මගේ ගමන් බිමන් එකසිය දහහතරවන කොටස - දෙහෙන ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර වූත් අප්‍රකට වූත් දිය ඇලි අතර දිය ඇල්ලක් ගැන කලින් ලිපියක ලියුවා මතක ඇති. ඒ් බේරුවත්ත ඇල්ල. මේ ලියන්න යන්නේ ඒ් පැත්තේම තියෙන තවත් දිය ඇල්ලක් ගැනයි. ඒ් තමයි දෙහෙන ඇල්ල. රත්නපුර ඉඳන් බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර 18ක් විතර ගියාම පහලගම සහ අමුණුගම කියන ගම් දෙක අතරේ පාර අයිනේම දෙහෙන ඇල්ල දකින්න පුළුවන්.
මීටර 73ක් පමණ උස මේ දිය ඇල්ල ස්ථර දෙක් විදිහට තමයි ගලා බහින්නේ. ගම් වැසියන් ගස්ලබු ඇල්ල කියන නමින් හඳුන්වන්නේත් මේ ඇල්ලම තමයි. නමුත් ඒ් නම හැදෙන්න විදිහක් ගැන කිසි සටහනක් නැහැ. අතීතයේ ප්‍රාදේශීය රජ කෙනෙක් විසින් දඩුවම් පමුණුවන්න භාවිතා කල නිසා දමන ඇල්ල නමින් හඳුන්වා පසුව දෙහෙන ඇල්ල බවට ව්‍යවහාරයට ආවා කියල මතයක් තියෙනවා. තවත් මතයක් නම් ප්‍රදේශයේ ඈපා තනතුර ලැබූ පාලකයෙක් නීතියේ රැහැනට හසුකර ගත් වැරදිකරුවන් දිය ඇල්ල පාමුලට තල්ලු කල නිසා දෙහෙදු ඇල්ල ලෙස ප්‍රකට වී පසුව දෙහෙන ඇල්ල ලෙස ලෙස ව්‍යවහාරයට පැමිණ ඇතැයි ද කියවේ.

දෙහෙන දොලෙන් පටන් ගන්න දෙහෙන ඇල්ල අවසානයේ දී බඹරබොටුව ගඟට ගලා බහිනවා. පසුව කලු ගඟට එක්ව මුහුදට ගලා බසී. වර්ෂා කාලයේදී මීදුම් පටලයක් වගේ පිණි වලින් මාර්ගය එක්කම වසා ගන්නා නිසා අපූර්ව සුන්දරත්වයක් ඇති කරන දිය ඇල්ලක් බවට පරිවර්ථනය වෙනවා.
වැස්ස අඩු කාලෙට නම් මේ දිය ඇල්ලේ නාන්න පුළුවන්. නමුත් දිය ඇල්ල බලන්න එන අය නිසා සහ නාන්න ආව අය දාල ගිය කුණු නිසා ගොඩක් දුරට මේ පරිසරයත් විනාශ වෙන්න පටන් අරන්. ඒ් නිසා මේ දිය ඇල්ල බලන්න ගිහින් විනාස නොකර ඒන්න කියන පණිවිඩය නම් දිය යුතුමයි.


5 comments:

  1. ලංකාවට ආවේණික බුරු විදියට හැම ස්වාභාවික සම්පතක්ම පොලීතීන්, බෝතල් කටු ආක්‍රමණය කරනවා. මේ වැඩේ නවත්තන්න නං රාජ්‍ය අනුග්‍රහය සහිත විශාල වැඩ පිළීවෙලක් අවශ්‍යයි. ජය වේවා

    ReplyDelete
    Replies
    1. අනිවා..නමුත් ඒ් **** රැල ඒ්ක කරන්නේ නෑනේ

      Delete
    2. අනේ බං, හැම දේම රජයෙන් කරන කන් බලන් ඉන්නේ, ඇයි රජයෙන්ද කුණු දාලා යන්නේ? රජය පත් කරන මිනිස්සුම තමයි ඔය ජරා වැඩ කරන්නේ. උඹලා වගේ වැඩ කවුරු හරි කරලා දෙන කන් බලන් ඉන්න එවුන් දන්නෙ මොකක් හරි දැක්කම මේක රජයෙන් කරන්න ඕන, උන් කරන්නෙ නෑ, ඒ හින්දා අපිත් ඔහේ ඉන්නවා කියන්න. ඕකට රජයෙන් පඩි ගෙවන සේවකයෙක් දාලා කරවන්න ගියොත් ඕකට ටිකට් කඩනවා, ඒ මිනිහා ස්ට්‍රයික් කරපු දවසට වෙන මිනිහෙක්ට බලන්න එන්න විදිහක් නෑ.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!