මගේ ගමන් බිමන් පනස් හයවන කොටස - පොරවගල නැරඹුම

බණ්ඩාරවෙල කියන්නේ ලංකාවේ හරිත නගරය කියලගයි කියන්නේ. මේ කියන නැරඹුම් සථානය තියෙන්නෙත් බණ්ඩාරවෙල. ලංකාවේ තියෙන ලස්සන නගර වලින් එකක් තමයි බණ්ඩාරවෙල. ඒකට හේතුව අපි දකින කඳුපන්ති හා ඇහැට ප්‍රිය ජනක වර්ණ සංකලනයන් තිබීම. නාගරීකරණය එක්ක ගොඩක් දේවල් විනාස වෙලා ගියත් ඒ තුලත් රිද්මයක් සැකසිලා තියෙන්නේ කඳුපන්ති නිසාමයි.
බණ්ඩාරවෙල නගර සීමාවේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයය අසලින් ඉහලට තියෙන පාරේ ගියාම  මහඋල්පත විහාරය ගාවටත් විහාරය ගාවින් තියෙන පාරේ ගියා නම් මෙතැනටත් යන්න පුළුවන්. ලස්සන තැනක් වගේම පල්ලම ආසන්නයට යෑම නම් භයානකයි. උපරිම වින්දනයකින් බලන්න නම් අපට ටිකක් විතර මීදුම අඩු දවසක යන්න වෙනවා.
එක පැත්තකින් පෙනෙන නමුණුකුල කඳු වැටියත් අනෙක් පැත්තෙන් පෙනෙන පිදුරුතලාගල කන්දත් පහසුවෙනන් හඳුනාගන්න පුළුවන් වගේම මඳ වැස්සකට පස්සේ නම් නමුණුකුල කන්ද අපූරු කොල පැහැයට හුරු නිල් පැහැයකින් දිස්වෙන බවයි කියන්නේ. මෙතැන තියෙන ගල්තලාවේ ඉඳන් බැලුවම කිණිගම දුම්රිය ස්ථානය හා එතැන තියෙන බිංගෙය බලන්න පුළුවන් වගේම එතැනින් දුම්රියක් එන වෙලාවේදී බලන්න පුළුවන් නම් අපූරුයි. ඒ එන දුම්රිය අපි ලඟින් පහලින් ගිහින් ඈතට යනකම් සැරින් සැරේ එබෙමින් තමයි යන්නේ. ඒ කඳු වටෙන් දුවන රේල් පාර හින්දා. සැරින් සැරේ අතුරුදහන් වෙන්නේ සද්දේ විතරක් කන් වලට ඇහෙන්න දීලයි. ඒක හරි අපූරු චිත්‍රයක්.


මෙතැන ලස්සන දකින්න එන්න. බස් එකක් නම් එන්න බැහැ. නමුත් වෑන් එකක් වගේ නම් එන්න පුළුවන්. හැබැයි ඇවිත් මෙතැන පොලිතින්, වීදුරු කටු වගේ දේවල් දාලා අපවිත්‍ර කරනව එහෙම නම් නෙවෙයි. ලංකාවේ ලස්සන තැන ගොඩක් එක්ක අයේ ලිපියක් ලියනකල් හැමෝටම ආයුබෝවන්. ලිපි වල තියෙන තැන වලට යන්න කැමතිනම් හරි තව විස්තර ඕන නම් හරි මගෙන් අහන්න පුළුවන්. මූණු පොතෙන් හරි කොමෙන්ටුවකින් හරි අහන්න... ලස්සන විඳින්න විනාස කරන්නේ නැතුව.

2 comments:

  1. ඔබගේ ගමන් වල කතා සියල්ල සුන්දරයි. අපි ආසාවෙන් කියවනවා.

    දිගටම ලියන්න....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ කවුරු වුනත්

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!