මැක්‍රෝ ලෙන්ස් එකයි මැක්‍රෝ ඡායාරූපකරණයයි - දන්න සිංහලෙන් Macro Photography සිව්වන කොටස

පහුගිය කාලේ සමාජ ජාල වෙබ් අඩෙවි වල මැක්‍රෝ ඡායාරූපකරණය කරන පිරිස් බොහෝමයක් බිහිවෙලා තිබුනා. පොඩි පොඩි උපකරණ වලින් වැඩ ගන්න හැටි ගැන මම ලියපු ලිපි වලින් වැඩ ගත්තා කියපු අයත් ගොඩක් හිටියා වුනත් තාමත් බ්ලොත් එකේ ලිපි වල ඒ අදහස් පල කරන අය නම් නැති වීම කණගාටුවට කරුණක්. ‍කොහොම වුනත් ඉදිරියේ ලිපි ලියනවාද යන්න තීරණය වෙන්නේ මේ ලිපි වල ප්‍රතිචාර වලින් මොකද ලියන ලිපි වැඩක් නැතිනම් ඒවා දිගින් දිගට ලිවීමෙන් පලක් නැති නිසා.

අපි ආයෙත් මාතෘකාවට එමු. මැක්‍රෝ ලෝකයට එ‍බිල බලන කෙනෙකුට එයින් පිටවෙන්න ලැබෙන්නේ බෙහෝම අමාරුවෙන් තමයි. ඒක ඒ තරම්ම උන්මාදයක්. ඉතින් පුංචි පුංචි දේවල් වලින් මැක්‍රෝ ඡායාරූප ගන්න පටන් ගන්න අය අවසානයේ එන්නේ මැක්‍රෝ ලෙන්ස් එකක් ගන්න තත්ත්වයට. හැබැයි ඉතින් ලෙන්ස් එකක් ගත්තා කියල විතරක් අනිත් අයට වඩා විශිෂ්ඨ වූ ඡායාරූපයක් ලබා ගැන්න බැහැ. එයට හොඳ උදාහරණ අපිට සමාජ ජාලා තුලම දකින්න පුළුවන්. බොහෝමයක් අය වැඩි මුදලක් දීලා ලෙන්ස් එක්ක අරන් අවසානයේ කියනවා මීට වඩා මගේ තිබුණ උපකරණ වලින් වැඩක් කරන්න තිබුනා කියල. ඒකට හේතු වෙන්නේ ඒ ඒ අය තමන් ගන්න ලෙන්ස් එක හා ඒකෙන් කරන්න පුළුවන් පරාසය ගැන නොදන්නා නිසා කියලයි මගේ අදහස වෙන්නේ.

අපිට මැක්‍රෝ ලෙන්ස් ප්‍රධාන වර්ග තුනක් ගන්න පුළුවන්. මේවා Short Macro Lens 30mm සිට 50mm දක්වාත්, Standard Macro Lens 60mm සිට 105mm දක්වාත්, Tele-Macro Lens 150mm සිට 200mm දක්වාත් පරාසයේ පවතිනවා. Short Macro Lens මිලෙන් පහල වුනත් අරමුණට වඩා වැඩියෙන් ලංවිය යුතු වෙනවා. මේ නිසා Product Photography සහ නිශ්චල අජීවී අරමුණු සඳහා වඩා යෝග්‍ය වෙනවා. Standard Macro Lens මිල සාමාන්‍ය අගයක පවතින අතර කුඩා සතුන් ඡායාරූගත කරන්න වුනත් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒ ඒ සතුන් වඩා ක්‍රියාශීලී නම් සාර්ථකත්වය ටිකක් අඩුයි. Tele-Macro Lens මිලෙන් වැඩියි. නමුත් වැඩ කරන්න පුළුවන් දුර වැඩි නිසා අරමුණට නොදැනී ඡායාරූප ගන්න වඩාත් සුදුසු වෙනවා. 

Short Macro Lens, Standard Macro, Tele-Macro
මීට අමතරව අපි හිතන්න ඕන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි අපිට දෙන විශාලන අගය කොයි තරම්ද කියන එක.  ඒක සාමාන්‍යයෙන් කියන්නේ Reproduction ratio කියලයි. සාමාන්‍ය කාචයක reproduction ratio එක 1:3.5 වගේ අගයක් ඒ කියන්නේ විශාලනය 0.28x විතර නමුත් මැක්‍රෝ ලෙන්ස් එකක් 1:1 කියල සඳහන් නම් ඒ කියන්නේ 1x විශාලනයක් තියෙනවා. ඒ කියන්නේ අපට ජීවී ප්‍රමාණයේ ඒ ආකාරයෙන්ම සෙන්සරයේ සටහන් කරගන්න පුළුවන්. හැබැයි මේ අතර 1:2 ආකාරයේ හා 2:1 ආකාරයේ මැක්‍රෝ ලෙන්ස් වෙළඳපො‍ළ දකින්න පුළුවන්. හැබැයි ඒ ඒ ලෙන්ස්  වල උපරිම විශාලනය දෙන්නේ නාභිගත වෙන අවම දුරේදී බවත් මතකයේ තියාගන්න ඕන. 

මම ගත්තු පින්තූර බලන්න ඕන නම් පහල සබැඳි වලන් ගිහින් බලන්න
https://www.facebook.com/sulakkhanaphotography/
https://youpic.com/photographer/sulakkhanachamara/
https://www.flickr.com/photos/sulakkhana/
https://members.nationalgeographic.com/225173184669/
https://www.instagram.com/sulakkhna/

සාමාන්‍ය ලෙන්ස් එකක් අපිට මීට වඩා විශාලනයක් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. උදාහරණ විදිහට 50mm ලෙන්ස් එකක නාභිගත වන අවම දුරේදී විශාලගන 0.15x පමණ වෙනවා. එය 68mm Extension tubes වල‍ට සම්බන්ධ කරල අපිට 1x ට වැඩි විශාලනයක් ගන්න පුළුවන්. නමුත් එ්කෙදි අරමුණට අති විශාල වශයෙන් ලඟ වෙන්න වෙනවා. ඒ විදිහටම 55-300mm ලෙන්ස් එකක සාමාන්‍යයෙන් 300mm වලදී අවම නාභිගත වන දුරේදී සාමාන්‍ය විශාලනය 0.33x විතර වෙනවා. එයට 68mm Extension tube set එකක් සම්බන්ධ කලාම 0.56x තරම් විශාලනයක් තමයි ලැබෙන්නේ. මේ විදිහටම 105mm අවම නාභිගත වන දුරේදී 1:1 විශාලනය සහිත Macro lens එකක් 68mm Extension tube set එකක් එක්ක සම්බන්ධ කලාම අපිට ආසන්නව 1.65x තරම් විශාලනයක් අවම නාභිගත වන දුරේදී ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ජීව ප්‍රමාණයට වැඩි ප්‍රමාණයේ පින්තූරයක් ලැබෙනවා. මේ විදිහෙන් තමන්ගේ අරමුණ එක්ක තමන් බලාපොරොත්තු වෙන විශාලනය එකතු කරලම ලෙන්ස් එකක් තෝර ගන්නවානම් තමයි හොඳ. මතක තියා ගන්න 2:1 ප්‍රමාණයේ Macro Lens පවා දැන් වෙලඳපොලේ තියෙනවා. 
2:1 Super Macro Lens

14 comments:

  1. ඔබගේ ලිපි වලට අදහස් දක්වන්නේ නෑ කියලා කිව්වාට කොමෙන්ට් එකක් දැමු පසුව පලවෙන්න කල් ගතවිම වෙන්නැති කවුරුත් අදහස් දක්වන්න මැලිවෙන්නේ. අනික තමයි ඒ කොමෙන්ට් වලට ඔබගේ ප‍්‍රතිචාර ප‍්‍රමාද විමත් එයට බලපානවා ඇති.
    මේ අඩුපාඩු මගහරවා ගන්න. ලිපි පෙල නියමයි. මේ බ්ලොග් එක නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔබට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග ඇත්තටම එහෙම කරන්න හේතුව අපේ අයගේ අසභ්‍ය වචන භාවිතය. දැන් ඒක ඉවත් කරන්න කාලේ හරි ඇති නමුත් අපේ අය ඒ දේ දිගින් දිගටම කරනවා නම් මම මේ වැනි ලිපි ලිවීම නවත්තනවා. අපි දන්න දේ කියා දීල මොකටද නිකන් අසැබි වචන අහන්නේ නේද??

      Delete
    2. ඵල ඇති රුකට තමයි ගල් ගහන්නේ. වද ගස්වලට ගල් ගහලා වැඩක් නෑනේ. කලකිරෙන්න එපා.අවශ්‍යම නම් ඇනෝ වහලා දාන්න. ඔයා මේ බ්ලොග් එක නැවැත්තුවොත් එයාල ජයගත්තා වෙනවා.

      Delete
  2. කැනොන් ල ගාව තිබ්බ 5x මැක්‍රෝ ලෙන්ස් එක ගැන දැනුවත් නැද්ද...
    හැබැයි ඒක මේ ලෙන්ස් වගේ අතේ තියාගෙන පාවිච්චි කරන්න බැහැ, වෙනම ගැජමැටික් එක්ක කරන්න වෙන ලොකු වැඩක් ඒක...

    දැන් ටික කාලෙක ඉඳල ෆොටෝග්‍රැෆි වලට සමු දීල වගේ ඉන්න නිසා මේවා ගැන වැඩිය හොයන්නේ නැහැ...
    නැත්තන් ඉස්සර මටත් ලොකු උනත් තිබ්බා මේවා ගැන...
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. දැන් දැන් Extreme Macro වලටත් ලෙන්ස් ඇවිත් තියෙනවා. හැබැයි ඉතින් ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට නම් ගන්න අමාරුයි.

      Delete
  3. මටත් දැන ඔය උණ ටිකක් හැදිල තියෙන්නේ...ුා ේ

    ReplyDelete
  4. මටත් දැන ඔය උණ ටිකක් හැදිල තියෙන්නේ...ුා ේ

    ReplyDelete
  5. ඔබේ ලිපි පෙල ඉතාම වටිනවා සුලා... ඉගෙන ගන්න බොහොමයක් තියනවා. මමත් Extension Tube ඒකක් ගත්තා.. තවම හරියට වැඩක් ගන්න බැරිවුනා. උත්සහ කරපු අවස්ථා කිහිපයකම හරියට නාභිගත කරගන්න අමාරැ වුනා. නැවත් වරක් උත්සහ කරන්න වෙනවා.

    ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරන්න වැරදි තමා හරි පාර කියන්නේ

      Delete
  6. ටික ටික හැදෙන්න එනවා මටත්

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!