මගේ ගමන් බිමන් පහලොස්වන කොටස - සීගිරිය

සීගිරිය කවුරුත් කතාබහ කරන කාශ්‍යප රජුගේ දැවැන්ත නිරිමාණයක්. සීගිරියට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ මොරගස්වැව ප්‍රදේශයෙන් හැරිල කිලෝමීටර 13ක් විතර ගියාමත් ඉනාමළුව ප්‍රදේශයෙන් හැරිල කිලෝමීටර 10ක් විතර ගියාමත් ලඟිවෙන්න පුළුවන්.

දැනට සොයාගෙන ඇති පරිදි සීගිරිය මීට වසර මිලියන 2500ක් පමණ පැරණිය. මෙහි මධ්‍ය කේම්බ්‍රීය යුගයට අයත්ය. එසේම මෙහි භූ ස්ථර වලින් දැනගත් පරිදි උද්භව සීග්‍ර බෑවුම් සහිත ශිඛරයකි. එසේත් නැතිනම් දූපත් කන්දකි. පහල ස්ථරය හෝන් බ්ලෙන්ඩ් බයෝටයිට් නයිස් පාෂාණයෙන්ද මුදුන පෙල්ඩිස් පැනින් තිරුවාණ සහිත නයිස් පාෂාණයෙන්ද යුක්තය. තවද මෙම ප්‍රදේශයෙන් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්ද මානව සැකිල්ලක්ද සොයාගෙන ඇත. තවද මෙහි කිස්තු පූර්ව 9 වන සියවසේදී යකඩ කර්මාන්තය සිදුකර ඇති බවත් මයින හම් හා බහු ගිණිදැල් ක්‍රම යොදාගනිමින් තිබූ මධ්‍ය ඒකකයක් හා තවත් උප ඒකක 35ක් පමණ හමුවී ඇත. තවද මෙහි සුදුවූ වැඩි කොටසක් වෙනස් වීම් ක්‍රිස්තු පූර්ව 5-7 සියවස් දක්වා විහිදුනු බැව් කියැවේ.

මෙහිා පිටතින්ම දිය අගලකින්ද පවුරක්ද සකසා ඇත්තේ බලකොටුවේ ආරක්‍ෂාව සඳහායි. තවද ඇතුලත නගරයේ අලංකරණය සඳහා පොකුණු ඉදිකර ඇති අතර ඒවා සඳහා විශේශිත ජල මාර්ග සකසා තිබී ඇත. තවද මේවායේ පතුල කිරිගරුඬ පාෂෘණයෙන් නිමකර ඇත. පිටත උද්‍යානයේ ඇති පොකුණු වල තිබෙන්නා වූ වතුර මල් අදටත් වැසි කාලයේදී යම් තාක් දුරකට ක්‍රියාත්මක වේ. එමෙන්ම මෙම උද්‍යාන වල නිමැවුම් වලින් කොටසක් ක්‍රිස්තු පූර්ව 5වන සියවසේදීත් ඉන් පසු අතහැර දමා පසුව කාශ්‍යප සමය අගභාගය වන 10 වැනි හා 13වැනි සයවස් වලදී අවසන් කර ඇති බවට සාක්‍ෂ ලැබී ඇත. තවද තවමත් කැණීම් සිදුකර නොමැති උතුරු දිශාවේද මෙහි නිවුන් උද්‍යානයක් තීබේ යැයි පැවසේ.

සීගිරිය අවට හමුවූ සෙල්ලිපි සහිත හා රහිත ගල්ලෙන් හා ඒවායේ කොටා තිබූ කටාරම් ආදියෙන් ලැබූ සාක්‍ෂ අනුව ක්‍රිස්තු වර්ශ 1ත් 2ත් අතර මෙය සංඝවාසික පුදේශයකි. පළමු කාශ්‍යප රජු ක්‍රිස්තු වර්ශ 473-191 දක්වා කාලයේදී අනුරපුරයෙන් සීගිරිය වෙත සිය පාලන මධ්‍යස්ථානය ගෙනැවිත් තිබේ. මෙහි ඇති බොහෝ නිර්මාණ ඔහුගේ යැයි මහාවංශයේ සඳහන්ය. තවද එහි සඳහන් පරිදි කාශ්‍යප යනු තම පියා මරවූ තැනැත්තෙකි. එය මොග්ගල්ලාන නම් සේනාපතිගේ පලිගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රථිඵලයකි. කාශ්‍යපගේ ඇවෑමෙන් පසු නැවත මෙම ප්‍රදේශය සංෂයාට භාර කරන ලද්දේ යැයි ඉතිහාසයේ කියැවේ.


සීගිරිය ගැන කතාකරද්දී නිතැතින්ම සිහියට එන කුරුටු ගී ලියැවුනු කැඩපත් පවුරත් සීගිරි චිත්‍රත් ගැන කතා නොකරම බැහැ. කැඩපත් පවුර නමින් හැදින්වෙන මෙය ඉතා සුමට ලෙස එදවස ගීත රචනා කල ස්ථානයකි. කැල්සියම් කාබනේට් හා තවත් සංයෝග යොදාගනිමින් සකස් කල නිර්මාණයකි. සීගිරි චිතු වල මා දුටු විශේෂත්වය නම් විනාශ වීමෙන් අඩු චිතු ඡායාරූප ගත කිරීමේදී මුහුණු හඳුනා ගැනීම නම් තාක්‍ෂණයට ප්‍රතිචාර දක්වන තරම්ම සියුම් නිර්මාණ වීමයි. නමුත් කණගාටුවට කාරණය නම් මේ සියළු දේ කාලයාගේ ඇවෑමත් මේ ප්‍රදේශය නරඹන්නට එන්නා වූ වීනාශ කාරයන්ගේත් ප්‍රහාරයට ලක්වීම නිසාවෙන් විනාහ වෙමින් පැවතීමයි. තවද මෙහි ඇති ගුහා, රාජ සභාව හා තවත් නොයෙකුත් ස්ථානයන්ගේ ඇති ශෛලමය ආසන හෙළ කලාකරුවාගේ කුසලතාව මැනෙවින් පිළබිඹු කරයි. සමහර තැනෙක මේ ආසන අසල සිදුරු තනා ඒවා තුල කොට්ට පුරවා තබා ඇති අතර තවත් තැනෙක ගල් ආසනය වටා කෙටූ කටාරම් හා ඒ අවට ජල මාර්ග මගින් සුවදායී පරිසරයක් නිර්මාණය කර තිබේ. නමුත් මෙවැනි විශාල නිර්ඹාණයක් පර්වත මුදුනේ සිදුකිරීම සඳහා මේ තරම් විශාල ප්‍රමාණයක් ගඩොල් ගෙන ආවේ කෙසේදැයි සීතූ විට අපට පුදුම සහගත හැඟිමක් ඇතිවේ.

සීගිරිය මුදුනට ගිය ක අපට දක්නට ලැබෙන්නේ ඉතා මනස්කාන්ත දර්ශණයකි. එක් පසෙකින් පිදුරංගල කන්දත් ඈතින් විසිරුණු චෛත්‍යයනුත් තවත් පසෙකින් සීගිරි වැව හා මින්නේරිය වැවත් දකින්නට ලැබෙනවා. තවද මෙය ලෝක පුදුමයක් ලෙස නම් කිරීමට තරම් තුඩුදුන් හෙල තාක්‍ෂණික ක්‍රමය වූ සීගිරි මුදුනෙහි වූ ජල පොකුණු සමූහය දකින්නටත් පුළුවන්.

නමුත් මහාවංශයේ කියැවෙන්නා වූ කාශ්‍යප පිළිබඳ මතය හැරුණු විට මේ පිළිබඳ තවත් ඉතිහාසයක් පිලිබඳ අපට අද අහන්න පුළුවන්. ඒ අප ඉදිරියේ සනාථ වෙමින් පවතින රාවණ ඉතිහාසය පිලිබඳ කතාංගය. එමෙන්ම මෙම නිමැවුමේ මුල් අයිතිකරු ලෙස සැලකෙන්නේ රාවණ රජතුමායි. මොහු සතුව තිබුණායැයි සැලකෙන තාක්‍ෂණය හා දැනුම සම්භාරය එක්ව ගත්කල මෙහි නිර්මාතෘ රාවණ රජු බවත් කාශ්‍යපයන් විසින් සිදු කලේ එය සුද්ධ පවිත්‍ර කොට ප්‍රතිසංස්කරණය කිරීමක් පමණක්ම යැයි කියැවේ. තවත් දෙයක් නම් මේ අවට දක්නට ඇති පිදුරංගල කන්ද දක්වාත් දඹුල්ල දක්වාත් මෙහි සිට උමං මාර්ග තිබූ බවයි. ඒ පිදුරංගල කන්ද තම බිසෝවරුන්ගේ භාවිතය සඳහාත් උමං මාර්ග ආරක්‍ෂක ගමන් මාර්ග විදිහටත් දඹුල්ල දක්වා උමඟ හදිසි ප්‍රහාරයකදී පැනයාම සඳහාත් භාවිත කිරීමටත් යැයි කියැවේ. නමුත් මේ සියල්ලේ සත්‍යතාව දැන ගැනීමට කැණීම් සිදු නොකල පැත්තේ කැණීම් කෙරෙන තුරු හා තව තවත් පුරාවිද්‍ය සාක්‍ෂ ලැබෙනතුරුත් ඉවසා සිටීමට නම් සිදුවෙනවා. මොනවා උනත් මේ අපේ උරුමය, අපේ හෙළ තාක්‍ෂණය ඒ දේවල් විනාශ වෙන්න නොදී ආරක්‍ෂා කරගන්න. ඒවායෙන් අපටත් යම් දවසක මේ තාක්‍ෂණයේ උරුමය ලැබෙන්න පුළුවන්.

ගමන් බිමන් වල දාහතරවන කොටසට....

1 comment:

  1. වැදගත් ලිපියක්.... ජයවේවා!!

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!