මගේ ගමන් බිමන් විසිහත්වන කොටස - ගලබැද්ද බිසෝ පොකුණ

මොණරාගල අම්පාර මාර්ගයේ මොණරාගල ඉඳන් කිලෝමීටර  10ක් විතර යද්දී මෙන්න මේ නාම පුවරුව ලගින් ඇතුලට යන්න ඕන. එතැන තියෙනවා මේ පොකුණ.









12වන සියවසට අයත් කියල සලකන ගලබැද්ද බිසෝ පොකුණ සහිත මාලිගා සංකීර්ණයේ නටඹුන් ප්‍රාදේශික රැජිණක් වුන සුගලා දේවියගේ යැයි සැලකෙනවා. ගලින් කල පොකුණ, එයට ජලය ඒමට සකස් කල උමං පද්ධතිය හා පොකුණට ජලය වැටීමට සකස් කල මකර කට සතර නිසාවෙන් මෙය අලංකෘත නිර්මාණයක් බවට පත්වෙනවා. මේ ප්‍රදේශයේ තියෙන අනෙක් නිර්මාණ කලාවන්ට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කරන නිසා මෙය හුදකලා විශිෂ්ඨ ස්ථානයක් බවට පත්වෙලා.












තවද මෙහි ඇති නටඹුන් වුන වැසිකිලියද විශේෂිතම නිර්මාණයක් වන අතර මෙවැන්නක් වෙන ස්ථානයක දකින්න ලැබී නැති බවත් කියවෙනවා. පොකුණ පසෙකින් දකින්නට ලැබෙන මෙම වැසිකිළිය ගලෙන් සාරා කරන ලද නිර්මාණයකි. පොකුණ වටා ගල් කණු සකස් කර තිබු බවටත් සාක්‍ෂි දකින්න පුළුවන්.

2 comments:

  1. බොහොම ස්තුතියි මේ සටහනට
    කුමාර පොකුණ, රන්මසු උයන තැන්වල ඇති පොකුණු ආර මයි නේද මේතත්...
    ඒත් වැසිකිලි ගල නම් විශිෂ්ඨයි
    මේවායින් වෑස්සෙන මුත්‍රා පෙරී යන්න මුට්ටි හතකින් යුත් පෙරහන් පාවිච්චි කල බවට පැහැදිලි සාක්ෂි තියනවා

    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම පොකුණු ආර එහෙමමයි. නමුත් වැසිකිලියක් අසල නිර්මාණය කියන දේ අනිත් තැන්වල නැහැ.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!