මේ කියන්න හදන්නේ අපේ තවත් ඓතිහාසික ස්ථානයක් වුන නෑල්ල රජමහා විහාරය ගැන. මෙතැනත් මෑතකදී පුරාවිද්‍යා ආයතනය විසින් සොයාගත් ස්ථානයක්. කලින් ලිපියක කියැවුන විදිහටම මේ අපේ රටේ නැගෙනහිර ප්‍රදේශය කියන්නේ මායා රට. ඒ වාගේම මෙහි සිටි සද්ධාතිස්ස නම් ප්‍රාදේශීය රජු තමයි පාලකයා වුනේ සහ දුටුගැමුණු රජු සඳහා විවිධාකාරයෙන් සහයෝගය දුන්නේ. මේ නෑල්ල විහාරය හා ඒ අවට නිර්මාණයන්ගේ ගෞරවය හිමිවෙන්නේ මේ කියන සද්ධාතිස්ස රජුට.
මුලින්ම කියන්නම් මෙතැනට ලඟාවෙන්නේ කොහොමද කියල. ඒ තමා අම්පාරේ ඉඳන් මහඔය දිශාවට කිලෝමීටර 10ක් විතර ගියාම උහන නගරයට ලඟාවෙනවා. එතැනින් හිමිදුරාව දෙසට ඇවිත් කහටගස්යාය නම් ගම්මානය දෙසට යද්දී නෑල්ල නම් ප්‍රදේශය දකින්න පුළුවන්. එතැන පුරාවිද්‍යා ආයතනයෙන් දාපු නාමපුවරුව දකින්න පුළුවන්. එතැනින් හැරිල කිලෝමීටර 2ක් විතර ගියාම නෑල්ල නටඹුන් සහිත ප්‍රදේශයටත් හැරෙන්නේ නැතිව කිලෝමීටර 2ක් විතර ගියාම පබ්බතගිරිය රජමහා විහාරයටත් ලඟාවෙන්න පුළුවන්. නෑල්ල නටඹුන් ප්‍රදේශයට යන්න නම් ලොකු වාහනයකින් අමාරුයි. ඒක් ජීප් එකක් වගේ නම් යන්න පුළුවන්.
අපි මුලින්ම ගියේ නටඹුන් තියෙන පැත්තට. යද්දී ඇද හැළුනු වර්ශාව අපේ ගමන නවත්තන්න උත්සාහ කලා වගෙයි අපට දැනුනේ. ඒ අතරේ අපි පොලිස් මුරපොලට වෙලා එහි සිටි ග්‍රාමාරක්‍ෂක සෙබළුන් දෙදෙනෙක් සමඟ කතාවට වැටුනේ වර්ශාව අවසන් වෙනකන්. අපිව ටිකක් ප්‍රමාද කල වර්ශාව අවසන් වෙන පොද වැස්සේම අපි පිටත් වෙද්දී ග්‍රාමාරක්‍ෂක සෙබලෙක් අප වෙනුවෙන් මඟ පෙන්වන්න ඉදිරිපත් වුනා. ඔවුන්ගෙන් දැනගත් පරිදි මේ තැන නිදන් හොරුන්ගේ ග්‍රහනයට ලක්වෙලා වාගේම විවිධාකාර උසස් තරාතිරම් වල මිනිසුන් තවමත් මේ ප්‍රදේශයට ඇහැගහගෙන ඉන්නවා. ගමේ වැඩිහිටියන් දන්නා පරිදි මීට අවුරුදු 150ක් 200ක් කාලයේදීත් මේ පන්සල හොඳින් තිබී ඇතත් ඊට පසුව තමා මේ දේවල් වල විනාශය ඇරඹිලා තියෙන්නේ. තවමත් ඉතිරිවුන ප්‍රදේශය පුරා විසිරුණු ගල්කණුත් චෛත්‍ය, විහාරය හා දේවාල නටඹුන් වලිනුත් මේ ප්‍රදේශයේ පෞඩ අතීතය පිළිබඳ සක්‍ෂි ලැබෙනවා. තවද ස්වාමීන් වහන්සේලා භාවනා කල ගල් ගුහා දකින්නත් පුළුවන්. එය තුල විවිධාකාරයේ වැලි චිත්‍රත් ගුහා ගර්භය තුලට වැසි ජලය කාන්දු නොවසේ සකස්කල “කටාරම” නම් නිර්මාණය අපේ හෙළ නිර්මාණ කරුවාගේ දක්‍ෂතාව මැනෙවින් පෙන්නුම් කෙරෙන දෙයක්. තවද මෙහි ඇති ගල් පඩිපෙළ වලද පැත්තකින් කාණුවක් නිර්මාණය කර ඇතිතේද මේ වැසි වතුර ගලායාමේ කාර්යය සිදු කිරීමටය. තවද මෙහි ඇති සෙල්ලිපිය කියවීමට ඉතා අපහසු යැයි විවිධ සෙල්ලිපි විශේෂඥයින් කියා ඇති අතර පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්‍ද ස්වාමීන් වහන්සේ පවසන අන්දමට මේ ලිපායේ කාල නිර්ණයක් කිව නොහැක. එමෙන්ම මෙහි සමහර අකුරු මෑත සිංහල අකුරු වලට සමානතාවයක් දක්වන බවයි කියවෙන්නේ. ඒ වාගේම තමා මේ නෑල්ල කියන්නේ භික්‍ෂුන් දිය නෑ ස්ථානයක් කියලත් කියනවා. මෙහි දිය ඇල්ල තිබූ පැත්ත සීතල ජලය ගලා ආ අතර අනෙක් පසින් සාමාන්‍ය රස්නයෙන් යුත් ජලය ගලා ආ බව කියවෙනවා. පසුව මේ දෙක එක්ව ගලා ගිය බවයි කියවෙන්නේ.
තවද මුත්‍රා කිරීම සඳහා සිදුරක් සෑදු මුත්‍රාපෝච්චි දකින්න පුළුවන් වාගේම ඒ සිදුරු නල පද්ධතියක් මගින් ඈතට ගෙනයනවා. ගුහා ආසන්නයේ ඇති කුටි වෙන්කල බිත්ති මැදින් ගල්කණු යොදමින් සකස් කල අඩි දෙකක් පමණ ගනකමින් යුත්තයි. අද වන විට වනසතුන්ගේ ග්‍රහණයට ලක්වී ඇති මේ නටඹුන් පුරා විද්‍යා අමාත්‍යාංශය විසින් තවමත් වර්ගීකරණය කරල අවසන් නැහැ. තාවකාලික ලෙස මේ ප්‍රදේශයේ කැනීම් කටයුතු නවතා තියෙන්නේ අප දීඝවාපී විහාරය ලෙස ව්‍යවහාර කරන එකල නඛා වෙහෙර ලෙසින් ප්‍රචලිත විහාරයේ කැනීම් කටයුතු ඉක්මන් කිරීම සඳහායි. එතැනින් අපි ගියේ තවත් අප්‍රකට විහාරයක් වුන පුෂ්පාරාම රජමහා විහාරය සොයාගෙන. එතැන සිටි පූජ්‍ය බලංගොඩ මහින්ද ස්ථවිරයානන් වහන්සේ අප කවුදැයි හැඳින්වූ විට මේ පිළිබඳ පුරාතන විස්තර රැසක් සපයමින් අපට උදව් කරන්න ඉදිරිපත් වුනා. මේ විහාරය අවට ප්‍රදේශය විහාර 5කින් යුක්තයි. ඒ පුෂ්පාරාම රජමහා විහාරය, පබ්බත ගිරි රජමහා විහාරය, මඩාන විහාරය, බුලත්වත්ත විහාරය හා නෑල්ල රජමහා විහාරය විදිහටයි. මේ සියල්ල ඉතිහාසයේ දිඝා වැව (දිගින් වැඩි පළලින් අඩු වැව) ලෙසත් අද මහකණ්ඩිය වැව ලෙසත් ප්‍රසිද්ධ වැව හා සම්බන්ධ වුන විහාර ලෙස දක්වන්න පුළුවන්. තවද අද නාමල් ඔය ලෙස හැඳින්වෙන්නේ මේ අවටම ඇති කුඩා කණ්ඩිය ජලාශයයි. මෙහි තමා සත්‍ය දීඝවාපී විහාරය ඇතැයි සලකන්නේ.
ඉතිහාස සාක්‍ෂ අනුව දීඝවාපී චෛත්‍ය තිබිය යුත්තේ දිඝා වැව අසල පබ්බත ගිර හෙවත් කඳුවැටිය පාමුලයි. නමුත් අප දැන් වන්දනා කරන්නා වූ නඛා වෙහෙර අසල එවන් කඳු ප්‍රදේශයක් නම් දක්නට නැහැ. එනිසා වෙනුත් එය නඛා වෙහෙර බවත් මෙහි අවට දීඝවාපී වෙහෙර ඇති බවත් විශ්වාස කරන්න පුළුවන්. මේ සියළු විහාරය ඇත්තේ එදා ජම්බුත්තිමලේ ලෙසිනි හැඳින්වූ කඳුවැටිය පාමුලයි. මේ සියල්ල පිහිටි ආකාරය ඇති සිතියම බලද්දී මේක හොඳින් තේරුම් ගන්න පුළුවන්. තවමත් විශාල වැසි කාලයකදී මේ කුඩා වැව් හා පහත් ප්‍රදේශ යා කරමින් දිඝා වැව සම්පූර්ණ වන බැව් අපට දකින්න පුළුවන්.
ජම්බුත්තිමලේ ලෙසින් හැඳින්වූ කඳුවැටිය තරණය කර විස්තර ලබාගන්න තරම් කාලවේලාවක් ඉතිරිවෙලා තිබුණේ නැති නිසාවෙන් එය තවත් ගවේශණ චාරිකාවක් වේවා යන ප්‍රාර්ථනය හිතැතිව අපි ආපසු හැරුණේ නවාතැන එනන. ඒ පිළිබඳ විස්තරය තවත් ලිපියක් විදිහට ගෙන එන්න බලාපොරොත්තු ඇතිව මේ ලිපියෙන් සමුගන්නම්. මේ පිළිබඳ දන්නා තවත් විස්තරත් ඔයාලට මේ දේවල් ගැන දැනෙන අදහසුත් තියේ නම් හිතේ තියාන ඉන්නේ නැතුව කොටල දාන්න මේ පහල තියෙන ඉඩකඩේ කොමෙන්ටුවක් විදිහට. ජයවේවා!
නෑල්ල ගැන දෙවන කොටස..
ගමන් බිමන් වල දොලොස්වන කොටසට......
නෑල්ල ගැන දෙවන කොටස..
ගමන් බිමන් වල දොලොස්වන කොටසට......
aththatama harima watina adahas.bohoma sthuthiy ape ithihasaya,urumaya gana me widihe lipi liyana ekata.
ReplyDelete