මොකක්ද මේ
ටෙලිපති කියන්නේ? මේ දේගැන ගොඩක් දෙනා විවිධ මත පළ කිරීම් කරනවා.
ඒ නිසා මේ ගැන ටිකක් කතා කරන්න හිතුවා. ටෙලිපති, සරලව කියනවා නම් දෙදෙනෙක් අතරේ
මනසින් සම්බන්ධ වීම. ඒ කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකුට සිතිවිලි හරහා සංනිවේදනය කරන්න
පුළුවන්. ඒ දේ කරන්න සාධක දෙකක් එකවර සම්පූර්ණ වෙන්න ඕන. එකක් තමයි යොමු කිරීම
අනික ලබා ගැනීම. මේ දෙකම කරදිදී දෙදෙනාගේම සිතිවිලි ධාරා සම්බන්ධ වෙන්න ඕන.
මෙහිදී අපේ
භෞතික ශරීරය බාධකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ නිසා තමා සාමාන්‍යයෙන් අපිට ටෙලිපති
ක්‍රම මගින් සංනිවේදනය කරන්න බැරි වෙන්න හේතුව. ඒත් යම් අයෙක් වෙනුවෙන් අපේ
සිතිවිලි වල ඇති දැඩි දේ බැඳුනු ස්වභාවය මත අපිට ඒ කෙනා එක්ක සංනිවේදනය කරන්න
හැකියාව ලැබෙනවා. නමුත් මේ ලැබෙන සිතිවිලි ලැබෙන්නේ හැඟීම්, ආශාවන් හො සිතිවිල්ලක්
විදිහට ඒ දේ තේරුම් ගන්න එක අපි කරන්න ඕන.
සාමාන්‍යයෙන්
නිවුන් දරුවන් තුල මේ කියන ටෙලිපති ක්‍රමය යම්තාක් දුරට දකින්න පුළුවන්. ඒකට හේතුව
විදිහට දකින්න පුළුවන් දේ තමා ඒ අය ආත්මීයව බැඳී සිටීම. මව් කුස තුල හිඳිමින්
දැනෙන්නා වූ එකම සිතිවිලි ධාරාවන්ට යටත් වන විට මේ දේ සිද්ධ වෙනවා වෙන්න පුළුවන්.
ඒ ඇතිවන බැඳීම නිසාවෙන් යම් ප්‍රමාණයක සංනිවේදනයක් ඔවුන් තුල පවතිනවා. නමුත්
වර්ධනයේදී ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් ඒකට හේතුව වෙන්නේ ඔවුන් ජීවත් වන්නා වූ
වෙනස් පරිසරයන් හා මිතුරු මිතුරියන් පිරිස. නමුත් ඔවුන් ජීවත් වන්නේ එකටම නම්
ඔවුන්ට ඒ දේවල් වර්ධනය කරගන්න පුළුවන්.
තවත් දෙයක්
තියෙනවා. ඒ තමයි මේ සංනිවේදනය ක්‍රමය ශබ්දයට වඩා දස දහස් ගුණයකින් වේගවත් ක්‍රමයක්.
අපි ඒ දේ පුහුණු කිරීමක් කලොත් අනෙක් සෑම සංනිවේදන ක්‍රමවේදයකටම වඩා ඒ සංනිවේදනය
වේගවත් හා නිරවද්‍ය වෙනවා. ඒකට හේතුව එය
නිවැරදි පුද්ගලයාටම ලැබෙන විදිහේ ක්‍රමයක් නිසාවෙන්. ඒ වගේම තමයි මේක අපේ ලංකාවේ
ගොඩාක් අතීතයේ භාවිත වෙච්ච දෙයක්. ඒ දේ ගැන ඉතිහාසය ගවේශණය කරද්දී දැනගන්න
පුළුවන්. අනික බෞද්ධයන් දන්නවා ඒ දේ කරන්න පුළුවන් බව ඒ සඳහා සාක්‍ෂි බුදු දහම
තුලම තියෙනවා. සෘද්ධි ප්‍රාතිහාර්ය කියන දේ තුල මේ ටෙලිපති ක්‍රමය තියෙනවා. නමුත්
එහිදී නුපුහුණු මනසක් තුල වුනත් යම් පණිවිඩයක් ලබා දීමට කටයුතු කරන තරමටටම
ශක්තිමත් ක්‍රමයක් භාවිත වෙනවා.
කොහොම වුනත්
මේ ක්‍ෂේත්‍රය විශාල ප්‍රමාණයක් විහිදුණු ක්‍ෂේත්‍රයක්. එනි සා මේ වගේ කුඩා
ලිපියකින් පැහැදිලි කිරීමක් කරන්න නම් බැහැ. මූලිකව තියෙන දේ නම් ඕක. නමුත් මමත්
හිතනව කුඩා ප්‍රමාණයේ අත්හදා බැලීම් කීබයක් කරන්න. මේ පිළිබඳ දැනට අදහස් හෝ
අත්දැකීම් තියෙන අය ඉන්නවා නම් දාන්න අදහස කොමෙන්ටුවක් විදිහට. ඒක මටත් ලොකු
උදව්වක් වේවි මේ දේවල් ගැන තව දුරටත් හොයා බලන්න. ස්තූතියි...!