නවක වදය හා නායකත්ව පුහුණු වැඩසටහන

එස්. බී. දිසානායක පටන් ගත්ත නායකත්ව පුහුණුව මොකක්ද කියන එක කාටත් ගැටළුවක් වුනා වගේම කාගේත් කතා බහට ලක්වුන මාතෘකාවක් වුනා. ඇත්තෙන්ම මොකක්ද මේ නායකත්ව පුහුණුව?

 මේකෙන් කරන්නේ විශ්ව විද්‍යාල වලට එන නවක සිසුන් සඳහා තනිව වැඩ කිරීමට හා තනිව තීරණ ගැනිමේ හැකියාවක් ලබා දීම. ඒත් මේ පුහුණුවෙන් කරන්නේ කුමක්ද යන්න සෙවිමට මමත් පටන් ගත්තේ මමත් විශ්ව විද්‍යාලයයේ පළමු වසර සිටිද්දී. ඇත්තෙන්ම මේකෙන් කරන්නේ නීත්‍යානුකූල විදිහට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට නවක වදය ලබාදීම. මුලින්ම ලමයිනට දෙනවා දේශණ කුමක් සඳහාද ලමුන්ට මේ කරන දේ ගැන වැරද්දක් නොපෙනෙන්න වාගේම මේ කරන දෙය තමන්ගේ අනාගතයට අතිශයින් ප්‍රයෝජනවත් බව පෙන්වන්න. විශ්ව විද්‍යාල නවක වදයේදී තෙලක් බෙදනව කියක කොරන්නෙත් ඕකම තමා. මෙතන වෙනස විශ්ව විද්‍යාල වල ජේෂ්ඨයන් කරන දෙය හමුදා නායකයෙකු විසින් කරන එක විතරයි. ඉන්න මම මුලින් කියන්නම් විශ්ව විද්‍යාල වල රැග් හෙවත් නවක වදය කියන්නේ මොකක්ද ඒකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියල ඔයාලට කියා දෙන්න. මේ දේවල් කියන එක නම් එච්චර සුදුසු නැති වුනත් හැමෝම දරන් ඉන්න වැරදි මානසිකත්වයෙන් එලියට ගන්න නම් මේ දේ කියන්නම වෙනවා.

මුලින්ම කියන්න ඕන මේ දේ ලියද්දී මමත් විශ්ව විද්‍යාල දෙවන වසර සිසුවෙක්. ඒ වාගේම විශ්ව විද්‍යාලයයට එන විට නවක වදය ඕන කියාගෙන ආව කෙනෙක්. ඒ නිසා තමා මම මේක කියන්න හිතුවේ. රැග් එක කියන්නේ මොකක්ද? මේක හැමෝම කතාවෙන හැමෝම බය වෙන මාතෘකාවක්. මුලින්ම රැග් එකේ බලාපොරොත්තුවක් තමා අළුතින් එන අය විසින් පැරණි අය වෙත ගෞරව කරන්න පුරුදු කරන එක. මේ දේ කරන්නේ අපිට වෙන ගෞරවයක් බලෙන් ලබා ගන්නවත් අද හෙට වගේම හැමදාටමත් ජේෂ්ඨයන්ට ගෞරව කිරීම පුරුදු කරන්න. ඇත්තෙන්ම නවක වදය නිසා කණ්ඩායම අතරේ කණ්ඩායම් හැඟීම හා කණ්ඩායම වෙත ඇති ලැදියාව වර්ධනය වීමක් සිද්ධ වෙන බව නම් ඇත්තක්. නවක වදයේ මුල්ම පාඩම තමා පාවා නොදීම නොකල යුතුයි කියන එක. ඒ වාගේම මොනදේ වුනත් මුලින්ම තමන්ගේ විශ්ව විද්‍යාලයය දෙවනුව තමාගේ කණ්ඩායම තෙවනුවත් තමන්ගේ කණ්ඩායම කියනදේ මතක තබා ගත යුතු කරුණක් කිරීම. මේ දේ පළවෙනි පාඩම තියෙන්නේ කිසිම දවසක තමන්ගේ ප්‍රධානියන් ජේෂ්ඨයන් හෝ වෙනත් වග කිවයුත්තන් තමාගේ වැරදි සඳහා පාවා නොදීම සිද්ධ කරන්න. මේක සෑහෙන වැදගත් වන්නේ අපි සිංහලයන් නිසා හෙලයන් නිසා. ලොකයේ මහා පාවාදීම ආරම්භ වෙන්නේ හෙලයන්ගෙන් නිසා. ඒ මහා රාවණා රජ්ජුරුවන්ව වීභීෂනයන් විසින් යුද්ධයේදී පාවාදීම. ඒ වාගේම හැම විටම තමාගේ විශ්ව විද්‍යාලයයේ ගෞරවය ආරක්‍ෂා කර යුතුයි කියන එක. ඒ වාගේම හැම විටම තමාගේ කණ්ඩායමේ ගෞරවය එකමුතුකම ආරක්‍ෂා කරගත යුතුය කියන දෙය. මේ දේ නිසාවෙන් තමා විශ්ව විද්‍යාලය තුල යමක් කෙරෙන්නේ. මේ එකමුතුකම නිසාවෙන් තමා සියළු පොදු කටයුතු සාර්ථකව කෙරෙන්නේ. 

නවක වදය කියල දෙන ශාරීරික වද හිංසා වලට නම් අපි මුල්තැනක් දෙන්නේ නැහැ වාගේම කිසිම හේතුවක් නිසාවක් කනිෂ්ඨයකුගේ ශරීරය ස්පර්ශ කිරීම අපි කරන්නේ නැහැ. මේන නම් අපි අතර රීතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ දේ කරන්නේ වැරදීමකින්වත් අපි අතින් ශාරීරික හානියක් නොවෙන්න වග බලාගන්න. මේ සියල්ලන්ගෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයට යන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ ගෞරවය හා  අනන්‍යතාවය තහවුරු කිරීම. ඒ වාගේම මේ ජේෂ්ඨයන් කියන කරන දේට විරුද්ධ වෙන්නන් වෙනුවෙන් නිමවුනු දඬුවම් පවා තියෙනවා. මනෝ පුටුව, අඟල ගැසීම, හීටර ගැසීම වාගේ විවිධාකාර දඬුවම් තියෙනවා. මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ එකම වැරැද්ද කීප වරක් කරන්නන් වෙනුවෙන්. ඒ වාගේම තමාගේ කණ්ඩායමේ සියල්ලන්ගේම නම, ගම, පවුලේ විස්තර දැන මතක තබා ගැනීමත් කල යුතු වෙනවා. මේ දේ කරන්නේ මතක තබා ගැනීමේ ක්‍රමවේදය පුරුදු කරන්න වාගේම තමන් සමඟ සිටින්නන් පිලිබඳ හොඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින්.  ඒ වාගේම කනිශ්ඨයන් ලවා ගීත ගායනා කරවීම, නිසඳැස් කෙටි කතා ලියවිම වාගේ දේවලුත් කරවන්නේ ඔවුගේ දක්‍ෂතා හඳුනා ගැනිමේ අරමුණින්.

අනික තමා මේ සියල්ලම නිසා කණ්ඩායම් හැඟීම වර්ධනය වෙන එක. මේ දේ ඇත්තක්. හිතන්න තමා එක්ක එක බත් එක බෙදාගෙන කාපු, තමා කල වැරැද්දක් වෙන්වෙන් නිහඬවම දඬුවම් විඳපු, තමාට නැති බැරි අසනීප වුනු වෙලාවෙ තමන් ලැන බලපු විතරක් නෙවි තමන් සමඟ එකට රැග් වුන තමන්ගේ යාළුවා වෙන්වෙන් ඕනම දෙයක් කරන්න කැපවුන කණ්ඩායමක් තමා ලැබෙන්නේ. මේ දේ තමා හෙලයන්ට මෙතෙක් නොතිබුනු දෙය. මේ දේ තිබුනානම් අපේ රට විදේශ ආක්‍රමණිකයන්ගෙන් හෝ අන්‍යාගමිකයන්ගෙන් පිරෙන්නේවත් ඒකට ඇතුල් වෙන්නවත් ලැබෙන්නේ නැති ස්වාධීන රාජ්‍යයක් විදිහට නැගිටුන රටක් වෙනවා. දැන් කරන්න හදන්නේ එහෙම නැගීසිටින්නන් නැති කරන එක බව නම් ප්‍රසිද්ධ රහසක්.
දැන් බලමු මොකක්ද මේ නායකත්ව පුහුණු වැඩසටහන කියන්නේ මොකක්ද කියල. මේ දේ ඇත්තෙන්ම මම මුලින් කිව්වා වාගේම නීත්‍යානුකූල විදිහට නවක වදය ලබා දීම කිව්වොත් තමා හරි. මමත් මේකේ සමාරම්භක උත්සවයට හා පලමු කණ්ඩායමේ විසිර යාමේ උත්සවය යන දෙකට සම්බන්ධ වුනා. ඒක සිද්ධවුන හැටි නම් කියන එක ඒ උදවියට හොඳ නැහැ. කොහොම උනත් කියන්න තියෙන්නේ මුලින් ආපු කට්ටිය නෙවේ පිටවුනේ නම්. ඒ අය කතා කල දේවලින් පෙනෙන්නේ රජයට ගැති අපි කියන මානසිකත්වය කුඩා කණ්ඩායමක් සඳහා විතරක් හෝ අපි කියන දේ වෙනුවට මම කියන්නන් වැඩි ප්‍රමාණයක් බිහිවි ඇති බව තමා පෙනුනේ. මේ දේවල් වලින්වෙන්නේ විශ්ව විද්‍යාල වල කල්ලි ගැසීම නැතිවෙන එක ඒ දේ වෙනවිට වාසි වෙන්නේ නම් රජයට බව පැහැදිලි කරුණක්. අපි ඔක්කොම අල වෙලා ඉමු. අපිට ජේෂ්ඨයො ඕන නැහැ කියන එක ලමයින්ගේ මනසට දීල ඔවුන්ව වෙනස්ම පුද්ගලයන් පිරිසක් කරන්න ගත්තු උස්සාහයක ප්‍රතිපල තමා මේ තියෙන්නේ.

කියන්නම් මොකෙක්ද මේ අලයෙක් කියන්නේ කියල. අල කියන්නේ අත්හරින ලද්දන් කියන එක. ඔවුනට විශ්ව විද්‍යාලයේ කිසිම පොදු දෙයක අයිතියක් නැහැ වාගේම එවැනි දේ සඳහා සම්බන්ධ වීමේ අයිතියත් නැහැ. දැන් එමු ආයෙ කතාවට.

මේ දේවල් වලදී ලමයි උදේ පාන්දරම නැගිටල ව්‍යායාම කරවනවා. ඊට පස්සේ දේශන තියල නැවත හවසට පිට්ටනි වල දාගෙන අහිංසකයන්ව මරවන එක තමා කරේ. මේ දේවල් ලමයින්ගේ කටින්ම අහන්න මට අවස්ථාව ලැබුනත් ඔවුන් ඒ ගැන කතා කරේ තරහකින් නෙවේ. කඳු නැගල, මඩ වලවල් වල එරුනු වාහන ගොඩ දාන්නත් මේකෙ පුරුදු කරේ මොනවටද කියල දන්නේ දෙයියොත් නෙවේ එස්. බී. ම තමා. ජේෂ්ඨයන් නැතිව අපිට පුළුවන් කියන එක ඉපදුනු ගමන් පොඩි එව්වන්ට අම්මා තාත්තා නැතිව හැමදේම ඉගෙන ගන්න පුළුවන් කියන්නාක් වගේ කතාවක්. අළුතින් ආපු එව්වො පරීක්‍ෂණයක් ලියන්නේ කොහොමද, දේශන සටහන් ලියන්නේ කොහොමද කියන දේවල් වල ඉඳන් විභාගයකට උත්තර ලියන්නේ කොහොමද කියන දේ වෙනකන් දැන ගන්නේ මේ ජේෂ්ඨයන්ගෙන්ම තමා.

කොහොම වුනත් මේකේ හොඳ නරක කියන එක ඇඟටනම් ගුණ වෙන්නේ නෑ කියන එකත් තව ඇත්තක්. ජීවිතං අනියතං මරණං නියතං කියල කතාවටත් කියනවානේ. මොනා වුනත් මම නම් කියන්නේ නවක වදය කියන දේ විශ්ව විද්‍යාල වලට අවශ්‍යයයි යම්තාක් දුරට. ඒ වුනත් ඒක ශාරීරික වද හිංසා වලට හෝ අන්තවාදී විදිහට දීමක් නොවෙයි නම් තමා හොඳ.

වටිනවා දානවානම් කොමෙන්ටුවක් විදිමට ඔයාලගේ අදහසත් විවෘතවම.

6 comments:

  1. අපි දැන් පැරණි. නායකත්ව පුහුණු තිබ්බෙ නැහැ.රැග් නම් තිබ්බා.ඇතුලෙ ඉද්දි පවුලක් වගේ එකට ඉන්න අය, පිටතට ගිහින් ආයෙත් සමාජය එක්ක මුසු වුනාම, ඒ විදිහටම ආත්මාර්ථකාමි වෙන්නෙ ඇයි කියන ප්‍රශ්ණයට උත්තරයන් නැහැ....

    ReplyDelete
  2. කිසිම් කෙනෙකුට කිසිම හේතුවක් නිසා වදයක් දීම හොඳ නැහැ. නවක වදයට යොමු වෙච්ච අයි යොමු කරන අයයි හැර වෙන කිසිම කෙනෙක් කිසිදු ආගමික නායකයෙක් පවසන්නේ නැහැ. නවක වාදයෙහි කිසිම හොඳක් නැහැ. මෙතන ළමයින්ට සිදුවන මානසික හිංසා ගැන උවමනාවෙන්ම මග හැරලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. අලයන් අත් හරින ලද්දන් යයි කොන් කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. මා දන්නා පරිදි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සහ ක්‍රීඩා වලින් ඉදිරියෙන් සිටින්නේ ඔවුන්. අනුන්ට උදව් කරන්න බත් පත බෙදා ගන්න නවක වදේ වගේ මෝඩ ව්‍යපෘති අවශ්‍ය නැහැ.

    ReplyDelete
  3. අනේ බන් උඹලා වගේ බබාලා දන්න නවක වදය.නවක වදය කොයි විදියට දුන්නත් හොඳයි කියන්න බැහැ.ඒ වගේම නායකත්ව පුහුණුවේ තියෙන නරකම දේ තමයි මුදල් නාස්තිය.එහෙම නැතුව ඒකෙ වෙන වරදක් පේන්නනම් නැහැ.යුනි එකේ තියෙන කාලකණ්ණි නවක වදයට වඩා දහස් ගුණයක් වැදගත් විදියට ඒක සිද්ධ වෙනවා.කැම්පස් යන එවුන් උගුරට හොරා බෙහෙත් බිව්වට හැම එකාම දන්නවා නවක වදයෙන් වෙන සෙතක් නෑ කියන එක.අපිත් කැම්පස් නිසා දන්නවා ඒකෙ ඉන්න එවුන්ගේ තියෙන ගුණාංග.අනෙක කැම්පස් ජ්‍යෙෂ්ටයන් කියලා මේ තුනයි පනහෙ එවුන් ළග නැමෙන්නේ අහවල් අමාරුවකටද.
    ඒක නිසා නිකන් ගොන් ආතල් දෙන්නෙ නැතුව හිටපන්.

    ReplyDelete
  4. බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව.
    Posted on 2012 ජනවාරි 15 by Shan


    දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි

    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි

    දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.

    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

    ආමේන්

    ReplyDelete
  5. වෙනස බලාපල්ලා දැන්වත් ළිං මැඩියන් නොවී ලෝකේ දිහා බලපන්

    ලංකාවේ විශ්විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි.

    නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි )
    http://www.youtube.com/watch?v=lfxrReGbYNU


    මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි) http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related

    මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE

    දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්. මීට සුදු සීයා

    ReplyDelete
  6. හ්ම්ම් අපිත් ගියා ඔය පුහුණුවට..වෙලාවක් තිබුනොත් කියවන්නකෝ මේ ලිපිය හ්ම්ම්..:)
    http://hiruhimawi.blogspot.com/2012/07/blog-post.html

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!