කේන්ද්‍රය සාස්තර සහ අනාවැකි කියල මීට අවුරුදු 10කට විතර කලින් ලිව්ව ලිපියේ දිගුවක් විදිහට මේ ලිපිය ලියන්න හිතුවා. ඒ ලිපිය අස්සේ සරලව මේ ගැන ලිව්ව වුනත් මේ ගැන දීර්ඝ ලිපියක් ලියන්න තරම් කාලයක් ලැබුනේ නැහැ. ඒ පසුගිය කාලය පුරාවට තිබුණ ආර්ථික ව්‍යසනයත් එක්ක මානසිකව තිබුන ගැටලු එක්ක මේ වගේ ලිපියක් ලියන එක කරන්න අමාරුයි.
අටුවාටීකා නැතිව කතාවේ මුලට එන්නම්. ඒ තමයි ජෝතිශ්‍යය සහ විද්‍යාව. පහුගිය කාලය පුරාවට මම අධ්‍යයනය කල දේවල් සහ මිනිස්සු එක්ක කතා කරද්දී ඒ අයගේ අදහස් කොයි තරම් මේ සම්බන්ධයෙන් විමසිලිමත් ද කියන දේ එක්ක මේ ලිපිය තවත් රසවත් වෙනවා. කේන්ද්‍රය කියන්නේ ගණිතය සහ තර්ක ශාස්ත්‍රය එකතු වෙලා හැදුණු විශයක්.
කේන්ද්‍රය සහ ඒකේ දකින්න තියෙන මූලික දේවල් ගැන මම මතක් කරල ඉන්නම්. මූලිකව කේන්ද්‍රයක කොටස් 13කට බෙදපු විශාල කොටු තියෙනවා. සාමාන්‍යෙයන් දැන් හදන කේන්ද්‍රයක මේ වගේ කොටු දෙකක් විතරක් තිබුනත් පැරණි කෙන්ද්‍ර වලදී මේ වගේ කොටු හතරක් තියෙනවා. දැන් කේන්ද්‍ර වල මේ ප්‍රධාන කොටු වල මැදින් තියෙන කොටුවේ ලග්න කේන්ද්‍රම් සහ අනෙකේ නවාංශක කේන්ද්‍රමි කියල ලියල තියෙනවා. පැරණි ඒවායේ ඊට අමතරව සූර්ය හා චන්ද්‍ර කේන්ද්‍රම් කියල දෙකක් තියෙනවා. මේ කියන කෙටු උපකොටස් වලට බෙදල ඒවායේ ඇතුලේ තියෙන දේවල් ලියන එක ගණිතමය විදිහට තමයි කරල තියෙන්නේ.ජෝතිශ්‍ය ඇතුලේ මූලික ව උපකල්පනය කරන දෙයක් තමයි සලකන සියලු ග්‍රහලෝක, චන්ද්‍ර කලාවන් හා තාරකා රාශි සියල්ල පෘථිවිය වටා තල වෘත්තයක සිදු වෙනවා කියන එක. තව සංකල්පමය වශයෙන් ග්‍රහලෝක හා චන්ද්‍ර කලාවන් එකම පාරක යනවා කියන එක. ඉතින් හිතන්න පෘථිවිය වටේ තියෙන් අංශක 360ක ප්‍රමාණය මේ සියලු වස්තූන්ට බෙදෙනවා. ඒ වගේමයි තාරකා රාශි ටික ස්ථිර තැන් වල තියෙන බවත් අනිත් ඇවිදින ග්‍රහ වස්තු ඒ ඒ තැන් වල උප්පත්ති වෙලාවේ දී පිහිටනවා කියන එකත් උපකල්පනය කරනවා. තවද හිරු සඳු දෙකත් ග්‍රහලෝක දෙකක් විදිහටම තමයි සලකලා තියෙන්නේ. මේ දේවල් වලට හේතුව ජෝතිශ්‍යය බිහිවන වකවානුව වෙද්දී තරු රටා ග්‍රහලෝක හා හිරු සඳු තිබුනා වුනත් ඒ අයගේ සැබෑ පිහිටීම් සම්බන්ධයෙන් අධ්‍යයන නොතිබීමයි. ඒ නිසා ඇහැට පේන විදිහෙන් මේවායේ ගමන තීරණය වෙලා තියෙනවා.
ඉහත කියපු අංශක 360ක ප්‍රමාණය අපි සලකනු ලබන රාශි 12ට බෙදුවාම අංශක 30ක ප්‍රමාණයක එක රාශියක්. තියෙනවා. ඔන්න එය ප්‍රමාණය තමා ලග්න කේන්ද්‍රය හදන්න ගන්නේ. ඒකෙන් 9න් එකක් වන අංශය 3 කලා 20ක ප්‍රමාණය නවාංශක කේන්ද්‍රයට ගන්නවා. සමහර ලග්න සඳහා නවාංශක රාශි නැහැ. ඒ නිසා තමයි 12න් බෙදන්නේ නැතිව 9ට බෙදන්නේ. ඒ වගේම තමයි කාලය තමා මේ ලග්න ඇතුලේ ග්‍රහ පිහිටීමට බලපාන්නේ. ඉතින් අපි අවුරුද්ද කොටස් වලට බෙදන්න පටන් ගන්නවා. වසරක කාලය 12න් බෙදුවාම එන මාසයක කාලය ඇතුලේ ලග්න ටික තියල තියෙනවා. ඒ මාසය නවයට බෙදුවාම අපි අයිති නවාංශකයට අයිති කාල ප්‍රමාණය හදා ගන්නවා. දින 3 පැය අටක ප්‍රමාණය තමයි ඒ. ඉතින් ඒ අතර කාලයේ උපදින සියල්ලන්ටම එකම විදිහේ සිදු වීම් සිදුවීමේ “සම්භාවිතාවක්“ තියෙනවා.දැන් අපි පොඩ්ඩක් ජෝතිශ්‍යය නිර්මාණය වුන කාලෙට ටිකක් ගිහින් බලමු. ඒ වෙලාවේ දී මේ වගේ සිදුවීම් සහ කේන්ද්‍ර ගණණාවක් නිරීක්‍ෂණය කරල ඒවායේ ප්‍රථිපල සංසන්දනය කරල නිර්මාණය වුනා කියල හිතන්න පුලුවන්. මෙතැනදී කට්ටිය තර්ක කරන්න පුලුවන් මේක මහා බ්‍රහ්මයා ඇවිත් කාටදෝ දීල ගියාය. ඒකෙන් පැවතෙනවාය කියල. කමක් නෑ ඒ අයට එහෙම හිතා ලන්න පුලුවන්. මොකද මේකේ පැවැත්ම තියෙන්නේ විශ්වාසය එක්ක නිසා. හැබැයි මෙතැනදී භාවිතා වෙන්නේ මම නිතරම කියන ක්‍රමයක්. ඒ තමයි “ඔබ සිදුවීම් දහසක් විසඳුම් සහිතව දන්නවා නම් එක් දහස් එක ලෙස සිදු වීමක් නොමැත“ යන්නයි. නමුත් එය ජෝතිශ්‍යය ආරම්බ වුන කාලයට සත්‍යයක් වුනත් අද කාලයට කොයි තරම් දුරකට සාර්ථකද කියන එක අවුලක්. ඒ නිසා ඒක මේ විදිහෙන් වෙනස් වෙන්න ඕන කියල හිතනවා. ඒ තමයි “ඔබ සිදුවීම් මිලියනයක් විසඳුම් සහිතව දන්නවා නම් එක් මිලියන එක ලෙස සිදුවීමක් නොමැත“ ලෙසයි.
මේක සිදුවෙන හැටි ගැන අවශ්‍ය නම් කොමෙන්ට් දාල තියන්න. අපි ඒ ගැන තවත් ලිපියකින් කතා කරමු.
හරි අපි හිතමු කොහොමද මෙයාල මේ පුරෝකථනය කරන වැඩ කරන්නේ කොහොමද කියල. එතනදී එයාල ගාව තියෙනවා දත්ත පද්ධතියක්. මම මේ කියන දේවල් අද කාලේ හැටියට ගැලපෙන්න ලියනවා. මොකද අද කාලේ කෙනෙක්ට “සුදු අශ්වයෝ හතර දෙනෙක් බැඳපු අශ්වකරත්තයක් හිමි අයෙක්“ කිව්වට නොතේරුනාට අවුඩියක්, ලැම්බෝගිනියක් තියෙන එකෙක් කිව්වම තේරෙන නිසා. ඉතින් මේ දත්ත පද්ධකතිය ඇතුලේ තියෙනවා එක් එක් ග්‍රහයා, රාශි සහ ඒවායේ විය හැකි සංයෝගයන් නිසා සිදු වෙන්න පුලුවන් දේවල් ගැන. ඔය විදිහට එක් පුද්ගලයෙක් සඳහා අපි සලකන ග්‍රහයන් 9ත් රාශි 12 සහ සැලකුවාම විතරක් විය හැකියාවන් 2^22 විතර තියෙනවා. ඒ කියන්නේ විය හැකියාවන් ආසන්න වශයෙන් 4,194,304 විතර.
දැන් මේකේ ඊලඟ කොටස, අපි කියමු කවුරු හරි කෙනක් උපන්නා කියල. තත් කාලයේ ඒ පුද්ගලයාගේ උප්පත්ති කෙන්ද්‍රය හදනවා කියන්නේ ඒ වෙලාවේ දී ග්‍රහයන්ගේ පිහිටීම ලියනවා කියන එක. ඉතින් මේක කරන්න ග්‍රහලෝක පෙනෙන්නේ නැති නිසා දන්නා වෙලාවක ග්‍රහලෝක වල පිහිටීම අරගෙන දැන් වෙනකන් ගතවුන කාලය අනුව සිදුවෙලා තියෙන වෙනස්කම් සලකලා පිහිටීම ගන්න එක. ඒ වෙනස අනුව දැන් ග්‍රහලෝක හා රාශි පිහිටීම තියෙන සටහන තමා අපි කේන්ද්‍රය කියල කියන්නේ. ඊට පස්සේ අපි කරන්නේ අර කිලින් කිව්ව දත්ත පද්ධතිය අනුව මේ පුද්ගලයාගේ ග්‍රහ පිහිටුම් වලට අදාල විය හැකියාවන් එකිනෙක තිය තිය තර්ක කරන එක. කොටින්ම කිව්වොත් සිදුවිය හැකියාවන් වල පොදු කොටස ගන්නවා. අන්න ඒ්ක අනුව අපි කියනවා මේ දේ වෙන්න පුලුවන් කියල. ඒක අද තියෙන ග්‍රහ පිහිටුමේ ඉඳන් තව මාසයක්, අවුරුද්දක් වෙනකම් වුනත් ග්‍රහ පිහිටීම් ගණනය කරල ඒ ඒන ඒවට අදාල පොදු සිදුවීම් බලල වෙන්න පුලුවන් දේ පුරෝකථනය කරන්න පුලුවන්.
හැබැයි මෙතැනදී තව දෙයක් වෙනවා. අපි හිතමු අපි කෙනෙක්ගේ කේන්ද්‍රය බලල කියනව කියල එයා ඊලඟ සතිය තුල පඩිපෙලකින් වැටිල තුවාල වෙන්න පුලුවන් කියල. ඊට පස්සේ එයා හොඳින් පරිස්සම් වෙනව. පඩිපෙලවල් වලින් යද්දි විශේෂිතව පරිස්සම් වුනා නම් වැටෙන්නේ නැතිව බේරෙන්න පුලුවන්. ඊට පස්සේ කියන්න පුලුවන් කේන්ද්‍රය බොරු කියල. ඒක සාධාරණ නිවැරදි තර්කයක් නෙවෙයි. මොකද කේන්ද්‍රය කියන්නේ ජොතිශ්‍ය විද්‍යාව අනුව විය හැකියාවක් කියන එකක්, එහෙම නැතිනම් පුරෝකථනයක් කරන දෙයක්. කෙනෙක්ට අධිෂ්ථාන කරල ඒ දේ වෙනස් කර ගන්න හැකියාවක් තියෙනවා. අපි හිතමු අපි x කියල කෙනෙක්ගේ කේන්ද්‍රය බලල y කියන කෙනාට විස්තරය කියනව කියල. දැන් කිසිම දෙයක් නොදන්න x විශේෂ පරිස්සමක් වෙන්නේ නෑ. අන්න ඒ වගේ වෙලාවකදී අපිට මේකේ නිවැරදි බව බලන්න පුලුවන්.
කොහොම වුනත් විශයක් හැටියට හදාරන විට ගණිතය හා තර්කය දන්න කෙනෙක්ට මේක පහසුවෙන් ග්‍රහණය කරගන්න පුලුවන්. ඉතින් ඔයාලගේ අදහසුත් ලියන්න. පස්සේ වෙලාවක ආයෙත් මේ ගැන ලිපියකින් එන්නම්. එතෙක් ජය.