මෙගා පික්සල් බිලියන 24.9ක පින්තූරයේ කතාව

මම මේ ලියන්න යන්නේ මේ දවස් වල මුහුණු පොත පුරාම කතාබහට ලක්වෙලා තියෙන පින්තූරයක් ගැන විස්තරයක්. ඒ තමයි මෙගා පික්සල් බිලියන 24.9ක් වන චීනයේ චන්ද්‍රිකාවක් මගින් ගත්තා යැයි කියන පින්තූරයක්. මෙය කෙතරම් විශාල කර දැකිය හැකිදැයි කීවොත් අවසානයේ අවසාන මිනිසෙකු පවා පැහැදිලිව දැකිය හැකි වන අයුරින් නිර්මාණය කර තිබෙනවා.

මේ ඒ පින්තූරය බලන්න යන්න තියෙන සබැදිය

දැන් අපි බලමු මේ පින්තූරය ලැන පැහැදිලි කර ගන්නේ කොහමද කියල. ඇත්තටම මේ පින්තූරය දන්ද්‍රිකාවකින් ගත්තු ඡායාරූපයක් නම් නෙවෙයි. එහෙමත් නැතිනම් අධික විභේදනයක් ඇති කැමරාවකින් ගත්තු එකකුත් නෙවෙයි. ඇත්තටම මේක පින්තූර දහස් ගානක් එකතු කරල හදපු එක ඡායාරූපයක් යැයි කීවොත් තමයි වඩාත් නිවැරදි වෙන්නේ.

කොහොමද එහෙම පින්තූරයක් ගන්නේ.....?

දැන් මම කියන්නම් මේ පින්තූරය ගන්නේ කොහෙමද කියල... මේ වගේ පින්තූරයක් ගන්න ආරම්භ කරන්න අපිට වුනත් පුළුවන් නමුත් ගැටලුව තියෙන්නේ අවසාන ප්‍රතිපලය ගන්න තරම් විදිහක් නැතිකම. 

මේ පින්තූරය ඇතුලේ ක්‍රමවේද දෙකක් භාවිතා වෙනවා. එකක් තමයි පරිදර්ශන ඡායාරූප ලබා ගැනීම එහෙමත් නැතිනම් Panoramic Images සකස් කිරීම.. ඒ ගැන කියවන්න මෙතැනින් යන්න. 

දෙවැන්න තමයි Focusing Stacking තාක්‍ෂණය භාවිතා කිරීම.. ඒ ගැන කියවන්න මෙතැනින්....

මෙන්න මේ ඉහත කියපු ක්‍රම දෙකම භාවිතා කරල අපිට මේ විදිහේ ඡායාරූපයක් සකස් කර ගන්න පුළුවන්...

එතකොට මොකක්ද දුෂ්කරතාවය වෙන්නේ...? ඇයි එහෙම ඒවා අපේ අය නොකරන්නේ.....?

ඒකට හේතුව තමයි අවසාන ප්‍රතිඵලය ගන්න ඕන කරන තරමේ ගබඩා පහසුකම් හා පරිගණක පහසුකම් නොමැති වීම. 

දැන් මම කියන්නම් මේ කවුරුත් කතා කරන පින්තූරය ගැන පොඩි විස්තරයක්.. මේ පින්තූරය අරන් තියෙන්නේ Shanghai වල තියෙන Oriental Pearl Tower එක මුදුනේ ඉදන් තමයි අරගෙන තියෙන්නේ.. මේ පින්තූරය අරගත්තු සමාගම කියන විදිහට නම් මේ පින්තූරය පික්සල් බිලියන 195කින් සමන්විත වෙනවා. එය අංශක 360ම පේන විදිහට අරගෙන තියෙන්නේ සම්පූර්ණ වශයෙන් පින්තූර දහස් ගානක එකතුවකින්.

වෙන මේ ජාතියේ පින්තූර නැද්ද

ඔයාල මේ කතා කරන පින්තූරය දැනට ලෝකයේ තියෙන තුන්වන විශාලම ඡායාරූපය වෙනවා. ඒ වගේම ආසියාවේ තිබෙන විශාලතම ඡායාරූපය වෙනවා. මෙන්න ඒ ගැන ලිස්ට් එකක් විදිහට..

1. මැලේෂියාවේ ක්වාලාලාම්පූර් හි ඡායාරූපය ගිගා පික්සල් 846කින් යුක්තව 2014 වර්ෂයේදී පින්තූර 31000 කට අධික ඡායාරූප ප්‍රමාණයකින්

2. සදෙහි උත්තර ධ්‍රැවය ප්‍රදේශයේ මතුපිට ඡායාරූපය ගිගා පික්සල් 681 කින් යුක්තව 2010-2013 කාලයේදී ඡායාරූප 10581කින් සකස් කර ඇත

3. පැරගුවේ හි පැරණි නගරය ගිගා පික්සල් 405කින් යුක්තව 2018 දී පින්තූර 8000ක එකතුවකින්

4. Murcia Coast හි ඡාාරූපය ගිගා පික්සල් 402කින් යුක්තව 2015 දී

5. Mont-Blanc හි ඡායාරූපය ගිගා පික්සල් 365කින් යුක්තව 2015 දී පින්තූර 70000ක එකතුවක්

6. ලන්ඩන් නගරයෙහි ඡායාරූපය ගිගා පික්සල 320කින් යුතුව 2013 දී 

මම හිතන්නේ ඇති නේද?  මේ ලිස්ට් එක සෑහෙන දිගයි. පින්තූර ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ පින්තූරය මැජික් එකක නොවේ.. ඔබට මට වුවද කාලය මිඩංගු කිරීමෙන් ගත හැකියි. නමුත් ගබඩා කරන්නේ කොහිද? මෙහි අංක 1 යටතේ ඇති පින්තූරයේ Thumbnail එක විතරක් 1.5TB තරම් වනවා.. 

උදාහරණ විදිහට අංක 5 යටතේ තියෙන ඡායාරූපය ගන්න භාවිතා කරල තියෙන්නේ Canon 70D කැමරාවක්, Canon EF 400mm f/2.8 II IS ලෙන්ස් එක සහ Canon Extender 2x III එකක් විශේෂිතව සකස් කරන ලද රොබෝ මවුන්ට් එකක තියල පැය 35ක් තිස්සේ ඡායාරූප 70000ක් අරගෙන. අවසානයේ 46TB ප්‍රමාණයකින් යුතු File එකක් මාස දෙකක් තිස්සේ post process කරල තමයි අවසාන ඡායාරූපය සකස් කරල තියෙන්නේ. පින්තූරය අරන් තියෙන්නේ සෙල්සියස් අංශක -10ක උෂ්ණත්වය තියෙන තැනක ඉදගෙන..

මෙන්න ඒ පින්තූරය
http://www.in2white.com/

මෙන්න ඒ පින්තූරය ගත්ත විදිහ ගැන වීඩියෝවක්
https://www.youtube.com/watch?v=Dwyx0h9h8zg

ඔයාලටත් මේ  තරම් විදිහේ කැපකිරීමක් සහ මේ විදිහේ පින්තූරයක් අවසාන සංස්කරණය කරන්න විදිහක් තියේ නම් උත්සාහ කරල බලන්න.. කරන්න බැරි දෙයක් නම් නෙවෙයි. නමුත් අපට අවශ්‍ය සම්පත් හොයා ගන්න එක තමා අමාරුම කාර්යය වන්නේ... 

කොහෙම වුනත් ලෝකයේ තවත් මේ වගේ නිර්මාණ බිහිවේවි. අද වන විට ගිනස් වාර්තාවක් පිහිටවපු මෙවන් ඡායාරුපයක් තියෙන නිසා ඒ වාර්ථාව බිදින්නත් ගොඩක් අය උත්සාහ කරනවා. ඒ නිසාම මේ සම්බන්ධයෙන් ලෝකයේ තරග පවා තියෙනවා. විශාලතම ඡායාරූපය, වැඩිම විභේදනයක් ඇති ඡායාරූපය වශයෙන්.

ස්තූතියි..

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!