සමාජයික ජාලයන් හා මූණුපොත...!(Social Networks & Facebook)



මුලින්ම බලමු මොකක්ද මේ සමාජයික ජාලයක් හෙවත් social network එකක් කියන්නේ මොකක්ද කියල. social network කියන්නේ තනි තනිව ගත් පුද්ගල කණ්ඩායම් විශේෂිත කණ්ඩායම් විදිහට වර්ගීකරණය කරල සම්බන්ධ කරන එක. මේ social networks ඔබට අවශ්‍ය නම් වැඩකරන ස්ථානයේ, විශ්ව විද්‍යාල වල පුද්ගලයන් එකට සම්බන්ධ කරගැනීමටත් යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි social network එකක් හදනවා විශ්ව විද්‍යාල සඳහා. ඒක ලංකාවේ සියළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරේ ජනප්‍රිය කරොත් අපිට විශාල වාසියක් ලැබෙනවා ඉගැන්වීම් හුවමාරු කරගන්න වගේම අළුත් දේවල් ඉගෙන ගන්න.

මෙතැනදී අනිත් අයගේ profile කියවන්න වගේම අනිත් අය සම්බන්ධ කරගැනීමේ හැකියාවත් තිබිය යුතුයි. ඒ වාගේම ඒක සියළු රටවල්, ජාතීන්, ආගම් වලට විවෘතව පැවතිය යුතුයි. වාගේම ඒ සියළු දෙනා සමඟම මිතුරු සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව තිබිය යුතුයි. මේ social network වලින් ගන්න පුළුවන් ප්‍රතිලාභ රාශියක් තියෙනවා වුනත් ලංකාවේ නම් ඒ දේවල් ගන්න අය නම් අඩුයි. ඉගෙනීම. සමාජ දැනුම, අන් අයගේ රුචි අරුචිකම් වාගේම යම් දෙයක් බහුතර මතයන් දැනගන්නත් පුළුවන් වෙනවා.

දැන් දෙන්නම් social networks ටිකක් ගොඩාක්ම ප්‍රචලිත ඒවායින්. Facebook(මූණු පොත), Twitter, Linkedin, MySpace, Ning, Google Plus+, Tagged, orkut, hi5, myyearbook, Meetup, badoo, bebo, mylife, friendster. මේ තමා 2011 නොවැම්බර් මාසයේ සංගනන අනුව ගොඩාක්ම ප්‍රචලිත වෙලා තියෙන social networks ටික. මේ හැමදේකින්ම අද උඩින්ම ඉන්නේ මූණු පොත. ඇත්ත අර කතාවක් තියෙන්නේ මෙහෙම.

ගොඩක් ඉස්සර ගෑනු ලමයගෙන් අහනවා

              ගෙදර ඇඩ්රස් එක දෙනවද? 

පස්සේ ගෑනු ලමයගෙන් අහනවා

              ගෙදර phone number එක දෙනවද?

දැන් ගෑනු ලමයගෙන් අහනවා

             Facebook ඉන්නවද?

මේ  තරමටම අද මූණු පොත පුද්ගලයන් අතරේ ජනප්‍රිය වෙලා තියෙනවා.
 මූණු පොතේ නිර්මාණයේ අරමුණ තමා ලෝකය වටේම ඉන්න විශේෂඥ දැනුම සහිත පුද්ගලයන්ගේ දැනුම හුවමාරු කරගැනීම හා ඔවුන් හඳුනා ගැනීම. ඒක මොන පැත්තක් සඳහාද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඒ වාගේම පුද්ගලයන්ගේ සමාජ රටාවන් හා හැකියාවන් බෙදාගැනීමත් බලාපොරොත්තු වෙනවා.

මූණුපොතේ වාසි ගොඩක් වගේම අවාසිත් තියෙන බව නම් දැන් හැමෝටම අමතක වෙලා වගේ. මෙන්න වාසි. පරණ හා අළුත් මිතුරන් සොයන්න දෙන අවස්ථාව, තොරාගත් විශ්ව විද්‍යාල සඳහා උසස් ආරක්‍ෂාවක් ලබාදීම, නොදන්නා පුද්ගලයන් හෝ කණ්ඩායම් සඳහා වුවත් අපහසුවකින් තොරව සන්නිවේදන හැකියාව ලබාදිම, රුචි අරුචිකම් අනුව කණ්ඩායම් සාදාගැනීමේ හැකියාව. මෙන්න අවාසි. ගොඩාක් පුද්ගලයන් සම්බන්ධ වීම, ව්‍යාජ නම් වලින් පෙනී සිටිම, ඇබ්බැහිවීමේ අවධානම. 


මේ අවාසි වලින් ගොඩාක්ම බලපාන්නේ මේ ඇබ්බැහි වීම කියන එක. දැනට ලංකාවේ විතරක් නෙවේ ලෝකයේම රටවලට ගැටළුවක්. මේ social networks වලට ඇබ්බැහිවීම නිසා විශාල ප්‍රමාණයෙන් අන්තර්ජාලය සඳහා වන වියදම වැඩිවෙනවා විතරක් නෙවෙයි ජාලයන්ගේ වේගය අඩාල වීමත් සිදුවෙනවා. මේ හැමදෙයින්ම සිද්ධ වෙන්නේ රටකට වැඩක් කරන්න දැනුම ලබන හා දැනුම බෙදාහරින්නන් අඩුවෙන එක. මේ මූණු පොත නිසා ලංකාවේ ගොඩක්ම පාසල් ශිෂ්‍යයන් ඉගෙනීම අත්හැරල තියෙනවා. ඒ වගේම අමතර පන්ති, පාසල් යාම විතරක් නොවේ නිවසේදී කල පාඩම් කටයුතු වලින් පවා බැහැරව මූණුපොතට හෙවත් facebook එකට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ දේ නිසා සියදිවි හානිකරගැනිම් පවා වාර්තා වෙලා තියෙනවා. ඒ මූණු පොත හරහා කෙරුණු අනියම් ආදර සම්බන්ධතාවයක් ස්වාමිපුරුෂයාට හසුවීමෙන් කාන්තාවකුත්, ආදරවන්තයා හැරහිය වෙලාවක ඒ සොවින් සියදිවි නසාගත් ශිෂ්‍යාවක් විතරක් නෙවෙයි තවත් එකී මෙකි නොකී තවත් අවස්ථා ගොඩක් තියෙනවා. ඒ දේවල් වලට වක්‍ර විදිහට දෙමාපියනුත් වග කියන්න ඕන. ඒකට හේතුව තමන්ගේ දරුවන්ට සම්පත් ලබාදිම විතරක් කරල ඒ සම්පත් ප්‍රයෝජනයට ගන්නේ කුමක් සඳහාදැයි සොයා බැලීම නොකරනවාට.

මේ දේවල් ඇත්ත නේද?

මේ කියන්න යන්නේ සාමාන්‍යයෙන් දැනට ගොඩාක් විශ්ව විද්‍යාල වල ඉගැන්වීම් හා විභාග කටයුතු කෙරෙන විදිහ ගැන. (මම විඳල සහ අහල තියෙන විදිහට) ගොඩාක් වෙලාවට කෙරෙන්නේ දේශකයන් දේශන තියද්දී අපේ අය ඒකෙ තියෙන ටික කොපි කරගන්නවා. සමහර දේශකයෝ දෙන්නේ සමුද්දේශ (Reference)  විතරයි. ඒකත් හොඳා කියමුකෝ. ඒත් මෙතන පුංචි වැරද්දක් වෙනවා.
ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපිට ලැබෙන ඒ පාඩම් සටහන් හා සමුද්දේශ ආශ්‍රයෙන් අපි කරන්නේ සම්පූර්ණ සටහනක් හදාගන්න එක. ඊට පස්සේ ඒක දිහා ආයෙත් බලන්නේ වර්ශාර්ධ (Semester) අවසානයේ තමා. ඒ වෙලාවේදී කොහෝම හරි කරල ගිරව දාගෙන විභාගෙ ලියනවා. විභාගෙට දවසකට පස්සේ ඒ ලියපු දේවල් ගැන විස්තර ඇහුවත් කියාගන්න නම් බෑ. හැබැයි රටේ අනාගතේ ගොඩක් දේවල් කරන්නේ ඔය පාඩම් කරන තියරි වලින් නෙවේ කියන එක තේරුම් ගන්න ඕන. ඇත්තටම විභාග ටික පාස්වෙන්නේ නම් ගිරව් දාන්න පුළුවන් වෙච්චි එවුන් ටික විතරයි.මේක තමා අද අපේ රටේ ඉගෙනීමේ තත්ත්වය.
ඉන්දියාව, චීනය, ජපානය වගේ රටවල් නිතරම ප්‍රායෝගික දේවල් මත ගොඩාක් පදනම් වෙන නිසා තමා ඒ රටවල් දැන් ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. අපේ පාසල් ගුරුවරු හා අමතර පන්ති කරන ගුරුවරු ගොඩාක් කියන්නේ හා කිව්වේ "මේ කාලෙ තමා ඔයාලට අමාරුවෙන් ඉගෙන ගන්න, පාඩම් කරන්න තියෙන්නේ. විශ්ව විද්‍යාලයේ ගියාම එහෙම නෑ කියල" ඒත්  ඇත්ත නම් ඒක නෙවෙයි විශ්ව විද්‍යාල පාඩම් කිරීම් ඊට වඩා අමාරුයි. මැකෝ ගිරව් තමා දාන්න වෙන්නේ. දැන් කෙරෙන ක්‍රමය අනුව නම් ප්‍රායෝගිකව දක්‍ෂයන්ට කිසිම තැනක් ලැබෙන්නේ නැහැ වගේම අනාගතයේ රැකියාවන් සඳහා ගියාම ඔවුන් කරන්නේ සාම්ප්‍රදායික දේවල් විතරක්ම වෙන දේ තමා කණගාටුවටම කරුණ.

ඒ වාගේම තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ රටේ කිසිම අළුත් නිර්මාණයක් නොකෙරෙන එක. ඒකටත් හේතුව මේ සාම්ප්‍රදායික ඉගැන්වීමේ රටාවම තමයි. අළුත් දෙයක් හිතන්න නම් පරණ දේවල් ගැනවත් දැනගෙන ඒවා හැදුවේ කොහොමද කියල කරල බලන්නවත් එපැයි.  මේ දේවල් ගැන ඔයාලගෙත් අදහස් දෙනවානම් සෑහෙන්න වටිනවා

මගේ ගමන් බිමන් අටවන කොටස - පතල් කර්මාන්තය දකින්න

මේ කියන්න යන්නේ මගේ විශ්ව විද්‍යාලයේ දීපු කෙටි නිවාඩුවට රත්නපුරයේ ඉන්න යාළුවෙක් බලන්න ගිය ගමන් දැනගත් විස්තරයක්. මේ රත්නපුරේ දෑල නමින් හඳුන්වන ප්‍රදේශය. මේ ප්‍රදේශ වල අයට වතුරෙන් නම් අඩුපාඩුවක් නැහැ. ඒ උල්පත් ජලය නිසා. පැය විසිහතරම විවෘත ජල කරාම තමා තියෙන්නේ. මේ කොළුවාගේ දුප්පත් අගහිඟකම් තිබුනත් ආගන්තුක සත්කාරය නම් ඉහලින්ම තිබුනා. මේ මිතුරාගේ නිවස කන්ද අතරමැද තියෙන්නක්. පහලින් ගඟ ගලන අතර ඊට එපිටන් පෙනෙන කන්න උදෑසනට හා සවස්යාමයට වැසීයන මීදුම නිසා මනස්කාන්ත දර්ශනයක් තමා මැවෙන්නේ. හැබැයි ඉතින් පුංචි රවුමක් දාල එද්දී කූඩැල්ලෙක් එල්ලෙන එක නම් වරදින්නේ නෑ. ඒකට හේතුව දිගටම තියෙන තෙතමනය සහිත බව. මේ ප්‍රදේශවල වැඩිදෙනා රැකියාවන් විදිහට පතල් කර්මාන්තය, තේ හා රබර් වගේ දේවල් තමා කරන්නේ. දැන් කියන්නම් පතල් කර්මාන්තය ගැන පුංචි විස්තර ටිකක් හැමෝටම දැනගන්න.
අවසන් කල පතලක්
පකල් සඳහා කපා දැමූ දැව කොටන්










පතල් කර්මාන්තය කියන්නේ ගොඩක්ම අන්තරාකාරී රැකියාවක්. ගොඩාක් වෙලාවල් වලදී අනතුරු වෙලා ජීවිත හානි සිද්ධ වෙලා තියෙන්නේ දෝනා කඩා වැටීම නිසා. මේ පතල් වලදී මුලින්ම කෙරෙන්නේ ඉල්ලම් ඇතැයි සැක කරන ප්‍රදේශය මධ්‍යයේ හතරැස් ලිඳක් කපන එක. මේ ලිඳට කියන්නේ දොරුව කියලයි. මෙම දොරු තනි කුටීරය හා කුටීර දෙක විදිහට හතර රියන් හා අටරියන් විදිහට තමා සෑරීම් කරන්නේ. මේ පතල් පොල අයිතිකරු අප්පෝ නමින් හඳුන්වන අතර කළමණාකරු, වැඩ ප්‍රධාන හා සේවක විදිහට තුන් මට්ටමක පුද්ගලයන් මෙහි වැඩ කරනවා. සාමාන්‍යයෙන් මැණිකක් හමුවුනොත් විකුණුම් මිලෙන් ලක්‍ෂයකට දෙදහසක් තමා සේවකයෙකුට හම්බෙන්නේ. මිට හමතරව හවුල විදිහට තවත් කොටසකුත් ලැබෙනවා මැණික හමුවුන කෙනාට. කළමණාකරුවන්ට හා වැඩ ප්‍රධානියන්ට ලැබෙන මුදල වැඩි අගයක් වෙනවා.
හතර රියන් දොරුවක්
අටරියන් දොරුවක්
අටරියන් දොරුවක්

දොරුව තුල ලී හරස්කරමින් තට්ටු බඳින අතර ඉහල තට්ටු අතර පරතරය අඩි 2 1/2 හෝ 2 ක් වන අතර පහලට යද්දී අඩියක් හෝ අඩි 1 1/2 ක් විතර වෙනවා. මුලින්ම තට්ටු හෙවත් කට්ටතන් තට්ටු, තට්ටු දෙකක් පහත් කරල ඊට පස්සේ තමා තට්ටුව බැගින් පහත් කරන්නේ. මුල් හරියේදී දවසකට කපන්නේ අඟල් දෙක තුනක ප්‍රමාණයක් විතරයි. ඒ පොළව දැඩි නිසා. ඉල්ලම් තියෙන උපරිමය කියන්නේ මාලාව එනකම් කියලයි කියන්නේ. එතැනින් පස්සේ තියෙන්නේ පාරුගල.  ඒ කියන්නේ ලෝකයේ යා හැකි උපරිම ගැඹුර කියලයි කියන්නේ. දොරුව අවසානයේදී එතැන් ඉඳන් වටේට දෝනා කැපීම ආරම්භ කරනවා. මේ දෝනා ඉඩම පුරාම විහිදෙන අතර ඉල්ලම තිබෙන පැත්තට දොනාව කැපීම වෙනස් කරනවා. ගසක අතු බෙදෙන්න වාගේ දොරුව ඇතුලේ දෝනා කැපීමත් සිද්ධ වෙන්නේ ඉල්ලම විසිරී තියෙන විදිය අනුව. 
ගැරුම් වලක
ගැරීම


තට්ටු දමන්න රබර් ලීත් තට්ටු සවි කරන්න පුවක් හෝ කිතුල් පටිත් දෝනා සවිකරන්න කිතුල් ලී හෝ රබර් ලී යොදා ගැනීම කරනවා. සමහර දොරු තට්ටු 100ක් විතර වෙන අවස්ථාත් තියෙනවා. ඒ කියන්නේ අඩි තුන්සියයක් විතර. දොරු මුදුනේදී පතුල පේන්නේ නැති තරම් වෙනවා වාගේම පතුලේදී දොරු කට ගිණිපෙට්ටියක් වාගේ තමා පෙනෙනවා කියන්නේ. පතලක් ඇතුලට යන්න ගෙදරින් අවසරයක් ගන්න බැරි නිසා ඒ ඇතුල කොහොමද කියල හරියටම විස්තර කරන්න නම් බෑ. කොහොම උනත් දොරු සෑරීම අවසානයේදී ඒ අතුලට බහින්න කලින් පහනක් හරි පන්දමක් හරි දාල විශ වායූන් තියෙනවාද බලනවා. ඊට පස්සේ දුම් ගහල විශ වායූන් ඩවත් කරල තමා දොරුවට බහින්නේ. සාමාන්‍යයෙන් මුල්ම දෝනාව කැපීම නැකැත් බලල තමා කෙරෙන්නේ. හැම දොනාවක්ම සිඳිම සඳහා නල යොදල ඒවාට සවිකල මෝටර මගින් වලවල් ඉසීම සිද්ධ කරනවා.
පතල් වාඩියක්
ගැරුම් මඩුවක්
පතල් වාඩියක්
ගොඩ දමන ඉල්ලම් පස ගැරුම් මඩුව නමින් හැඳින්වෙන සකසා ගත් කුටීරයකට දමනවා. තවත් ඒ ඉල්ලම් පස ආසන්නයේම ඇති පස වෙනමම ගැරීම සඳහා වෙන්කරල තියා ගන්නවා. සමහර අවස්ථා වලදී දෝනා අවසානයේ නැවතත් දොරු සෑරීම සිදු කරන අවස්ථාත් තියෙනවා. ඉල්ලම් පස් ගොඩ දැමීම අවසාන වෙන්නේ ගැරුම් මඩු එකක් හෝ කීපයක් පිරුනාම. ඒක ගරල අවසානේ තමා අනික සාරන්නේ. ගැරීම සිද්ධ වෙන්නේ හතර රියන් වන හතරැස් ගැඹුර අඩි තුනක් හෝඩ හතරක් වෙන වලක් ඇතුලේ. මෙතැනදී සමහර වෙලාවලදී හමුවන මැණික් ගරන්නන් විසින් සඟවා ගන්නා අවස්ථාත් තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට නම් අවංකව රැකියාව කරන්නන් තමා හිඳින්නේ.
දොරුවක් කණිමින්
කෙසේ වෙතත් පඩි ගෙවීමේදී සුමාන සල්ලි නමින් හැඳින්වෙන විදිහට ගෙවන මුදල සතියකට රුපියල් 150ක්ද ආහාර සඳහා විදිහට රුපියල් 200කුත් වැඩ ප්‍රධාන පළවෙනියාට රුපියල් 500ක්ද දෙවැනියාට රුපියල් 1000ක්ද ගෙවීම් කෙරෙනවා. ගොඩාක් වෙලාවට පතන් කැනීම නීති විරෝධී විදිහට කෙරුනත් අවසරලත් පතල් හිමියනුත් ඉන්නවා. තවත් මේ පතල් කර්මාන්තය එක්කම කෙරෙන දෙයක් තමා ගඟ හාරමින් කරන නීති විරෝධී මැණික් ගැරීම. ඒ වාගේම තමයි වැලි ගොඩ දැමීම. මේ දේවල් නිසා නම් වෙන විනාශය ගොඩක් වැඩියි. පතල් අවසානයේ ඒ පතල් අත්හැර දමනවා. කාලයත් එක්ක ඒ ඉඩම් වල ගිලා බැසීම් ඇතිවෙන්නේ දෝනා වල හරස් කල ලි දඬු දිරායාමත් එක්ක.
ගඟ හරහා
පතල් පොල










මම පතල් බලන්න යන වෙලාවේදී හිටියා වයසක මනුස්සයෙක් පොලව හූර හූර. මම ඇහුවා ඇයි ඒ කියල. එතකොට කිව්වේ පුතා, මේ පොලවේ කොතනත් මැණික් තියෙනවා. වාසනාව අනුව උඩ ඇවිත්  තියෙන්න පුළුවන්. ඒදණ්ඩකින් ගඟෙන් එතෙර උන අපි අයිතිකරු එනකන් බලන් හිටියා. ඒ අතරේ තවත් විස්තර අහගන්න පුළුවන් උනා. මේ අය කියනවා උඩින් පොලවේ දුරට වඩා යටින් දුර අඩුයි කියලා. ඒකෙන්ම සනාථ වෙනවා ලෝකය ගොලාකාරයි කියන එක. තවත් කෙනෙක් කිව්වේ අපි තමා ලෝකේ පතුල දකින මිනිස්සු කියල.


ගමන් බිමන් වල සත්වන කොටස.....

මෙහෙමත් දේවල්


මේ කියන්න යන්නේ තවමත් ලංකාවේ වෙන වංචාවක් ගැන. ඒ තමා ඉන්ධන පිරවුම්හල් වල වෙන චංචනික තෙල් පිරවීම්. මේ දේ සිද්ධ කරන ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් තමා කලින් තෙල් පිරවුම කල කෙනාගේ පිරවුම් දත්තය නැවත සකස් නොකර පිරවීම. ඒ කියන්නේ මීටරේ සීරෝ නොකර පුරවන එක. මේ දේ ගොඩක් වෙලාවට කෙරෙන්නේ කාර්, වෑන් හෝ ඊට වඩා වැඩි ධාරිතාව තියෙන වාහන වලට තෙල් පුරවද්දී. ඒ දේ ගොඩක් වෙන්නේ අපි තෙල් මීටරේ බිංදුවට ගෙනාවද කියල බලන්නේ නැති නිසා. අනිත් දේ තමා තෙල් පුරවන පොම්පයේ තියෙන වෑල්වය යන්තම් විවෘත කරල තෙල් පුරවන එක. මේ දේ කරන්නේ තෙල් මීටරේ වැඩ කරන හැටි හොඳින් හඳුනගත් උදවිය.

දැන් කියන්නම් තෙල් මීටරේ වැඩ කරන්නේ කොහොමද කියල. ඒක සිද්ධ වෙන්නේ මීටරේ තියෙන හබල්සකක් වැනි දෙයක් කරකැවෙද්දී මීටර් එක කරකැවිල ප්‍රමාණය පෙන්වන විදිහට. මේ හබල්සක කරකැවෙන්නේ තෙල් පරිමාව අනුව නෙවෙයි. ඒක කරකැවෙන්නේ තෙල් විදින වේගය අනුව. මීටරයේ පරිමාව සකසන්න හදල තියෙන්නේ බටයෙන් පිටවෙන තෙල් වේගය එක්ක ගනනය කිරීමක් සිදුවෙන විදිහට. එතැනදී ගොඩක් අඩුවෙන් වෑල්වය විවෘත කලාම වැඩි පීඩනයකින් විදින තෙල් නිසා වෑල්වය වේගයෙන් කරකැවුනත් පිරවෙන තෙල් ලීටර ප්‍රමාණය අඩුයි. මෙතැන තවත් විදිහක් තමා වෑල්වය සහිත කොටස තැලීමෙන් විවෘත කෙලවරේ ප්‍රමාණය අඩු කිරීම. එතකොටත් වෙන්නේ වේගයෙන් තෙල් විදීම නිසා අඩු පරිමාවකින් තෙල් නිකුත් කිරීම.

තවත් සමහරෙක් කරන්නේ තෙල් පිරවීම අවසන් වෙද්දීම තෙල් බටය පහත් කරන එක. එතැනදී අවසාන තෙල් ටික බටයේ ඉතිරිවෙනවා වාගේම ඒ ඉතිරිය ඔහු එක්රැස් කරගන්නවා. 

මේ හැම විදිහටම පාරි‍භෝගිකයාට පාඩු සිද්ධ කිරීම ගොඩාක් පිරවුම් හල්වල සිදු වුනත් ඒ පිළිබඳ පැමිණිලි හෝ සොයා බැලීම් නම් නැහැ. ඒ වාගේම මේ දේ සිද්ධ වීම පිලිබඳ කතා කිරීමත් පාරිභෝගිකයන්ට කරන්න බැරිවෙලා තියෙන්නේ පිරවුම් හල් හිමියන්ගේ ධනය හමුවේ නීතියත් යටවෙන හින්දාමයි කියලයි මම හිතන්නේ. ඒ වාගේම මේ රටේ ඉන්න හුඟක් ජනතාවත් ඒ මතයේම ඉන්නව කියල මම දන්නවා.

මගේ ගමන් බිමන් සත්වන කොටස - ඉහල කොත්මලේ ව්‍යාපෘතිය

ලාංකික විදුලි ඉල්ලුම දැනට වර්ෂයකට 7-8% ප්‍රමාණයකින් ඉහල නගිමිනුයි තියෙන්නේ.  මේ ඉල්ලුම සපුරන්න නම් 150MW ප්‍රමාණයක නිශ්පාදන ධාරිතාවක් අවශ්‍ය වෙනවා වර්ෂයකට. මේ විදුලිය නිශ්පාදන කරන්න සැලසුම් වෙලා තියෙන්නේ විවිධ ස්ථාන වල ඉදිවෙන කුඩා හා විශාල ප්‍රමාණ වල ජල විදුලි බලාගාර විදිහට. මේ සඳහා සැලසුම් කල ව්‍යාපෘතියක් තමා ඉහල කොත්මලේ බලාගාර ව්‍යාපෘතිය කියන්නේ. මේකත් මහවැලි යෝජනා ක්‍රමය යටතේම සිදු වෙන්නක්. මේ ව්‍යාපෘතිය සඳහා ආධාර සපයන්නේ ජපන් රජය මගිනුයි. 2011 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙහි සියළු වැඩ අවසන් කල හැකි වේ යැයි අපේක්‍ෂා කරනවා.
බලන්න එන අයට


ව්‍යාපෘති සැලැස්ම

කාර්යයාලය ඉදිරිපිට











ව්‍යාපෘතිය සඳහා මුළු පිරිවැය විදිහට රුපියල් මිලියන 37,269ක් වැයවේ යැයි ඇස්තමේන්තු සකස් කරල තියෙනවා. ජලාශයේ මුළු පැතිරීම වර්ග කිලෝමීටර 0.25ක් වෙනවා වාගේම 150MW ධාරිතාවෙන් යුක්තයි. එහි අපේක්‍ෂිත දවාර්ශික බල සැපයුම 409GWh වෙනවා. මේකත් ලංකාවේ තියෙන එක භූගත බලාගාරයක්. මේ බලය ලබාගන්න උස වෙනස විදිහට මීටර 473කුත් උපරිම ජල පිටකිරීම තත්පරයට ඝනමීටර 36.9කුත් වෙනවා. මේකෙ ජනන හැකියාව 31%ක්. මේ ව්‍යාපෘතිය කාලයකදී කාගෙත් අකමැත්ත ප්‍රකාශවුන යෝජනාවක් උනත් ඒ පෙර තිබූ අකමැත්ත මැඩ ගන්න විකල්ප සැලසුමක් ඉදිරිපත් කරල තමා දැන් සැලසුම් සකස් කරල තියෙන්නේ. මේකට හේතු වෙලා තියෙන්නේ පැරණි සැලැස්ම අනුව ලංකාවේ ලස්සන දිය ඇලි පහක් වෙන ශාන්ත ක්ලෙයාර්, ඩෙවෝන්, පූණාඔය, රම්බොඩ හා ශාන්ත ඇන්ඩ්රූස් යන දිය ඇලි විනාශ කෙරෙමින් මේ ව්‍යාපෘතිය ඉදිවීම. නමුත් නව සැලසුම් අනුව නම් අපිට නැතිවෙන්නේ එක් දිය ඇල්ලක් පමණයි. ඒ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල. නමුත් මේ දිය ඇල්ල නරඹන්න එන අය සඳහාත් සැලසුමක් සකස් වෙලා තියෙනවා. ඒ තමා දිනකට දහවරක් පැය භාගයකට වරක් මේ දිය ඇල්ල සඳහා පැය භාගයක් ජලය ලබා දෙන්න. ඒ සඳහා ඉදිවෙන වේල්ලේ වෙනනමම නලයක් යොදාගෙන තියෙනවා. මෙමගින් උපරිමය විදිහට තත්පරයට ඝනමීටර 6.6ක ප්‍රමාණයක් තමා ලබාදෙන්නේ.
මෙහිදී පිවිසුම් වේල්ල ඉදි කරන්න මුලින්ම හැරවුම් උමගක් සාරල ඒක මගින් ඔයේ ජලය වෙනතක හැරවීමක් කරල තිනෙවා. ඊට පස්සේ තමා වේල්ල ඉදි කරල තියෙන්නේ. මේ වේල්ල මීටර 35.5 උස වන අතර දිගින් මීටර 157කුත් පළල මීටර 7කුත් වෙනවා. මෙහි වාන් දොරටු 5ක් ඇති අතර මේ වේල්ලේ දැනට විශාල ප්‍රමාණයකින් වැඩ අවසන් වෙලා තියෙනවා. වේල්ල ඉදිවන්නේ තලවකැලේ වුවත් භූගත බලාගාරය නම් ඉදිවන්නේ නියම්ගම්දොර ප්‍රදේශයේ මේ බලාගාරය සඳහා ජලය ගෙනයාම සඳහා කිලෝමීටර 13ක් දිග විශ්කම්භයෙන් මීටර 5.8ක් පමණ වන භූගත උමං මාර්ගයක් යොදාගන්නවා. විදුලිය නිශ්පාදනය සඳහා මිටර 461ක උස වෙනසක් යොදාගන්නා අතර ඇතිවන පීඩන අන්තරය නිසා උමං මාර්ගය විනාශ වීම වලක්වන්න කැලඹුම් ලිදක් උපයෝගී කරගන්නවා. විදුලි ජනනයෙන් පස්සේ ජලය ආයෙම කොත්මලේ ඔයට නිදහස් කරනවා.

වේල්ල

වේල්ල

හැවුම් උමඟ

වේල්ල සැලසුම

වේල්ල ඉදිකිරීම්

බලාගාර පිහිටුම

උමඟේ සැලසුම

බලාගාර උස වෙනස

ප්‍රධාන උමඟ

බලාගාරය

බලාගාරය

පලමු ටර්බයිනය විවෘතකිරීම

පළමු ටර්බයිනය විවෘත කිරීම

ටර්බයින සැලැස්ම

ටර්බයින සැලසුම
හැරවුම් උමඟ













බලාගාරයේ දී ජලය ගෙනයන උමඟ දෙකට බෙදමින් විශාල ටර්බයින දෙකකට ලබා දීම මගින් විදුලිය උත්පාදනය කරන අතර මෙහි සිදුකල යුතු අළුත් වැඩියාවන් සඳහා පිවිසුම් උමඟකුත් නිපදවන විදුලිය ගෙනයාමට රැහැන් සඳහා උමඟකුත් විදිහට උමං දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. මෙහිදී අවතැන් වෙන පිරිස් සඳහා නිවාස සහ විනාශවෙන දෙමළ මහා විද්‍යාල නැවත ඉදි කිරීම. පාලම්, නගරසභා ගොඩනැගිල්ල, ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල සඳහා නැරඹුම් මැදිරියක් හා නවාතැන් පහසුකම් ලබා ගැනීම සඳහා හෝටලයක්ද නිර්මාණය කරමින් පවතිනවා. නිවාස හා දෙමළ මහා විද්‍යාලය නම් ඉදිකර අවසන්. 




අවට ඇති ලස්සන

අවට ඇති ලස්සන

අවතැන්වන ප්‍රදේශ

නැවත ගොඩනැගීම්

නැවත ගොඩනැගීම්

බලය එක්රැස් කරන ස්ථානය

විදුලි බලය එක්රැස් කරන ස්ථානය

පිවිසුම් උමඟ

පිවිසුම් උමඟ

පිවිසුම් උමඟේ වැඩ කටයුතු

පිවිසුම් උමඟේ වැඩකටයුතු