මොනවද මේ Ransomware කියන්නේ?

මේ දවස් වල බොහෝමයක් අයගේ පරිගණක වලට ඇතුලු වෙච්ච දත්ත නොපෙන්වන රෝගයක් ගැන බොහෝමයක් දෙනා කතා කරල අහනවා. විස්තරය බලුවාම ඇවිත් තියෙන්නේ Ransomware එකක්.
Ransomware කියන්නේ Malware පවුලට අයිති වෙන වයිරසයක්.මේකක් පරිගණකයට ඇතුලු වුනාම පරිශීලකයාගේ දත්ත සංකේතනය කරනවා. ඒක සම්පූර්ණයෙන් ලොක් කරල තියෙන නිසා කිසිම දත්තයක් බලන්න බෑ. දත්ත බලන්න නම් මේ ransomware එක හපු අයට ගෙවීමක් කරන්න කියනවා. ඒක කප්පමක්. සාමාන්‍ය වයිරස වගේ නෙවෙයි මේක හරි ගස්ස ගන්නේ කොහොමද කියන උපදෙස් මාලාවත් මේකත් එක්කම ලබා දෙනවා. සයිබර් අපරාධයක් විදිහට සලකන මෙම ක්‍රියාව සිදු කරන අපරාධකරුවන් අනන්‍යතාවය සොයාගත නොහැකි විදිහට බිට්කොයින් වැනි ඩිජිටල් කුම මගින් අති විශාල මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා සිටිනවා.

සාමාන්‍යයෙන් විද්‍යුත් තැපෑල මගින්, නොමිලේ ලබා දෙන මෘදුකාංග මගින්, නිසි අවසරයකින් තොරව භාවිතා කරන මෘදුකාංග මගින් පවා මේක පැතිරෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ වයිරසය තියෙන ඕනෑම උපාංගයක් තමන්ගේ පරිගණකයට සවි කලොත් විගස මේ ආසාදනයට ලක්වෙන්න පුලුවන්ත නරකම දෙ තයි මේ අය කිසි කෙනෙක් දත්ත වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් වග කියන්නේ නැති වීම. තව දෙයක් තමයි මේ ෆයිල්ස් එයාලට යවන්න ඕන විකේතනය කරව ගන්න ඕන නම්. එවිට දත්ත වල ආරක්‍ෂාව පිළිබදවත් ලැටුවක් එනවා. විකේතනය කල දත්ත එයාලට පුළුවන් තුන්වෙනි පාර්ශව වෙත විකුණන්න. ඉතින් රැන්සම් වෙයා එකක් ආව කියන්නේ එක අතකින් සොරිම තමා සීන් එකක් තියෙන්නේ.

මෙහෙම එන්න පුලුවන් Ransomware ගණනාවක් තියෙනවා.

Scareware - මේකක් ආවොත් පරිගණකයේ popup notification එනව ඔයාල පාවිච්චි කරන සොෆ්ට්වෙයා හොර ඒවා බව කියමින්. ඉතින් මේ වගේ පණිවිඩ වලට ප්‍රතිචාර දන්වන්නේ නැතිව දත්ත backup කර ගන්න එක තමා හොදම දේ.

Screen Lockers - බොහෝවිට රාජ්‍ය ලාංඡන හෝ ආරක්‍ෂක අංශ වල ලංඡන එක්ක තමා මේ පණිවිඩ පෙන්වන්නේ.ඒ කරල පරිගණකය සම්පූර්ණයෙන් ලොක් කරල දානව. නීති විරෝධී වෙබ් පිටු වලට පිවිසීම, නීති විරෝධී මෘදුකාංග ලග තබා ගැනීම වගේ දෙයක් කියමින් ඒකට දඩ මුදල් ගෙවන්න කියන පණිවිඩය ලබා දෙනවා. ඒ මුදල ඇත්තටම යන්නේ මේ සයිබර් අපරාධ කරුවන්ට.

encrypting Ransomware - යම් පරිගණකයක දත්ත සංකේතනය කිරීම මගින් එම දත්ත පැහැර ගැනීමකට ලක් කරන එක තමා මේකෙදි වෙන්නේ. මේක තමයි බොහෝමයක් වෙලාවට අපේ අයට වෙලා තියෙන්නේ. ගොදුරු කර ගන්නා පරිශීලකයන්ට දත්ත ලබා ගැනීමට කප්පම් ගෙවීමට සිදු වනවා. නමුත් කප්පම ගෙවීමෙන් පසුවද එම දත්ත් සියල්ල ලැබෙන බවට සහතිකයක් නෑ. එමෙන්ම එම දත්ත වෙනයම් අංශ වෙත විකිණීමපවා මෙම අපරාධකරුවන් සිදු කරනවා.

Doxware - මේවා ඇතුලු වූ විට පරිශීලක දත්ත අන්තර්ජාලයට මුදාහරින බව කියමින් කප්පම් ඉල්ලා සිටීමක් සිදු කරනවා.

master Boot Record (MBR) Ransomware - මේවා ඇතුලු වූ පිට පරිශීලක දත්ත පමණක් නොව පද්ධති මෘදුකාංග පවා සංකේතනය කරන බැවින් පරිගණකයට සම්පූර්ණ වශයෙන් පිවිසීම අඩාල කර දමනවා.

Mobile Ransomware - මේවා ජංගම උපාංග වලට බලපෑම් ඇතිකරන ransomeware වේ. මෙමගින් ජංගම දුරකථන ආදිය සංකේතනය කර දත්ත ලබා දීම සදහා කප්පම් ඉල්ලා සිටීමක් සිදු කරයි.

මේවා එක්ක යම් තාක් දුරකට ගණුදෙනු කරල දත්ත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් කීපදෙනෙක් දැන් ලංකාවේ ඉන්නව. නමුත් සියලුම දත්ත ලබා දිය හැකි බවට සහතික වෙන්න බෑ. ඒ ිතරක් නෙවෙයි මේ වැඩේ නිකන් සිදු වෙන්නේ නෑ. ඒ අයට වුනත් වැඩේ කෙරුනා නොකෙරුනා මුදල් ගෙවන්න ඕන. මොකද දැනුම හැමෝගෙන්ම නිකන් ලැබෙන්නේත් ඒ අයගේ කාලයේ වටිනාකම් ගෙවිය යුතු නිසාත්ය.

ඉතින් හොදම දේ තමන්ට හැකි සෑම වෙලාවකදීම දත්ත වල backup එකක් තියා ගන්න. පරිගණකය On කරන අවස්ථාවේදීත් Off කරන අවස්ථාවේදීත් තමන්ගේ අමතර දත්ත ගබඩාවන් පරිගණකයෙන් ගලවල තියන්න. අනිත් දේ තමයි backup කියන්නේ backup බව මතක තියා ගන්න. ඒවා හැම වෙලාවේම පරිගණකයට සම්බන්ධ කරගෙන වැඩ කරන්න එපා. එහෙම වුනාම මෙවැනි ප්‍රහාරයකදී backup ඒකටත් කෙල වෙනව.

වටිනා කියන දත්ත backup කරන සම්මත ක්‍රම තියෙනවා. ඒ ක්‍රම භාවිතා කරන්න. ප්‍රධාන දත්ත වලට අමතරව දත්ත backup දෙකක් තියනවා. එකක් වෙනම location එකක තියන එක තමයි සාමාන්‍ය විදිහ. මොකද ඉන්න තැන ගිණි ගැනීමක් වගේ දෙයක් වුනොත් backup එකත් ඒ එක්කම නැති වෙන නිසා.

අනිත් කාරණාව තමා නිකන් දෙන හැම කුණු ගෙඩම තමන්ගේ පරිගණකයේ දා ගන්න යන්න එපා. Email එකක් ආවත් වෙන මොනව හරි popup notification එකක් ආවත් ඒවා ගැන දෙපාරක් හිතන්න. වැදගත්ම දේ ලැබෙන හැම පණිවිඩයක්ම කියවන්නේ නැතිව ඉදිරි පියවර ගන්න එපා. ගොඩක් අය පුරුදු Dialog box එකක ආවම කියවනනේ නැතිව yes/ No හෝ ඉදිරි පියවර කරනවා. ඒ පුරුදදෙන්. හැබැයි පුරුදු නිතර එන පණිවිඩයේ තියෙන window එකට හැමදාම උත්තරය yes කියල. එහෙම තමා youTube tutorial එකේ තිබුනේ නම්. උදාහරණයක් විදිහට මේ දවස් වල advertising කරන මොබයිල් tracking ගැන තියෙන ප්‍රචාරක පට වල විදිහට code එක දාල ඊලගට එන menu එකට yes දෙන්න වගේ වීඩියෝ බලල වැඩ කරන අයට ඒ හා සමානව සමානව මෙවැනි වයිරසයක් හදල එවල තිබුනොත් මොකක් වෙයිද ? අපි ආරාධනා කරල වයිරසය අපේ පරිගණක හෝ ජංගම උපාංග වලට ඇතුලු කර ගන්නවා. ඒ නිසා හැම වෙලාවේදීම මේ තියෙන පණිවිඩ කියවන්න. හොද අවබෝධයෙන් කරන දෙයක් කරන්න.

පරිගණක අලුත්වැඩියා කටයුතු හෝ වෙනත් ගැටලු සදහා විසදුම් දෙන අයට වෙන ප්‍රශ්ණයක් තමා කිසි කෙනක් තමා කල දේ ගැන දන්නේ නැති වීම. මැසේජ් එකක ආව මම ඕකේ කලා. ඒක හැමදාම එනව වගේ උත්තර තමා දෙන්නේ. නමුත් සමහර විට හැමදාම එන එක වගේ වෙනත් එකක් තමා ඇවිත් තියෙන්නේ. ඉතින් ලෙඩේට බෙහෙත් කරන්න කලින් වෙනම හොයන්න ඕන පරිශීලකයා මොනාද කලේ කියල.

කොහොම වුනත් Ransomeware එකක් ආවට පස්සේ උත්තර හොයනවට වඩා හොදයි ඒක නොඑන්න වග බලා ගන්න එක.
 

2 comments:

  1. මගෙ ලැප්ටොප් එකටත් රැන්සම්වෙයාර් ඇටෑක් එකක් ආව.මටතේරැන විදිහට ක්රැක් එකක් ඩවුන්ලෝඩ් කරල ඒක එක්ක තමා ආවෙ. පයිල් සේරම ඉවරයි. ඩැමේඡ් පයිල් වල බැකප් එකක් ගූගල් ඩරයිව් දාල පෝමට් කලා. පස්සෙ කාලෙක හරි ගොඩ දාගන්න පුලුවන් වෙයි හිතල. වෙන විසදුමක් නෑ

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවේ ඉන්නව ඕක ගොඩ දාන්න පුලුවන් අය. අවශ්‍ය නම් මුහුණු පොත හරහා මට මැසේජ් එකක් දාන්න සම්බන්ධ කරල දෙන්නම් කෙනෙක්ව

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!