මගේ ගමන් බිමන් හැට එක්වන කොටස - දියලුම ඇල්ල

ලංකාවේ දිය ඇලි අතරින් තුන්වන ස්ථානයට උසම දිය ඇල්ල වන දියලුම ඇල්ල උසින් මීටර 171 විතර වෙනවා. පූනාගල ඔයෙන් පෝෂණය වෙන මේ දිය ඇල්ල අතු ගඟකින් කිරිඳි ඔය‍ට වැටිල තිස්සමහාරාමය හරියෙන් මුහුදට වැටෙනවා. ඉතිමත්ම ලස්සන දිය ඇල්ලක් වෙන මෙ දිය ඇල්ල වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ යන අතරේදි දකින්න පුළුවන්. ලඟම නගරය වුන කොස්ලන්ද ඉඳන් කිලෝමීටර 6කුත් වැල්ලවායේ ඉඳන් කිලෝමීටර 13ක් විතර තමයි තියෙන්නේ. මේ හා බැඳුනු පුරාවෘතයක් තියෙනවා.
එක්තරා කාලයක රජ කුමාරයෙක් පහත් යැයි සැලකෙන් කුලයක තරුණියක හා පෙමින් බැ‍‍ඳෙනවා. පසුව ඒ තරුණිය හා විවාහ වන කුමාරයාව රට වැසියන් විසින් පලවා හරිනවා. කුමාරයා පලායන්න උත්සාහ කරන්නේ උඩරටට. ඒ පලායන අතරතුර මේ ගල් පර්වතය වැල්පටක ආධාරයෙන් තරණය කරද්දී තරුණිය ගල් අතර සිරවී මිය යනවා. එහිදී ඇතිවන දුක නිසා කුමරුවන්ගේ ඇැසින් වැටෙන කඳුළු එක්කර වදවියන් විින් මේ දිය ඇල්ල මවා තිබේ යැයි කියවෙනවා.
 
කෙසේ වෙතත් මනරම් දිය ඇල්ලක් වුන මෙය ජලය වැඩි කාලයට මාර්ගය හරහා යන තරම් මීදුමින් වැහෙනවා. දැන් නම් පාරවල් හදල තියෙන නිසා ලේසියෙන් යන්න පුළුවන්. අතීතයේදී මේ දිය ඇල්ල ජලපහන ඇල්ල, දියගැලුම ඇල්ල, දිය හැලුම ඇල්ල විදිහටත් හඳුන්වල දීලා තියෙනවා.
 

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!