මුලින්ම කියන්න ඕන දෙයක් තමා මේ දේ ගැන කතාකරන්න ගොඩ දෙනෙක් හිටියත් ඒක කරන අය ඒකෙන් මුදව ගන්න ඉන්නේ ටික දෙනෙක් විතරයි. ඒ ඒදේ කරන්න පෙළමුන අය ඒකෙන් ගලව ගන්න බැහැ කියන මතය ගොඩක් දෙනාගේ හිතේ තියෙන නිසා. ඒත් ඒක එහෙම නෙවේ කියල සෘජුවම කියන්න පුළුවන්. මොකද මම ඒක කරල තියෙන නිසා. මේ දේවල් දෙකෙන් වඩා ශරීරයට අහිතකර එක තමා දුම්බීම. ඒකට හේතුව ඒකෙන් ඇතිවෙන ප්‍රතිවිපාක මරණිය වෙන තරම් වීම. මේක කොරන්න පුරුදු වෙන්න නම් එච්චර අමාරු නැති වුනත් අතාරින්න නම් සෑහෙන්න ආමාරු වෙන්නේ ඒකට ඇබ්බැහිවෙන නිසා. දුම්වැටි වල තියෙන “නිකොටින්” කියන දේ තමා තව තවත් ඒක අවශ්‍යයි කියල ශරීරයට හඟවමින් ඒකට ඇබ්බැහි කරවන්නේ. ගොඩක් වෙලාවට ලමයි මේ දේට යොමු වෙන්නේ කුතුහලය නිසා. ඒ වාගේම ඒ දේ කරොත් තමා තමන් වැඩිහිටියෙක් වෙන්නේ කියන අදහස දක්වන්න.
මුලින්ම කතාකරමු දුම්බීම හා එහි පළවිපාක ගැන. දුම්බීම වර්ග කීපයක්ම තියෙනවා උදාහරණ හැටියට දුම්කොළ භාවිතය සිඟරට්, පයිප්ප, බීඩි වගේ ගොඩක් ක්‍රම වලින් භාවිත කරනවා. ඒ හැමදේකින්ම කරන්නේ දුම්කොළ වල තියෙන නිකොටින් ටික ඇඟ ඇතුලට දාගන්න එක. මෙතැනින් වඩා ප්‍රසිද්ධම හා භාවිතාවන එක තමා දුම්වැටි. 2007 වර්ශ සමීක්‍ෂණ වලට අනුව ලෝකය පුරා ඉන්න මිලියන 4.9 ජනතාවක් දුම්බීම නිසා මියයන බව සොයාගෙන තියෙනවා. දුම්බීමේ ප්‍රතිපල දුම් නොබොන්නන් අතරත් ප්‍රචලිත වෙලා තියෙන්නේ ඒ අසල ඉඳන් ඒ වාතය ආශ්වාස කරන නිසාවෙන්. මේකේ තවත් කොටසක් තමා අබිං හා කංසා භාවිත කරන්නන්. ඒකත් විශාල වශයෙන් අපේ තරුණ කොටස් ඇබ්බැහි වෙන පැත්තක්. දුම්වැටියටත් වඩා මේ දේට ඇබ්බැහි වෙන්නේ ඒ දේවල් වල අහිතකර පලවිපාක ගැන කවුරුත් කතා කරන්නේ නැති නිසා. කංසා ගැන මුලින්ම අහන්න ලැබෙන්නේ 19වන සියවසේදී චීනයෙන්. එතැනදී ඒක යොදාගෙන තියෙන්නේ සාම්ප්‍රදායික බෙහෙතක් විදිහට. පස්සේ ඒක අසීමිතව යොදා ගැනීම නිසා ඒක බෙහෙතක තත්ත්වයෙන් ගිලිහිලා මත්ද්‍රව්‍යයක් විදිහට මුළු ලෝකය පුරාම විහිදිලා තිනෙවා.
දුම්බීම නිසා පෙනහළු පිළිකා, හෘදයාබාධ, පෙනහළු අක්‍රීය වීම හා ලිංගික අප්‍රාණිකතා ඇතිකරනවා. ඒවාගේම මළ දරු උපත් ඇති කිරීමටත් හේතුවක් වෙනවා. මේ දේවල් නිසාවෙන්ම බොහෝ රටවල් දුම්වැටි හා එවැනි මත්ද්‍රව්‍ය ගෙන්වීමේදී විශාල බද්දක් අය කරනවා වාගේම දුම්වැටි විරෝධි වැඩමුළු හා දුනුවත් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. දුම්වැටියක් උරද්දී ඒක කෙළවර සෙල්සියස් 700කටක් හරය සෙල්සියස් 60කටත් රත්වෙලා දුම්වැටියේ තියෙන දුම්කොළයෙන් විවිධාකාර විෂධුලක නිපදවනවා. ඒ පිළිකාකාරක තාර, කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩි කරන නිකොටීන්, ශරීරයේ ඔක්සිජන් බිඳ දමන කාබන් මොනොක්සයිඩ් වගේ සංයෝග. මේ දේවල් නිසා ශරීරය විනාශ වෙන්නේ බලාඉඳිද්දිම.
ගොඩක් වෙලාවට කංසා පාවිච්චි කරන්නන් කියන දෙයක් තමා “මරු බං පාවෙනවා වගේ. උඹත් කරල බලපන්.” ඒත් ඇත්ත තමා මේ දේ අත්හදා බලන්න නම් එපා. තවත් වෙලාවකදී මේව නැත්තන් ජීවිතේ වැඩක් නැහැ කියන අයත් ඉන්නවා. ඒ කියන කෙනාගෙන් වැඩක් නැහැ කියල එයාට තේරෙන්නේ නැත්තේ ඒ පාවිච්චි කරන මත්ද්‍රව්‍ය නිසාමයි. ඇයි දුම්වැටි භාවිතය අත්හරින්න ඕන කියල කතාකරනවා නම් පළවෙනි දේ තමා ශරීරයට වරළඳෙන රෝග නිසා තමන්ගේ ආයුකාලයෙන් භාගයක් ගෙවද්දි මැරෙන්න වෙන එක. අනෙක තමා වියදම් වෙන විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වෙන එක. ගොඩක් වෙලාවට අවුරුදු 15ක් 16ක් වෙන ලමයි මේ දේ කරන්න ගත්තාම වියදම් කරන්නේ තමන්ගේ දෙමාපියන් අමාරුවෙන් හම්බකරල ඉගෙන ගන්න දෙන මුදල්. හිතන්න දවසට දුම්වැටි දෙකක් භාවිත කරන්නෙක් ඒ දිනය වෙනුවෙන් රුපියල් 40කුත් මාසෙකට රුපියල් 1200කුත් අවුරුද්දට රුපියල් 14400කුත් වියදම් කරන්නේ තමන්ගේ ශරීරය ලෙඩ කරගන්න මිසක් කිසි වැඩකට ඇති දේකට නොවීම නම් කණගාටුවට කරුණක්.
මත්පැන් භාවිතයත් මේ වාගේම ප්‍රශ්ණයක් වෙලා තියෙනවා. මේ දේ කරන්න ගොඩක්ම පෙළඹිලා තියෙන්නේ පාසල් ළමයි හා විශ්ව විද්‍යාල සිසුන් වගේ අය වීම කණගාටුදායකයි. ඇත්තෙම්ම කියනවා නම් මේ දේ වෙන්න මූලික හේතුවක් වෙලා තියෙන්නේ ප්‍රචාරණ කටයුතු චිත්‍රපට වල මේ දේ යොදා ගැනීම හා දෙමාපියන්ගේ වැරදි ආදර්ශ. මේ දේ නිසා මේ දුම්වැටි හා මත්පැන් භාවිතයට පෙළඹෙන පුද්ගලයා අවසානයේ විනාශය කරා යන්නේ අවාසනාව හැමෝටම ගෙනදෙමින්. මේක තමා ජීවිතේ, මේක නැතුව වැඩක් නෑ කියන යාළුවෝ එක්ක වැටිල ඒ අය කරනදේ ගැන කිසිම අදහසක් නැතුව ඉන්න අය නිකන්ම මේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ බොහොම ඉක්මනින්. හැබැයි ඉතින් තමන් සමාජය තේරුම් අරන් හරි විදිය මොකක්ද? හැසිරෙන්න ඕන කොහොමද? තමන්ගේ නිසහස හරි විදිහට භුක්ති විඳින්න ඔන කොහොමද? කියල තේරුම් අරන් වැඩ කරනවා නම් කවදාවත් මේ දේ වලට ඇබ්බැහි වෙන්නේ නෑ. ඇත්තෙන්ම මේ දේ සඳහා දෙමාපියනුත් වග කියන්න ඕන ඒ ඒ අය නියමිත කාලයේදී ලමයිට නිදහස දෙන්නේ නැති වීම හා නියමිත කාලයට කලින් නිදහස දීම. මේ දෙක නිසාම ලමයි වැරදි මඟට පෙළඹෙනවා. ලමයින්ට අවවාද දීල උවමනාවට වඩා තෙරපන්නේ නැතිව නියමිත වයස හා සමාජ දැනුම ලබාදීල ඒ කාලයේදී නිදහස දෙන එක තමා හොඳම විදිහ. (හරියට මට ලැබුනා වගේ) හැබැයි කාලයක් යනකම් හොයා බලන්න ඕන ඒ අය කරන්නේ මොකද? ආශ්‍රය කරන්නේ කවුද? මොන විදිහටද? කියන එක.
දැන් අහවි කොහොමද අපි මේ දේ අත්හරින්නේ කියල? ගොඩක් දෙනා මේ දේ අත්හරින්න කිව්වත්, හිතුවත් තාමත් ඒ අය ලඟ ක්‍රමයක් නැහැ කොහොමද කරන්නේ කියල. ලඟදී මේ දේවලට යොමුවන කෙනෙක් නම් එච්චර අමාරු නැහැ. ඒත් කාලයක් හිටියානම් එකපාරටම මේක කරන්න අමාරුයි. මේක තමා ලෝකයේ ගොඩක් දෙනා ඇබ්බැහිවූවන්ට මේ දේවල් වලින් ඈත්වෙන්න දෙන පිලියම. මුලින්ම හිතන්න “මම මේක නවත්තන්න ඕන” ඊට පස්සේ ඒ දේ කරන්න පටන් ගන්න. දවසකට දුම්වැටි දෙකක් පාවිච්චි කලා නම් ඒක එකකට අඩු කරන්න. ඒ ඉතිරිවන සල්ලි වෙන දේකට යොදවන්න නැතිනම් කැටයක දාල එකතු කරන්න. (සැලකිය යුතුයි : පතුල හිල්වෙච්ච කැටයක් ගන්න එපා.) ඒ දේ නැතිව මානසික ආතතියක් වගේ දැනෙනවා නම් ඒ දේ අමතක වෙන්න වෙනත් වැඩක් ආරම්භ කරන්න. ඒ දේ තමාගේ විනෝදය සඳහා වන දෙයක්. රාජකාරි වැඩක් හරි වෙන යමක් වෙන්න පුළුවන්. ඒ වාගේම හැම වෙලාවේම චුයින්ගම් එකක්, දත් සුද්ධ කරන්න ගන්න කූරක් හරි වෙන දෙයක් හරි කටේ තියාගන්න. එතකොට දුම්වැටිය වෙනුවට ඒ දේ නිතරම කටේ තියේවි. නිතරම මානසික තෘප්තියක් ඇතිවෙන ආකාරයේ වැඩසටහන් වල නිරත වෙන්න. නිතර ව්‍යායාම වල යෙදෙන්න. දේ දේවල් කරන්න ටික ටික පුරුදු වුනානම් කාලෙකින් ඇබ්බැහිවීම් වලින් අයින් වෙන්න පුළුවන් වෙයි. හැබැයි මොන දේ කරන්නත් බාලගිරිය අද නෙවේ හෙට කියන්න වාගේ ඉන්නේ නැතුව අදම පළවෙනි පියවර තියන්න.











































