කාලෙකට පස්සේ සමාජයේ වෙච්ච දෙයක් ගැන ලියන්න හිතුවා. 2018-01-31 වෙනිදා කියන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පෘථිවියට බලාගන්න පුළුවන් වුන දවසක්. ඒ පිලිබඳව මම ලියපු ලිපිය මෙතැනින් ගිහින් කියවන්න පුළුවන්. රූපවාහිණියේ හෝ ගුවන්විදුලියෙන් ඒ ගැන කියන්න කලින් මම මේ ලිපිය ලියුවේ. කොහොම වුනත් කාලගුණික වෙනස නිසා ලංකාවේ බොහෝමයක් අයට මේ සංසිද්ධිය බලාගන්න බැරිවුනා. නමුත් චන්ද්‍රග්‍රහණයේ අවසන් අදියර කීපය බලන්න තරම් අහස පැහැදිලි වුන තැන් තියෙනවා.
මේ කියන්න හදන්නේ ඒ පෙනුන ටිකත් හරිහැටි බලාගන්න බැරිවුන සහ බලාන්න බැරි කල පිරිසක් ගැන. ලංකාවේ විවිධ තැන් වල මේ වගේ අය ඉන්න ඇති. රාත්‍රී අහස නිරීක්ෂණය ගැන "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය වෙනුවෙන් මම සක් කල ලිපිය කියෙව්වා නම් ඔයාලට ඒ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන් වෙයි.
කෙටියෙන් කියනවා නම් මූලික වශයෙන් ආලෝක දූෂණයෙන් අවම වෙන තැනක් වෙන්න ඕන. ඉතින් මම හඳ පේන්න පටන් ගත්ත මොහොතේ අපේ අම්ම තාත්තටත් මේ අව්තාව පෙන්වන්න කතා කලා. අවට අයටත් ඇහෙන්නම. මොකද මේ සංසිද්ධිය වගේම මේ අවස්ථාව බලන්න පුළුවන් වෙන්නේ ජීවිත කාලයටම එක් වතාවක් පමණක් නිසා. ඒ චන්ද්‍රගහණය නිසාම නොවෙයි. හඳේ විශාලත්වය, දීප්තිය, වර්ණය වගේ හේතු බොහෝමයක් නිසා. ඒ වගේම මම දැක්කා කීප දෙනෙක් එහෙම අවස්ථා තියෙනවා කියල විවිධ මත පල කරල තියෙනවා. ඇත්ත චන්ද්‍ර ග්‍රහණ ඇති වෙනවා. නමුත් මම මේ කියන සියලු කාරණාව් සම්පූර්ණ වන අවස්ථාවක් නම් එන්නේ නෑ.