ඒත්, මෙතන තියෙන ලොකු ප්‍රශ්නය තමයි – “මේවා නීතිගතද?”
බොහෝ දෙනා modify කරන්නේ “අනිත් අය කරනවා, පොලිසියට අල්ලෙන්නේ නැහැ” කියන concept එකෙන්. නමුත් ඇත්තටම බලද්දි, ලංකාවේ මේ ගැන සෑහෙන පැහැදිලි – සහ දැඩි නීති තියෙනවා.
මෙයින් ප්‍රධානම වන්නේ 1951 අංක 14 දරන මෝටර් රථ ප්‍රවාහන පනත (Motor Traffic Act) සහ ඒකට අදාල රෙගුලාසි. ඒ අනුව:
- අවසර තියෙන වෙනස් කිරීම් මොනවාද?
- සීමාසහිත වෙන්නේ මොනවා ද?
- සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී මොනවාද?
- පොලිසිය ප්‍රශ්ණ දාන්නේ මොනවාට ද?
- ප්‍රායෝගිකව වෙන්නේ මොනවද?
මෙම පනතේ Section 19 – Alteration of Motor Vehicles යටතේ “වාහනයේ registration details (engine capacity, structure, type ආදිය) වෙනස් කරනවා නම් Commissioner General (DMT)ගේ පූර්ව අනුමැතිය අනිවාර්යයි” කියලා පැහැදිලිව සඳහන් වෙනවා. සරලවම කිව්වොත් නිෂ්පාදනයෙන් ආපු මූලික සැලැස්ම අවසර නැතුව වෙනස් කිරීම නීති විරෝධීය.
සරලවම කිව්වොත් නිෂ්පාදනයක නිර්මාණාත්මක සැකැස්ම අවසර නැතව වෙනස් කිරීම කියන්නේ නීති විරෝධීයි.
අපි ඉස්සෙල්ල බලමු මොනවද වෙනස් කිරීම් කියන වර්ගීකරණයට අයිති වෙන්නේ කියල. ඒ තමයි,
මෝඩිෆිකේෂන් කියන එක නීතිමය වශයෙන් “Alteration” ලෙස සලකනවා. බයික් modify කරනකොට ලොකුම confusion එක තියෙන්නේ මෙතන “මේක appearance change එකක්ද?” “නැත්නම් structure change එකක්ද?” නීතියට අනුව “ව්‍යුහාත්මක වෙනස් කිරීම” කියන්නේ serious තැනක්. permission නැතුව කරලා තියෙනවා නම් direct illegal. ඒක Motor Traffic Act – Section 19 (Alteration of Motor Vehicles) විදිහට“කිසිදු මෝටර් රථයක ලියාපදිංචි සහතිකයේ සඳහන් මූලික විස්තර (structure, type, engine capacity, etc.) මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව වෙනස් නොකළ යුතුය.” කියල තමයි තියෙන්නේ.
ඒකෙදි structure කියලා සලකන මූලික කරුණු වෙන්නේ:
- Frame / Chassis (බයික් එකේ main body)
- Engine mounting system
- Wheel base (දිග)
- Suspension geometry
- Fuel tank position
- Seat frame structure
මෙවැනි ව්‍යුහාත්මක වෙනස්කම් අතර Chassis (Frame) කැපීම / Weld කිරීම මගින් bike එක “short” කරන එක, “bobber / chopper style” හදන එක වැරැද්දක්. Wheel Base (දිග) වෙනස් කිරීම මගින් rear swing arm extend කරන එක, drag style bikes හදන එක වැරැද්දක්. Engine Swap කරල වෙන CC ගානක් තියෙන එන්ජින් එකක් තියන එක වරදක්. Suspension Geometry Change මගින් front fork angle change හරි rear height extreme lower / higher කරන එකත් වරදක් විදිහට සලකනවා. තවද Fuel Tank Relocation / Custom Frame වල custom tank mount එකක් දාන එක හා cafe racer builds කරන එකත් වරදක් විදිහට සළකනවා. ඒවා vehicle stability, braking balance සහ safety එකට සෘජුවම බලපාන නිසා නීතියෙන් තහනම්.
කොහොම වුනත්, සමහර වෙනස්කම් අනුමැතියෙන් කරන්න පුලුවන්. උදාහරණයක් ලෙස same CC engine replacement එකක් කරන්න පුළුවන් නමුත් පසුව DMT එකට update කිරීම අවශ්‍යයි. Accident එකකට පස්සේ frame repair කරනවා නම් approved workshop එකකින් කරලා MVI inspection එක pass වෙන්න ඕන. Disabled rider modification වගේ special conversions ද අනුමැතියෙන් කරන්න පුලුවන්.
Lighting systems සම්බන්ධයෙන් ගැසට් කරපු නීතිය අනුව headlight white හෝ yellow විය යුතුයි. Front visibility 300m වටා සහ tail light red 200m visibility maintain විය යුතුයි. Stock lighting systems හෝ properly aligned upgrades legal. නමුත් blue/red headlights, flashing police lights, overly bright HID kits වගේ දේවල් තහනම්. Opposite drivers blind වෙනවා නම් ඒක direct violation එකක්.
crash guard සවි කරනවා නම් බයිසිකලයේ දිග සහ පලළ කියන දෙකට වැඩි නොවිය යුතුය. ඒ වගේ බයිසිකලය හරවන්න සහ වංගු ගන්න වෙලාවේදී එයට බාධා නොවිය යුතුයි. stickers අලවනවා නම් බයිසිකලේ මූලික වර්ණය වෙනස් වෙලා පේන විදිහට ස්ටිකර් කරන්න බෑ.
අංක තහඩු සවි කිරීමේ දී clearly visible, horizontal position, night illumination අත්‍යාවශ්‍යයි. ඒ වගේම straight mount, visible from behind කියන අවශ්‍යතාව සපුරන්න ඕන. ඒ වගේමයි vertical plates, angled plates, hidden plates, no light නම් නීතියෙන් තහනම්. නීතිය කියන්නේ 10m distance එකෙන් plate read කරන්න බැරි නම් violation එකක්.
Exhaust (Silencer) වලදී නම් noise disturb කරන්න බැහැ. stock exhaust, low noise aftermarket පුලුවන් වුනාට kotu silencer, straight pipe, DB killer remove වගේ ඒවා තහනම්. Mudguard සහ tail tidy modifications සම්බන්ධයෙන් full mudguard හෝ proper splash control තිබිය යුතුයි. Mudguard කපා ඉවත් කිරීම හෝ tail tidy kits භාවිතා කිරීම නීති විරෝධීය. Crash guard install කරනකොට bike එකේ dimensions වෙනස් නොවිය යුතුයි සහ steering control එකට බාධා නොවිය යුතුයි.
Phone holder සම්බන්ධයෙන් direct ban එකක් නැති වුවත් riderගේ view එක block කරන්න බැහැ. Speedometer cover නොවෙන low center mount acceptable. නමුත් riding කරන අතරතුර phone use කිරීම distracted driving ලෙස සලකනවා. Motor Traffic Act යටතේ careless/dangerous driving provisions අනුව “අනාරක්ෂිත ලෙස වාහනය ධාවනය නොකළ යුතුය” කියලා සඳහන් වෙනවා.
සරලව ගත්තොත් බයික් එක modify කරනකොට පදවන්නාගේ ආරක්ෂාව සහ අනෙක් අයගේ ආරක්ෂාව කියන දෙකම බලනවා. නීතියේ අරමුණ තමයි accidents prevent කරන එක.
මෙයට අමතරව braking systems upgrade කරනකොට braking efficiency වැඩි වෙනවා නම් acceptable. නමුත් unsafe conversions illegal. Indicators amber colour විය යුතුයි. Horn systems standard sound range තුළ තිබිය යුතුයි. Air horns සහ train horns තහනම්. Tyre sizes manufacturer specification range එක තුළ තිබිය යුතුයි.
නීතියේ මූලික සංකල්පය වන්නේ “roadworthiness” එක maintain කිරීමයි. එනම් vehicle එක සෑම විටම safe, controllable, visible සහ stable විය යුතුයි. Unauthorized modifications තිබේ නම් fitness certificate අහෝසි විය හැක. එමෙන්ම accident එකකදී insurance claims reject වීමේ අවදානමක් ද පවතී.
ඒ නිසා ප්‍රායෝගිකව පදවන්නන්ට කියන්න තියෙන්නේ DMT approval list එක බලන්න. Aftermarket parts ගන්නවා නම් බිල් තියා ගන්න. විශාල වෙනස් කිරීම් කරල නම් MVI Inapection එකක් කරල approval ගන්න. ලස්සන වගේම නීතිය කියන එක ගැනත් හිතල මොඩිෆිකේෂන් කරන්න.
මොකද නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී මෝඩිං කළ බයික් එකක් පදිනකොට පොලිස් පරීක්ෂාවකට හසු වුණොත්,
- වාහනය පොලිස් භාරයට ගැනීම: නීති විරෝධී වෙනස්කම් සහිත වාහන අධිකරණයට ඉදිරිපත් කරන තුරු හෝ ඒවා නැවත මුල් තත්ත්වයට (Original condition) පත් කරන තුරු පොලිස් භාරයට ගැනීමට නිලධාරීන්ට බලය ඇත.
- අධිකරණ දඩ මුදල්: මෝටර් රථ පනත උල්ලංඝනය කිරීම යටතේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් දැඩි දඩ මුදල් නියම කෙරේ.
- වාහන පරීක්ෂක (RMV Motor Vehicle Inspector) වාර්තාව: වාහනය අලුත්වැඩියා කර, ඔරිජිනල් තත්ත්වයට ගෙනැවිත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පරීක්ෂකවරයා ලවා වාහනය මාර්ගයට යෝග්‍ය බවට සහතිකයක් (Fitness Certificate) ලබා ගන්නා තෙක් බයික් එක පාරට දාන්න අවසර ලැබෙන්නේ නැත.
මතක තියාගන්න, 1951 අංක 14 දරණ මෝටර් රථවාහන පනතේ,
19 වගන්තිය – මෝටර් වාහන වෙනස් කිරීම යටතේ ලියාපදිංචි වාහනයක මූලික ව්‍යුහය, වර්ගය, හෝ එන්ජින් ධාරිතාවය වෙනස් කිරීම DMT (Department of Motor Traffic) හි අනුමැතියකින් තොරව කළ නොහැකි බව සඳහන්ය. ඒ අනුව frame cut කිරීම, engine swap කිරීම, wheel base වෙනස් කිරීම, suspension geometry වෙනස් කිරීම, fuel tank relocation වගේ structural changes නීතිවිරෝධීය.
ඉදිකිරීම් සහ උපකරණ රෙගුලාසි (මෝටර් රථවාහන පනත යටතේ) සඳහන් විදිහට "වාහනයක් අවශ්‍ය ආලෝක, කන්ණාඩි, බ්‍රේක්, අංක තහඩු, හෝර්න් වැනි උපකරණ වලින් සපුරා තිබිය යුතුයි. ඒවා prescribed standards අනුව තිබිය යුතුයි."
213 වගන්තිය – අපරික්ෂාකාරී අනාරක්ෂිත රිය ධාවනය යටතේ Modified bike එකක් පදවන්නාගේ view block කරන, phone use කරන, loud exhaust එකක් තියෙනවා නම් එය අනාරක්ෂිත රිය ධාවනය ලෙස සලකනවා. ඒ අනුව වරදක් ලෙස රථවාහන පොලීසියට දඩ නියම කල හැකිය.
122 වගන්තිය – ලියාපදිංචි විස්තර අනුව Engine replace කිරීම, colour change කිරීම, structure alter කිරීම සිදු කරනවා නම් ඒ වෙනස්කිරීම 14 දිනක් ඇතුළත DMT වෙත දැනුම් දිය යුතුයි. එසේ නොකළොත් ලියාපදිංචියේ නොගැලපීමක් ඇති වේ. එය නීතිමය වරදකි.
200 වගන්තිය – වාහන පරීකෂා කිරීම අනුව පොලීසිය හෝ DMT එකට පරික්ෂා කිරීමක් නිර්දේශ කරන්න පුලුවන්. නීති විරෝධී වෙනස් කල වාහනයක් නම් එම වාහනයේ ලියාපදිංචිය අවලංගු කරන්න පුලුවන්.
237A වගන්තිය – හඳුනාගැනීමේ ලකුණු වෙනස් කිරීම හෝ වෙනස් කිරීම අනුව එන්ජින් මාරු කිරීමක් හෝ සැකිල්ලේ වෙනස් කිරීමක් කරලා chassis number / engine number වෙනස් වෙනවා නම් අපරාධ වරදක්. එයට පොලිස් විමර්ශනයක් ආරම්භ වෙනවා.
මෝටර් රථවාහන පනත හා රේගු ආඥා පනතේ විධිවිධාන අනුව ආනයනික කොටස් (exhaust, lights, tyres, accessories) සඳහා තීරු බදු සහ වැට් බදු ගෙවීම කරන්න ඕන. අනවසර ආනයනය (නීති විරෝධී HID kits, police lights, loud exhausts) ආනයනය, ලඟ තබා ගැනීම හෝ විකිණිම රේගු අත්අඩංගුවට ගැනීම හා දඩ නියම කල හැකියි. නවීකරණය කරන ලද බයිසිකල් වාණිජමය වශයෙන් නැවත විකිණීම සිදු කරනවා නම් ව්‍යාපාර ලියාපදිංචිය හා බදු අනුකූලතාවය අත්‍යාවශ්‍යයි.
151 වගන්තිය - රියදුරුගේ සම්පූර්ණ පාලනය යටතේ "මෝටර් වාහනයක රියදුරුට සෑම විටම වාහනයේ පූර්ණ පාලනය තිබිය යුතු අතර එවැනි පාලනයට බාධා කිරීමට කිසිවක් ඉඩ නොදිය යුතුය." හා 216 වගන්තිය - දර්ශනයට බාධා කිරීම යටතේ “මාර්ගය හෝ ගමනාගමනය පිළිබඳ ඔහුගේ දර්ශනයට කිසිදු ආකාරයකින් බාධාවක් ඇත්නම් කිසිදු රියදුරෙකු මෝටර් රථයක් ධාවනය නොකළ යුතුය.” අනුව දුරකථනය නිසා steering ෙහා් handlebar පාලනය අහිමි වෙනවා නම් නීතිවිරෝධීය. දුරකථන රඳවනය නීත්‍යානුකූලව සවි කර (රියදුරුගේ දර්ශනපථය අවහිර නොවන සේ) ඇත්නම් හා රිය පැදවීමේදී භාවිතා නොකරයි නම් නීති විරෝධී නොවන්නේය.
ඉතින් හැමෝම මූලික වශයෙන් මේ නීති රීති දැනගෙන වෙනස්කම් කරල පදින්න කියල ඉල්ලනවා. ඒ් විතරක් නෙවෙයි වාහනයක් පදින ඔයා. ඔයාගේ විතරක් නෙවෙයි, වාහනයේ ගමන් කරන වගේම මාර්ගයේ ගමන් කරන අයගේත් ආරකෂාවට වගකියන්න ඔ්න වගේම වගවීමෙන් කටයුතු කරන්න කියලත් ඉල්ලනවා.ඔයාලගේ වටිනා අදහස් මේකට කොමෙන්ටුවක් දාන්න.

.png)
.png)

