මගේ ගමන් බිමන් විසි එක්වන කොටස - ඓතිහාසික කදුරුගොඩ විහාරය

මේ තියෙන්නේ තවත් අම්පාර ප්‍රදේශයේ තියෙන අප්‍රකට විහාරයක් වුනත් ඒක අපේ හෙළ ඉතිහාසය කියාපාන තැනක්. කලින් ලිපි වල සඳහන් වුන විදිහටම මේකත් සිටියාවූ ප්‍රාදේශිය රජු වන සද්ධාතිස්ස රජුගේ නිර්මාණයක්. මෙහි අතීතය ගැන විශාල විස්තරයක් නැතත් එහි ඇති ස්ථාන වල සුවිශේෂත්වය නම් කතා කල යුතුමයි. අප කලින් දැනගත් පබ්බත ගිරයේ අනෙක් පැන්ත වන මෙය නාමල් ඔය (කුඩා කණ්ඩිය වැව) ආසන්නයේ ඇති විහාරයක්. අම්පාර ඉඟිනියාගල මාර්ගයේ පැමිණ බිබිල මාර්ගයට පිවිස ටික දුරක් ආ පසු මෙම ස්ථානයට ලඟා වෙන්න පුළුවන්. කදුරුගොඩ නමින් ලංකාවේ විවිධ තැන්වල විහාර පිලිබඳ අහන්න පුළුවන්. මේ එකක් ගැන විතරයි.


මෙහි නටඹුන් වූ චෛත්‍යය, විහාරය හා පිළිම දකින්න පුළුවන්. නමුත් කණගාටුදායක අන්දමින් මේ සියල්ල ත්‍රස්තවාදී සමයේ නිධන් හොරුන් විසින් විනාශ කරල තියෙනවා. ගිරි ගරුඬ නම් පාෂාණ වලින් සැදි පිලිම දකින්න පුළුවන් තැනක් තමා මේ ස්ථානය. කැටයම් නොමැති සඳකඩ පහණ හා සතර දිශාවෙන් ඇතුළු වීමේ දොරටයු ඇති චෛත්‍ය පාදමක්ද සහිතයි. තැනින් තැන විසිරුණු නිධන් තිබූවායැයි සැලකෙන් ස්ථාන දකින්න පුළුවන්. තවද මෙම භූමියේ විසූවන් සඳහා කරවූ කුඩා පොකුණක් දකින්න ලැබෙනවා. එය සිටි භික්‍ෂුන් සඳහා ස්නානය කිරීමට යැයිද කියවෙනවා.

පින්තූර වලට මෙතැනින්

තවමත් කැනීම් කිරීම් අවසාන නොවූ මෙහි මා දුටු විශේෂත්වයක් නම් සමහර ගල් මතුපිට "මලකඩ" සහිත බවක් දක්නට ලැබීමයි. ගල්කණු වලද මේ දේ දකින්න ලැබුණත් මෙය සිදු ව ඇත්තේ කොයි කාලයේදීදැයි නිශ්චිත නැහැ. කොහොම වුනත් මේ වෙද්දී කැනීම් කිරීම තාවකාලික ලෙස නවතා ඇති බව තමයි දැනගන්න ලැබුණේ.


ගමන් බිමන් වල විසිවන කොටසට.....

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!