ඉරට්ටේ නැතිව ඔත්තේ තියන්නේ ඇයි?

ඡායාරූපකරණයේ දී රාමුව තුල වස්තු සංවිධානයේදී වස්තූන් ඉරට්ටේ සංඛ්‍යාවක් තියනවාට වඩා වැඩි සාර්ථකත්වයක් ඔත්තේ සංඛ්‍යාවක් තිබුනාම තියෙනවා. පින්තූරය ඇතුලේ වස්තූන් ඔත්තේ සංඛ්‍යාවක් තිබුනාම ඒ පින්තූරය දිහා ටිකක් වෙලා බලන් ඉන්න හිතෙනවා. ඇයි එහෙම වෙන්නේ?

ඡායාරූප රාමුව ඇතුලේ වස්තූන් ගණන තත්පරේක දී ගණන් කරන්න මොලේට පුළුවන් නම්, ඒ වෙලාවේදී පින්තූරය ඇතුලේ වස්තූන් ඉරට්ට සංඛ්‍යාවක් තියල තියෙනවා කියල හිතන්න. දැන් අපේ මොලය ඒ ඒ වස්තූන් යුගල් කරන්න පෙළඹෙනවා. එවිට රාමුව තුල ඒ ඒ වස්තූන් යුගල් වශයෙන් වෙන්වෙලා රාමුව තුල ඇස රැඳෙන්නේ නැතිව ඉවත් වෙනවා. 
නමුත් ඇස වස්තූන් ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ ඒ වස්තූන් එක එකක් සමඟ තරඟ කරන්න පටන් ගන්නවා. මොලය මේ වස්තූන් ටික තුල එහා මෙහා යමින් ඒ වස්තූන් අතර ප්‍රමුඛයෙක් සොයන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තාමත් ඇස රාමුව ඇතුලේ. ඊට පස්සේ ඒ විශේෂිත වෙන වස්තුව සඳහා තමා විසින්ම සපයා ගන්නා ලද අර්ථ කථනයක් දෙමින් දිනවනවා. 

ඒ අතරම මෙම වස්තු සංඛ්‍යාව තත්තපරයකදී ගණනය කරන්න බැරි තරම් විශාල වූවා යැයි සිතන්න. එවිට මොලය ඒ වස්තූන් කණ්ඩායම් කරන්න පටන් ගන්නවා. වස්තු කන්ඩායම් වශයෙන් තේරුම් ගන්න මොලය රාමුව තුල ඇති කණ්ඩායම් ප්‍රමාණය ඔත්තේ ද ඉරට්ටේ ද යන්න මත නැවත පළමුවෙන් කියූ ක්‍රියාදාමය අනුවම ඡායාරූපය කියවන්න පටන් ගන්නවා.

මේ වස්තුන් කණ්ඩායම් කිරීමේදී මොලය විසින් ආලෝකය - අඳුර සහ විශාලත්වය වැනි සාධක උපයෝගී කර ගන්නවා. මේ විදිහට කණ්ඩායම් කරන්න පටන් ගන්න නම් වස්තුන් සංඛ්‍යාව 9 කට වඩා වැඩි විය යුතු යැයි පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ.
ඡායාරූපකරණය ඇතුලේ අපිට මේ දෙකම නිර්මාණශීලී විදිහට යොදාගෙන රසවිඳින්නා වෙනුවෙන් ප්‍රකාශණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉරට්ට සංඛ්‍යවක් රාමුව ඇතුලේ තියන ශක්තිමක් නොවෙනස්වන සුලු අදහසක් ඇතුල්කරන ගමන්ම ඔත්තේ සංඛ්‍යාවක් තැබීම තුලින් යම් කිසි චලනයක්, වෙනස් වීමත් රස විඳින්නාට දනවන්න පුළුවන්.

ඔයල ගාව තියෙන පින්තූරත් සන්සන්දනය කරල බලන්න. කෙටියෙන් ලියපු මේ ලිපිය ගැන ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. 

6 comments:

  1. Interesting post, thanks, following from now on.

    ReplyDelete
  2. කොළොම්පුරේ අසංග හිතවතා කියලා ඔයාගේ මේ ලිපිය බැලුවා.

    කාරණාව ඉගෙනගෙන දැන් ප්‍රායෝගිකවම යොදනවා. ඒ ගැන සඳහනකුත් කළා, අද අජිත් ධර්මකීර්ති - කොළඹ ගමයාට දුන් පිලිතුරක. ඔබේ ලිපියට ලින්ක් එකකුත් දැම්මා. ස්තුතියි දැනුම දීම වෙනුවෙන්! තියෙන්නේ මෙතැනයි:

    https://nidigepanchathanthare.blogspot.com/2019/11/not-vs-england_19.html

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!