වැරදුනු වාසිටිය


දහසක් පැතුම් කැටිකරගෙන ආවතැන
දහසක් දෙනා හමුවන මේ සොඳුරු තැන
දහසක් වෙර දරා දිනුවා සියළු දෙය
දිනුමට දෙයක් නැතිවේවිද මෙතැන මට

සතුටු සිතින් ජීවත්වන සියළු තැන
පළමු දිනේ අපහසු වූවා නේද?
අනාගතේ හොඳ වේවා පතාගෙන
භාරගනිමු මේ ලැබෙනා සියළු දුක

දුවගෙන ඇවිත් කියනව භයවෙන වචන
නපුරු වගේ පෙනෙනව මේ සියළු දෙන
එහෙම මවල පෙන්වල දෙන ඔබ සැවොම
කවුරුත් එකවගේ නැතිබව දන්නවද?

වචන කියල පෙනෙනා මේ සියළු දෙය
ඔවදන් බවක් හැඟෙනව හිතුවොත් අපම
ලස්සන වෙන්න නම් අපගේ හෙට දවස
භාරගනිමු මේ ඔවදන් හිස් මුදුන

2 comments:

  1. මල්ලි ඔය දේ අනුමත කරනවද ........
    මම හිතන්නෙ තිබිය යුතුයි, ඒත් අමානුෂික විදියට නෙමේ .......

    ReplyDelete
  2. ඇත්තෙන්ම තිබිය යුතුයි. ඒත් ඔයා කිව්වා වගේ අමානුෂික විදිහට නෙවි.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!