේ නැතිව මානසික ආතතියක් වගේ දැනෙනවා නම් ඒ දේ අමතක වෙන්න වෙනත් වැඩක් ආරම්භ කරන්න. ඒ දේ තමාගේ විනෝදය සඳහා වන දෙයක්. රාජකාරි වැඩක් හරි වෙන යමක් වෙන්න පුළුවන්. ඒ වාගේම හැම වෙලාවේම චුයින්ගම් එකක්, දත් සුද්ධ කරන්න ගන්න කූරක් හරි වෙන දෙයක් හරි කටේ තියාගන්න. එතකොට දුම්වැටිය වෙනුවට ඒ දේ නිතරම කටේ තියේවි. නිතරම මානසික තෘප්තියක් ඇතිවෙන ආකාරයේ වැඩසටහන් වල නිරත වෙන්න. නිතර ව්‍යායාම වල යෙදෙන්න. දේ දේවල් කරන්න ටික ටික පුරුදු වුනානම් කාලෙකින් ඇබ්බැහිවීම් වලින් අයින් වෙන්න පුළුවන් වෙයි. හැබැයි මොන දේ කරන්නත් බාලගිරිය අද නෙවේ හෙට කියන්න වාගේ ඉන්නේ නැතුව අදම පළවෙනි පියවර තියන්න. 

ආදායම, වියදම එක්ක ජීවිතය

ලෝකෙම දිනන්න
යන්නේ කොහේටද?










දැන් ලියවෙන මේ ලිපිය ලියැවෙන්නේ මගේ යාළුවෝ දෙන්නෙක් කරන වැඩ මතක් වෙලා. මේ දේ කරන අය නම් ඉන්නේ දෙන්නෙක් විතරක්ම නෙවි. මේ දෙන්නාම වියදම් පාලනය නොදන්නා නිසා පීඩා විඳිනවා. පළවෙනියටම හැමකෙනෙක්ම හිතන්න ඕන දෙයක් තමා තමන්ගේ ආදායම කොච්චරක්ද කියල. ඒකෙන් තමා තමන්ගේ වියදම තීරණය කරගන්න පුළුවන්. හිතන්න තමන්ගේ ආදායම පුංචි අගයයක් කියල. මාසෙකට රුපියල් 15000ක පඩියක ඉඳල රුපියල් 50000කට වැඩි පඩියක් වෙනකන් ආදායම් සහිත පවුල් ලංකාවේ තියෙනවා. මෙතනින් රුපියල් 15000ක් විතර හම්බ කරන කෙනෙක් විවිධාකාර මෝස්තර, ඇඳුම් පැළඳුම් වගේ දේවල් වලට අසීමිත විදිහට වියදම් කරනවා නම් මොනා වේවිද? හිතන්න. මාසිකව මූලික අවශ්‍යතා වන කෑම බීම, ඉඳුම් හිටුම් වගේ දේවල් වලට අයින් කරාම ඉතිරියත් විවිධ දේ සඳහා වියදම් කරොත් අනාගතයට ඉතිරියක් නැහැ වගේම රටටත් ණය වෙන්න වේවි. තමන්ට වියදම් කරල ඉතිරියත් කරල තවත් තියෙනවානම් උදව් කරන්නකෝ නැති බැරි කෙනෙකුට. ඒක ගොඩක් වටීවි තමන්න නැති බැරි වුන කාලෙක.
ඉතිරිය සඳහාමද?
දැන් දෙන්නම් උදාහරණයක් විදිහට එක යාළුවෙක් ගැන. (සාමාවෙයන්! මේක සමහර විට ඔයත් කියවනවා ඇති කොල්ලෝ. දැන් වත් හිතන්න මේ කියන්නේ මම ගැන නේද? දැන්වත් හැදෙන්න ඕන කියල.) මට උදව් කර මිත්‍රයෙක් හැටියට මම මේකාට කිව්වා "උඹ හම්බ කලාට කිසි ඉතිරියක් නැහැනේ. ටිකක් ඉතිරි කරන්න පුරුදු වෙයන්" කියල. මේකා කියාපි "කොයිදේ කරන්නත් අද කාල ඉන්න එපැයි. හෙට ඉඳන් ඉතිරි කරනවා" කියල. ඒත් ඉතින් මේකාට හැමදාමත් "බාලගිරිය අද නෙවේ හෙට" කියන්න වාගේ තමා. (නොදන්න අයට කියන්නේ බාලගිරිය අද නෙවේ හෙට කියන කතාව ඇවිත් තියෙන්නේ මෙහෙම. ඒ කාලයේ හිටපු බාලගිරි නමින් හැඳින්වෙන යක්‍ෂයෙක් ලමයින් ගෙනියන්න ගෙවල් වලට එන්න වුනා. ඒකා එන කොට ඒකාට පේන්න ගෙවල්වල බාලගිරිය අද නෙවේ හෙට කියල ලියල තියන්න වුනා. ඒක කියවන යකා ඊලඟ දවසේ එන්නේ ලමයා ගෙනියන්නම හිතාගෙන. ඒත් එදාටත් ඒක හෙටම තමා.) 

කාලයකට ඉස්සෙල්ලා මම හම්බ කරන කාලේ මම ඉගෙනීම කරන ගමන්ම මාසෙකට රුපියල් 8000ක් විතර හොයද්දී ඒකා රුපියල් 20000ක් විතර හොයනවා. මම ලක්‍ෂයක් ඉතිරි කරද්දී ඒකා ගාව රුලියල් 100ක්වත් ඉතිරි කරල නැහැ. ඒතරම් වියදම් කරන්නේ මොනවටද කියල එයාවත් දන්නේ නැහැ මම හිතන්නේ. මේකාගේ තාත්තා නෑ. අක්කල තුන්දෙනයි දෙන්නෙක් බැඳල. දවසක් බැනල බැනලම රුපියල් 2000ක් බැංකුවට දැම්මෙව්ව ඉතිරි කරපන් කියල. එදා හවසම ඒක ගත්තේ ලස්සන ඇඳුමක් කඩේක තියෙනව දැකල ඒක ගන්න. දැන් මාසෙකට 20000ක් විතර හම්බ කරත් තාමත් පුරුදු විදිහටම ඉතිරය නම් බිංදුවයි මම හිතන්නේ. කොණ්ඩෙට 2000යි, කෑම බීම ඇඳුම් පැලඳුම් හා ගමන් බිමන් වලට වියදම් වුනාම සතයක්වත් ඉතිරි වේවිද? හැබැයි ඉතින් ඉතිරියේ වටිනාකම තේරෙන්නේ නම් තමන්ට කරදරයක් වුන දාට තමා. මෙහෙම වැඩ කරොත් නම් එදාට දෙවි පිහිට තමා.
ලොකයයි සල්ලියි

සැලසුම් කරන්න
ඉතිරි කරන්න
 තවත් එකෙක් ඉන්නවා ඒකා අතේ වියදම් කරන්න සල්ලි ඇත්තෙත් නෑ. කීයක් හරි අතට හම්බුනොත් වියදම් කරන්නත් ක්‍රමයක් හොයාගෙනම තමා එන්නේ. හැබැයි ඒකාගේ හොඳක් තියෙන්නේ වියදම් කරන්නේ අනවශ්‍ය දේටම නෙවි. අත්‍යවශ්‍ය දේට් නෙවි. මාසේ කොහොම හරි යාළුවන්ට ණය වෙලා හරි ගතකරත්, හම්බෙන ශිෂ්‍යත්වය හා අනෙකුත් මුදල් වලින් ණය ගෙව්වාම ඉවරයි. ආයෙත් පුරුදු විදිහටම ණය ගන්නවා. අඩුගානේ මාසෙකට රුපියල් 100ක් වත් ඉතිරි කරනවානම් අනාගතේ යමක් කරන්න පුළුවන්. මම කියන්නේ එකපාර වෙනස් වෙන්න නෙවේ.  ටික ටික හරි වෙනස් කරන්න ඕන. ඒ දේ දැන්ම කරොත් අනාගතේදී වත් හොඳ විදිහට ඉතිරි කරන්න වාගේම වියදම් පාලනය පුරුදු වේවි. නැත්තම් ඉතින් හම්බකරන කාලෙකත් ඕකම තමා වෙන්නේ. 
ටිකක් හිතන්න. ඉගෙන ගන්න කාලේ ගෙදරින් හම්බෙන හැම සතේම වියදම් කරන්නේ නැතිව කීයක් හරි ඉතිරි කරොත් කවදා හරි දවසක යමක් ස්වාධීනව ආරම්භ කරන්න පුළුවන්. ඒ දවසේදී තමන්ම ඒ දේ කරද්දී දෙමාපියෝ වුනත් කොච්චර සතුටු වෙයිද? මැදිවියේ ඉන්න අය දැන් හිතන්න එපා අපි ඉගෙන ගෙන ඉවරයි අපිට ඕව අදාල නැහැ කියල. ඔයාලටත් අදාලයි. ඒ වාගේම මේ දේවල් හොඳින් සල්ලි තියෙන අයටත් වලංගුයි. ඒ අයත් පාලනය නිසි ආකාරයට නැත්තම් ඉක්මනින්ම කිසිදෙයක් නැත්තෙක් වෙන්න පුවවන්. පාලනය කරන්න ඔයාල පුරුදු වුනොත් සල්ලිකාරයන්ට ඔළුව පහත් කරන්නේ නැතිව යමක් කරන්න පුළුවන් වාගේම ඒ දේ කරන්න ඔයාලගේ දරුවො වුනත් පුංචි කාලෙදිම පෙළඹෙනවා. හරියට මේ මම වගේ. ඒ නිසා අදම සැලසුම් කරන්න තමන්ගේ ආදායම බලල ඒකට හරියන්න වියදම් හා ඉතිරි කිරීමේ ක්‍රමයක්. ඒක ජීවිතය කඳුලක් නැතිව සාර්ථකව ගත කරන්න මහඟු පිටිවහලක් වේවි.
ජීවිතය සතුටින් ගෙවන්න

පච්ච කෙටීම හා එහි නොදත් පැත්ත......!

     පච්ච කෙටීම නවශිලා යුගයේ පටන්ම යුරෝ-ආසියාතියන් කරගෙන ආව දෙයක්. මේක පුද්ගලයන් වසර දහස් ගණනක්ම කරගෙන ඇවිත් තියෙනවා. මේ ස්ථිර නිර්මාණ සමහර වෙලාවට චාම් සටහන් විදිහට,  සමහර විටෙක විසිතුරු විදිහට,  හැමවෙලේම පෞද්ගලිකවත් යොදාගන්නේ ආරක්‍ෂාව, ගම් බිම් සංකේතනය, ආදරය සංකේතවත් කිරීම්, ආගමික ඇදහිලි, අලංකරණය හෝ සමහර දඬුවම් වගේ දේවල් වලට.

     පච්ච කෙටීම සඳහා ලැබෙන පැරණිම සාක්‍ෂිය වන්නේ ක්‍රිස්තු පූර්ව 2000කට පෙරාතුව ජීවත් වුණ හිම මිනිසා විදිහට හඳුන්වන ස්වභාවික මමිය 1991 සැප්තැම්බර් මාසයේ සොයා ගැනීමත් එක්ක.  ඔහුගේ ශරීරයේ තිබූ පච්ච තමා පැරණිම ලෙස සලකන්නේ. එම ශරීරයේ කොන්දේ පහල කොටස, දණහිස පහල හා වළලුකර ආසන්නයේ සරල ඉරි හා තිත් වලින් සමන්විතව ආසන්නව කාබන් පච්ච 57ක් විතර තිබිල තියෙන බවයි කියැවෙන්නේ. මේ සියල්ල සුවකිරීමේ ක්‍රම ලෙස යොදාගෙන ඇති බව එම පච්ච ඇති තැන්වල ඇති කටු චිකිත්සක ස්ථාන වලින් පෙන්නුම් කෙරෙනවා.
හිම මිනිසා මමියේ තිබූ පච්ච

හිම මිනිසා මමියේ තිබූ පච්ච













     සම පිළිබඳ ඇමරිකානු සංගමය විසින් පච්ච වර්ග පහක් හඳුන්වාදී තිබෙනවා. ඒ අප්‍රසන්න පච්ච හෙවත් ස්වභාවික පච්ච, ආධුනික පච්ච, වෘත්තීමය පච්ච, අංගරාග පච්ච හා වෛද්‍ය පච්ච විදිහට. 

අප්‍රසන්න පච්ච හෙවත් ස්වභාවික පච්ච
     මේ පච්ච ඇතිවන්නේ ස්වභාවිකව උපතින් හෝ පසු කාලීනව ඇතිවන තුවාල කැලැල් විදිහට. ඒවායේ කිසිම නිර්මිත බවක් නැති නිසා තමා ඒවාට අප්‍රසන්න පච්ච විදිහට නම වැටිල තියෙන්නේ. 

ආධුනික පච්ච හා වෘත්තීමය පච්ච
     මේ දෙකම පසු කාලීනව ඇඳගන්නා ලද ඒවා. මේ ඇඳීම් සඳහා විවිධ ක්‍රම භාවිතා වෙනවා. සමහර වෙලාවලදී ශරීරයේ කරන ලද සීරීම් විදිහටත් මේ ඇඳීම් සිද්ධ වෙනවා. මේදේ යක්‍ෂයාට එරෙහිව, දෙවියන් වෙනුවෙන්, තමාගේ වාසනාව උදෙසා හෝ වෙනත් අභිමතාර්ථයන් වෙනුවෙන් නිර්මාණය වෙනවා. ඒදේ පච්ච කොටනු ලබන්නා හෝ ශරීරය හිමියාගේ අදහස් අනුව තමා කෙරෙන්නේ.

     සමහර පච්ච කෙටීම් සිද්ධ වෙන්නේ හඳුනා ගැනීමේ සළකුණු යෙදීමක් විදිහට. නාසි සංවිධාන හා වෙනස් සන්නද්ධ කණ්ඩායම් හා තවත් ත්‍රස්ත කණ්ඩායම් තමන්ගේ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා හා තම තත්ත්වයන් පෙන්වීමටත් පච්ච යොදාගෙන තිබෙනවා. ආදී රෝම අධිරාජ්‍යයා තම සොල්දාදුවන්ට අණකිරීමක් පවා කරල තියෙනවා ඔවුන්ගේ හා සටන් ශිල්පීන්ගේ හෝ වෙනත් වහලුන් සඳහා වෙනස් ආකාරවලින් පච්ච කෙටීම් කල යුතුයි විදිහට. ඒ ඔවුන් ඕනෑම අවස්ථාවක හඳුනා ගැනීම සඳහා. හඳුනාගැනීමේ පච්ච සතුන්ගේ පවා යොදන්නේ ඔවුන්ගේ හිමිකරුවන් හඳුනා ගැනීම වෙනුවෙන්.

     පච්ච කෙටීම සෞඛ්‍ය අවධානමක් ඇති වැඩක් විදිහටයි සැලකෙන්නේ. ඒකට හේතුව දැන් ගොඩක් පච්ච කෙටීම් වලදී සිදු කෙරෙන සම සිදුරු කිරීම්. එතැනදී වෙන ලේ වහනය වීම්, හා සිදුරු වලින් බැක්ටීරියා රෝග ඇතුළුවීම් වාගේම එකම උපකරණයක් මගින් කීපදෙනෙකුගේ පච්ච කෙටීම් නිසා AIDS වැනි රෝග වැළඳීමේ අවධානමකුත් තියෙනවා. ඒ වාගේම පච්ච ඉවත් කිරීමත් ඉතා වේදනාකාරී වැඩක්. ගොඩක් වෙලාවට මේ දේ සිද්ධ කරන්නේ ලේසර් කිරණ භාවිතයෙන් වර්ණක ඉවත් කිරීමක් විදිහට. ඒ දේ ඉතා වේදනාකාරී බවයි කියන්නේ. ඒ වාගේම ලේසර් කිරණ නිසා අතුරු ආබාධ පවා ඇතිවෙන්න පුළුවන්.
පච්ච කොටන උපකරණ

පච්ච කොටන උපකරණ










 
තාවකාලික පච්ච කෙටීම්
මේ දේ ගොඩක් වෙලාවට කෙරෙන්නේ මෝස්තර නිරූපණ ශිල්පීන් හා දරුවන් විසින්. ඒවා සම මත කරන ඇඳීම් විදිහට හෝ ලේබල ඇලවීමක් විදිහට තමා කරන්නේ. අඳින්න ගන්නේ සාමාන්‍ය වර්ණ විශේෂයක් වගේම සම මත කරන ඇඳීමක් විදිහට තමා කෙරෙන්නේ. ඒවා ටික කාලෙකින් ස්වභාවිකව හෝ සමහරක් වතුරෙන්ද සමහරක් තෙල් සංයෝජනය වෙච්ච ආලේපන මගින්ද ඉවත් වෙනවා. (පච්ච අඳින්න ගන්න සමහර දේවල් සමට හිතකර වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සංයෝග ගැන මේ ලිපියේ දාන්න වෙන්නේ නැති එක නම් කණගාටුවට කරුණක්. තවත් හේතුවක් මේක කියවන අය අත්හදා බලන්න ගිහින් වැරදුනොත් බැනුම් අහන්නේ මගේ දෙමව්පියෝනේ. සාමාන්‍ය සිංහලයන්ගේ ක්‍රමය අනුව.)

     හැම පච්චයක් සඳහාම විශේෂ තේරුමක් තියෙනවා. ඒත් ගොඩක් දෙනා ඒ දේ නොදැන තමා පච්ච කෙටීම කරන්නේ. අරය කොටල තියෙන්නේ ඒකම තමා ඕනෙ. මේක ලස්සනයි ඒක කොටමු. මේ විදිහට තමා අපේ අය පච්ච කොටන්නේ. ඒත් ඇත්තටම ඒ අඳින පච්චය සඳහා තියෙන්නේ දරුණු තේරුමක් වෙන්නත් පුළුවන් වාගේම අසභ්‍ය තේරුමක් වෙන්නත් පුළුවන්. මෙන්න පච්ච ටිකක් තේරුම් මගෙන් ඒත් ඔක්කොම ලියන්න නම් බෑ.  මොකද මේ ක‍්ෂේත්‍රය ගොඩක් විශාල එකක් වාගේම අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් පච්ච තියෙන විශයක් වීම.

සමනළ පච්චය - මේක ආදරය, සතුට, ලස්සන හා ඉතා විශාල නිදහස පෙන්වා දෙනවා.
සමනළ පච්චය

සමනළ පච්චය











දියමන්ති පච්චය - මේ පච්චය දියමන්තියක් මෙන් පිටත ලස්සන හා ඇතුලාන්තයේ ඇති විනාශ කල නොහැකි ශක්තිය පිළිබිඹු කරනවා.
දියමන්ති පච්චය

දියමන්ති පච්චය
මකර පච්චය - මේක පුරාවෘත හා බැඳුණු ශක්තිය පිළිබිඹු කරන්නක්. සත්වයාගේ සෘජු බව හා හැකියාවන්ගෙන් තමනුත් සමන්විතයි කියල පෙන්වන්න තමා අඳින්නේ.
මකර පච්චය

මකර පච්චය













මල් පච්ච - මේවායේ නම් විවිධා කාර අදහස් තිබුණත් රෝස මල් නෙලුම් මල් වගේ ඒවා තමා ගොඩක් ප්‍රසිද්ධ ගොඩක් වෙලාවට කාන්තාවන් වෙනුවෙන් ඇඳෙන මේ පච්ච අලංකරනය, සත්‍යවාදී බව හා පිවිතුරු බව සංකේතවත් කරනවා.
මල් පච්චය

මල් පච්චය










සර්ප පච්ච - මේ පච්ච යොදන්නේ මිත්‍යා විශ්වාස හා ශක්තිමත් භාවයන් විදහා දක්වන්න. ගොඩක් වෙලාවට යොදාගන්නා නාගයා දේවත්වය තමා පිළිබිඹු කරන්නේ.
සර්ප පච්චය

සර්ප පච්චය













මකුළු දැල් පච්චය - මේක යොදාගෙන තියෙන්නේ මිනී මැරුම් කීපයක් කල පුද්ගලයන්ගේ හඳුනාගැනීමක් විදිහට. පස්සේ කාලෙක ඒක විලාසිතාවක් වුනත්. ඒ පුද්ගලයාලේ දරුණු ස්වභාව පෙන්නන්න තමා යොදාගන්නේ.
මකුළු දැල් පච්චය

මකුළු දැල් පච්චය









 
සීනි හිස්කබල පච්චය - මේක යොදාගන්නේ මරණයෙන් පස්සේ ජීවිතය පිළිබද දන්වන්න. ඒ වාගේම ආදරය කල පුද්ගලයෙක් තමා අත්හර ගියත් ඔහු පිළිබඳ මතකය සංකේතවත් කරන්නත් මේක යොදා ගන්නවා.
සීනි හිස්කබල පච්චය

සීනි හිස්කබල පච්චය













දේව දූතයා පච්චය - මේක යොදා ගන්නේ තමා සමඟ දෙවියන්ගේ ඇති සබඳතාව පෙන්නුම් කරන්න. ඒ වාගේම දෙවියන්ගේ මඟ පෙන්වීම හා ආරක්‍ෂාව පතන්න.
දේව දූතයා පච්චය

දේව දූතයා පච්චය













ෆීනික්ස් කුරුල්ලා පච්චය - මේ කුරුල්ලා සෑම සවසකදීම දැවී විනාශ වෙලා ගිහින් සෑම උදෑසනකම එම අළු මතින්ම ජීවය ලබන බවයි සලකන්නේ. ඒ විදිහටම මේ පච්ච සළකුණ ඇත්තාද විනාශයන් හමුවේ ඒ විනාශයන් මතින්ම නැගිටින බව සංකේතවත් කෙරෙනවා.
ෆීනික්ස් කුරුල්ලා පච්චය

ෆීනික්ස් කුරුල්ලා පච්චය













සිංහ පච්ච - සතුන්ගේ රජා ලෙස සලකන මෙය සළකුණු කිරීමෙන් තමාද නායකත්වය සඳහා සූදානම් බව දක්වයි.
සිංහ පච්චය

සිංහ පච්චය












වෘක පච්චය - පක්‍ෂපාතී බව, ආඩම්බර බව හා නිදහස් බව පෙන්නුම් කරන්නක්. 
වෘකයා පච්චය

වෘකයා පච්චය













කොටියා පච්චය - ශක්තිය, බලය, අපරාජිතබව, රෞද්‍ර බව හා ඇත්තා වූ පෙනුම තමා ප්‍රකාශ වෙන්නේ.
කොටියා පච්චය

කොටියා පච්චය













     ලියන්න තව ගොඩක් පච්ච වර්ග තිබුණත් දිග ලිපියකට වඩා මේ ඇති කියලයි මම හිතන්නේ. ඔයාලත් පච්චයක් අඳිනවානම් ටිකක් හිතන්න ඒ පච්චය ඔයාලාගේ හැකියාවන්, පෞරුෂය හා වෙනත් දේ සපුරනවාද කියල. නැත්තම් අනෙක් අය වැරදි දෙයක් තමා ඔයාල ගැන හිතාගන්නේ. මතක තියා ගන්න පච්ච කොටන එක වරදක් නෙවේ. ඒත් ස්වාධීනව ජීවත් වෙන කාලෙක සංස්කෘතියත් විනාශ නොකර කරනවා නම් තමා හොඳ. (කරන්නම ඕන නම්?)