අපේ උරුමයන් අපට අයිති නැද්ද?


මම මේ කියන්න යන්නේ ඉතා කණගාටුදායක මට වුන කතාවක්. මම පසුගිය දවසක (2012/09/13) ගියා සීගිරිය බලන්න. ඒ මගේ හුඟ කාලයක චාරිකා සංවිධාන ප්‍රතිඵලයක් විදිහට. මමත් එක්ක තව යාළුවන් තුන්දෙනෙක් මේ ගමනට සහභාගී වුනා. ඒ ගමන ගැන විස්තර වෙනනමම ලිපියක් විදිහට දෙන්නම්. ඒත් එහි ඇති කෞතුකාගාරය බලද්දී එය බලන්න තවත් කීප දෙනෙක් ආවා. ඒ පොදු රාජ්‍ය මණ්ඩල මන්ත්‍රී මණ්ඩලය හා පිරිසයි.

අපි කෞතුකාගාරය ඇතුලට යද්දීම කැමරා හා දුරකථන විසන්ධි කරන්න. ඇතුලේදී ඡායාරූප ගැනීම තහනම් යැයි කෑගැසීමක් ඇහුනේ කෞතුකාතාර ආරක්‍ෂකයින්ගෙන්. ඒත් අපි ඒය ඇතුලේ ඉන්න විට පැමිණි පොලිස් නිලධාරීන් හා විදේශික නිලධාරීන් ඇතුලු ඒ සමඟ ආ පිරිසට නම් ඒ නීතිය වලංගු බවක් පෙනුනේ නැහැ. ඒ වන විට ඇතුලත සිටි මා සඳහා නීතිය පෙන්වා දුන් පුද්ගලයා පවා මගේ මුහුණ දෙස බලමින් ඉවත්ව ගියේ කල යුත්ත කුමක්දැයි වටහාගත නොහැකිවූ නිසාමදැයි සැක සිතෙන්නට සලසවමිනි.

කෙසේ වෙතත් ලෝක උරුමයක් වුන මෙය ගැන දැන් විවිධ මත පලවෙතත් රාවණ හෝ කාශ්‍යප රජුගේ නිර්මාණයක් වුවත් මෙහි සැබෑ උරුමක්කාරයා හෙළයා නොවේද? නමුත් දුරබැහැරින් අපේ උරුමයන් දකින්නට එන අපට මේවායේ ඡායාරෑපයක්වත් සිහිවටන ලෙස ගෙනයාමට නොදී අපගේ රටේ වන හැමදේටම ඇඟිලි ගසා අවුල් කරන පරදේසක්කාරයින්ට විශේෂ අයුරින් සැලකීම අප රටට කරන අසාධාරණයක් නොවේද? හැකියාවත් ඇති අයෙකු වේ නම් මේ පිළිබඳ නිසි බලධාරීන් දැනුවත් කොට අපගේ සිංහල සාමාන්‍ය ජනතාව සඳහාද සමාන ලෙස සැලකීමට කටයුතු සලස්වාදීම සඳහා උපකාරීවන ලෙස ඉල්ලා සිටිමි.

2 comments:

  1. කොහොමත් අපෙ කියාගත්තු අය හොද හරිය පිට අයට පොල් කටු හන්දෙන් බෙදල ඉතුරු ටික අපිට කන් හන්දෙන්වත් බෙදන්නෙ නා..........

    ReplyDelete
  2. සුද්දන්ටත් ඇහෙන්න පොඩ්ඩක් කඩ්ඩ වැනුවනං උන්ගෙ රෙදි ගැලවෙනවනේ...

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!