තවත් එක් අවාසනාවන්ත ඇත්ත කතාවක්...

හවස සාගරිකා දුම්රියේ එද්දී විදෙස් තරුණියක් හා තරුණයෙක් පා පුවරුව අසල වාඩි වෙලා ආවා. ඔවුන් පෙම්වතා හා පෙම්වතිය වග තේරුම් ගන්න නම් වෙලාවක් ගියේ නෑ. බියර් බොමින් අන් අයගේ අවධානයට ලක්වන අයුරින් අල්ලාප සල්ලාපයේ යෙදුනා වුනත් කාටවත් එහි ගානක් නොතිබුනේ ඒ "සුද්දන්" නිසා විය යුතුය.
 
ටිකකින් හිස් බියර් ටින් එක තලා එලියට විසි කරනු දුටුවෙමි. ප්‍රසිද්ධ ස්ථානයක, පොදු ප්‍රවාහණ සේවයක මත් පැන් බීම වරදකි. නීතිය කාටත් පොදුය. එද්දී එය කියන්නේ නැතිද? මේ අතර එකිනෙකාගේ මුහුණ බලන මගියෙක් දෙදෛනෙක් දුටුවද අනෙකුන්ට වගක්වත් නැත. දෙවනුව බැදපු අපපෙති පැකට් එකේ කොටසක් ඉරා එලියට කාටත් හොරෙන් එය දුමිරියෙන් පිටතට විසිකරනු දුටිමි. එය වරදක් බව ඔහු දන්නා බව පසක් වන්නට විය. තවමත් අපේ උන්ට කතා නැත. අවසන් පොලිතින් උරය විසිකරන්නට ඔන්න මෙන්න කියා තිබියදී මගේ කට ඇරුණි. 
 
"මේක උඹලාගේ කුණු කූඩය කියා සිතනවාද?"
 
මගේ පැණය එයයි. කරුමය නම් උන්ට ඉංග්‍රීසිද බැරිය මට උන්ගේ බාසාව බැරිය. අවසන උන් උණවටුන යන වචනය තෙපරබාන්නට විය.
 
"මෙය මගේ රට මේක උඹලාගේ කුණු කූඩය නොවෙයි. උඹලාගේ කුණු උඹලා එක්ක අරන් පලයව්."
 
සුද්දා වරද පිලි නොගෙන මා එතැනට යද්දීත් උගේ මල්ලේ තිබූ හිස් ටින් එකක් පෙන්වන්නට විය. "මං දැක්කා උඹ ඒක කරනවා". මා පිලිතුරු දුන් පසු තරුණිය සමාවෙන්න යැයි කීවා වුවද තරුණයාගේ මුහුණේ ආවේගයකි. අව්කණ්නාඩියෙන් වසා සිටින දෑසත් තරුණියගේ අස්වැසුමත් මා නොදුටුවා සේ සිටියේ මට උගේ තරාතිරමෙන් වැඩක් නැති නිසාවෙනි. 

කතාව සිනාව අතුරුදහන් වුන තරුණිය හා තරුණිය බිම වාඩි ගත්තතෝය. දුම්රියේ ඝෝෂාව හැරෙන්නට මනා නිහැඬියාවකි. සුද්දා පාඩමක් උගත් වග මා දනිමි. නමුත් මේ එකෙකු පමණකි. මා වටා සිටි කාටත් මේ පැණය අසන්නට තිබුණු බව දනිමි. නමුදු උන් තවමත් නිහඬය. පරිසරය සුරකිමු මැයෙන් පොඩි වුන් රචනා ලියද්දී, අපි උද්ඝෝෂණ කරද්දී සාරධර්ම නොමැති විදේශිකයෝද රට විනාශ කරන්නේ උන්ගේ නොවන නිසාය.

දුටු තැන වරද හදන්නට උඹලාට වදන අවශ්‍ය නැත. කුණු විසිකරනු දුට නම් "ඩූ යූ තින්ක් දිස් කන්ට්‍රි ඉස් යුවර් ගාර්බේජ්?" කියල අහන්නත් සංස්කෘතියට අපහාස කරනවා නම් "දිස් කල්චර් ඩස් නොට් බිලෝන්ග්ස් ටු යූ, ටු රේප් ඉට්" කියන්න. ඒ ඇති. උන් ඉංග්‍රීසි බිංදුවක් හරි දන්නවා නම් අනිවා කටයි *** වහගෙන යයි යන්න.

රකින්න කියල කෑ ගහන විනාඩියක් ඇත්තටම රකින්න වැය කරන්න. ස්තූතියි..

16 comments:

  1. සුද්දෝ කිව්වට ඊස්ටන් යුරොපියන්ලා වෙන්න ඇති ඒකයි කුණු අරම විසි කලේ

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. හැබැයි දැන් දැන් ලංකාවට එන සුද්දෝ ලංකාවෙන්ම පදම් වෙලාද මන්ද ගන්න දෙයක් නෑ

      Delete
  2. මුලින්ම ස්තූතිවන්නත වෙන්න ඔනේ සුද්දාට එහෙම කියන්න කොන්ද පන තිබුනු එකට. අපේ උන් සුද්දෝ මොනවා කෙරුවත් අහක බලාගන්නවා. තාම අපේ රටේ අය ඉන්නේ යටත් විජිත මානසිකත්වේ.

    ReplyDelete
    Replies
    1. හපෝ කාලකෙට කලින් අවුකන පිලිමේ ගාවදිත් කියා දුන්නා අපේ බුදු රුව පිටුපාන්න නොවේ කියල... අපි කියනවා නම් උන් ගොඩක් අය අහනවා. එහෙමත් එකෙක් තමයි මේ වගේ වෙන්නේ.. හැබැයි කාරණාව නම් අපි කියන්න ඕන මොකද උන් අපේ කල්චරේ දන්නේ නැත නිසා

      Delete
  3. සුද්දෝ අපේ රට යටත් කරගෙන අපේ උන්ගේ මොළ හෝදලා තලලා පෙළලා කොඳු බිඳලා දාල තියෙන තරම කොයි තරම්ද කියනවනම් අපේ උන් සුදු හමක් දැක්කත් සලිත් වෙලා යනවා...
    සුදු හමක් ඕනේ නැහැ, විදේශික නම් ඒ ඇති...
    ඔබගේ ක්‍රියාව අගය කරනවා...
    මේවා බොහෝ දුරට දැනුවත් නොකිරීමේ අඩුපාඩු වගේම උන් අපේ රටවල් ගැන තියෙන පහත ආකල්ප නිසා හිතා මතා ම කරන දේවල් වෙන්නත් පුළුවන්...

    අපේ රටේ මිනිස්සුම බලන්නකෝ, මෙහෙ ඉන්නකොට හැම කුණු ගොඩම වගේ පාරට හරි කොහාට හරි විසික් කරන උන්ම සිංගප්පුරු ගියාම එහෙ නීතියට වැඩ...
    ටොෆි කොළෙත් සාක්කුවේ දාගෙන එන්නේ...

    ReplyDelete
  4. තොටත් ඕන නැති රෙද්දක් නැති හැටි. දැන් තෝ ඔය කෙරුවාව ලංකාවෙ බුවෙක් කෙරුව නං කට අරිනවද? කනයි *** පලාගෙන තමයි එන්න වෙන්නෙ එහෙනං

    ReplyDelete
    Replies
    1. ලංකාවේදීත් දෑහෙන්න ඔය වැඩේ කරල තියෙනවා. නමුත් මොලය කියල දෙයක් ඇතැයි සිතුනොත් විතරයි. ලංකාවේ බුවාලාට මොලේ නැතුවාටත් වඩා මේ වගේ කතා වලින්ම තමයි උන් මොට කරන්නේ...
      මම ක‍ල දේ ඔබත් කරන්න. පලවෙනි වතාවේ අමාරුයි දෙවැන්න බැරිවෙයි හැබැයි දහ වැනි වතාවේ වත් ටිකක් අහයි. හැබැයි මගේ කැමරාව අතේ තිබුනොත් නම් ලංකාවේ මහලොකු බුවා වුනත් ඊට පස්සේ දවසේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වෙනවා ෂුවර්

      Delete
    2. ජිංතක ජිල්ලබකිට23 February 2017 at 15:54

      අනේ පල යන්න. සුද්දන්ට අනුන්ගෙ රටක පාට් දාන්න බැරි හින්ද උඹත් මහ ලොකු පොරක් වෙලා. ලංකාවෙ බුවාලා ප්‍රසිද්ද කරන්න ගොහිං උඹේ කැමරාව කුනු බක්කියට දාගන්න තමා ඔය දත කන්නෙ.

      Delete
    3. #ජිංතක ජිල්ලබකිට සාමාන්‍යයෙන් මම නිර්නාමිකයන්ට ප්‍රතිචාර දක්වන්නේ නෑ. තමන්ගේ නම භාවිත කරන්නවත් හැකියාවක් නැතිව තර්කයෙන් පලක් නැති නිසා. කොහොම වුනත් ලංක‍ාවේ එකෙක් පිටරටක ගිහින් ඕක කලා නම් ඌ එහේ හිර ගෙදරක. බොහෝමයක් රටවල් එහෙමයි. ඒක හිතේ තියා ගන්න.
      කතිකාව දුරට අවැසි නම් සත්‍ය නමකින් පැමිණෙන්න.

      Delete
    4. ලකේපුයිට්1 March 2017 at 15:28

      සාමාන්‍යයෙන් අපි මේ වගෙ ගොන් ආතල් වලට ප්‍රතිචාර දක්වන්නෙ නෑ. මෙහෙමවත් කියන්නෙ නොකියාම බැරි නිසා.

      නම කන්නද යකෝ. අදාල පොයින්ට් එකට කතා කරපන්. කියන එකා කවුරු උනාම මොකද.

      වෙන රටවල් වල කුණු දාන උනුත් හිරේ දාන්නෙ උඹද? දැන් එතකොට උඹට දියුණු රටවලුයි ලංකාවයි එකයිද? යකෝ ඒ රටවල්වල නීති විතරක් නෙමේ කුණු බැහැර කරන්න ක්‍රමවේදත් තියනවා. කෝච්චියේ හැම පෙට්ටියකම කසල භාජන තියනව.
      එතකොට උඹ කවදාවත් පාරට කුණු කෑල්ලක්වත් දාපු නැති එකෙක්ද අනුන්ගෙ කුණු අවුස්සන්නෙ?

      ඕකත් හරියට අර සුද්දියෙක් හරි සුද්දෙක් හරි ටිකක් කොටට ඇඳගෙන පන්සලකට ගියොත් ඕන තරම් උන් ඉන්නවා සංස්කෘතිය සදාචාරය වෙනුවෙන් පණ දෙන්න. හැබැයි උන්ගෙ ගෑනු පන්සලට යන්නෙත් කොටට ගහගෙන.
      එතකොට උන්ට සංස්කෘතිය මතක් වෙන්නෙත් නෑ. උන් එකෙක්වත් ධර්මයෙ හසිරෙන්නෙත් නෑ. ඒ වගෙ තමා.

      Delete
  5. සුදු මහත්තුරුන්ට උඹ මක්කටයි ඕව කියන්ඩ ගියේ.

    ReplyDelete
  6. හොඳ වැඩේ... ඔහොම තමා කරන්න ඕනේ කාට වුනත්.

    ReplyDelete
  7. අටම්පඩය8 March 2017 at 14:07

    "දිස් කල්චර් ඩස් නොට් බිලෝන්ග්ස් ටු යූ, ටු රේප් ඉට්"

    සිරා කතාව බම්. එහෙම තමා කියන්න ඕනා.

    ඕක අහපු ඉංග්‍රීසි දන්න සුද්දෙක් අනිවා රටත් අතෑරල යනවා. සන්ස්කුරුතිය තේරිලා නෙමෙ. තෝ ලිංගික පරපීඩකයෙක් කියල තේරිලා.

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ සුද්දා13 March 2017 at 09:34

      හුකෑ....ස්............

      Delete
    2. සුද්දගෙ ගෑනි13 March 2017 at 09:35

      හැබෑට කොහින්ද අනී උඹ ඉංගිරිසි ඉගෙන ගත්තී ?

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!