මෙන්න නයෙක්......

මේක වුනේ මම දැන් ඉන්න විශ්ව විද්‍යාල නේවාසිකාගාර වලින් එකක් අසල.  දැනට මේක වෙලා දවස් තුනයි ඒ කියන්නේ 2011 මැයි 04 වෙනිදා. අපිට දීලා තියෙන නේවාසිකාගාර පුංචි පුංචි ගෙවල් පුංචි වත්තකුත් එක්ක. එකක පස් දෙනෙක් වගේ තමා ඉන්නේ.

මේ දවස් වල රෑට අපි වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් පහන් කූඩු හදනවා. මේ කරන අතරේ රෑ අපේ ජේෂ්ඨ අයියා කෙනෙක් ඇවිත් කිව්වා "අන්න අපේ හොස්ටල් එකේ නයෙක්" කියල. ඒත් අපි කිව්වා වෙන්න බෑ ගැඞියෙක් වෙන්න ඇති කියල. පස්සේ කෝකටත් අපි දෙන්නෙක් ගිහින් බැලුවා. බලපි නම් මේකා ඇත්තම නයෙක්. එතකොට අපේ 7දෙනෙක් වගේ එතනට එකතුවුනා. මේන්න මේකා රිංග ගත්තා ගඩොල් ගොඩක් අස්සට. කස්ටිය වට වෙලා දැන් අපා මේකාට මොකක්ද කරන්නේ කියල කතා වුනා.

වැඩි දෙනාගේ අදහස වුනේ මේකා මරා දාන්න. මොනා වුනත් නයානේ.............. තව කීප දෙනෙක් කිව්වා නයි මරන්නේ නෑ යන්න දෙන්න කියල. මේ අතරේ නේවාසිකාගාර ආරක්‍ෂකයාත් ආවා. ඒකා මුස්ලිම්. සිංහල වචනයක්වක් බෑ. අපේ Tamil දන්න එකෙක් මේකාට Tamil වලින් ටෝක් එකක් දැම්මා. නයාගේ තරම ටිකක් වැඩි කරල. මොනා වුනත් මෑන්ස් අම්බානට පොඩ්ඩක් වැඩියෙනුත් එක්ක බයවුනා. මේ අස්සේ අපේ batch එකේ නේවාසිකාගාර වල ඉන්න මුස්ලිම් සහෝදරයෝ ටිකයි දෙමළ සහෝදරයයි ආවා. එයාලගේ අදහසත් මේකා මරන්න. දැන් ඉතින් මරන අදහස ඉස්සර වුනා.

මරන එකට අකමැති වුන අය ගියා යන්න. කොහොම හරි මේකාට දෙක තුනක් දීල මරා දැම්මා. "පොඩි නයා කෑවත් මැරෙනවා ලොකු නයා කෑවත් මැරෙනවා" කියල කතාවක් තියෙනවානේ.





නයා මරල ඔලුව කුඩු වෙන්නම දීල. යන්න හදද්දී මුස්ලිම් සහෝදරයෙක් කිව්වා ඔහොම හරියන්නේ නෑ නයාගේ ඔලුවට ගලක් තියන්න නැත්තම් නැගිටල යනවා කියල. අපි කිව්ව ඒහෙම වෙන්නේ කොහොමද ඌට නැගිටින්න වත් ඔලුවක් නැහැනේ කියල. ඒ කියල හැරෙදිදී අපිට නම් උත්තරේ හම්බුනා. මෙන්න මේකා දඟලලා නැගිටිනවා. ඒ පාර නයා පුච්චනකන් ලීයකින් ඇනලයි තියා ගත්තේ. කොහොම වුනත් අන්තිමට අවසන් වුනේ නයෙක් මැරුවෙත් තව නයි එනවා. එහෙම නොවෙන්න නම් මරපු නයාව පුච්චලා දාන්න කියන විස්වාසය ජය අරන්. හැබැයි දවස් දෙකක් යනකන් ආරක්‍ෂකයා නම් කිව්වේ මරපු නයාගේ ගෑනු සතා ඇවිත් අපි ඔක්කොගෙන්ම පලි ගනී කියලයි.


25 comments:

  1. නයි සම්බන්දව ඔයවගේ කතාගොඩක් තියනව,මමත් අහලතියනව

    ReplyDelete
  2. සත්තු මරන එක පව් තමා ......... ඒත් සත්තුන්ටයි මිනිස්සුන්ටයි එකට ජීවත් වෙන්න බැහැනෙ .........

    ReplyDelete
    Replies
    1. උඹට නම් මිනිහෙක් මරන එක උනත් ගේමක් නෑනේ

      Delete
  3. සර්පයෙක් දෑක්කම කරන්න ඔනෙ ලගම තියෙන වනජීවී කාර්යාලයට දෑනුම් දෙන එක. තවත් සතෙක්ගෙ ජීවිතෙයක් උදුරගන්න කාටවත් තියෙන අය්තිය මොකක්ද?.

    @ කල්හාර දිසානයක - සහෝදරයා කියල තියෙන්නෙ මනුස්සයෙක්ට කියන්න හා හිතන්න පුලුවන් පහත්ම දේවල් වලින් එකක්. අපි සත්තුන්ට අය්ති තෑන් වල ඉන්නවනන් උන්ට වෙන කරන්න ඩෙයක් තියෙනවද?. ඔයා අහල තියෙනද දන්නෙ නෑ බුදුහාමුදුරුවො ගෑරඩියෙක්ට පොලු වලින් පහර දුන්න ලමයින්ට කියල දුන්න කතන්දරේ. පව නිසා නෙවේ තමන්ට kauru හරි එහෙම කරනවනන් අපිට දනෙන වේදනව ඔලුවට අරන් බලන්න.

    ReplyDelete
  4. කැම්පස් යන බූරුවො ටිකක් නයෙක් මරල... පවුකාරයො... හැම සර්පයෙක්ම අහිංසකයි.. උන් දශ්ඨ කරන්නේ උට අනතුරක් වෙයි කියල හිතෙන වෙලාවට තමාගේ ආරක්ෂාවට. මේ වගේ බූරුවන්ට තමයි නයිත් දශ්ඨ කරන්නේ

    ReplyDelete
  5. කැම්පස් යන හැමදෙනාම බූරුවො කියල හිතන කෙනා නම් මගේ හිතේ තියෙන්නේ සාතිශය සංවේගයක් ඒ වගේම සමහර විට එයාගේ හිතේ ඇත්තේ එයාට නැතිවුන දෙයක් ගැන ඊර්ශයාවක්....!

    ReplyDelete
    Replies
    1. කැම්පස් යන මහා නුවනක්කාරයෙකුට බ්ලොග් එකක ලියන්න තරම් දෙයක්ද නයෙක් මරන එක.. වෙන ලියන්න වැදගත් දෙයක් නැත්නම් නිකම් ඉන්න එක ඊට නරකද.. ඉරිසියා කරන්න උඹ විතරනෙ කැම්පස් ගිහින් තියෙන්නෙ...

      Delete
  6. @ Pavithra - බණ කිව්වා වගේ නෙවෙයි කෑවොත් අන්තිමට කියන්න වෙන්නේ මතක බණ....!

    ReplyDelete
  7. බණ ඕනෙ නෑ. සර්පයෙක් දැක්කම වනජීවී කාර්යාලයට දැනුම් දෙන්න ඹ්න කියන එක දන්නෙ නැද්ද?

    ReplyDelete
  8. @Pavithra,
    "සහෝදරයා කියල තියෙන්නෙ මනුස්සයෙක්ට කියන්න හා හිතන්න පුලුවන් පහත්ම දේවල් වලින් එකක්"
    වෙන්න පුලුවන් ඒක මම පිලි ගන්නවා ......

    "අපි සත්තුන්ට අය්ති තෑන් වල ඉන්නවනන් උන්ට වෙන කරන්න ඩෙයක් තියෙනවද?"
    එහෙම සත්තුන්ට අයිති තැන් මිනිස්සුන්ට අයිති තැන් කියලා වෙන් කරන්නෙ කොහොමද ..........

    "ඔයා අහල තියෙනද දන්නෙ නෑ බුදුහාමුදුරුවො ගෑරඩියෙක්ට පොලු වලින් පහර දුන්න ලමයින්ට කියල දුන්න කතන්දරේ"
    ඔව් මම අහලා තියනවා .... ගැරඩිය කියන්නෙ විස ඇති සර්පයෙක් නෙමේ ........ නිරපරාදේ කරදර කරන එක වැරදියි ......

    "පව නිසා නෙවේ තමන්ට kauru හරි එහෙම කරනවනන් අපිට දනෙන වේදනව ඔලුවට අරන් බලන්න."
    සහතික ඇත්ත ....... මම පිලි ගන්නවා ......

    සහෝදරයා මේ ප්‍රශ්න වලටත් උත්තර දෙනවද .......

    නයෙක් ආවාම ඌට කරදරයක් උනොත් තමා කන්නෙ. පොඩි ලමයි ගෙදර ඉන්නකොට ඒ ලමයින්ට තේරෙනවද ඒ ඉන්නෙ නයා ඌට කරදර කලොත් තමා කන්නෙ කියලා ...... මොකද නයා බය උනොත් දෂ්ඨ කරන්නෙ නැද්ද .........

    ගෙදරට නයෙක් ආවාම වනජීවී එකෙන් එනකං ඌව තියාගෙන ඉන්නෙ කොහොමද ........ මොකද නයාට සිංහල තේරෙනවද .... මොකද නයි අල්ලන්න හැමෝම දන්නෙ නැහැනෙ .....

    අනිත් එක නයා යන්න ඇරිය කියමුකො හෙට නෑවිත් ඉඳියි කියලා කොහොමද හරියටම කියන්නෙ ........

    ඔයාට ඕක ප්‍රායෝගිකව දැනෙනවා අවුරුද්දෙ දෙකේ ලමයෙක් දෙන්නෙක් හිටියනං ...........

    බොහොම ස්තුතියි අදහසට ..........

    ReplyDelete
    Replies
    1. හාල්මැස්සා29 October 2013 at 10:33

      උඹ ඉතින් හැම එකටම ඉස්සරහට දාගන්නෙ උඹේ ලමයිනේ... ලමයි ඉන්නෙ උඹට විතරනේ.. උඹේ ලමයි බේරගන්නෙ අනික් ජීවිත උදුරගෙනද?

      Delete
  9. සොරි මට මුලින් කියන්න බැරි වුනා ....... ඔය වගේ සිද්ධි කැම්පස් එකේ විතරක් නෙමේ ගෙවල්වලත් වෙන්න පුලුවන් ..... ගෙදරක වුනොත් කියල තමා මම මගේ කමෙන්ට් දාලා තියෙන්නෙ ........

    ReplyDelete
  10. @කල්හාර දිසානායක
    සහොදරයා කතාකරපු දේවල් වලට බොහෝම ස්තූතියි. තත්ත්වය තේරුම් ගන්න පුළුවන් අය තාමත් සිටීම ගැන සතුටුයි.

    ReplyDelete
  11. මට ඒ වෙලාවෙ ආපු ආවේගයට තමයි අරම කමෙන්ට් එකක් දැම්මෙ. මේ ලෝකෙ හැමෝම මම වගේ හිතන්නෙ නැහැනෙ.
    අනික මේ ලෝකෙදි අපිට හැම වෙලාවෙම සාධාරණ වෙන්නත් බැහැ නේද. ඒක වෙන්න ඇති ලෝක ස්වභාවය.
    අපේ බ්ලොග් ලියන සහෝදරයෙක් සර්පයෙක් වනජීවි එක එන්න කලින් ආරක්ෂිතව කො‍ටු කරල තියාගන්න විදිය ගැන පෝස්ට් එකක සදහන් කරල තිබුනා. මට නම් ඒක දැන් හොයාගන්න බෑ. කැමතිනම් හොයාගන්න බලන්න.
    මොනව උනත් කරපු දේ මගේ අදහසට අනුව සාධාරණිකරනය කරන්න බැහැ.

    ReplyDelete
  12. අනිත් එක අර ඇනෝ කැම්පස් යන අයට ඉරිසියාවෙ දාපු එකක් වෙන්න බැහැ උඩ තියෙන කමෙන්ට් එක. ඒකත් මට ‍වගේම ආවේගයක් ආපු කෙනෙක් දාපු එකක් වෙන්න ඇති.

    ReplyDelete
  13. @Pavithra,
    මුලින්ම බොහොම ස්තුතියි පිලිතුරු දුන්නට ......

    "මට ඒ වෙලාවෙ ආපු ආවේගයට තමයි අරම කමෙන්ට් එකක් දැම්මෙ. මේ ලෝකෙ හැමෝම මම වගේ හිතන්නෙ නැහැනෙ."

    එහෙම කියන්න එපා ඔයා හිතන විදියට තමා මමත් හිතන්නෙ ඒත් සමහර තැන්වලදි දෙකින් එකක් තෝර ගන්න වෙන වෙලාවල් එනවා ....

    "අනික මේ ලෝකෙදි අපිට හැම වෙලාවෙම සාධාරණ වෙන්නත් බැහැ නේද. ඒක වෙන්න ඇති ලෝක ස්වභාවය."

    සහතික ඇත්ත ඇයි ඉතිං ඕක තේරුම් නොගන්නෙ .......

    "අපේ බ්ලොග් ලියන සහෝදරයෙක් සර්පයෙක් වනජීවි එක එන්න කලින් ආරක්ෂිතව කො‍ටු කරල තියාගන්න විදිය ගැන පෝස්ට් එකක සදහන් කරල තිබුනා. මට නම් ඒක දැන් හොයාගන්න බෑ. කැමතිනම් හොයාගන්න බලන්න."

    ඒ විදියට කරන්න පුලුවන් නම් බොහොම කැමැත්තෙන් හදවතින්ම ඒ වැඩේ කරනවා ....... සතෙක්ව මැරුවාම හිතට දුකක් මිසක් කිසිසේත්ම සතුටක් එන්නෙ නැහැනෙ .......

    "මොනව උනත් කරපු දේ මගේ අදහසට අනුව සාධාරණිකරනය කරන්න බැහැ"

    සහෝ ඔයා තවත් කියනවා නම් ඔය විදියට මම අහල තියන ඒවටත් සාධාරණ උත්තර තියෙන්න ඕන නේද .....

    ReplyDelete
    Replies
    1. හාල්මැස්සා29 October 2013 at 10:37

      උඹ අරින නයින්ගෙ හැටියට මොන සාධාරණ කතාද..

      Delete
  14. මේ බ්ලොග් එකේ අකුරු ලොකු කලා නම් මසුරන් ...... නැත්නම් එඩ්‍රස් එක එවන්නම් කණ්ණාඩි කුට්ටමක් එවනවද .....

    ReplyDelete
  15. @කල්හාර දිසානායක - සහෝදරයගෙ පැත්තෙන් සාධාරණයි තමයි. මේ පෝස්ට් එකේ නයා මරුවෙත් ඒ වගේ හේතුවකටද දන‍්නෙ නෑ. එහෙම නැත්නම් මට කියන්න තියෙන්නෙත් අර ඇනෝ කියපු දේම තමයි.

    ඇනෝ කියල තියෙන දේ මම තේරුම් ගත්තෙ මෙහෙම.කැම්පස් යන් ළමයි කියන්න සාමාන්‍යයෙන් මොලය තියෙන වැදගත් පිරිසක් වෙන්න ඕනෑනෙ. කැම්පස් යන මෝඩයෝ කියන්නෙ ඒ අතරින් වි‍‍ශේෂිත කොටසක්. කැම්පස් යන මෝඩයෝ අඩුයි. ඒ අය ගැන වෙන්න ඕනෑ ඇනෝ කියල තියෙන්නේ. නැතුව කැම්පස් යන සියල්ලෝම මෝඩයෝ කියල නැහැ වගේ.

    ReplyDelete
  16. මගෙ අන්තිම කමෙන්ට් එකේ මෝඩයෝ ‍බූරුවෝ ලෙස වෙන්ස් විය යුතුයි.

    ReplyDelete
  17. සර්පයො මරන්න පුරුදු වෙන එක හොඳ දෙයක් නෙවෙයි. ජෛව විවිධත්වයට ඒක අනිසි ලෙස බලපාන්න පුලවන්. හොඳම දේ සර්පයව අල්ලගෙන ගිහින් ඈතකට අත්හරින එක. එත් මෙතන නම් අවස්ථාවේ හැටියට ආත්මාරක්ෂාව ගැන හිතලා, දරුණුම ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා වගේ.

    ReplyDelete
  18. @Pavithra,
    ඇනෝ කමෙන්ට් එක පටන් අරන් තියෙන හැටියෙන් නම් ඊර්ෂ්‍යාව පොඩ්ඩක් ගෑවිලා තියෙනවා.

    ReplyDelete
  19. mama kalin daapu comment eka makala. mokada danne na.
    mee thiyenne comment eka.
    @කල්හාර දිසානායක - සහෝදරයගෙ පැත්තෙන් සාධාරණයි තමයි. මේ පෝස්ට් එකේ නයා මරුවෙත් ඒ වගේ හේතුවකටද දන‍්නෙ නෑ. එහෙම නැත්නම් මට කියන්න තියෙන්නෙත් අර ඇනෝ කියපු දේම තමයි.

    ඇනෝ කියල තියෙන දේ මම තේරුම් ගත්තෙ මෙහෙම.කැම්පස් යන් ළමයි කියන්න සාමාන්‍යයෙන් මොලය තියෙන වැදගත් පිරිසක් වෙන්න ඕනෑනෙ. කැම්පස් යන මෝඩයෝ කියන්නෙ ඒ අතරින් වි‍‍ශේෂිත කොටසක්. කැම්පස් යන මෝඩයෝ අඩුයි. ඒ අය ගැන වෙන්න ඕනෑ ඇනෝ කියල තියෙන්නේ. නැතුව කැම්පස් යන සියල්ලෝම මෝඩයෝ කියල නැහැ වගේ.

    ReplyDelete
  20. මගෙ අන්තිම කමෙන්ට් එකේ මෝඩයෝ ‍බූරුවෝ ලෙස වෙන්ස් විය යුතුයි.

    @ ශාකුන්තල - Anemanda

    ReplyDelete
  21. මොනම සතෙක්වත් අනවශ්‍ය මරා දැමීමකට ලක් කරනවට මමනම් කැමති නැහැ. අපිට වගේම ඕනම ජීවයෙකුට මේ මහපොළවෙ ජිවත් වෙන්න අයිතියක් තියනවා.අනෙක නයා තියා ඊට වඩා දරුණු සතෙක් උනත් බිය කියන හැගීම නිසයි අනෙකාට ප්‍රහාර එල්ල කරන්නේ.මෙතන නයා මරා දාලා තියෙන්නෙ මිනිස් සත්තු ටිකක් නොවැ? සාමාන්‍යයෙන් තිරිසන් සතුන්නම් අනාගත බිය සහ අවිනිශ්චිත බිය සදහා ප්‍රහාර එල්ල කරනනෙ නැහැ.ඒත් මිනිස් සත්වයා ඒ දෙකටම ප්‍රතිචාර දක්වනවා.ඇත්තෙන්ම මනිසින් උසස් නිසාද මිනිසුන් කියන්නේ??(අපි අපිම අපිටම කියා ගත්තු කියමනක් නොවැ ඒකත් නේද?? දීප්ත කුමාර

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!