මගේ ගමන් බිමන් හැත්තෑ පස්වන කොටස - පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරය

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව තෙල්වත්ත හංදියෙන් හැරිල කිලෝමීටර භාගයක් විතර ගියාම අපට තොටගමුව රන්පත් විහාරයේ වාහල්කඩ දකින්න පුළුවන්. කොළඹ ගාල්ල මාර්ගයේ තොටගමුව හංදියේදී චෙත්‍යයක හැඩය ගත්තු නාමපුවරුවක්ද දකින්න පුළුවන්. 1977 දී නිර්මාණය කරන්නට යෙදුනු රාහුල මා හිමියන්ගේ පිළිරුව තමා අපට වාහල්කඩෙන් ඇතුල් වෙද්දීම දකින්න ලැබෙන්නේ. මේ විහාරය හා ඒ අවට ප්‍රද්ශය අතීතයේ සිටම අභය භූමියක් කර තිබූ බවට සාක්‍ෂි ඇත. විහාරය අවට තිබු විශාල භූමිය අද කුඩා ගම් වලට බෙදී ඇති නිසාවෙන් එදා විහාරය සතු ඓතිහාසික වස්තූන් අද ගම් කීපයක් පුරා විසිරි ඇත.
අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැවත එන වසර 200ක් පමණ පැරණි බෝධීන් වහන්සේ නමක්ද මෙහි ඇත. අතීතියේ සිට මේ දක්වා විවිධ නම් වලින් මෙම විහාරය හඳුන්වා ඇත. ඉන් සමහරක් නම් තෙල්වත්ත පන්සල, තොටගමු පුරාණ විහාරය, රජමහා විහාරය, රන්පත් විහාරය, පාත තොටගමු විහාරය, පුරාණ තොටගමු රජමහා රන්පත් විහාරය යන නාමයන්ය. පැරණි රජ දවස මෙහි රහතුන් වැඩ වාසය කල නිසාවෙන් ර(හ)ත්පත් විහාරය ලෙසද හඳුන්වලා තියෙනවා. පහතරට පිහිටි පුරාණ විහාර අතරින් පැරණිම විහාරය වෙන්නෙ මේ තොටගමු විහාරයයි. මෙයට රත්පත් විහාරය ලෙස ආ හැටි ගැන ජනවහරේ මේ වගේත් තියෙනවා. ඒ දඹදිවින් පැමණි ශ්‍රී චන්ද්‍ර භාරතී පඬි විසින් ගුරු පඬුරු වශයෙන් දුන් දඹරන් කැබැල්ලක් පෙළව යට නිධන්ව තිබී සමුවීමෙන් පසුව මෙය රන්පත් විහාරය යනුවෙන් ප්‍රසිද්ධ වූ බවයි.














අතීතයේ මහා විජයබාහු රජතුමා මෙහි පන්සාලින් රියන් දිග ප්‍රාසාදයක් ගොඩනැගූ බවත් iv වන පැරකුම්බා රජ විසින් තිස් රියන් දිග මනහර චිත්‍ර ඇති දීර්ඝ ප්‍රාසාදයක් කරවා විජයබා පිරිවෙණ කරවා සංඝයාට පූජා කල බවත් කියවේ. 8-10 සියවසට එනම් අනුරපුර යුගයට අයත් අක්‍ෂර සහිත ටැම් නාථ දේවාලය අසලින් අපට දැකිය හැක. නමුත් ක්‍රිස්තු වර්ෂ 1588 දී තෝ මේද සෞසාගේ මෙහෙයවීමෙන් මෙම විහාරය ගිණිබත් කර පොලවට සමතලා කලද මේ ගල් ටම් ඉතිරිවී තිබේ. පැරණි බුදු මැදුරේ ඇති චිත්‍ර නුවර යුගයට අයත්ය. එනිසා මෙය නුවර යුගයේදී පිලිසකර  කල බැවි සිතිය හැක.










තොටගමුව විහාරයේ ඇති ලංකාවේ වෙනත් කිසිඳු විහාරයක දැකිය නොහැකි තරමේ විශ්ණු ප්‍රතිමාවකද නාථ දෙවිඳුගේ ප්‍රතිමාවක්ද අනංග රූපයක්ද දකින්න පුළුවන්. මෙසේ වටිනා සම්පතක් වුන විහාරස්ථානය කලකට ඉහත තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ද ශ්‍රී සුමංගල නාහිමියන්ද වැඩ වාසය කර තිබේ. පොතපතේ හා සංදේශ කාව්‍යයන් බොහෝමක මේ පිළිබඳ තතු සුලකර ඇති අතර ලංකාවේ ඉපැරණි විහාර අතර දකුණු ලක ඇති මෙම විහාරස්ථානයද ප්‍රමුඛස්ථානයක් ගනී.

3 comments:

  1. වැදගත් විස්තරයක්.. හැබැයි පොඩි නිවැරදි කිරීමක් කරන්න වෙනවා.. තොටගමු රත්පත් රජමහ විහාරය පිහිටලා තියෙන්නේ තොටගමුවේ නෙවෙයි. තෙල්වත්තේ... තෙල්වත්ත හන්දියෙන් හැරිලා තමයි යන්න ඕන. තොටගමුව හන්දියෙන් හැරිලා ගියොත් යන්න වෙන්නේ නෑ.

    ReplyDelete
  2. ඔව් මාත් ගියා.තෙල්වත්ත හංදියෙන් තමා හැරිලා යන්න තියෙන්නේ

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!