ඩ්‍රෝන හෝ නියමුවන් රහිත ගුවන් යානා සඳහා ලංකාවේ පවතින නීති

මෙය 1950 න් පසු ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සකස් කල නීති පද්ධතිය ලංකාවටත් එලෙසින්ම බල පවතිනවා. ලංකාවේ දී මෙය සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලබන අතර එය 2010, 14 වැනි පණත අනුව ක්‍රියාත්මක වේ. මෙය 2017.01.10 වැනිදා සංශෝධනය විය. ඒ අනුව පහත ඇති නීති රීති ලංකාවේ ගුවන් ගත කරන්නා වූ සියලුම Drone සහ සැහැල්ලු ගුවන් යානා සියල්ල සඳහා බල පැවැත්වේ.

මේ යටතේ සියලු සැහැල්ලු ගුවන් යානා සහ ඩ්‍රෝන වර්ග ප්‍රධාන කොටස් 4 කට වර්ගීකරණය කෙරේ.
A වර්ගය - මේ යටතේ 25kg ට වඩා වැඩි දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
B වර්ගය - මේ යටතේ 1kg සහ 25kg අතර දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
C වර්ගය - මේ යටතේ 200g සිට 1kg දක්වා දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
D වර්ගය - මේ යටතේ 200g ට අඩු දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.

A වර්ගය
දැනට මේ වර්ගය ලංකාවේ භාවිතා වන්නේ නැතත් ඉදිරි කාලයේ මේ වර්ගයද ලංකාවට ගෙන්වනු ඇත. මෙය පියාසර කරවන්නේ නම් ඒ සඳහා ගුවන් යානාවක් සඳහා බලපවත්වන්නා වූ සියලු නීති රීති වලංගු වනු ඇත. ඒ නිසා ඒ සඳහා අදාල ලියාපදිංචි කිරීම් හා පුහුණු වීම්, පැදවීමේ බලපත්‍ර ආදී සියලු ලිපිලේඛණ තිබිය යුතුය.

B වර්ගය
ලංකාවේ දැනට තිබෙන්නා වූ වෘත්තීමය ඩ්‍රෝන වර්ගසියල්ලම අයත් වන්නේ මේ වර්ගයටයි. කැමරාවක් ඇති දිගුදුර සංඥා මගින් පාලනය වන්නා වූ සියලු ඩ්‍රෝන වර්ග මෙයට අයත් වේ. මේ කාණ්ඩයට අයත් වන්නා වූ ඩ්‍රෝනයක් පියාසර කරවන්නේ නම් ඒ සඳහා අයිතිකරු, ඩ්‍රෝනය හෝ ගුවන් යානය, වෙනත් පදවන්නන් සිටී නම් ඔවුන් යන පාර්ශව තුනම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර මෙය වසර දෙකකට වරක් අලුත් කරවා ගත යුතු ද වෙනවා. මෙලෙස ලියාපදිංචි කරවා ගැනීමේදී වුවද ලංකාවේ සියලුතැන් වල මෙය පියාසර කරවන්න බැහැ. වෙනත් ස්ථානයක මෙය පියාසර කරනවා නම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතියක් ගන්න වෙනවා.

C වර්ගය
මෙම වර්ගය කැමරාවක් හෝ වෙනත් සංවේදක උපකරණ රහිත නම් ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම කැමරාවක් සහිත වුවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසර ලත් ගෙන්වා බෙදාහරින ආයතනයකින් මිලදී ගැනීමක් සිදු කර තිබේ නම් එම මිලදී ගැනීම සමඟ වෙනම ලියාපදිංචි වීමක් අවශ්‍ය වන්නේ නැහැ. මීට අමතරව පියාසැරිය සඳහා D වර්ගය සඳහා බලපැවැත්වෙන නීති ද වලංගු වෙනවා.

D වර්ගය
මෙම වර්ගය කැමරාවක් නැති නම් ලියාපදිංචි කල යුතු වන්නේ නැහැ. නමුත් පියාසර කරනවා නම් අඩි 150ක් දක්වා තමාගේ වත්තේ යවනවා නම් අවසර ලබාගත යුතු වන්නේ නැහැ. නමුත් කැමරාවක් සහිතව දිගුදුර සංඥා සහිතව පියාසර කරනවා නම් පූර්ව අවසරයක් ගැනීම කල යුතු වෙනවා. එමෙන්ම වෙනත් අයෙකුගේ ඉඩමක මෙය පියාසර කරනවා නම් ඒ පුද්ගලයාගෙන් හෝ සමාගමෙන් පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතු වෙනවා. එමෙන්ම වෙනත් තැනක පියාසර කරනවා නම් ලඟම ඇති පොලීසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නත් ඕන.

සියලු නියමුවන් රහිත ගුවන් යානා හා ගුවන් යානා පදවන්නන් සඳහා පහත නීති වලංගු වේ.
  1. සියලු ගුවන් යානා හෝ ඩ්‍රෝන පදවන්නන් වයස අවුරුදු 18ට වඩා වැඩි විය යුතුය. ඊට අඩු නම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්ගේ විශේෂ අවසරයක් ලබාගත යුතුවේ.
  2. A, B, C වර්ග පදවන්නන් සඳහා සෑම විටම අවසර හා බලපත්‍ර තිබිය යුතුවේ.
  3. A, B, C, වර්ග සෑම විටම ඒ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසර සහිත ස්ටිකරය සහිතව ගුවන් ගත කල යුතුවේ. එහි ලියාපදිංචි අංකය, අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය, ඔහු හෝ ඇයගේ හදිසි සම්බන්ධ කරගැනීම සඳහා දුරකථන අංක ඇතුලත් විය යුතුවේ.
  4. පැයට හැතැප්ම 100ට (නොට් 87) වඩා වැඩි වේගයෙන් පැදවීම තහනම්.
  5. ජනයා රැස්වෙන ස්ථාන වල, රැස්වීම් පැවැත්වෙන ස්ථාන වල, මහා මාර්ග වල, දුම්රිය මාර්ග වල, පුරා විද්‍යා ස්ථාන වල, ජාතික වනෝද්‍යාන තුල හා වෙනත් ආරක්‍ෂක ස්ථාන වල පියාසර කිරීම තහනම් වේ.
  6. සැහැල්ලු ගුවන් යානයේ හෝ ඩ්‍රෝනයෙන් ද්‍රව්‍ය අත්හැරිම, බැනර් හෝ පොස්ටර් එල්ලාගෙන යාම, ඇදගෙන යාම් සිදු කිරීම තහනම් වේ.
  7.  පුද්ගලයන් සිටින ස්ථානයකදී නම් ආසන්නතම පුද්ගලයාගේ සිට මීටර 100ක් දුරින් පියාසර කල යුතුවේ.
  8. සියලු විකරණය කිරීම් තහනම් වේ.
  9. සෑම විටම ගුවන් යානය හෝ ඩ්‍රෝනය ඇසට පෙනෙන මානයේ පැදවිය යුතුවේ. ඒ අනුව පැදවිය හැකි උපරිම දුර කිලෝමීටර 5ක් වන අතර උපරිම උස මීටර 120ක් වේ.
  10. ගමන් කරන වාහනයක සිට පියාසර කරවීම තහනම්.
  11. එකවර ගුවන් යානා හෝ ඩ්‍රෝන කීපයක් පියාසර කරවීම තහනම්.
  12. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතාකර හෝ මානසික, ශාරීරික දුබලතා සහිත නම් පියාසර කරවීම තහනම්.
  13. ඩ්‍රෝන නිශ්පාදනය කිරීම, බෙදා හැරීම හෝ කොටස් ගෙන්වීම සඳහා අවසර ලබාගත යුතු අතර නිහ්පාදනය කර විකුනන්නේ නම් විකුණන ලද පුද්ගලයන්ගේ විස්තර තබාගත යුතුවේ. එහිදී විකුණන ලැබූ පුද්ගලයාගේ නම, ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය තිබිය යුතු අතර ගුවන් යානයේ නිශ්පාදන වර්ගය හෝ ගුවන් යානය හඳුනා ගැනීමේ විස්තර හා වෙනස් සංවේදක අඩංගු නම් ඒ පිලිබඳ විස්තර සටහන් කර තිබුයි යුතුය.
  14. සෑම වසර 2කට වරක් බලපත්‍ර අලුත් කරවාගත යුතුවේ.
  15. A හා B වර්ග අනිවාර්ය වශයෙන් රක්‍ෂණය කල යුතුවේ. එහිදී තුන්වන පාර්ශවය සඳහා ආවරණයක් තිබිය යුතුවේ.
  16. යම් අනතුරක් සිදුවුවහොත් ඒ පිළිබඳව අදාල පොලීසිය දැනුවත් කල යුතු වන අතර පැය 48ක් ඇතුලත සිවිල් ගුවන් සේවා ආරක්‍ෂණ අධිකාරිය දැනුවත් කල යුතුවේ. 
  17. ලාංකිකයෙකු නොවන්නේ නම් ඔහුට හෝ ඇයට තාවකාලික පියාසර අවසරපත් නිකුත් කරනු ලැබේ.

මෙම නීති රීති සියල්ල අභිභවමින් යම් ඩ්‍රෝන හෝ නියමුවන් රහිත ගුවන් යානාවක් පියාසර කරවන්නේ නම් ඒ සඳහා ඇති සාරධර්මයන් ආරක්‍ෂා කරගනිමින් පියාසර කරවීම කලු යුතුවේ. එහිදී පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවන අන්දමින් ක්‍රියාත්මක වීම, වන සතුන් හෝ පක්‍ෂින් ගේ ක්‍රියාකාරකම් වලට බාධා නොවන අයුරින් කටයුතු කිරීම වැනි කාරණා පළමුකොටම සිහි තබාගත යුතුවේ.

එමෙන්ම විශේෂ කාර්යයන් සඳහා නිමැවුනු ඩ්‍රෝන ඒ ඒ කාර්යය සඳහා භාවිතා කරන්නේ නම් ඒ කාර්යය වඩා පහසුවෙන් තුන්වන පාර්ශව වලට හානියක් නොවන හෝ හානිය අවම වන අයුරින් භාවිතා කල හැකි වනු ඇත.

මෙනිසා ඩ්‍රෝන හෝ නියමුවන් රහිත සැහැල්ලු ගවන් යානා පියාසර කරන ඔබ මෙි සියල්ල ගැන සැලකිලිමත්ව නිසිආකාරයේ අවසරයක් ඇති පුද්ගලයන් හෝ ආයතන වලින් මිලදී ගත් යානාවක් හෝ ඩ්‍රෝනයක් නිසි තීති අනුව ලියාපදිංචි කරවා පියාසර කිරීමට කටයුතු කිරීමෙන් සියලු පාර්ශව වලට නීතිමය හා ආචාර ධර්ම අනුව කරදර නොවී පහසුවෙන් තම කාර්යයන් ඉටු කරගැනීමට ඉඩ සලස්වනු ඇත

8 comments:

  1. සිවිල් ගුවන් ආරක්ෂක අධිකාරිය නොව සිවිල් ගුවන් සේවා අධිකාරිය යි. ජාත්‍යන්තර ආයතනය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විය යුතූය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හදන්නම්
      දිගටම අඩුපාඩු පෙන්වා දෙන්න

      Delete
  2. දැන් ඉතිං කොල්ලයි බල්ලයි ඔක්කෝම ඩ්‍රෝන් නියමුවෝ නොවැ !
    උන්ට කියවන්න මේක වැදගත් වෙයි !!

    ReplyDelete
  3. Above mentioned descdescriptis 100% correct. Its is mentioned in under Sec 120, Civil aviation act no 14 of 2010.
    Apart from that if you are a drone operator, you have to take prior authority from the Office of the Chief of Defence Staff(OCDS) at BMICH and they will provide authority subjected to Civil aviation clearence and AFHQ clearence. How ever the operator should inform the Colombo Air Ops Room at AFHQ and nearest Police Station prior to one hour from takeoff.

    ReplyDelete
  4. Uncle can you send me the blu baby rc plane sketch

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!