දෙමෝදර දුම්රිය ස්ථානය තියෙන්නේ නම් ඇල්ල හා උඩූවර දුම්රිය ස්ථාන දෙක අතර. බදුල්ල - බණ්ඩාරවෙළ මාර්ගයේ බදුල්ලේ ඉඳන් කිලෝමීටර 10ක විතර දුරින් තමා තියෙන්නේ. මේක ලෝකයේම ඉතා සුවිශේෂ වැදගත්කමක් තියෙන දුම්රිය ස්ථානයක්. මේකේ තියෙන වැදගත්කම තමා මේ දුම්රිය මාර්ගය වේදිකාවෙන් නික්මුනාම වක්‍රවුන පටු මාර්ගයක ගිහින් රේල්පාර යටින් තියෙන උමගකින් ආපහු හැරිල ගමන් කිරීම. මේ සඳහා වාස්තු විද්‍යාත්මක දැනුම ලබාදීල තියෙන්නේ ගම්මානයේ හිටි ගොපල්ලෙක්. මේ විදිහට රේල්පාර හදන්න ගොපල්ලා අදහස නොදුන්නා නම් උඩරට දුම්රිය මාර්ගය දෙමෝදර දුම්රිය ස්ථානයෙන් අවසන් වෙන්නත් තිබූ බවයි කියන්නේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhP72hFIkAusCW8f32SowIQyoE2xNF57lrwYZSOlurUYrxnklV6NQkQ57H_u3kJJRKS-ZIYQP4bDmX5lxEDR1RO4WBB-KDqG7tNjb8nFD_AOxXI8-UO-CLhISq0DCv8-u_v35DmKG0pwuU/s200-rw/demodara.jpg) |
උඩ ඉඳන් බැලුවාම |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVngr9wb1Uvy1y4J60G4s7_NWtTyV6VhVze5FJhAduGrl_zpy21Q1285VS5Qm3-pT9InMfo2phuqCj4bSJMfvFoeM11r8T8WOupdPOD4157DEr_qSV2X04ftcOKOP_bY4TS27GNmLEzf0/s200-rw/17641659.jpg) |
දුම්රිය ස්ථානය |
මෙහි ඇති ආරුක්කු 9 පාලම ඉතිහාසයේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ අභිමානවත් දක්‍ෂතාව මනාව පෙන්නුම් කරන නිර්මාණයක්. ඒ වාගේම පාලම නිර්මාණය කරල තියෙන්නෙත් බ්‍රිතාන්‍ය රජයට සේවය කල ශ්‍රී ලාංකිකයෙකු වීමත් විශේෂ කරුණක්. මෙය සංචාරකයන් ඇද බැඳගත් ස්ථානයක් වෙන්නේ මේකෙ තියෙන පාළම, උමඟ, දුම්රිය ස්ථානය නිසාම විතරක් නෙවේ. දෙමෝදර තියෙන තේ වතු වලින් දෙන ලස්සනත් ඔවුන්ව මෙහෙට ගෙන්නනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwHPuMhACVIYHapFog1buq3mTsE6A4M0wffTh0zhQJX-Bj3TH8_sl_I9iq9g2fTIU68WVO3ZoTKNFHZy_lWZhqHlrEnl-nuA0M4PlcXwPKvDYg0iPhrlH0jDpTQDqSvfEkdargaupX2RU/s200-rw/2511665546_1228d23d9b_o.jpg) |
ආරුක්කු 9 පාලම |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEih0IcSS7Rpe7Cu4VlJWlSAz9TVYCrTu17HD2QU8t2tMp2ovup_YeXFwsj6VTCGU0b2LlH1L6WLMZsiH8jG7O26D6jZiGFwAip92hVpUG-M6TnYzilUVx_1OHMgDOx_YaJZ4GD66HzEFSA/s200-rw/demodara2.jpg) |
ආරුක්කු 3 පාලම |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbPz-eYmQ9ItlcEDb8fmf_cAxIiyA1YhpNtNHdiAjT2SFMQXAFlyK1a7eSBPMmHuQPoyxVZw8D6n9je-xu3kfZEgDKX76s99ABmsJvHJenF40DqIE4nfSRZk-5y19iHKSfjuwU6Z03E4c/s200-rw/DSC00021.JPG) |
ආරුක්කු 3 පාලම |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBjIyhgwYwuid-nBl7UiEp6blwHvbxTQcrnhrNaesAiSlhKaN0FtT4l7YYs_me1pZpVN3jvW2ecd1jSvH-4XWhJ6xdMwbcKhrMQn8scokzWzGUWe0HQMuEBdk98KMdOtQjnINq_iPVZx8/s200-rw/DSC00022.JPG) |
ආරුක්කු 3 පාලම |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3RJ82pWMOvNwQhd5KvJMxEdDfvxxEAZG1DzPGBJv6Jissb0kQMHSs8vlyXOPxWxyHwkOaNQzjpTqSQxxkaroluwMKpoaYU1i5GFtr-jL0xFPeeUCBpubr0HyIOnpiTUq_kFtRFeOFCCY/s200-rw/DSC00023.JPG) |
ආරුක්කු 3 පාලම |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuf2boG841KvkeWsvNSMPlViwaBqfGL5U3K5JdnOCuvHEKiyos7npgkios-MabcdhiyX7SD56wi9crT5cTvFYoS-7YIy-AP-17UGESL7M6pgZsKmEcHArDXWnXolSxyWAluCoFkZxHNCQ/s200-rw/DSC00032.JPG) |
ආරුක්කු 3 පාලම |
ලොව දුම්රියක් එක ගමන් වාරයකදී එකම ස්ථානයෙන් දෙවරක් යන එකම ස්ථානය විදිහට මෙතැන හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී දුම්රිය උමගෙන් ඇවිත් මීටර් 400ක පමණ පළල් වක්‍ර මාර්ගයක ගමන් කරලයි දුම්රිය වේදිකාවට පැමිණෙන්නේ. මේ පාළම නිර්මාණය කරල තියෙන්නේ ක්‍රිස්තු වර්ශ 1920 දී බවයි සැලකෙන්නේ. මේ තැන නිර්මාණයේදී දෙමෝදර දුම්රිය ස්ථානයට මීටර 50ක පමණ උස වෙනසක් ලැබිල තියෙනවා. එතැනදී දුම්රිය මාර්ගය නිර්මාණය තාවකාලිකව නවත්තද්දී තමා ගොපල්ලා එයා අතේ තිබුණු ලණුවෙන් නිර්මාණය කල යුතු අදහසේ සැලැස්ම පෙන්නල දීල තියෙන්නේ. ඒ වාගේම ආරුක්කු 9 පාලමේ සැලැස්ම ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ඉදිරිපත් කලත් අනෙක් අය ඒක ප්‍රතික්‍ෂ්ප කරල තිබුනත් තවමත් පාලම නොසැලී පවතිනවා. මේ ප්‍රදේශය ආසන්නයේ දුන්හිඳ හා රාවණා ඇල්ල දියඇලිත් දකින්න පුළුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgj0KuA_ncq4x02nTfiIhyphenhyphenPTw98OEymSEcv4c83an2rnldam2w1Unu-Ntfk83OgMRc4GpC2zxA-jTRkKrZSZ98BNEemu3nU-v1dkg-vqZbBczyTlT-Ueq3V-dW84YfdiJifWpml9tWqgIE/s200-rw/DSC00026.JPG) |
උමඟ |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkOPlnIG1eP00Sit-hsdzv7fcn0s7nWysTVTqXslpi99-m6K4vf1LUcnBXi-dCR_VJTp8c0nSXMusUZEvojeUuO-2iNkb7uBnXMF7LcfwxBI2iTdFpaNlU02_Q8s_YMDjNFaQImyUlgsM/s200-rw/DSC00027.JPG) |
උමඟ |
ස්තුතියි අපිටත් මේ දේවල් ගැන කිව්වට
ReplyDeleteමම අහල තියෙන්නෙ අර පුද්ගලයා ඔළුවෙ ජටාව බඳින හැටි දැකපු ඉංජිනේරුව මේ දුම්රිය මාර්ගය ඒ විදිහට නිර්මාණය කලා කියල. මේ දුම්රිය පාර කොටස හඳුන්වන්නෙ ගැටය කියල.
ReplyDeleteස්තුති මේ ගැන මතක් කලාට .... බදුල්ලට කොච්චියේ යන ගමන මැවිලා පේනවා ..
ReplyDelete@දයියා:- මේකයි හැමදේටම කතා ගොඩක් තියෙනවා. ඒත් මේක ගොඩක් ප්‍රසිද්ධ එකක් මේ සම්බන්ධව.
ReplyDeleteඅාරුක්කු තුනේ පාලම මේක නොවේ. ඒ පාලම තියෙන්නේ ඇල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ. බලන්න
ReplyDeletewww.inforinsrilanka.blogspot.com වල three arch railway bridge - ella
මහත්මයා ඔබේ අඩෙවියේ එහෙම ලිපියක් හමුවුනේ නම් නැහැ. දැනුවත් කිරීමට ස්තූතියි. දාද්දී අදාල ලිපියේ ලින්ක් එක දානවානම් ස්තූතිවන්ත වෙනවා. ස්තූතියි.
Deletehttp://inforinsrilanka.blogspot.com/2012/10/three-arch-railway-bridge-ella.html
DeleteIf you need to travel to bandarawela, badulla area again contact me. iksmail35@gmail.com
ReplyDeleteඇත්තෙන්ම ... බොහොම ස්තූතියි ඔබට... :)
Deleteමේ ලිපියේ සාවද්‍ය කරුණු දෙකක් තිබෙනවා.
ReplyDelete01. ආරුක්කු 9 පාලම තනිකර ම සුදු ජාතික ඉන්ජිනේරුවන්ගේ සැලැස්මක් වන අතර, එහි ප්‍රධාන බාස්වරයා සිංහලයෙක් වීම සත්‍යයක්. එමෙන් ම ආරුක්කු 9ට වැඩි 20ක 30ක් සහිත දුම්රිය පාලම් ලෝකයේ වෙනත් රටවල විශේෂයෙන් එංගලන්තයේ දහ ඉන්දියාවේ පවා තිබෙනවා. ඒවා ලංකාවට පෙර සාදා නිම කළ ඒවායි.
02. දෙමෝදර ඇති දුම්රිය ගැටය ලෝකයේ ඇති එකම ස්ථානය නොවේ. මට මතක හැටියට දකුණු අප්‍රකාවේ පතළයක මෙවන් ගැට 9ක් සහිත දුම්රිය මාර්ගයක් තිබෙනවා. එය සාදා ඇත්තේත් ලංකාවේ ගැයට සාදන්නට පොරොතුවයි.
ඒවාට සැලසුම් දුන්නේද අපේ ගොපල්ලාම වෙනටෑෑෑෑෑ