ලංකා ඉතිහාසය පටන් ගන්නේ කොතැනින්ද?

මේ මාතෘකාව තමයි අද ලංකාවේ විවිධ තැන්වලින් විවිධ මත පලකරන මාතෘකාව වෙලා තියෙන්නේ. මෙතැන ප්‍රධන වශයෙන් මත දෙකක් පවතිනවා. එකක් අපේ ඉතිහාසය ගැන කියවෙන මහාවංශය, ථූපවංශය වගේ කෘති වල සඳහන් වෙන විජය කුවේණි කතා වස්තූන් මුල්කරගත් ඉතිහාසය. අනෙක තමයි රමායණය සමඟ බැඳුනු ශ්‍රී රාවණ පුවත. (මම රාමායණය ගැන සඳහන් කලේ අපි කවුරුත් එය ගැන දන්න නිසාවෙන්. නමුත් රාමායණය සත්‍ය කතාව වසන් කල පුවතක් විතරයි.) තවත් ගැටළුවක් තමයි දැන් මේ රාවණ පුවත කියන්නේ මුදල් උපයන මාර්ගයක්. ඉතිහාසය සොයන්නන් එය පිළිබඳ ලැබෙන දෙයින් අල්පයක් සොයන්න කාලය වැය කරල ඉතිරිය පුරෝකථන මගින් සකසනවා. ඉන් පස්සේ ඒක විකුණන් කනවා. දැන් රාවණ පුවත කියන්නේ ප්‍රසිද්ධියේ අලෙවිවෙන වෙලඳ භාණ්ඩයක් පමණයි. ඒ නිසා මේ පිළිබඳ ජනතාවගේ ඇති උනන්දුවත්, ඉතිහාස ගවේශණයට ඇල්මක් තීබූවන්ට එය සිදු නොකර ගොදුර දුටු හයිනාවන් මෙන් වෙලෙන්දන් පෙන්වන දේවල් වලම නැවතී සීටීමටත් සිදුවෙලා තියෙනවා.


 















මුලින් බලමු කියවෙන එක් කතාවක්. ඒ සංහයෙකුට දාව දරුවන් ඉපැදුනු කතාව. මෙය විය නොහැක්කක් බැව් අප සැවොම දන්නවා. එකම විශේෂයට අයත් සත්ත්වයන් නොවෙයි නම් අන්තර් අභිජනනයෙන් සරැජනිතයින් බිහි කරන්නට බැහැ. ඒ කියන්නේ සංහයාට දාව දරුවන් ඉපැදුනත් එම පරම්පරාව එතැනින් අවසන් විය යුතුයි. ඒ නිසා එම ඉතිහාසය එක් පරම්පරාවකින්ම අවසන්. දෙවැනියට තියෙන්නේ විජය කුවේණි කතාවස්තුව. මේකේ කියැවෙන්නේ යක්‍ෂ ගෝත්‍රික කාන්තාවක් හා මානුශ ගෝත්‍ර විජය රජු හා බැඳුනා වු කතා පුවතයි. අප හෙල ඉතිහාසයේ කියැවෙන අදටත් අප භාවිතා කරන ප්‍රධාන ගෝත්‍ර 4ක් තියෙනවා. එනම් යක‍්කු (යක්‍ෂ), රක්කු (රාක්‍ෂ), නාග හා දේව ගෝත්‍රයන්. මේ කියන ගෝත්‍ර වලින් එකක් වුන කුවේණියගෙන් පැවත එනවානම් අප අමනුශ්‍ය නොව මනුශ්‍ය ගෝත්‍රයක්ම තමයි. එහෙනම් එය විය හැකි ඉතිහාසයක්. නමුත් කොහෙන්ද කුවේණිය විතරක්? උඩින් පහත් වුනාවත්ද? නැහැ එය එසේ සිදුවිය යැයි කියල මේක අවසන් කරන්න බැහැ. කුවේණිය සඳහාත් පරපුරක් සිටිය යුතුයි. එනම් අවුරුදු 2500-3000 කට වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. නමුත් එකල (කුවේණි සමය) තිබූ දැනුම අනුව මේ දේ සංරක්‍ෂිත දැනුමත් ලෙස ලබාදෙන්න අපහසු වෙලා තියෙනවා.

තුන්වෙනි කාරණාව තමා රාවණ පුවත. අප ඉතිහාසයේ දකින සක්විති රජ කෙනෙක්. එම ඉතිහාසය සත්‍ය වුවහොත් (තවම ඔප්පු කිරීම් අවසන් නොමැති නිසා) විවිධ ගරුනාමයන් වලින් හෙබි ඔහු විශිෂ්ඨයෙක් බවනම් සැබෑවක්. මෙහි කියැවෙන කතාවන් පිළිබඳ සාක්‍ෂි ඉන්දියානු ඉතිහාසය, බැබිලෝනියානු ඉතිහාසය වැනි රටවල ඉතිහාස වල පවා කියැවෙනවා. එනම් මෙ මුසාවක් විය නොහැකියි. ඉතිහාසය පිළිබඳ අනාවරණ වලදී අප සලකන ප්‍රධාන කරුණු තමා සෙල්ලිපි සාක්‍ෂි, පොත්පත් හා ජනවහර කියන කාරණාවන්. ජනවහර පරම්පරාවෙන් පරම්පරාවට යද්දී විශාල වශයේ වෙනස්වෙනවා. පොත්පත් සාක්‍ෂි පරම්පරා කීපයක් යද්දී වෙනස්වෙනවා. එයට හේතුව දෙවන වර විකාශණය කරන්නාගේ අතිශෝක්තිය හා අලංකරණය එයට එක්වීම. උදාහරණයක් දෙන්නම්. කියවෙන ඉතිහාසයේ බුදුන්වහන්සේගේ උස රියන් 18ක්. ඒ කියන්නේ අඩි 54ක් සාමාන්‍ය මිනිසෙකු මෙන් නව ගුණයක් විශාලයි. සිරිපතුල අඩි හයක් විතර. වෙන්න බැහැ නේද? කොහොමද ලංකාවේ වැඩියනම් ඉන්නේ කොහොමද මේ පුංචි රටේ. හිතන්න. මේ අගෞරවයක් නොවෙයි. සාමාන්‍ය මිනිසාට වඩා විශාල වෙන්න ඇති ඒත් ගොඩක් නොවෙයි. මේක ලේඛකයාගේ අතිශෝක්තිය. බුදුන් වහන්සේට ඇති ගෞරවය හා භක්තිය නිසා තමා මේ දේ වෙන්නේ. ඒ වාගේම තමයි අනිත් ඉතිහාස පොත් වල කරුණුත්.

මේ කරුණු නිසාවෙන් අපේ ඉතිහාසය හාරාවුස්සන අය කරුණු ඉදිරිපත් කරදිදී වගකිමක් ඇතිව ඉදිරිපත් කරනවානම් තමයි හොඳ. දැන් අයෙති කාරණාව. අපේ හෙළ ඉතිහාසය. රාවණ පුවත අනුව එකල තිබූ ගෝත්‍ර වෙන්නේ. රක්කු (කුස රැකීමට කාර්යය කල වුන් - වගා කරුවන්), යක්කු (යකඩ කර්මාන්තය කල වුන් - කර්මාන්ත කරුවන්), නාග (නාවුක වැඩ කලවුන් - ප්‍රවාහණය සම්බන්ධ) හා දේව (පාලනය කලවුන් - පාලකයින්) විදිහටයි. මෙයින් පලමු තුනෙහිම කාර්යයන් හා විශේෂිත පාලන දැනුම උගත් අය දේව නම් ගෝත්‍රයට අයත් ලෙස උසස්වීම් ලැබේ. මතකයේ තියා ගන්න. යමක් වසර දහස් ගණනාවක් පැවත එන්න නම් එහි කුමන හෝ සත්‍යතාවක් තිබිය යුතුමයි. බොරුව රජයන්නේ වසර කීපයක් පමණයි. උපරිම එක් පරම්පරාවක්. අද එක් වන කරුණු සම්බන්ධ කරද්දී අප ඉහත කී රාවණ ඉතිහාසයේ ඇති කරුණු කාරණා ලැබෙන අතර මෙතෙක් තිබූ මහාවංශයෙන් එපිට ගිය ඉතිහාසික කරුණු දකින්න ලැබෙනවා. එනම් වසන් කල හෝ වසන් වූ ඉතිහාසය නුදුරු දිනෙක අපට දකින්න ලැබේවි. කෙසේ වෙතත් මුදල් හෝ වෙනත් වාසි වෙනුවෙන් තමන්ගේ පෞඩ අතීතය විනාශ කරන්න උදව් නොදී අපි අපේම අනාගතය වෙනුවෙන් අපේ සෑබෑ ඉතිහාසයම ලොවට හොලි කරන්න උත්සාහ ගමු. එය සාර්ථක වීමත් සමග මේ ඇති ගොඩක් ප්‍රශ්ණ නිරාකරණය වෙයි කියලයි මම නම් හිතන්නේ.

7 comments:

  1. ඉතිහාසය දැන් පැෂන් එකක් වෙලානෙ.

    අදමයි මේ පැත්තේ ආවෙ. ගොඩක් දේවල් දැනගත්ත. මේ බෙදා හදා ගැනීමට ගොඩක් ස්තුතියි.

    ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. පැෂන් එකක් නෙවෙ බොල ෆැෂන් එකක්

      Delete
  2. elaaaazzzz machan ))))

    ReplyDelete
  3. Sula ela machan,me man katha karanna kamathima topic 1,magen ona help 1 machan,niyamai,digatama karan palayan

    ReplyDelete
  4. ස්තූතියි හැමෝටම...

    ReplyDelete
  5. රවණා රජතුමා කියන්නේ රමායණය එන චරිතයක් විතරයි මෙකේ කිසිම ඓතිහාසික පදනමක් නැහැ එහෙම කියන්නෙ හේතු ඇතුව 1 ලංකාවේ පලමු එලිමහ්න් මනව ජනාවාස බුලත්සිංහල 3750-3300 ක්‍රිපු වලදි හල්දුම්මුල්ල මනව ජනාවාස 2400-1850 ක්‍රිපු වලදි උඩ රංචාමඩම 1300 ක්‍රිපු වලදි මෙම සියළු නිවාස වරිච්චි මැට්ටෙන් සදා ඉලුක් හා මාන වහලට සෙවිලි කරඇත මේම නිවාස වර්ග අඩ් 275-350 අතරවේ 2 ලංකාවේ දැනට හමුව් ඇති පැරණිතම බ්‍ර්හ්ම් අකුරු 900 ක්‍රිපු වලදි 3 යක්ඛ යනු 1880-900 ක්‍රිපු අතර කාලයේ උතුරු ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් බව ඔප්පු ව් තියෙනවා මොවුන් තමයි 1000 ක්‍රිපු වලදි මෙරට යකඩ යුගය අරම්හ කරන්නෙ මොවුන්ගේ ඩ්න්එ සම්පල තුලින් ඔප්පු ව් තිබෙනවා ඔවුන් උතුරු ඉන්දියාවේ සිට පැමිණි බව විශෙශ්ෂයන්ම ගුජරාටයේ හා බටහිර බෙංගාලයේ සිට තමයි පැමිණ තිබෙන්නෙ 4 මිට වසර125000 පෙර සිට 1880 ක්‍රිපු දක්වා හමුවන්නේ වැද්දන් ගේ ඉතිහාසය එය සිංහල ජනතාව ගේ ඉතිහාසය නෙමෙයි 5 ලංකාවේ පැරණිතම පුස්කොල පොත ලියව් ඇත්තෙ විජයාවතරණය යෙන් පසුව 531 ක්‍රිපු එනිසා මේ රවණා කතාවෙ කිසිම සත්‍යයක් නැහැ මේ කතාව මේරටෙ ව්‍යාප්ත කලේ වතු දෙමළ ජනතාව ඔවුන් හින්දු භක්තිකයෝ නිසා 6 සංස්කෘත භාශාවෙ අරම්භය වෛදික සංස්කෘත යුගය 2000 ක්‍රිපු වලදි සම්භාව්‍ය සංස්කෘත යුගය 600-323 ක්‍රිපු වලදි නුතන සංස්කෘත යුගය 323 ක්‍රිපු වලදි

    ReplyDelete
    Replies
    1. තාම කල් වැඩී වාදයට

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!