ඇයි මෙහෙම කරන්නේ???

කලකට පසු විශ්ව විද්‍යාලයසදසට ඇදුනේ උපාධි සහතිකය රැගෙන ඒමේ බලාපොරොත්තුවෙනි. විශ්ව විද්‍යාල ජීවිතේ අවසන් දවස් ගැන කියවුනේ නැතත් යම් යම් හේතූන් නිසා ප්‍රමාද වුන ලිපි පෙලක්ම තියෙනවා ලියන්න. මුස්ලිම් සංස්කෘතියක අතරමං වුන අපි ඒ කාලේ හිටියේ බොහෝම පරිසමින්. ඔලුවිල් වල තියෙන අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය තියෙන්නේ සම්මාන්තුරය ප්‍රදේශයේ. මුස්ලිම් අය 99%ක් 100%ක්ම වගේ ජීවත්වෙන ප්‍රදේශයක්. 1995දී පටන් ගත්තා වුනත් ඒ කාලේ සිංහල ලමයි විශ්ව විද්‍යාලයේ හිටියේ නෑ. පස්සේ සිංහල ලමයිනුත් ඒකට දාන්න ඕන කියල ගත්තු තීරණයේ තුන්වැනි සාමාජිකයෝ වුනේ අපි. ජාතිවාදී ප්‍රශ්ණ ඇතිවීම තුලින් විශ්ව විද්‍යාලය එයාලගේ ප්‍රදේශ වලින් අයින් වෙන එකට එයාල අකමැති නිසා කොහෝම හරි ඇතිවෙන ප්‍රශ්ණ යටගහනවා.

දුන් කියන්නම්කෝ කියන්න ගිය එක ගැන. මෙදා මම යද්දී අපේ අලුතින් ආව හොස්ටල් වල හිටපු සිංහල ලමයි 40ක් විතර රෝහල්ගත කරල කියන ආරංචිය ලැබුනා. දෙන්නෙක් විතර අන්‍යාගමික ඉන්නවා වුනත් 98% සිංහල බෞද්ධ අය තමයි අසනීප වෙලා තියෙන්නේ. මම ගිය වැඩේ පැත්තක තියල ඒ ගැන පොඩ්ඩක් විපරම් කරල බැලුවා. මේ දවස් වල විශ්ව විද්‍යාලයේ විභාග තියෙනවා. ලමුන්ගේ අසනීපය නිසා විභාග කල් දාන්න කියන ඉල්ලීම සිසුන් කරල තිබුනා වුනත් පාලනයෙන් ඒ වෙද්දීත් තීරණය කරල තියෙන්නේ විභාග පවත්වන්න.

විභාගය අනිාර්යයෙන් තියෙන නිසාවෙන් හා සිව් වසරක විශේෂ උපාධිය කිරීම සඳහා ප්‍රථිඵල පෙන්විය යුතු නිසාත් සමහර සිසුන් අසනීප තත්ත්වය ‍සුව වන්නටත් ප්‍රථම පැමිණ විභාගයට මුහුණ දෙනවා. අසනීපයේ උග්‍ර බව නිසා විශේෂ උපාධි සිහිනය බොඳව යන පිරිස හැකිතාක් විභාග කල්දැමීම සඳහා උත්සාහ ගත්තද එය පාලනය හමුවේ බිඳ වැටී ඇත. පීඨ පාලයෙන් සම්පූර්ණයෙන්ම පාහේ වැසී යන මෙවැනි කරුණු කලාතුරකින් සිසුහු අරගල කරමින් පමණක් විශ්ව විද්‍යාල ප්‍රධානියන් හමුවට මතු කල හැකිය. මීට අවුරුදකට දෙකකට පෙරත් මෙවැනිම සිද්ධියක් සිදු වී ඇතත් අවසානයේ විශේෂ උපාධිය සිහිනයක් බවට පත්වූ පිරිසක් පමණක් ඉතිරි වූ බව සිසුහු පවසති.

අප සිටි සමයේ දේශපාලනය ‍හෝ වෙනස් සංගම් සඳහා පීඨය තුල ඉඩකඩක් නොතිබුණ අතර එක් ප්‍රධාන ශිෂ්‍ය සංගමයක් පමණක් විය. එ් හරහා සියලු සිසුන් තමන්ගේ අවශ්‍යතා පාලනය වෙත දැනුම් දෙන්නට කටයුතු සලසා ගත්තෝය. නමුදු අද ටිකෙන් ටික දේශපාලය හිස ‍ඔසවන බවක්ද පෙනේ. එනිසා කරන්නා වූ ඉල්ලීම් වලට ලැබෙන ප්‍රතිචාර මඳක් කාරුණික බව අඩුද යැයි මට සිතේ. කෙසේ වෙතත් උසස් අධ්‍යාපන අමාතාංශයට නම් මෙය ඉතා අගනා, ගැටලු රහිත විශ්ව විද්‍යාලයකි. නමුත් සිදුවන්නේ අනෙකකි. විශ්ව විද්‍යාල සිසුන් සඳහා වන ගැටලු සඳහා ප්‍රතිචාර වෙනුවට පලිගැනීම් පමණක් ඇතිවන අතර සමහර කලෙක සිංහල ලමුන් නිසා විශ්ව විද්‍යාලයේ ප්‍රශ්ණ ඇතිවේ යැයි කාරණාවක්ද ප්‍රචලිත විය.
විශ්ව විද්‍යාලයෙන් සිහල බෞද්ධ සිසුන් වෙනුවෙන් සිදුවන අසාධාරණකම් ගැන කතා කරන්නට කෙනෙකු නොමැති තත්ත්වයක් අද ඇතිව තිබේ. උන්ගේ පාලන ප්‍රදේශයක උන්ට රිසි අයුරින් සිටිද්දී අප කෑ කෝ ගසන්නට ගොස් ජීවිත දානය දෙන්නේ ඇයිදැයි සිතමින් මුනිවත රකින්නෝ අනන්ත සොයාගත හැකි වන්නේ විශ්ව විද්‍යාල ජීවිතයෙන් සමුලත්තාට පසුවය. මේ එක ගැටලුවක් පමණක් වුවද අනන්ත අප්‍රමාණයෙන් ගැටලු උදෙසා ලිපි සකස් කෙරුණද එය පාලනය විසින් සඟවන්නේ අදිසි හස්තය සිසුන්ගේ විභාග වල ප්‍රතිඵල වලට යොමු කරවමිනි. අවසානයේ කෙසේ හෝ වේවා විභාගය අවසානයෙන් පසු රැකියා සොයද්දී අනේ විශ්ව විද්‍යාල වල සිසුන් රැකියා කරද්දී අප අපගේ කරුමයක සිරවී සිටිමු.


1 comment:

  1. ලංකාවේ විශ්ව විද්‍යාලයකට යනවා කියන්නේ දැන්නම් ඇත්තටම පවක් කියන මට්ටමට ඇවිල්ල ඉවරයි. සිසු ගැටළු වලදී පාලකයෝ කොහොමත් නිහඬ පිළිවෙත් අනුගමනය කරන එක සාමාන්‍යයි, අනික් අතට දින නියමයක් නොමතිනිවාදු දුන්නම එයාලට හම්බ වෙන්නේ වැටුප් සහිත නිවාඩු, ඉගෙන ගන්න එවුන්ගේ කොස් ඩියුරේෂන් එක තමා වැඩි වෙන්නේ, අවුරුදු 4 නිකන්ම 4.5 5 වෙනවා ඇඟට පතට නොදනිම. මේ අධ්‍යාපන ක්‍රමයම මහම මහා කරුමයක් ශිෂ්‍යයන්ට ගෙවන්න වෙන.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!