මගේ ගමන් බිමන් පනස් තුන්වන කොටස - රාවණා ඇල්ල

බදුල්ල - බණ්ඩාරවෙල පාරේ කුඹල්වෙල හංදියේ ඉඳන් කිලෝමිටර 10ක් විතර ගියාම පාර අද්දර ඉඳන් බලන්න පුළුවන් දිය ඇල්ලක් තමයි රාවණා ඇල්ල කියන්නේ. පාර හරහා තියෙන පාලමේ ඉඳන් සුන්දරත්වය විඳින්න පුළුවන්. මීටර 25ක් විතර උස දිය ඇල්ල ගැන පුරාවෘත රැසක් අහන්න පුළුවන්.

එයින් ප්‍රසිද්ධම කතාන්දරය වන්නේ රාවණ රජු විසින් සීතා දේවිය රඳවා තැබුවා යන කතාන්දරයයි. සීතාදේවිය රැගෙන විත් සියළු ආරක්‍ෂාව සහිතව දිය ඇල්ල පිටුපස ඇති උමඟක සඟවා තැබූ බවටත් පැවසෙනවා. තවද දිය ඇල්ල ඇති සාදින්නාගල කන්දේ උමං ඇති බවත් එය එකල රාවණ රජුන්ගේ පුෂ්පක රථය එහෙමත් නැතිනම් දඬුමොණරය නවතා තැබූ තැනක් යැයිද විස්වාස කරනවා.

කොහොම වුනත් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනා මේ දිය ඇල්ලේ සුන්දරත්ව විඳගන්න නම් අමතක කරන්නේ නැහැ. 


No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!