සිංහල සිංදු කියන........

මේ ගීතය සත්‍ය සිදුවීමක් ඇසුරින් රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුනා කියල තමයි කියවෙන්නේ. 1992 දී විතර දවසක විශාරද ගුණදාස කපුගේ ශූරීන් රත්න ශ්‍රී විජේසිංහයන්ට කතා කරනවා ඒ් ඒ් කාලේ තිබුන සඟරාවක තිබුන ලිපියක් ගැන කියවන්න කියල සඳහන් කරන්න. අන්න ඒ් ලිපියේ තිබුන කතාවෙන් තමයි මේ ගීතය ලියැවෙන්නේ. ඒ් තිබුන කතාවේ සාරාංශය මෙහෙමයි.

දකුණු පලාතේ කඹුරුපිටියේ කාන්තාවක් වුන විනීතා සමරසිංහ ගුණසේකර නැමැති පොලිස් කාන්තාවක් කොළඹ පොලිස් ස්ථානයක සේවය කරන කාලයේ දී උතුරෙන් ආව දෙමළ තරුණයෙක් වුන ඒස්. නඩේශන් නැමැති තරුණයෙක් ඒක්ක ආදරයෙන් බැඳෙනවා. නමුත් මේ ආදරයට දෙපාර්ශවයෙන්ම විරුද්ධ වෙනවා. විශේෂයෙන්ම තරුණියගේ පවුල් වල උදවිය. නමුත් මේ සියලු බාධක අතරේම මේ දෙන්නා විවාහ වෙනවා. මේ අතරේ 83 කළබල ඇතිවෙනවා. ඒ් ගැටුම්වලින් කළකිරෙන දෙමළ තරුණයා තම අලුත් මනමාලිත් අරගෙන උතුරුට යනවා. මෙන්න මේ කතාව පදනම් කරගෙන තමයි ගීතය ලියැවෙන්නේ.

සිංහල සිංදු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින් හදවතක් අරගෙන
ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...

මේ තරුණිය ගැන තරුණයා කියන කතාවකින් තමයි ගීතය ආරම්භ වෙන්නේ. මේ සිංහල කතා කරන නමුත් නළලේ තිලකයක් තියාගෙන ඉන්න කිරිල්ලිය, තමන්ගේ ආදරවන්තිය තමන්ගේ ආදරය නිසාවෙන් මේ යුද්ධයෙන් ගිණිගෙන දැවෙන උතුරුකරයට ඇවිත්. ඇයි ආවේ? මේ ආදරය නිසාමද?

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශීවී..
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී..
මධුසමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී...

දෙමළ තරුණයාට හරිහැටි සිංහලත් බෑ. නමුත් ඒ් කැඩිච්ච සිංහලෙන් කියපු ආදර බස් වලට රැවටිලා ද ඒ් ආදරයට වශී වෙලා ද යුද්ධයෙන් විනාශ වෙන්න පුලුවන් තරම් වූ ජීවිතයක් වෙනුවෙන් සූදානම් වෙලා තියෙන්නේ.. අනිත් හැමෝටම හොඳ සුවඳ මල් තමන්ගේ මංගල්‍යයේදී ලැබුනත් ඇයට ලැබෙන්නේ ගිණිමල් පොකුරක්.. ඒ් යුද්ධයේ භීතිකාවත් ඒක්කමයි. ඒ් වගේ අනතුරක් අතට අරගෙන තරුණියකගේ සුන්දරම දවස වෙච්ච මධුසමය සමයත් මධුර මිහිරි අයුරින් තම ආදරවන්තයා ඒක්ක ගෙවන්න ලැබෙන්නේ කටු අතරේමයි.. ඒ් භීෂණය නිතර තමා වටේ තියාගෙනයි ඇයට හැම සුන්දර මෙහොතක්ම ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ.

ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු
විහඟ සෙනග අඩාවී..
ඒ කදුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී..
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී..

ගිණි අවිවලට ආදරය කරන පිරිස් කඳුලුත් ඒක්ක තමයි ජීවත් වෙන්නේ.. උතුරුකරයට වෙලා තියෙන අසාධාරණයන් නිසා අවි ගත්ත අය තමයි අපිත් ඒක්ක ඉන්නේ. අන්න ඒ් දුක කඳුලු සිංහලට හරවල දකුණේ මිනිස්සුන්ට කියා දෙන්න නුඹට පුලුවන් වෙයි. හැබැයි ‌මේ මොන යුද්ධය කලත් මගේ ආදරය නුඹ ලඟ තියෙන්නේ. ඒ් ආදරය පරිස්සම් කරන්න ඔ්න නුඹයි කියල ඒ් පෙම්වතා කියනවා.. සිංහල මිනිස්සු ඒක්ක යුද්ධ කලත් අවි ගත්තු තම සගයන් සිංහල තරුණියක් වුන ඇයට විරුද්ධ වෙන් හැදුවත් තමන්ගේ ආදරය නිසා ඇයට දේවත්වයෙන් සලකන්න, ඔහු සතු සියලු ආදරය සැප සම්පත් දෙන්න ඔහු පැකිලෙන්නේ නෑ.

දැන්අවසානයේ කියන්නම් මේ තරුණයා සහ තරුණියට ඉන් පස්සේ මොකද වෙන්නේ කියල. මේ තරුණයා තමයි ඒල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු පොලිස්පති සහ පසු කලෙක දේශපාලන අංශයේ හිටපු නායකයා. ඒ් දෙන්නාම අවසාන සටනේදී මියගියා කියල තමයි සඳහන් වෙන්නේ. කොහොම වුනත් මේ යුද්ධයේ තිබුන අපූරු ප්‍රේම කතාවක් අපූර්ව සුන්දරත්වය තියෙන ගීතයක් කරන්න රත්න ශ්‍රී විජේසිංහයන්ට තිබුන දක්‍ෂතාවය නම් අගය කල යුතුමයි.

ඒහෙම නම් තව ගීතයක කතාවක් ඒක්ක ඒනකම් මේ ගීතයේ සුන්දරත්වය විඳින්න. ආයුබෝවන්

සිංහල සිංදු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින් හදවතක් අරගෙන
ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශීවී..
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී..
මධුසමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී...

සිංහල සිංදු කියන...//

ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු
විහඟ සෙනග අඩාවී..
ඒ කදුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී..
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී..

සිංහල සිංදු කියන...//

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

3 comments:

  1. දැනගෙන හිටියෙ නෑ ඉතිහාසය. ඒ වගේම මං හිතාන හිටියෙ මේ කියන්නෙ දෙමළ තරුණියක් ගැන කියල. හරියට සිංදුව අහල නෑ ඇහිල විතරයි නේද කියල හිතෙනව...

    ReplyDelete
    Replies
    1. https://thattayagekolama.blogspot.com/2019/09/149.html

      Delete
    2. ආයෙ අහල බමන්න නිවිසැනසිල්ලෙ

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!