මේ කියන්න යන්නේ අපේම ගෙවල් කිට්ටුව තියෙන පන්සලක් ගැන පුංචි දෙයක් හැමෝටම දැන ගන්ට. මේ පන්සල ලංකාවේ අප්‍රකට වුනත් බොහෝම සුවිශේෂ තැනකි හිමිකරගත් පන්සලක්. මේකෙ නම "ශ්‍රී ශෛලතලාරාමය." ඒ තමා මේක තුල තියෙන සැතපෙන බුදු පිළිමය දකුණු ආසියාවේම තියෙන දිගම සැතපෙන පිළිමය වීම. ඒකේ දිග අඩි 118ක් විතර වෙනවා. පළල අඩි 25කුත් උස අඩි 33කුත් වෙනවා. විහාරයේ වහල වර්ග අඩි 3125 ක් වෙනවා. ශිලා ලිපි නම් කාලයත් එක්ක විනාශ වෙලා. තියෙන චිත්‍ර සමහරක් නුවර යුගයටත් වඩා පැරණි බවයි කියැවෙන්නේ. යන්න මාර්ගය තියෙන්නේ ගාලු පාරේ අම්බලන්ගොඩට ඇවිත් එතැනින් ඇල්පිටිය පාරට හැරිල කිලෝමීටර 3ක් විතර ගියාම තියෙනවා ශෛලතලාරාමය කියල පුවරුවක් එතැනින් වමට හැරිල ගියාම කුරුඳු වගාව එක්ක තියෙන කඳුකර මාර්ගයකින් එතැනට යන්න පුළුවන්. ඒ වාහන වලින් යන අයට. ඒත් උපරිම ආශ්වාදය ගන්න නම් ඇල්පිටිය මාර්ගයෙන් හැරෙන්නේ නැතිව තවත් කිලෝමීටර එකහමාරක් විතර ගියාම තියෙනවා වම් පැත්තට කන්ද මුදුනට ගියපු පඩි පෙලක් ඒක දිගේ උඩට ගියානම් වට පිට ඇති ලස්සනත් බලාගෙනම පන්සලට යන්න පුළුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUiqdTzXzK_ykQwVEPyZgI2j9PQk-TLb-wdkQ_A6QEw_c6fwW9-WaZtQxJVzAbTlSS3ayF_qPpC_fMDUruWaaq0Rmgo0Gkattjb5GnHlUnfSQlAlB3F6ZQRz_-aelvgQoY_wyeNG6F1nE/s200-rw/09092011221.jpg)
පන්සල තියෙන්නේ ගල්තලාවක් උඩ ඒක මුදුනේ ඉඳන් අවට බැලුවාම බලපිටියේ ප්‍රදේශයේ ඉඳන් ගාල්ලට වෙනකම් මුහුදු තීරයක් බලන්න පුලුවන්. මේ ප්‍රතිමාවේ ඉතිහාසය දහ නවවන සියවස අගභාගයෙන් ඔබ්බට නොගියත් මේ ස්ථානයේ ඓතිහාසික බව නම් දඹදෙණි යුගය තරම් ඈතට විහිදෙන බවයි කියැවෙන්නේ.
දඹදෙණි යුගයේ හිටපු දේවපතිරාජ කියන සෙනෙවියා දකුණු මුහුදු තීරයේ සතුරු නැවි ගමනාගමනය විපරම් කරන්න සුදුසු බැලුම් ගලක් සොයද්දී අම්බලන්ගොඩ ප්‍රදේශයට නුදුරින් තිබුණු මේ ගල්තලාව දැකල තියෙනවා. ඒ වාගේම මෙතැනට විශාල මුහුදු තීරයක් පෙනෙන නිසාත් කිසිදා නොසිඳෙන දිය උල්පතක් තියෙන නිසාත් මෙතැන දේවපතිරාජ සෙනෙවියාගේ බැලුම්ගල හා මුරකුටිය බවට පත්කරගෙන ඇති බවයි කියැවෙන්නේ. ඒ වාගේම පසු කාලීනව නුවර යුගයේදී ගණින්නාන්සේලා වැඩවසනා පූජනීය ස්ථානයක් බවටත් පත්වූ බව කියැවෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස උපසම්පදාව නැවත ලක්දිවට වැඩම කල පසු වරින් වර භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කල මේ ස්ථානය දහනව වන සියවස මැද භාගයේදී බෞද්ධ සිද්ධස්ථානයක් විදිහට වැදගත් ස්ථානයක් හිමිකරගෙන තියෙනවා.
මේ කාලයේදී යමක් කමක් කරන්න පුළුවන් තත්ත්වයක හිටපු සැදහැවතෙකු වුන ඉයෝනිස් උපාසක මේ ස්ථානය අද්විතීය ස්ථානයක් කරන්න උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලේ වෙන කොට ලංකාවේ දකුණු ප්‍රදේශයේ දැවැන්ත බුද්ධ පුතිමා වහන්සේලා නිර්මාණයේ තරඟයක් තිබුණු කාලයක්. ඒ තරඟයෙන් සුවිශේෂ තැනක් දිනාගන්න ඉයෝනිස් උපාසක මහතාගේ අභිප්‍රාය වෙලා තියෙනවා. ඉයෝනිස් උපාසක මහත්තය හිතල තියෙන්නේ මෙතැන සැතපෙන පිළිමයක් (පිරිනිවන් මංචකයක්) නිර්මාණය කරන්න. මේ සඳහා කුසිනාරා නුවරට ගිහින් සම්බුද්ධ පරිනිර්වාණය පිළිබිඹු වෙන ප්‍රතිමාව සියැසින් බලන්නත් සිතේ ආශාවක් ඇති වෙලා තියෙනවා. මේ කාලයේ ප්‍රවාහන පහසුකම් නොතිබුණ නිසා දෙවතාවක්ම ඔරුවකින් දඹදිව ගිහිල්ලා සැබෑ පිරිනිවන් මංචකයේ තියෙන ලක්‍ෂණ නිරීක්‍ෂණය කරල තියෙන බව ප්‍රදේශවාසීන් තවමත් වීශ්වාස කරනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJG9JLHFWK5bpdNaPS5VAGAxi0tc4F06j2_DMXuZiFrR2Eo6esxu4ZokeHNv9hj8yM6ulERSLqXfeY-HWzrLnc2S7eScoW93yj9CdNcZSZUDg7aeLu9QQT4eI6198xUNEfCSVVoT0kK6Q/s200-rw/09092011223.jpg) |
සැතපෙන පිළිමය |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGzRRLisEoXyK0hoE-j4afbVylw8SQ_3C6v-DrQOhuL8RfNU6dAKHJKLcNG-AU8kx-aG1I5Ides_1iTOpgAo9DQXOG8EN8FhiYMWMLtmXw7HjRUmdEImZfbzkBl3NFHC-IuBi7Fi41GkY/s200-rw/09092011225.jpg) |
සුවිසි විවරණ ප්‍රතිමා |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqWzbO4pXCXBLWY0EJuK9I3b6vmqWQfyfNOgRpiBro0dLAvnGmXjmTj50iauflSVfU7xNG3vwJlWftAMY14dSpeTm42fcXnMoKmLUyqOC-9ZrIunuYN4FxsNMienglycNR0lUbaLm2ack/s200-rw/09092011227.jpg) |
එළාර යුද්ධය |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjs4szGIfg70qhqx5LUfUStM9rodsjNvAqXVCYyXCElCpPmYGFCqA3NvJ9ZMJMHgzgbqhnk_Z9djHbPKyxk-V8Nf7TNay1rwW1HsaU5NAjIu7Sz3FSEnF0QGaawDHogUBlDvMyr8MQ5F94/s200-rw/09092011226.jpg) |
සුවිසි විවරණ ප්‍රතිමා |
අනුරාධපුර යුගයේ මූර්ති ශිල්පියෙකුත් හොයාගෙන අසූ අටරියනකින් යුතු මේ පිරිනිවන් මංචකය නිමකරද්දී එළාර දුටුගැමුණු යුද්ධයත් මේ විහාරය තුලම මූර්තිමත් කිරීම ඉයෝනිස් උපාසක මහතාගේ පෞද්ගලික ධනය වැය කරමින් කරල තියෙනවා. ඉපැරණි දිය පොකුණ නම් දැන් හිඳිල. මේකට හේතුව විදිහට කියන්නේ කන්දේ අනිත් පැතිවල ගල්බෝර දැමීම් සිදුවීම කියලයි කියන්නේ. ඒ වාගේම 2000 වර්ශයේදී තායිලන්තයෙන් රන් ආලේපිත තඹවලින් සාදන ලද අඩි 12 1/2ක් විතර උස සක්මන් පිළිමයක් තෑගි විදිහට ලැබිල තියෙනවා. දැන්නම් විහාරය වෙන්ම ප්‍රතිමාවත් විනාශවෙමින් පවතින්නේ එය ආරක්‍ෂා කරන්න හෝ ප්‍රතිසංස්කරණය කරන්න රජයේ හෝ වෙනත් අනුග්‍රහයක් නොමැති නිසාමයි. මේ දිනවල නම් බැතිමතුන්ගෙන් ලැබූ සුළු ආධාර මත ප්‍රතිසංස්කරණ කිරීම් කීපයක් සිද්ධ වෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGTaUnxU5zJpd6Opctr-ZMboc2_Yq-N_qCsemfKGYGAeUnx7IldFZauEh_PWUToGvxgobU0nbAJ7upSbo1DXZT5QnT4JbZgkYZzazjW7q71NnNZQMmia4HkSgpritDqa0SqmMfXZPFg14/s200-rw/09092011238.jpg) |
තායිලන්තයෙන් ලද ප්‍රතිමාව |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQHtjAkzSWUogLWYDby678qLG5zU0SN4VyiYPXS-_n-yNSx-AA81xThOKNT27BR3LM0wGI27rWh6w7BZp6pFRZKsBeufOy7hcy6faG1BxlM0BLbMrJ94koD2vKbErAPH8d7_-eKn83CA4/s200-rw/09092011239.jpg) |
|
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7JcZAXfosjQne7r3ebR8S9236ZFS86_mDAPRfCXhXE7Nsh26HJ-3Gxh5YmSPHB5eKEEXGi5Q7lcMmvJx6QCZ8qrLJNKiKWfBMcn13brIdjuSBBQ6pk6cfgkWKB46htm69vXeBD4nsckw/s200-rw/09092011241.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNDr6-qsoO0bzkGfY0QLo8j-gEzuM1Mg0XCalNE3_kz_epAUvjtsVSM5GJJQLEHemnuc00KBaH1_GQlPhO0eUMvxxwuBTrlyM4tIxrajanliKtnGwkKMfx29BArZ4e5P-KIzz0Rm6q6AU/s200-rw/09092011240.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOgsU6NMEK24Lm9N53_qQFMJAFkaAimFzykxVHnluQma5tDCv4tqBGUVINOq-C8B9iAsQGWqnAI0qa1-l_9tsiyDs2JZEIwYCYnN23WRhSSfYPRlAQJmhQCAUuyxl7b8INl9WBlPIY63c/s200-rw/09092011248.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3SYhRmCNqiAwfzNb1TRVTSVgO83N8-jdVa7vVMaZ3HJx4CPwn9vT-kkWoH7Zq2Y_VxxopmRG0nOSmbvjA0suEl6Ndjw7prok85NYlNHJo9SduSrXRIc6Cmi1VBjjbtf6sKpP8Sl-XCzc/s200-rw/09092011249.jpg)
අපේ අයට මේ දේ වටින්නේ නැතුවත් විදේශිකයන්ට නම් මේ දේ වටින බව මට පෙණුනේ මගේ විශ්ව විද්‍යාල යාළුවො දෙන්නෙක් එක්ක මේ පන්සල බලන්න ගිය වෙලාවේ. ඒකත් කියන්නම්කෝ. ඒ වෙලාවේ මෙතැනට ආවා සුද්දෙක්. ඒකා ආවේ පාරේ ඉඳන් බයිසිකලය කරේ තියාගෙන පඩි පෙළ සීයක් විතර උඩට නැගල දාඩිය පෙරාගෙන. මම ඉතින් දන්න කඩ්ඩ පොඩ්ඩක් වැනුවේ බයෙන් වගේ. මොනා වුනත් සුද්දෙක්නේ කියල. ඒත් ඒකා ජර්මන් පොරක් ඒකට මට තරම්වත් කඩ්ඩ වනාගන්න බැහැ. මම ඉතින් අමාරුවෙන් මෑන්ස්ට මෙතැන ගැන කියා දීල. මෑන්ස්ට ආපිට යන්න ලේසි පාරකුත් පෙන්නල දුන්නා. මොකද මොකාට වුනත් උදව් කරන්න එපැයි ආගන්තුකයින්ට. ඒ මෑන්ස් ඇවිත් තියෙන්නේ බෙන්තොට ඉඳල කිලෝමීටර 42ක් විතර බයිසිකලේ පැදගෙන. මාර ආසාවක් තිබිල තියෙන්නේ. ඒ වගේම තමා ඒකාගේ ගෞරවයත්. සපත්තුත් ගලවලයි විහාරය ඇතුලට ගියේ. හොඳ බෞද්ධයෙක් විදිහට. හැබැයි ඉතින් හාමුදුරුවො මට කිව්වා මෙහෙම කතාවක්. "මට ඉංග්‍රීසි බැහැ මෙයාට කියන්න මේක බලන්න ටිකට් එකක් ගන්න ඕන කියල". පුහ් ඒ වෙලාවේ තමා මට තරු පෙණුනේ. මම කිව්ව "මේකටත් ඉංග්‍රීසි බැහැ මටත් එච්චර බැහැ කියල". හාමුදුරුවො බලන්නේ එච්චර අමාරුවෙන් ආපු එකාගෙනුත් දතක් ගලව ගන්න. මොකද ඉතින් මම දන්නවානේ හාමුදුරුවොන්ගේ හැටි. හැබැයි ඉතින් සුදු මෑන්ස්නම් ජෙනුයින් නොඉල්ලාම රුපියල් 500ක් හාමුදුරුවෝ අතේ තිබ්බට පස්සේ තමා හාමුදුරුවොන්ටත් හොඳ හිනාවක් ගියේ. පස්සේ අපිත් එක්කම ප්‍රධන පාරට වෙනකම් සුද්දා බයිසිකලේ පෑගුවේ කුරුල්ලෙක් වගේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqPIVcG2v9_HnNxrmvU15Eh55cEPYEDfhWBaQOJ1vGhQyZ3vX4Y-ZElSHzlElT1CPbQNpJQ7MRR88hIoUChj5LBealtV5e4lAZX5AbmSh47CtOKypIMCh89i1XL77kUVmKx3y8hbbJ7VI/s200-rw/09092011245.jpg) |
සුද්දාගේ සපත්තු දෙක |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5JLUCn4QtCEHeJVWgOFaJF9eZSwlwcBTyWqjbQCumpySGJc3IutsWo5N4LtXhlI2oieSJqRZ0lcKL7KyWIx6Cn7Ey0A8zJGwt7lQnBc01mSL2NNXDvvm0lSMAA3056YShddW58pFkrHU/s200-rw/09092011246.jpg) |
සුද්දාගේ බයිසිකලය |
අපිට ඉතින් අපේ දේවල්වල වටිනාකම අඩුයිනේ..එකනේ මෙච්චර වටිනා සිද්ධස්ථානය ගැන කිසිමක් සැලකිල්ලක් නැතුව අප්‍රසිද්ධව පවතින්නේ
ReplyDeleteකපටි හාමුදුරුවන්ට වඩා සුද්දා හොඳයි වගේ.
ReplyDeleteපිට රට යාළුවො එක්ක ඇවිදින්නගිහිල්ලා ඔය වගේ හොඳ හොඳ අත්දැකීම් තියනවා මටත්. සමහර පන්සල් වල ටිකට් කවුන්ටර් ඇරෙන්නෙත් සුද්දෙක් දැක්කම. එහෙම වුනාම ඉතින් එයාලට ආයේ එන්නත් එපා වෙනවා.
ReplyDeleteඑල.. වැඩේ දිගටම කරගෙන යන්න.. සැහෙන හොඳයි.. නියමයි.. දුකයි කලින් බලන්න බැරි වුනාට... ලස්සනයි..
ReplyDelete