නිර්නාමික ඇමතුම් වල හැටි

මගේ පලවෙනි බ්ලොග් එක පලවෙනි පෝස්ට් එක. කියවලා බලන්න. මේක මම දන්න මල්ලියෙකුට වෙච්චි දෙයක්...!

මලයගේ නම ඕන නෑ. පොඩි එකා හිටියේ 11 ශ්‍රේණියේ. මෑන් ට්‍රයි කලා කෙල්ලෙකුට. කෙල්ලට අයියල 4 ක් ඒ කියන්නේ මලයට මස්සිනාල 4ක්. පවු..! ‍ගෑනු ලමයත් එසේ මෙසේ පලාතක නෙවි. දකුණු පලාතේ නමගිය ගමක.

ඉතින් ඔන්න අපටත් ආව ආරංචිය.

දවසක් මලයට ආව නොදන්න නමබර් එකකින් කෝල් එකක්. " හා, මල්ලි මම මේ ........ගේ අයියා කතා කරන්නේ. ඔයා .......නේද? වහාම අපේ නංගිත් එක්ක තියෙන ලව් එක නවත්තනව නැත්තම් පස්සේ කරදර වෙයි" ඉතින් මල්ලි කියාපි "අනේ අයියේ දැන් එහෙම එකක් නෑ" කියල.

මෙන්න ඊට පස්සේ සංවාදේ කෙටියෙන්................

අයියා : එහෙනම් මොකටද ......... පැත්තේ එන්නේ
මල්ලි : මම නිතරම ඒ පැත්තේ එනව ඒකෙ ඉතින් අවුලක් නෑනේ. දැන් එහෙම එකක් නැ.

අයියා :මම ඔයාගේ සුදු මාමා දන්නව මම එන්නම්කො ගෙදර මට ආරංචියි ලගදිත් මේ පැත්තේ ආවා කියල. තාම තියෙනව නේද ඒක?

මල්ලි : දැන් එහෙම ඒකක් නෑ අයියේ එයා class එන එක නැවැත්තුවනේ ඊට පස්සේ ඒකත් නැවතුනා දැන් ලියුමක්වත් එවන්නේ නෑ මම. දැන් මම ඒව ගැන හිත්න්නේ නෑ. දැන් ම‍ට ගෑනු ලමයි ගැන හිතල වැඩක් නැ මට ඊට වඩා වැඩ තියෙනව කරන්න. ඉගෙන ගන්න.

අයියා : ඉතින් ඒ කාලේ හිතන්න තිබුන නේද ඒ ගැන.
මල්ලි :ඔව් අයියේ දැන් අපි කරපු මෝඩකම් ගැන අපි ලතවෙනව අයියේ. අන්තිමට අපේ ජිවිතත් ඉවරයි අහිංසක ගෑනු ලමයින්ගේ ජීවිතත් ඉවරයි.

ඔන්න ඉතින් අයිය පොඩ්ඩක් ඉන්න කියල call එක කට් කොලා.

කතාව ඉවර නෑ තව තියෙනව හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටනේ............!

මේ අස්සේ මලය එයා දන්න අයියා කෙනෙකුට කතාව කියනව ඒ අයියත් දන්නේනෑ වගේ අහගෙන ඉන්නව..

ටිකකට පස්‍සේ ආයෙ call එකක්.

අයියා : ඔයා මොකද එක එක්කෙනාට මේව කියන්න ගියේ.
මල්ලි :නෑ අයියේ ඒ මගේ හොඳම යාලුවෙක්. මේ අහන්න අයියේ අයියලට ඕනනම් මට ගහන්න ගුටි කාල මම සද්ද නැතුව ඉන්නම්. ඒත් අපේ ගෙදර එන්න එපා. මොකද අපේ අම්මයි තාත්තයි මේව අහල දුක්වෙනවට මම කැමති නෑ..............

මේ ටිකනම් මලය කිව්වේ හද පත්ලෙන්මයි..! පවු..!

අයියා :ඔයා මොකටද අම්මල තාාත්තල දුක්වෙන ඒව කලේ.
මල්ලි :ඒක තමා අයියේ ඒක ඉතින් වයසේ වැරැද්ද.
අයියා :ඒ වයසේ වැරැද්දටනම් ගහන්නම වෙනව. හිටපන්කෝ මම ගෙදර ඇවිත් සුදු මාමා හම්බෙනකම්.


ඉතින් ඔහොම ටිකක් ගිහින් අවවාද දීල call එක කට් කොලා.

ඕක වෙලා ටිකකට පස්සේ මේං මලය ඉන්නව ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන බයවෙලා හොඳටම.

දැන් කස්ටිය බලනෝ ඇති ඒ කතාව මම දන්නේ කොහාමෙයි කියාලා. මෙන්න නිදාන කතාව.

call කලේ මගේ යාලුවෙක් එයාම තමා අර මලය කතාව කිව් එයා දන්න අයියා. කතාව ඔක්කොම ‍රෙකෝඩින් මම.

කතාව සම්පූර්ණ සත්‍ය සිදුවීමක් මලය ටික දවසක් හොඳටම බයවෙලා හිටිය. පස්සේ අපි පව් කියල කතාව මිනිහට කිව්ව. ඒත්.... තාම මිනිහට විශ්වාස නෑ ඒක අපේ වැඩක් කියල.

වැස්සකට පස්සේ පායනව වගේ. ලව් එක නවතිනකොට අයිය කතා කලාම මිනිහෙක් බයවෙන එක අහන්න දෙයක්යැ. ඒකත් අයියල 4 ක් ඉන්න තැනකින් ...!

මේක කියවල කස්ටිය අපට බනින්න එපා මේක අපි කලේ හොඳ හිතින් මොකද කොල්ල exam කරන එකෙක් නේ. බේරගන්න. ලව් එකයි exam එකයි දෙකම මිනිහට එකපාර කරන්න බැරි නිසා...

12 comments:

  1. එලම තමයි....:D

    ReplyDelete
  2. අඩේ උඹත් පටන් ගත්තද එපාර. එළ එළ දිගටම ලියපංකෝ! මීට කලින් බයිටක් තිබුන නේද අයිය දාපු

    ReplyDelete
  3. හිහි පව් ඉතින් :)

    ReplyDelete
  4. අපොයි! අර අහින්සක කොල්ලගෙ පලමු පෙම :D

    ReplyDelete
  5. මට මෙන්න මේ ටික ගැටලු සහගතයි "එසේ මෙසේ පලාතක නෙවි. දකුණු පලාතේ නමගිය ගමක.,"

    මාත් දකුණෙ නම ගිය ගමක...එහෙම අයට ආදරේ තහනම් ද ..

    ReplyDelete
  6. හපෝ නෑ ආදරේ තහනම් නෙවි කරන්ඩ බයයි ඩිංග එහෙ මෙහෙ වුනොත් ලව් ඉලව් වෙලා අපි රිලව් වෙනව.

    ReplyDelete
  7. මචන් අපේ පැත්තෙ කුඹුරක පඹයෙකුට වේකන්සියක් තියෙනව උඹට සෙට් කරල දෙන්නද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බන් පඩි හොඳ නම් මමත් එනව. හැබැයි ඉතින් ඕව කියන්න තමන්ගේ නමින්ම ආවනම් මොකද? හික්ස් කමක් නැහැ පඹයට මම යද්දි හාන්නේ උඹ වෙන්නැති...

      Delete
    2. උඹ වගේ එකෙක් කවුද බන් පඩි දීල ගන්නෙ.. මගෙ නමින් තමා බන් ආවෙ, ඒකනේ 'මම' කියල තියෙන්නෙ.. කොහෙද ඉතින් ඒකවත් තේරුම් ගන්න උඹට මොලයක් තියේයැ.. මටත් හාන්න තිබුන බන් කොහෙද ඉතින් උඹේ ඔය මූණත්තහඩුව දැක දැක රෙන්න වත් හිතෙන්නෙ නැති කොට..

      Delete
  8. හිතක් පපුවක් තියන එකෙකුට කොරන්න ඇහැක වැඩක්ද යකෝ මේක? අහින්සක කොල්ලෙක්ගෙ පෙම් පලහිලව්වකට කෙලවන එක

    ReplyDelete
  9. උඹත් ඒ කෙල්ලට කෙල හැලුව නේද? ඒක නේද ගේමක් දුන්නෙ?

    ReplyDelete
  10. අඩේ සුලා මටත් මේ වගේ නිර්නාමික ඇමතුම් සීන් එකක් කොරන්න බැරිද ? EX අත ලග

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!