මගේ ගමන් බිමන් විසිහය වන කොටස - සමනබැද්ද පුරාණ ගල්ලෙන් විහාරය

අම්පාර - නුවර මාර්ගයේ අම්පාරේ ඉඳන් කිලෝමීටර 6ක් විතර යද්දී හමුවෙන ස්ථානයක්. පාර අද්දර දාල තියෙන නාම පුවරු දෙකක් දකින්න පුළුවන්. එකක් පුරාණ විහාරයට. අනික පිරිවෙනට. මේ දෙතැනම වනාන්තරය තුලිනුත් සම්බන්ධයි. මෙතැන ගැන කියන්න නම් වැඩි විස්තරයක් නැහැ. ඒත් පුරාණ ස්ථානයක් විදිහට නම් ප්‍රසිද්ධයි.









ඉතිහාසය ගැන විමසුවාම ලැබෙන්නේ නම් සතුටුදායක ප්‍රතිථලයක් නම් නොවෙයි. මොකද මේ ස්ථානයේ ගවේශන කටයුතු කාලයක් තිස්සේ නවත්තල දාල. අහද්දි කියන්නේ මේ පිළිබඳ කියන්න තරම් විස්තර නැහැ. සද්ධාතිස්ස රජ සමය දක්වා විහිදෙන ඉතිහාසයක් තියෙනවා කියලයි.

මෙහි තියෙන කටාරම් සහිත පිහිටි ගල් ලෙනක් තුල කල බුදු පිළිමය හා විහාරය මේ ප්‍රදේශයේ දක්නට නොලැබෙන ආකාරයේ නිසාවෙන් විශේෂ කමක් මෙතැනට ලැබිල තියෙනවා. කැඩී බිඳී ගිය චෛත්‍යයක් ගල් ලෙන් හා කුටි වල නටඹුන් වනාන්තරය තුල තැන තැන දකින්න පුළුවන්. වනය තුල කුඩා සෙල්ලිපියක් දකින්න ලැබුණා එහි සඳහන් වෙලා තියෙන්නේ නිසිමි කියලයි. ඒත් ඒකේ තේරුම නම් දන්නේ නැහැ.









ගල්ලෙන තුල තබා ඇති කිරිගරුඬින් කල බුදුරුවක් දකින්න පුළුවන්. අත් හා හිස නොමැති වුවත් අත් සම්බන්ධ කර තිබූ බවට නම් සාක්‍ෂි තියෙනවා. වනාන්තරය තුල විශාල ප්‍රදේශයක් පුරා පැවත ඇති මේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානය වනාන්තරයටම අයිති කරමින් අත්හැර දාලයි තියෙන්නේ. පුරාවිද්‍යා ආයතනය විසින් සවිකල දැන්වීම් පුවරු පවා බිඳී වැටෙමින් යන මෙය පිළිබඳ අවධානය යොමුකරනවා නම් ගොඩක් වටිනවා.













ඒ වාගේම මේ වගේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන විශාල ප්‍රමාණයක් ඇතත් ඒ පිළිබඳ විස්තර හොයන්න විතරක් නොවෙයි ඒ පිළිබඳ සඳහන් කරන්නත් මගේ ගමන් බිමන් වලට ඇති බාධා අනන්තයි. ඒ, ඒ ප්‍රදේශයන්ට මම අළුත් මුහුණක් නිසාවෙන් අහන ප්‍රශ්ණ හා සොයා බැලීම් වලදී ප්‍රදේශවාසීන් පිළිතුරු දෙන්න අකමැති වීම හා මම කවුද, කරන්න උත්සාහ කරන්නේ කුමක්දැයි සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමේ අපහසුතාව නිසාවෙන් ඇතිවන ගැටළුයි. මේ බාධා සියල්ලෙන්ම මිදුනු තැන් වල ඇති දේ ගැන තව ඉදිරියට විස්තර ගේන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම ආයුබෝවන්....!

6 comments:

  1. මෙහෙම එකක් දැක්කමයි හොද අදහස් නම් තියෙයි එලටම එත් කවුරුත් කමෙන්ට් කරල නෑ o.O

    ReplyDelete
  2. අද ඉඳන් ඕන්න මම හැමදාම එනව මේ පැත්තේ...
    ඒ තරම් වටිනා සටහන් මෙව්වා..
    ජය!

    ReplyDelete
  3. ඉස්කෝලෙ යන කාලේ හැමදාම ඔතන පහු කරගෙන ගියා. එත් ඔහොම දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ පිරිවෙන ගැන මිසක්. ඊට පස්සේ රටේම තියෙන සෙල්ලිපි හොයලා කියවනවා. ඒත් ඔය තැන මග ඇරිලා. හරිම පුදුමයි. එත් හුගක් ස්තුතියි. මේ පාර ගියාම ඉස්සෙල්ලාම බලන්න යන්නේ එතැන

    ReplyDelete
  4. ඉස්කෝලෙ යන කාලේ හැමදාම ඔතන පහු කරගෙන ගියා. එත් ඔහොම දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ පිරිවෙන ගැන මිසක්. ඊට පස්සේ රටේම තියෙන සෙල්ලිපි හොයලා කියවනවා. ඒත් ඔය තැන මග ඇරිලා. හරිම පුදුමයි. එත් හුගක් ස්තුතියි. මේ පාර ගියාම ඉස්සෙල්ලාම බලන්න යන්නේ එතැන

    ReplyDelete
    Replies
    1. අපට මඟහැරුණු තැන් අනන්තයිග විශේෂයෙන් තමන් ඉන්න ප්‍රදේශයේ.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!