මේ දවස් වල මොකද වෙන්නේ

කාලෙකන් බ්ලොග් එකට ලිපියක් ලියන්න වුනේ නැහැ. සමහර විට මට නිවාඩුව තිබුනත් ලියන එක ඒ තරම් වැඩක් නෑ කියල හිතෙන නිසා ලියන්න පටන් ගන්නේ නැතිව ඇති. මොකද දැන් දැන් කවුරුවත් ලියන දේවල් කියවන්නේ නැති නිසා. කොහොම වුනත් 2010 ඔක්තෝම්බර් මාසෙ පටන් ගත්ත මේ බ්ලොග් එකට දැන් අවුරුදු 10ක් වෙනව. ඒ කාලෙ වගේ නෙවෙයි දැන් දැන් කියවන අය නෑ. ඉස්සර නම් බ්ලොග් කියන්නේ මාරම දෙයක්.

හරි දැන් බලමුකෝ මේ දවස් වල කොරෝනා නිසා කොහේවත් යන්න වුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි අවුරුද්ද ඉවර වෙනකම්ම හරි හැටි ගමනක් යන්න බැරිවෙන්න හේතු දෙක්ක තිබුනා. එකක් කොරෝනා අනික මගේ පණ ඇති සහ නැති ඇවිදින සගයෝ දෙන්නම මට නැති වුනා. ඊලග අවුරුද්දේවත් බලන්න ඕන අලුත් පණ නැති සගයෙක් ගන්න. 

ඒ අතරේ මගේ ඡායාරූපකරණය සම්බන්ධ පරීක්‍ෂණත් දැන් සෑහෙන නැවතිලා. ඒකට හේතු කීපයක් තියෙනවා. කොහොම වුනත් ලගදී ඉදන් කරගෙන ගිය Photomicrography කියන කැටගරියට අයිති වෙන පින්තූර කීපයක් ගන්න අවස්ථාවක් ලැබුනා. මේ තියෙන්නේ ඒවා.

සත්ත්ව කොෂයක කෙළවරක්
සත්ත්ව කොෂයක කෙළවරක්

කුරුමිණියෙකුගේ සංයුක්ත ඇසක කාච
කුරුමිණියෙකුගේ සංයුක්ත ඇසක කාච

සත්ත්ව කෝෂයක පිටත ආවරණය
සත්ත්ව කෝෂයක පිටත ආවරණය

සලබයෙකුගේ බද කොටස
සලබයෙකුගේ බද කොටස

සලබයෙකුගේ පිහාටුවක යට පැත්ත
සලබයෙකුගේ පිහාටුවක යට පැත්ත

මේවා විශාල කරල බලන්න. ඇසට නොපෙනෙන තරම් කුඩා දේ ඇති ලෝකය මොනතරම් අපූරුද කියා ඔබට පෙනෙනු ඇත.

ඉදිරි කාලයේ කරන්න පොඩි පරීක්‍ෂණ ටිකක් තිබුනත් අවශ්‍ය කරන බඩු ටික හොයා ගන්න එකේ ඉදන්ම පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඒ නිසා ඉදිරි පරීක්‍ෂණ නම් සෑහෙන කල් යයි. 

කියවන්න ආස අය ඉන්නවා නම් මම ලියන ලිපි වලින් පැහැදිලි කිරීම් හරි දැන ගන්න දෙයක් හරි තියෙනවා නම් කමෙන්ට් එකක් හැටියට අහන්න පුලුවන් නැතිනම් ෆේස්බුක් එකේ මට පණිවිඩයක් තියන්නත් පුලුවන්.

මේ මගේ ඉන්ස්ටග්‍රම් එක ගිහින් බලල හොද නම් follow කරන්න. https://www.instagram.com/sulakkhana.c/

එහෙම නම් ලිපියක් ලියන්න හිත්වෙන තරම් කියවන්න පිරිසක් බිහිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.

2 comments:

  1. මේ ලිපි කියවලා AF Macro extension tube එකක් ගත්තා එත් එකෙන් එහෙමටම වැඩක් ගන්න බෑ. බොදවෙලා පෙන්නේ විශාලනය වෙන්නේ නෑ. අන්තිමේදි සියල්ල අතහැරලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. වෙන්න බැහැග මොකද මම මේ සියල්ල ප්‍රායෝගිකව කරල ලියල තියෙන්නේ. සමහර විටක මම ඉදිරියේ වැඩමුලුවක් කරයි. ඒකකට ඇවිත් බලන්න. එවිට ආයේ විසි කරපුව ලගට ගනීවි

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!