මම මේක හැමදාම යාළුවන්ට කිව්වා. එතකොට උන් මට
උත්තර දුන්නේ මෙහෙම.
"නොබොන උඹ කොහොමද දන්නේ බොන එකේ ආතල් එක".
ආයේ ඉතින් මොනා කියන්නද? උන්ගේ ආතල් එක ගනිල්ලා
කියල අතාරින්නත් බෑ. යාළුවෝනේ. හැබැයි ඉතින් ආතල් එක පේන්නේ බීලා ඉවර වුනාම. ආං
එතකොට තමා නොබොන මට ආතල් එක තේරෙන්නේ. මුන් විලි සංගියක් නැතුව එලිපිට කරන්න
කියන්න බැරි දේවල් ටික බීලා කරනවා. මෙකෙක් වත් ගනං ගන්නේ නෑනේ මුන් බීලා නිසා. කාට
බැන්නත් ඉතින් උදේට බැනපු එවුන් හම්බුනාම කියන්නේ මෙහෙම.
"ආ..... සොරි අයියේ මං පොඩ්ඩක් අරන් හිටියේ ඒකයි
වැරදි දෙයක් කියවුනානම් සමාවෙන්න".
පුහ්.....!
යකෝ හොඳට දැනගෙන කියලා වැරදිලා කියවුනා වගේ සමාව
ඉල්ලන හැටි රෙදි ඇඳන්ම....

කොහොමත් තාත්තා කල දේ පුතා නොකලොත් ඌ මොකාගෙද
පුතා කියනවානේ. =D
සමහර අයට බොන එක වීරකමක්. ඒක නිකන් රාජ්‍යයක්
දිනාගත්තා වගේ. සමහර අය එදා වෙන දේවල් අමතක කරන්න බොනවා. සමහරු දුකට සමහරු සතුටට.
තවත් සමහරෙක් ඔය දෙකටම. හැබැයි ලෝකෙ හැමතැනම නොබී ඔය හැඟීම් පාලනය අය ඕනෑ තරම්
ඉන්නවා.
බීලා ආතල් ගන්න එකෙයි නොබී ආතල් ගන්න එකයි
සම්පූර්ණ වෙනස් කියන එක නම් කියන්න ඕන. බොන එකේ ආතල් එක අරන් බලන්න තිබුනා ඒත් ඒකට
ඇබ්බැහිවීමේ අවධානමක් නොතිබුනානම්. මොනවා වුනත් දවසගානේම බොන අයත් අනන්තයි.
කොල්ලන්ට ට්‍රිප් එකක් යන්නත් ඉස්සෙල්ලා මතක් වෙන්නේ බොන්න. ගමන් වියදමත්
ගෙවාගන්නේ ආමාරුවෙන් කිය කියා සල්ලි එකතු කරන එවුන් යන එනකම් බොන්න සල්ලි
හොයාගන්නේ පාරේ තියෙන “සල්ලි ගස්”
වලින්ද කියලත් හිතෙනවා.

ReplyDeleteඋඹ ඇත්තටම බොන්නෙ නැද්ද? නැත්නම් මේක අනික් උන් ෆෝම් කරල ආතල් එකක් ගන්න දාපු එකක්ද? ඇත්තටම බොන්නෙ නැත්නම් හොඳයි... ඒත් මට සැකයි.. බොන උන් ආශ්‍රය කොරන කොට ඕන කෙනෙක් බොන්න පුරුදු වෙනව කොන් වෙනවට බයෙන්.. උඹ විතරක් කොහොමද බොන උන් අතරෙ බයිට් නොවී ඉන්නෙ..?
ඉන්න පුළුවන් තමන්ට තමන්ව පාලනය කරන්න පුළුවන්නම්. උදාහරණය මමමයි. සැක කරන්න එපා මම එහෙම ඉන්නවා මෙච්චර කාලයක් එහෙම හිටියා. :)
Deleteගොඩක් එවුන් ආස හින තියෙනවා. සමහරැ පන්සලට ගිහින් ඒ ආසාව පූජාකරල ගෙදර ඇවිත් නිකම්මු වෙනවා ඉච්චා භංග වුන. ඒත් මිනිස්සු කියන්නේ මිනිස්සු. සල්ලි නැත්නම් සතුට නෑ. මොකද සල්ලි අතේ තියන අය කොච්චර පම්පෝ කීවත් සල්ලි නැති එකා හැම මොහොතකම මැරෙනවා ජීවත් වෙන්න. කන්න නෑ බොන්න නෑ. ලොකෙට පේන්න හිටියට. මිනිස්සුන්ට ඕන වෙන මගුල් නෙවේ හිතේ සතුට සැනසීම. ඉතින් ඒ සතුට සැනසීම තමන්ටවත් තමන්ගෙ පවුලටවත් කාටවත් දෙන්න බැරි බහුතරයක් බීල මනස විකෘති කරන් හැබෑවෙන් මිදෙන්න හදනවා. ඒකයි බටහිර රටවල ෆන් හකට ෂොට් එකක් දාන එක මේ දුක්විදින අය බෝතල් ගණන් බීල මැරෙන්න යන්නේ. සමහරැ කියයි තව මහන්සි උනොත් ගොඩ කියලා. ඒත් මහන්සි වුනත් බීවත් මේ විදියට ගියොත් හැමෝම වලේ තමයි
ReplyDelete