කලාකරුවන් වෙනුවෙන් තැනෙන ගල්ඔය වේදිකාව

මම අම්පාරේ උපන් කෙනෙකු නොවුනත් 2014 වර්ෂය ආරම්භයත් එක්ක මට ආරාධනාවක් ලැබුනා අම්පාරේ කලාකරුවන් වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කරන්න දායකත්වය ලබාදෙන්න කියල. හිතේ කලාවයි අපේ පිච්චියයි නැති එවුන් වෙනුවෙන් තැනක් හදන එක තමි අරමුණ වුනේ. වෙන්නේ මොනාද කියල දන්නේ නැති වුනත් මුලින්ම රැස්වීමට ගියේ තිබුණ අරමුණේ හොඳකම නිසාමයි. "ගල්ඔය වේදිකාව" සහෘදයන්ගේ ආත්මීය එකමුතුව එක්ක අත්වැල් බැඳගෙන එහි අඩිතාලම දාන්න දායකත්වය සපයන්න ලැබුණ එකම 20141දී මම ලබපු ජයග්‍රහණයක්. අම්පාර නගරාධිපතිතුමා ඇතුළු තවත් සමාජයේ පිලිගත් රුකියා කරන කලාකාරයන් අතරේ නම් මම බොහෝම පුංචි එකෙක් වයසින් වගේම කල කී දේ වලිනුත්. කොහෝම වුනත් මට තිබුණු විවිධ බාධා සහ විශ්ව විද්‍යාල ඉගෙනීමේ අවසාන සය මාසිකය ගෙවෙද්දී වුනත් මේ දේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න හිතුවා. ඒ මට කලාවට තිබ්බ ඇම්ම නිසාවෙන් කියලත් වෙලාවකට හිතෙනවා. මේ දේ වෙනුවෙන් එක්වෙද්දී තවත් නොදන්න කලාවක් ඉගෙන ගන්න, කලාවන් රසවිඳින්න ලැබෙන වාසියත් ගැන නොහිතුනාම නෙවෙයි.

කොහොමින් කොහොම හරි මටත් වාසනාව ලැබුණා ගල්ඔය වේදිකාව සහෘදයන්ගේ ආත්මීය එකමුතුව නිර්මාණය කරන අඩිතාලම දාන මුල්ම සාමාජිකයෙක් වෙන්න. මේ නිර්මාණය කෙරුණු ගල්ඔය වේදිකාව සහෘදයන්ගේ ආත්මීය එකමුතුව මොකක්ද කියන එක මේ ලින්කුවෙන් බලාගන්න පුළුවන්. මේ එකතුවුන සහෘදයන් පිරිස එක්ක මුලින්ම කල කලා කටයුත්ත විදිහට 2014.03.02 වෙනිදා ජයලත් මනෝරත්නයන්ගේ "අන්දරේලා" වේදිකා නාට්‍යය කොලඹින් ගොඩක් දුර බැහැර වුන අම්පාරට වෙනකන් ගේන්න පුළුවන් වුනා. ඉතා සාර්ථක විදිහට වේදිකා ගතවුන නාට්‍යය හරහා අපට අම්පාර ජනතාව වෙනුවෙන් වෙනස් විදිහේ අත්දැකීමක් දෙන්න පුළුවන් වුනා.

මේ සියල්ල විඳිමින් ගතවුන පහුගිය දවස් අතරේ අන්දරේලා වේදිකා නාට්‍යය අවසානයේ අප ජයලත් මනෝරත්නයන් වෙනුවෙන් නිර්මාණය කල සමරු තිළිණය පිලි ගැන්වීම හා එය පිලිගැනීම මගේ ජීවිතේට වෙනස්ම විදිහේ සිතිවිල්ලක් පහල කලා. මේ ඒ දේ අඩංගු වීඩියෝවක්. මගේ ලිපි හැමදාම කියවන ඔයාලත් මේක බලන්න මම වින්ද ඒ දේ ඔයාලටත් දැනෙනවාද බලන්න.

මේ වීඩියෝව තුල දකින කලාකරුවාගේ සතුට කොයිතරම් අව්‍යාජද කියන දේ දකින්න කලාකරුවෙක් වෙන්නම ඕන නැහැ. මම මේ ලිපිය ලියන්න තරම් හේතු වුනේ මේ සමරුව ගන්නාවූ ජයලත් මනෝරත්න නම් විශිෂ්ඨ කලා කරුවාගේ මුහුණේ තිබුනු සතුට හා අව්‍යාජ සිනහව විතරමයි. 

සහෘදයන්ගේ ආත්මීය එකමුවෙන් තව තවත් ගොඩක් දේ නිර්මාණය වෙන්න නියමිතව තියෙනවා. ඔයාලත් කැමති නම් එකතු වෙන්න අපි එක්ක. ඒ වෙනුවෙන් අපි මතුවට දැනුම් දීම් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එක්ක එකතුවෙන්න තියෙන්න ඕන එකම එක සුදුසු කමක් විතරයි. ඒ කලාවට ආදරය කරන හදවතක් ඇති සහෘදයකු වීම පමණමයි.

ඔයාලට ආයුබෝවන්

ලංකාවේ interview

2010 ඔක්තොම්බර් මාසයේ නිර්ණාමික ඇමතුම් වල හැටි කියන ලිපියෙන් බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ රටේතොටේ මම දකින අහන දේවල් ගැන ලියන්න හිතාගෙන. පස්සේ රට වටේ ඇවිදින දේවලුත් 2011 දී එකතු වුනා පස්සේ මම ඉගෙන ගන්න, අත්හදා බලන දේවල් එක්ක මගේ අත්දැකීම් අඩෙවිය දැන් ගොඩක් දුර ඇවිත්. ඒ හරහා මට ගොඩක් දෙනෙක් හඳුන ගන්න ලැබුනා. කොහොම වුනත් මාව බ්ලොග් ලිවිල්ලට ඇදල දැම්මේ ශාකුන්තලගේ සටහන් පොත ලියන මගේ අයියා. මේ ලිපිය මම ගැන කියන්න නම් නෙවෙයි ඒත් මේ ලිපිය ලියද්දී මට මතක් වුනා මම ආ මග ඒකයි මේ ටික දැම්මේ. කොහොම වුනත් මම ලියන එව්වා කියවන එවුන් ටිකකුත් ඉන්නවා මම හිතන්නේ. :P

අද ලියන්න යන්නේ අපේ රටේ Interview වල විදිය ගැන. තව මට අවස්ථාව ලැබුනේ නැතත් මම දන්නවා මටත් දවසක ඒ විදියම තමයි. සම්ප්‍රදාය අනුව අපේ රටේ මේ දේ වෙන්නේ මෙන්න මෙහෙම. Interview එකට යන එකා අනිවාර්යයෙන් ජෙන්ට අඳින්න ඕන. සපත්තු දාල, කොණ්ඩේ කොටට කපල පැත්තට පීරල, අත්දිග ෂර්ට් එකක් ඇඳල "පිළිවෙලට" යන්න ඕන. එතැනදි අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්නත් ඕන. සමහර වෙලාවට මේ අහන ප්‍රශ්ණ ජොබ් එකට අදාලත් නැහැ. අවසානයේ අපි පස්සේ දැනුම් දෙන්නම් එහෙම නැත්තම් යන්න කියන වචන අහන ලැබෙන එක නම් සුලභයි.

කොහොම වුනත් අවසානයේ company එකට බැඳුනම කියමුකොකෝ. ඊට පස්සේ ජොබ් එක කරන්න තියෙන්නේ ඇතුලේ එයාටම වෙන් වුන කාමරයක එහෙමත් නැත්තම් කැබින් එකක. සතියට පාරක් ප්‍රධානියා සහ එයත් එක්ක එකට වැඩ කරන අය ඇරෙන්න කවුරුවත් ආයේ දකින්න වත් නැහැ. රස්සාවේ කරන්න තියෙන්නේ මෙහෙම වුනාට බඳව ගන්නේ රස්සාව receptionist රස්සාවකට බඳව ගන්න වගේ. වෙන මොකාටද පෙනුම වැදගත් වෙන්නේ. සමහර වෙලාවට පෙනුම එක්ක වැඩට ගත්ත කෙනාගේ සහතිකත් උපරිමයි නමුත් වැඩ කරන්න ගියාම සුපිරියට අනාගන්නවා. ඒ දැනුම විතරක් තිබුනාට වැඩක් කිරීමේ හැකියාවක් නැතිකම. කොහොම වුන.ත් මේ සියල්ල සපිරි කෙනෙක් නම් හොයන්න අමාරුයි. ඒත් අපි කෙනෙක් interview කරනවානම් වැඩියෙන්ම බලන්න ඕන ඒ කෙනාට ඒ රැකියාවේදී කරන්න තියෙන කාර්යභාරය මොකක්ද කියන එක හා ඒ වෙනුවෙන් සැකසුන හැකියාව ඇත්තෙක් රැකියාව සඳහා බඳවා ගැනීම යන කාරණාව විතරමයි කියන එකයි මගේ නම් අදහස.
කොහොම වුනත් මීට අමතරව කරුනු කාරනා ඔයාලටම අත්දැකීම් එක්ක ලැබිල ඇති. ඒ දේවල් කොමෙන්ටු හැටියටවත් බෙදා හදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

නංගිලා මල්ලිලා 2013 විභාගේ ලියපු හැටි...............

මගේ අත්දැකීම් අඩෙවිය එක්ක එකතු වෙලා ඉන්න අය දන්නවා මම කවුද කියන එක නම්. මගේ තාත්තා ගැනත් දන්නවා ඇති. මේ කතාව ලියන්න කලින් කියන්නම් පොඩි දෙයක් එයා ගැන. මගේ තාත්තා උසස් පෙල විද්‍යා ගුරුවරයෙක්. ජීව විද්‍යාව හා රසායන විද්‍යාව තමයි උගන්වන්නේ. උත්තර පත්‍ර පරීක්‍ෂකවරයෙක් විදිහට අවුරුදු ගානක අත්දැකීම් තියෙනවා. 2013 විභාගයේ උත්තර පත්‍ර බලද්දී හමුවුන උත්තර පත්‍ර වල තිබුනු යම් යම් දේ සටහන් කරගෙන ඇවිත් තිබුනේ මතක සටහන් විදිහටයි. මේ ඒ වගේ සටහන් කීපයක්. ‍ෙමහෙම ලියන ලමයි අනන්ත් ඉන්නවා. ඒත් විභාගය වෙනුවෙන් ටිකක් හරි මහන්සි වුනානම් මේ දේවල් ලියන්න වෙන්නේ නම් නැහැ.

***************
"මට S එකක් දා ගන්න උදව් කරන්න මිස්. රජ වෙන්න නෙවි විශයයන් 03ක් ගොඩදාගෙන රස්සාවකට යන්න. මම වෙනුවෙන් දුක් විඳින මගේ තාත්තට කන්න දෙන්නයි ඊලඟ පාර exam කරන්න පන්ති යන්න සල්ලි හොයා ගන්නයි. තාත්තට අවුරුදු 65යි. අනුරාධපුරයේ හෝටලයක වැඩ කරනවා. හරියට කන්නවත් නැහැ. තාත්තට දැන් වයසයි. ගෙදර ඉන්න ඕන කාලේ එයා මම නිසා දුක් විඳිනවා. අම්ම නම් නෑ මගේ. නැතිවුනේ චූටි දවස්වල. පන්ති තුනටම යන්න සල්ලි නෑ මට. විශයයන් දෙකකට වත් අමාරුවෙන් සල්ලි හොයා ගත්තේ. ලබන පාර exam කරන්න class යන්න සල්ලි හොයාගන්න මට ජොබ් එකක් කරන්න මේ විශයයට S එකක් විතරක් දෙන්න මිස් පිං."

*****************
මේ තවත් එකක්.....

**************

පන්ති නොයා කට් කර කර වල බැස්සා
පාඩම් නොකර පොත්පත් ටික ගොඩ ගැසුනා
අම්මා තාත්තා කී දේ ගැන නොම ඇසුනා
අද මම මුළු exam එකම කා ගත්තා

දෙසැම්බරේ කල කී දේ පිට වෙද්දී
නෑ හිතවතුන් ප්‍රථිඵල ගැන විමසද්දී
අනේ මමත් උන්හිටි තැන් නැති වෙද්දී
අද මට කන්න වෙන්නේ මී පාසානන් ගෙදරදී

පන්තියේ ඉඳ ගත්තේ පොලිමේ අන්තිම පැත්තෙන්
ගන්නේ ජංගමයයි කලිසමේ සාක්කුව අස්සෙන්
ඉන්නේ කොට කෙටෙයි කිසි ගානක් නැතිව ඉතින්
සර් ඉගැන්වූ දේ දන්නේ කවුද ඉතින්

සයන්ස් සයන්ස් කියමින් රට හැම තැන පන්ති ගියා
තාත්තාගේ මොණරුයි සිහිනයි සිහිනයි මන් අතින් වතුරෙ ගියා
අම්මා සිටියේ නිතරම පුතා පාස්වෙයි කිය කියා
මා දුන්නේ අන්තිමේ සුසුමයි ඒ දෙන්නට යන්න ගන්න කියා

සිටියත් යාළුවො රොත්තක් කියමින් අනේ පනේ
පේපරයයි මායි විතරයි අන්තිමේ තනි වුනේ
අම්මයි තාත්තයි මං වෙනුවෙන් නේද කැප වුනේ
කඳුලෙනුයි සුසුමෙනුයි පමණයි මේ නිකිණි මස ගෙවුනේ

**********************

ISON ධූමකේතුව

මේ දිනවල වැඩිපුරම තාරකා විද්‍යාඥයන් අතරේ කතාබහට ලක්වෙන මාතෘකාවක් විදිහට අයිසන් (ISON) ධූමකේතුව හඳුන්වන්න පුළුවන්. තරෙකා විද්‍යාඥයින් මෙය ශතවර්ශයේ ධූමකේතුව විදිහටත් සලකනවා. සම්මත තාරකා නාමකරණය අනුව C/2012 S1 විදිහට දක්වන්න පුළුවන්. 2012 සැප්තැම්බර් 21 වනදා මුලින්ම මෙය සොයැගනු ලැබුවේ අන්තර්ජාතික ප්‍රකාශ විද්‍යාත්මක ජාලය (International Scientific Optical Network) නම් ආයතනයේ රුසියන් තාරකා විද්‍යාඥයින් දෙදෙනෙකු වන විටාලි නෙවස්කි (Vitali Nevaski) හා ආර්ටියොම් නොවිචොනොක් (Artyom Novichonok) විසිනුයි. එම ආයතනයට ගෞරවයක් විදිහට එය අයිසන් යන නමින් ප්‍රසිද්ධියට පත්වුනා.
මෙම ධූමකේතුව පිලිබඳ විවිධ මත පලකල අතර සියළු තාරකා විද්‍යාඥයින් මෙය පිලිබඳ අවධානයෙන් පසුවුනා. කලක් තිස්සේ බලාසිටි අයිසන් ධූමකේතුව 2013 නොවැම්බර් මාසය වෙද්දී පෘඨිවියේ කක්‍ෂයට ඇතුළුවුනා. ඒ නිසා දැන් තාරකා විද්‍යාඥයින්ට පහසුවෙන් මෙය ඡායාරූපගත කරන්න වගේම පියවි ඇසින් දකින්නත් හැකියාව ලැබිලා තියෙනවා. නොවැම්බර් 20න් පස්සේ ශ්‍රී ලංකාවාසීන්ට පාන්දර 4.30ට විතර නැගෙනහිර අහසේ කන්‍යා රාශියට (Virgo) අයත් දීප්තිමත් තාරකාව වන ස්පිකා (Spica) නම් තාරකාව අසල දකින්න පුළුවන්. අයිසන් ධූමකේතුව තම කක්‍ෂෙය් තවදඅරටත් යද්දී හිරුගේ රශ්මිය නිසා දීප්තිමත්ව දිලිසෙනු දැකිය හැකි බව පැවසෙන අතර මෙය දෙසැම්බර් මුල සති දෙකක කාලයක් අපට දැකිය හැකි වෙනවා.
2013 නොවැම්බර් 28 වනදා පමණ වන විට හිරුගේ පෘෂ්ඨයෙන් කිලෝමීටර 1,165,000ක් පමණ දුරින් තිබෙන මෙය කිලෝමීටර කීපයක විශ්කම්භයෙන් යුක්ත වෙනවා. මෙහි වේගය පැයට කිලෝමීටර 1,360,000 පමණ වන බවට විස්වාස කරනවා. මේ සියවසේ අවසන් ධූමකේතුව වන මෙය තව තවත් හිරුට ලඟාවෙද්දී වේගය වැඩිවන අතර හිරුගේ රශ්මිය නිසා හා ඇකිවන ඝට්ඨනය නිසා මෙය පුපුරා යා හැකි බවටත් අනාවැකි පලකෙරෙනවා. කෙසේ වෙතත් මෙය පුපුරා ගියහොත් එහි බලපෑම පෘථිවිවාසීන්ටත් ඇතිවිය හැකි බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.

මගේ ගමන් බිමන් පනස් එක්වන කොටස - උදයගිරිය රජමහා විහාරය - උහන

අම්පාර උහන සිට කිලෝමීටර කීපයක් නුවර පැත්තට වෙන්න කුඹුරු යායක් මැද තියෙන පන්සලක් තමයි උදයගිරිය රජමහා විහාරය කියන්නේ. පැරණි චෛත්‍යය කුඹුරු යාය මැද විරාජමානව තිබුනත් පාසි හා මඩ නිසා දුර්වර්ණ වෙලා තියෙනවා.
පරාක්‍රම බාහු රජ හා සුගලාදේවිය අතර බටහිර සටනේදී මේ ප්‍රදේශය සොල්දාදුවන් පලමු සටන් සිදුවුන ප්‍රදේශය විදිහට විස්වාසයක් පවතිනවා. අවට ඇති ගල්කණු හා පුරාතන සලකුණු අනුව මෙම ප්‍රදේශය විශාල වශයෙන් පැතිර තිබූ බව කිව හැකිය. කැටයම් කල ගලුකුළුණ වල ලියැවුන සෙල්ලිපි අනුව පන්සල අවට භූමිය දහවන සියවස රජකල උදය රජුගේ සෙන්පති දෙදෙනකු විසින් බදුසහන වශයෙන් දෙන ලද්දක් යැයි කිව හැක.
 
නටඹුන් ලෙස හමුවූ ආසනඝර දෙකක් හා බුදු පිලිමයක් එකට බුදුන්ට කුල වැඳුම් පිදුම් පෙන්වන අතරම තිබු කොරවක්ගල් හා අනේ නිර්මාණයන් අතීතයේ පෞඩ නිර්මාණයන්ගේ විභූතිය පිලිඹිඹු කරයි. කුඩා ගල් පර්වතයක් මත පිහිටි බුදුන්ගේ හිඳි පිලිමයකි. එය පාමුල ඇති සංකීර්ණව නිර්මිත නෙලුම් මලකි. පිලිමයේ වැඩි ප්‍රමාණයක් විනාශ වෙමින් තිබුනද තමවත් අතීත කලාකරුවාගේ දක්‍ෂතාව මනාව පෙන්වයි. එක හා සමාන සරළව පිලිවෙලකට සිටුවන ලද අඩි අටක් පමණ උස ගල්කණු අතිතයේ තිබූ සංඝාවාසයක නටඹුන් යැයි සැලකිය හැක. මෙහි ක්‍රමය අනුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට පලමු සියවසට අදාල නිර්මාණ ශිල්පය පෙන්වයි. තවද විස්වාසයන් අනුව මෙය උදනගිරි නමින් උහන ප්‍රදේශය පුරා පැතිර තිබු බවත් සියළු ඉගැන්වීම් හා වෙදහෙද කම් කල ස්ථානයක් බවත් නැගෙනහිර රාජධානියේ බිඳ වැටීමත් සමඟ වනාන්තරයට යටවී ඇති බවත් සැලකේ.