21 වන සියවසේ මහ සොහොන් පුවත

එක්තරා ප්‍රසිද්ධ මල්ශාලාවක සේවකයෙකි. තනතුරෙන් ඉහල ඔහුගේ අත්දැකීම් කියැවෙද්දී තැනක ඇහුණ මේ කතාව නොලියාම බැරිය.

මෘත ශරීර දෙකක් එකවර පැමිණි අවස්ථාවකි. එකක් නිතීඥයෙකුගේය අනෙක ගුරුවරයෙකුගේය. ඥාතීන්ගේ ඉල්ලීම පරිදි ගුරුවරයාට නැෂනල් එකත් නීතීඥයාට ටයිකෝට් දමා සරසන්නත් "ඇණවුම" ලැබුණි. දෙපාර්ශවයේම ඥාතීන්ගේ කලබලකාරී ජීවිත වලට මුදල් බාධාවක් නොමැති අයුරකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම ඥාතියා උපරිම අයුරින් සරසා දීම පමණකි.
කෙසේ හෝ වේවා මඳ වේලාවකට පසු මහා ගාලගෝට්ටියකි. සේවකයන්ද මෘත ශරීර දෙකෙහි අයිතිකාර පාර්ශවයන් දෙකද අතර වූ මහා ගාල ගෝට්ටිය විසඳීම උක්ත සේවකයාගේ රාජකාරිය විය. කරුණු විමසීමේදී සිදුව ඇත්තේ වරදකි. කලබලය හේතුවෙන් මෘත ශරීර වල ඇඳුම් කට්ටල මාරු කර අන්දවා ඇත. ඥාතීන් මේ සඳහා කලබල කරති. ඇඳුම් මාරු කර නැවත සරසා දෙන තුරු සිටීමට තරම් කාලයක් සේවාදායකයන්ට නොමැත. ගත වන සෑම මිනිත්තුවක්ම මුදල් බවට පත් වූ ලෝකයක එය සාමාන්‍ය කාරණාවකි. මෙය විසඳීම සඳහා මා කලින් සඳහන් කල සේවකයාට ගණ දෙවි නුවණ පහලවන්නේ මෙතනදීය.

මිනිත්තු කීපයක් සේවාදායකයනිගෙන් ලබා ගත් ඔහුට මල්ශාලාවේ දොරවල් වැහෙද්දී "මහ සොහොන් පුවත" මතක් වන්නට ඇත. මිනිත්තු කීපයකින් හිස් දෙක කපා වෙන්කොට අදාල ශරීර වලට සවි කරන්නට ගත වන කාලයත් මුහුණට දමන මේකප් එකට ගත කල කාලයත් ඇරුණු විට ගතවන්නට ඇත්තේ මුදල් ගෙවීමට ගත වන කාලය පමණි. අදාල ඥාතීන් අනේ ......, අනේ ......... වැනි අඳෝනාවන්ගෙන් තම තමන්ගේ ඥාතියාගේ හිස ඇති වෙනෙකෙකුගේ ශරීරයක් අසල අඬා වැටෙද්දී ගැටුම සමථයකට පත් කරන්නට ගත් පියවර ගැන ඔහුට මල්ශාලා අධිපතියාගෙන් පැසසුම් නම් අනේක වශයෙන් ලැබෙන්නට ඇත.

මා සිතන්නේ මෙය පළමු වතාව නොවුනද ගණදෙවි නුවණ මෙහෙයවා රාජකාරිය ඉටුකල අදාල පුද්ගලයාට නම් මාගේ ප්‍රණාමය පුද කල යුතුම වන්නේය. එසේ වන්නේ මුදලට නාට්‍යයක රඟන්නට යන උන්ත තමන්ගේ ඥාතියාගේ ශරීරය හඳුනා ගැනීමට තරම්වත් නොහැකි සමාජයක මෘත ශරීරයක් හා සාරධර්ම ඉටුකර යුතු නොවන නිසාවෙනි.

සැමට ජය....

 

1 comment:

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!