ලංකාව ඇතුලේ Nikon, Canon කැමරා එක්ක තරඟ වදින Sony කැමරාව....

මේ දවස් වල සෑහෙන්න sony කැමරා ගැන කතා කරන නිසා මම හිතුවා පොඩ්ඩක් ඒ ගැන ලියන්න. අලුත් කැමරාව වෙනුවෙන් Sony සමාගමෙන් ලොකු නිශ්පාදන රහස් ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා කියලයි මම හිතන්නේ. Nikon, Canon වෙනුවෙන් වුනත් සෙන්සර් හදාපු Sony සමාගම අවසානයේ තීරණය කරනවා තමන්ගේම DSLR කැමරාවක් හදන්න. ඒකට අලු‍ත්ම Exmor R CEMOS Sensor එකත් BIONZ X කියන Image processing ක්‍රමයත් භාවිතා වෙන එක තමා ලොකුම විශේෂත්වයක් වෙන්නේ. Exmor R සෙන්සරය නිසා දෙගුණයක Noise reduction එකක් ලබා ගන්න වගේම බොහෝම වේගයෙන් Analog/Digital Conversion එක සිදු කරගන්න පුළුවන්. BIONZ X කියන Image processing ක්‍රමය නිසා Noise reduction කිරීම සහ Analog/Digital Conversion එක සිදුවීම වේගවත් කිරීමට සමගාමීව තත්පරයකදී පින්තූර 7ක පමණ වේගයක් පවත්වා ගැනීමේ හැකියාව ලැබිල තියෙනවා. ඊට අමතරව Mirror less camera Series එකක් තියෙන නිසා ඒවායේ වේගය වැඩි කරගෙන තියෙනවා. ඒ විතරයි නෙවෙයි කැමරාව ගොඩක් සැහැල්ලුයි. Mirror less නිසා සෙලවීම අවමයි වගේම දිශා පහකට සිදුවෙන Image stabilization ක්‍රමවේදයක් සෙන්සරය සඳහා අනුගමනය කරනවා. මීට අමතරව Electronic view finder එක නිසා අපි වෙනස් කරන settings ටික view finder එකට ඇහැ තියාගෙනම බලාගන්න පුළුවන්.  ලොකු පික්සර් අගයකින් යුත් සෙන්සරයක් හැදල තියෙනවා. අඩු ආලෝකයට හොඳින් සංවේදී නිසා අඩු ආලෝක තත්ත්ව වල හොඳින් පින්තූර ගන්න පුළුවන්. මේ වගේ කරුණු රාශියක් නිසා අලුත් ‍Sony කැමරාව ලොකු පෙරලියක් කරනවා.