මගේ ගමන් බිමන් එකසිය විසි එක්වෙනි කොටස - ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය

කොළඹ සිට මහනුවර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිලිමතලාව නගරයෙන් දකුණට හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටර් 1 1/2ක් පමණ ගිය විට හමුවන ගඩලාදෙණිය රජමහා විහාරය පසුකරමින්, තවත් කිලෝමීටර් 4ක් පමණ ඉදිරියට ගිය විට හමුවන හියරාපිටිය ගම්මානයේ ඇති පැන්හල්ගල නම් වූ ගල්පර්වතයේ මුදුණේ ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය පිහිටා තිබේ. 

ගම්පොළ යුගයට අයිති යැයි සැළකෙන මෙම විහාරය ක්‍රි:ව: 1344 දී පමණ 4 වන බුවනෙකබාහු රජුගේ ඇමතියෙකු වු සේනාධිලංකාර විසින් කරව ඇතැයි සැළකේ. රමණීය වටපිටාවකින් සමන්විත මෙම ස්ථානයේ ඉදිකරන ලද මෙම විහාරය බුදුගෙයක් වන්නා සේම දේවාලයක් වන බවටද එහි අංග ලක්ෂණ විදහාපායි.
ජනප්‍රවාදයේ සදහන් වන අන්දමට පර්වතය පාමුල සංඝාවාසයක් තිබී ඇත. එහි වාසය කල එක් භික්ෂූන්වහන්සේ නමක් ගුරුවර භික්ෂූන්වහන්සේ නම හා උරණවී ගල මුදුනට නැග එහි තිබූ ජම්බු ගසකින් ගෙඩි කඩාකමින් ගල මිදුනේ තිබූ පොකුණ දෙස බැලූ කල්හි රන් කලයක් පාවෙනු දැක තිබේ. පොකුණට බැස එය ගැනීමට උත්සාහ කරද්දී එය වෙනත් තැනකින් යළි මතුවී තිබේ. මෙය අද්භූතජනක සිදුවීමක් වූ බැවින් එය තම ගුරු භික්ෂූන් වහන්සේහට දන්වා ඇත.  ගුරු භික්ෂූන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි සත්‍යතාවයක් ඇතිබව තේරුම් ගෙන ගම්ප්‍රධානීන් මගින් සිව්වන බුවනකබාහු රජුට මේ පිළිබදව සැළකර සිටින ලදී. රජතුමාගේ මහඇමති වූ සේනාධිලංකාර විසින් මෙම ස්ථානය ජයබිමක් ලෙසට හදුනාගෙන මෙහි රජමාළිගයක් ඉදිකිරීමට සුදුසුයැයි සැළකර සිටියද, සිව්වන බුවනකබාහු රජු විසින් මෙහි විහාරයක් සහිත දේවාලයක් ඉදිකිරීමට අණ දී එය සංඝයාවහන්සේට පූජා කර ඇත. තවද විහාරය නිර්මාණය කිරීමේ කටයුතු වෙනුවෙන් මසුරන් තුන් කෙල ලක්ෂයක් වැය වූ බව ඉතිහාසයේ සඳහන්ය.
ලංකාතිලක විහාරයේ ඵෙතිහාසික වැදගත්කම සම්බන්ධයෙන් විමසා බැලීමේ දී මෙහි දක්නට ලැඛෙන කලා නිර්මාණ අමතක කළ නොහැකි ය. ඉන්දියානු ආභාසය ද සමගින් නිර්මාණය කර තිඛෙන මෙහි නිර්මාණ දකුණු ඉන්දීය ශිල්පියෙකු වන ස්ථාපතිරායර් විසින් කරවන ලදී. විහාරස්ථානයේ නැගෙනහිර දෙසින් බුද්ධ ප‍්‍රතිමා සහිත පිළිම ගෙය, බටහිර දෙසින් දේවාලය පිහිටා තිඛෙන අතර, ගල් තලාව පාමුල විහාරගෙය පැත්තෙහි සංඝාවාස ඉදිකර තිබේ. මෙම විහාර භූමියේ ම චෛත්‍ය, බෝධිය, බණ මඩුව සහ දෙවියන් වෙුනවෙන් ආහාර පිසීම සදහා යොදා ගන්නා ලද මු¨තැන්ගෙය යනාදි ගොඩනැගිලි දක්නට ඇත.


 
බුදු මැදුරට පිවිසෙන අවස්ථාවේ දී දක්නට ලැඛෙන මකර තොරණ වැදගත් ස්ථානයක් හිමි කරගනී. විහාර ගෙයි දක්නට ලැඛෙන විශාල බුදු පිළිමය ලාංකීය ශිල්පියාගේ අනන්‍යතාව මනාව විද්‍යමාන කරවන අතර, නුවර යුගයේ කලා ලක්ෂණවලින් මෙය පරිපූර්ණත්වයට පත් වේ. ඇත් රූප 16කින් සහ කුඩා මකර තොරණ් 05 කින් සමන්විත වූ රූ කැටයම්වලින් විහාර ගෙයි පිටත බිත්තිය අලංකාර කර තිබේ. විහාරයට පිවිසෙන විට හමුවන සඳකඩපහන ද මෙම යුගයේ කලාකරුවාගේ කලා කෞශල්‍ය මනාව විද්‍යමාන කරවයි. අනුරාධපුර සහ පොළොන්නරු යුගවල මෙන් නොව මෙහි බිත්ති අලංකරණය උදෙසා යොදා ගෙන තිඛෙන චිත‍්‍ර ද මෙරට කලාකරුවාගේ කෞශල්‍ය මනාව විදහා දක්වයි.
 

12 comments:

  1. ආසම කරන ලිපියක්.
    ස්තූතිය
    ජයවේවා

    ReplyDelete
  2. අජිත් ඩී කීර්ති13 November 2023 at 08:27

    බෞද්ධ ගමනකි සුලා ගොස් ඇත්තේ
    අප හට බෙදා දී පිං රැස් කර ගත්තේ
    ගුණයහපත් කමයි මේ ඉතිරි යන්නේ
    සුලා මහතා මතු දින බුදු වන්නේ

    ReplyDelete
  3. පහළ ම තියෙන පින්තූරය මාාර සුන්දරයි.

    මමත් ඔතනට ගියා අනූ දෙකේ අවුරුද්දෙ විතර. ඊට පස්සෙ යන්න බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. ආයෙ යන්න අපූරු තැනක්

      Delete
  4. මමත් ඔතැනට ගිහිල්ලා තියෙනවා. අර ගල් පඩි පේලිය ගැන නම් මතකයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා ඒන්න ඇත්තේ අනිත් පැත්තෙන්. පාරවල් දෙකක් තියේ. ඒකකින් වාහනේම යන්න පුලුවන් අනික පයින්..

      Delete
  5. Wow, amazing 😍

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!