පොකට් ගැහිල්ලේ අලුත්ම විධිය - සංවිධානාත්මක අපරාධ

මේ කියන්න යන්නේ බොහෝමයක් අය මේ වෙද්දී මුහුණ දෙන අවාසනාවන්ත සිද්ධියක් ගැන. ඒ තමයි පොකට් ගැහිල්ල. මේක ගම්බදව වගේම නගරයේත් සිදුවෙන සිද්ධියක්. ඒ වගේම තමයි පොකට් ගැහිල්ල අද ඊයේ පටන් ගත්ත දෙයක් නම් නෙවෙයි.
ඉස්සර නම් පොකට් ගහන එකා තනිවම එනවා නැත්තම් එක යාලුවෙක් එක්ක එනවා. ඒ ඇවිත් පොකට් එක ගහගෙන ගියාම අපි පොලීසියට පැමිණිලි කරල මාස ගානකට පස්සේ ඒකාව කුදලන් ඇවිත් දඩුවම් නියම කරනවා. නමුත් අද කොළඹ අවට මෙම සිද්ධිය වෙනස්ම විධියකට සිදු වෙන්න පටන් අරන්. ඒ කල්ලියක් විදිහට පොකට් ගහන්න පටන් ගත්තු එක.

කොළඹ ඇවිදින සාමාන්‍ය අය වගේ හැසිරෙමින් බස් වල වගේම පාර තොටේත් මේ කල්ලියේ සාමාජිකයින් ඉන්නවා. ඒ අයගේ දාමයේ පහලින්ම ඉන්නේ පොකට් එකට විදින්න හැකියාව තියෙන දක්‍ෂයින්. ඔවුන් සල්ලි තියෙන පොකට් ගැන වගේම මිනිසුන්ට සිදුවෙන පොඩි පොඩි අත්වැරදීම් ගැන හොද අවධානයෙන් ඉන්නවා. බෑග් එකක් ගත්ත වයසක කෙනෙක්, වැඩ ඇරිල එන තරුණයෙක්, වීදි වෙලෙන්දෙක් වගේ රෑප වලින් එන මේ අය බස් එකට ටිකට් දෙන්න පරිස් එක අදිනකම්, කඩේ බඩු ගන්න පර්ස් එක අදිනකම් හොදින් බලන් ඉන්නවා. ඊට පස්සේ ඒ පර්ස් එක දාන තැන ගැනත් හොදින් බලාගෙන ඉන්නේ ඒ ඒ පර්ස් වල තියෙන මුදල ගැනත් හොද අවධානයෙන්. සමහර වෙලාවල් වලදී දෙදෙනෙක් වශයෙන් ඇවිත් එකෙක් ඔත්තු වලල අනිකා දැනුවත් කරනවා අනෙකා ඉස් එකේ ෆුට්බෝඩ් එකේ ඉදන් වැඩේ දීල මාරු වෙනවා. 

මේ පොකට් ගහන සියලු දෙනා ඒ ඒ අය එකතු කර ගන්න පර්ස් දවසේ එක තැනකට එකතු කරනවා. මේ සදහා තමයි දම්වැලේ දෙවැනි පිරිස ඉන්නේ. ඒවායේ තියෙන බැංකු කාර්ඩ්, අයිඩී ආදිය වෙනම ගොඩවල් වලට එකතු කරනවා වගේම ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරල ලගම තියෙන CCTV නති පොඩි කඩේකින් ඒ කාර්ඩ් එක හිස් කරන්නත් අමතක කරන්නේ නෑ. සමහර වයසක අය බැකු කාර්ඩ් අංකේ පර්ස් එකේ දාගෙන ඉන්න අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවක් වුනොත් නම් සොරිම තමා. මේ සදහා තමයි දම්වැලේ තෙවැනි පිරිස ඉන්නේ.
මේ සියල්ල අවසක් ඇතුලේ කරන මොවුන් සියලු හැදුනුම්පත්, ලයිසන් ආදිය එකට ගැට ගහල ඒවායේ තියෙන සම්බන්ධ කල හැකි දුරකතන අංක වලට කතා කරල අයිතිකාරයා සම්බන්ධ කර ගන්නවා. මේ සදහා තවත් පිරිසක් ඉන්නවා. ඒ අය මේ සියලු මිටි අදාල අයිතිකරුවන් සොයා ගිහින් දෙනවා. කුණු කූඩෙක තිබුල හම්බුනා. බිම තිබිල ලැබුනා. වගේ උත්තර දීල ඉක්මනින්ම මාරු වෙන මොවුන් හැකි නම් තව කීයක් හරි අයිතිකාරයාගෙන කඩා ගන්නත් බලනවා.

මේ මුදල් සියල්ල පසුව බෙදා ගන්නවා. කොහොම වුනත් නරකම දේ තමයි මේ පිළිබදව බොහෝමයක් බස් වල කොන්දොස්තරලාත් දැනුවත්. ඒ වුනාට කතා කරන්නේ නම් නෑ. ඇහුවොත් කියන්නේ දවසක් ඇතුලත හම්බවෙයි මහත්තය කියලයි. ඒ විතරක් නෙවෙයි පොලීසියට ගියත් සතියක් බලන්න කියලයි. නමුත් ඒ සතිය ඇතුලේ අපරාධකරුවන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගන්නවා. කවදාවත් නඩුවක් නැති නිසා පරීක්‍ෂන වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි පර්ස් එකේ අයිතිකාරයාට නඩු දාන්න තරම් හේතුවකුත් නෑ. මොකද සල්ලි ඇරෙන්න නැති වුන දෙයක් නෑ. සල්ලි තිබුණා කියල ඔප්පු කරන්නත් බෑ. මොකද සල්ලි වල අංක මතක තියාගෙන ගනුදෙනු කරන්න බෑනේ. 

කොහෙම වුනත් මේ වෙද්දී දෙමටගොඩ, බොරැල්ල, මරදාන ආශ්‍රිතව සෑහෙන පිරිසක් මෙම අපරාධය සදහා සහය දක්වමින් ඉන්නවා. ඒ නිසා ඔයාල සතු වටින දේවල් පර්ස් එකේ නොදා වෙන තැනක තියනවා නම් හොදයි. ඒ වගේම මග කොහෙදිවත් පර්ස් එක ඇදල එහෙම නැනිනම් වටින දේවල් තියෙන තැනින් ඇදල ගන්න එපා. මේ අය ඔයාලට නොදැනෙන්න බෑග් ඇරල වුනත් වටින දේවල් ගන්න දක්‍ෂ නිසා බොහෝම පරිස්සමින් මග දිගට කටයුතු කරන්න. 

මේ වගේ අපරාධ වලක්වන්න ක්‍රමවේද ඇති වෙනවා නම් හොදයි. ඒ වගේම ඒ ඒ අයට අවස්තාවක් නොදී ඉන්නවා නම් ඊටත් වඩා හොදයි. 

ජය!

2 comments:

  1. පොකට්කාරයෙක් අහු උනොත් පොලිසියට බාර දෙනවට වඩා අතක් පයක් කඩලා දාන එක හොදයි කියලා මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. රටේ දැන් තියෙන නීති හා දඩුවම් එක්ක නම් ඔව්. නමුත් නීතිය අතට ගෙන ක්‍රියා කිරීම සුදුසු වෙන්නේ නම් නෑ..

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!