ශතවර්ෂයේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය - 2018 ජූලි 27 වැනිදා

2000 වර්ෂයේ ජූලි මස 16 වැනිදායින් පසුව පෙනෙන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය 2018 ජූලි මස 27 වැනිදා සිදුවේ. නැවත මෙවැනි අවස්ථාවක් ලැබෙනුනේ 2036 අගෝස්තු මස 7 වැනිදාය. නමුත් එය යුරෝපය හා අප්‍රිකානු රටවලට පෙනුනද ලංකාවට නෙපෙනෙනු ඇත.
චන්ද්‍රග්‍රහණයක් ඇතිවන ආකාරය මීට පෙර මා ලියූ ලිපියක් වන 2018 ජනවාරියේ ඇති වූ චන්ද්‍රග්‍රහණය ගැන ලිපියේ විස්තර කරා මතක ඇති. අමතක අයට මෙන්න ලින්කුව ඒකටත්....

http://sulakkhana.blogspot.com/2018/01/2018.html

මෙවර ජූලි 27 රාත්‍රියේ සිදුවන චන්ද්‍රග්‍රහණය වඩා දීර්ඝ එකක් වන්නේ සඳ ගමන් කරන ඉලිප්සාකාර මාර්ගයේ දීර්ඝ කෙලවර ආසන්නයේ පිහිටුමකදී මෙම සිදුවීම සිදුවීමයි. සම්පූර්ණ සිදුවීම පැය 6 මිනිත්තු 14ක පමණ කාලයක් සිදුවන අතර පූර්ණ චන්ද්‍රග්‍රහන කාලය පැය 1 මිනිත්තු 43ක පමන කාලයක් සිදුවනු ඇත.

චන්ද්‍රග්‍රහණයේ ආරම්භය 27 දා රාත්‍රී 10.44 ට ආරම්භ වන අතර පූර්ණ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීම මධ්‍යම රාත්‍රිය පසුවී උදෑසන 1.00ට ආරම්භ වේ. එහි උපරිමය උදෑසන 1.51 පමණ වන විට සිදුවන අතර පූර්ණ සෙවනැල්ලේ අවසානය උදෑසන 2.43 ට පමණ අවසන්වේ. සම්පූර්ණ සිදුවීම අවසන් වන්නේ උදෑසන 4.58 පමණ වෙද්දීය. මෙම චන්ද්‍රග්‍රහනය ප්‍රමාණයෙන් 1.609ක් පමණ වේ යැයි අනුමාන කෙරේ. මෙම ප්‍රමාණය යනු සඳේ හා සෙවනැල්ලෙන් වසාගන්නා ප්‍රමාණය අතර අනුපාතයයි. උදාහරණ වශයෙන් සඳ මත සෙවනැල්ලෙන් වැසෙන ප්‍රමාණය භාගයක් නම් අප චන්ද්‍රග්‍රහණයේ ප්‍රමාණය 0.5 ක් යැයි කියනු ලැබේ.



මීට අමතරව මේ දින වල සිදුවෙමින් පවතින අඟහරුගේ දීප්තිමත් රතු පැහැය ඇතිවීමත් අපට දකින්න පුළුවන්. එමෙන්ම අඟහරුගේ ප්‍රතිවිරුද්ධ පැත්ත දර්ශනය වීම නිසා ඇතිවන මෙම සිදුවීමේ උපරිමය ජූලි මස 27 වනදා සිදුවනු ඇත. නමුත් චන්ද්‍රයාගේ දීප්තිය නිසා එය දැකිය නොහැකි වුවද චන්ද්‍රග්‍රහණය අවස්ථාවේදී එයද නිරීක්‍ෂණය කිරීමට හැකිවනු ඇත.

මීට අමතරව ජූලි මස දර්ශනයවන ඩෙල්ටා ඇක්වාරිඩ්ස් උල්කා වර්ෂාවද පියවි ඇසින් දැකගැනීමේ වාසනාව අගෝස්තු ආරම්භය වනතුරු තිබේ. නමුත් හොඳින් අඳුරු දිනයක උල්කා 30-50 අතර ප්‍රමාණයක් දිස්වන බැවින් හඳුනාගැනීමේ අපහසුතාවයක් පැවතිය හැකිය.

4 comments:

  1. වැදගත් තොරතුරු ටිකක් සහෝ. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. මේව හරියට අපට බලාගන්න බැරි එක තමයි දුක
    විචාරක දියණිය

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!