ඡායාරූප කප්පාදු කිරීම (Cropping)

ඡායාරූප කප්පාදු කිරීම, මේක දැන් නම් නොදන්න කෙනෙක් නැහැ. ඡායාරූපයක් ගන්න කෙනෙක් හෝ නරඹන කෙනෙක් “හයියෝ ඕක crop කරන්න තිබුනනේ” කියල කියනවා අහල දැකල ඇති. ඡායාරූප කප්පාදු කරන්නේ ඇයි. මේක තමා තියෙන ප්‍රශ්ණය. ඡායාරූප කප්පාදු කරන්න හේතු කරගන්න ඕන මූලික කාරණා කීපයක් තියෙනවා. ඒ ගැන බලන්න කලින් ඡායාරූප ක්‍රොප් කරද්දී මතක තියා ගන්න ඕන ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ තමයි හැම වෙලාවේදීම ඔයාලගේ මුල් ඡායාරූපයේ පිටපතක් භාවිතා කරන්න.

පින්තූරයක සම්පූර්ණ සංයුතිය පවත්වා ගන්න අපිට crop එකක් කරන්න පුළුවන්. හිතන්න ඉක්මනින් වෙනස් වෙන පින්තූරයක් නම් අපි ඉක්මනින් ඡායාරූපය ගන්නවා. සංයුතිය ගැන හිතන්න වෙලාව මදි නිසා. පසු සංස්කරණයකින් crop කරල සංයුතිය අපට අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවන්. හිතන්න කුරුල්ලෙක් ඉගිලෙන එකක් කියල. රාමුව ඉඩ කියල ගත්තා. පස්සේ ‍crop කරල නිවැරදි කර ගන්න පුළුවන්.
ඉහල ඡායාරූපය crop මගින් වෙනස් සංයුතියන් ඇති ඡායාරූප දෙකක් ලබාගතිමි
Photo credit Goes to Dr. Wasiri Rasu Gajaman
දෙවැනි කාරණාව අරමුණ වෙන නිවැරදි නාභිගත කිරීමක් පෙන්වන්න. මේක ගොඩක් වෙලාවට ලොකු ක්‍ෂේත්‍ර ගැඹුරක් (depth of field) තියෙන ඡායාරූපයක් සඳහා භාවිතා කරන්න පුළුවන්. මොකද පින්තූරයේ බොහෝ දේ නාභි ගත වෙලා නිසා නිවැරදි අරමුණ නාභිගත වීම සකස් කරගන්න crop කිරීමකින් පුළුවන්.
Mobile capture by Chamara Sulakkhana
අරමුණ නිවැරදි නාභිගතකිරීම පෙන්වීම සමඟ අනවශ්‍ය කොටස් ඉවත් කිරීමක් මෙහි සිදු කර තිබෙනවා.

රාමුව තුල ඇති බාධාකාරි වස්තු ඉවත් කිරීමට භාවිතා කරන්නත් පුළුවන්. ඡායාරූපයක් ගනිද්දී විවිධාකාරයේ දේවල් තියෙන්න පුළුවන්. ඒ ඒ වස්තූන් කෙලවර වලින් ඉවත් වෙන විදිහට  crop කරල අපිට හොඳ ඡායාරූපයක් සකස් කරගන්න පුළුවන්.
Photograph by Chamara Sulakkhana
අරමුණට ලඟාවීම, ඡායාරූපය ගනිද්දී කෙනෙක් ගාව උපරිම Zoom කරන්න පුළුවන් කාචයක් නැති වෙන්න පුළුවන්. එහෙම වෙලාවකදී crop එකක් මගින් අරමුණට ලඟාවුන පින්තූරයක් විදිහට පසු සංස්කරණයකින් සකස් කරන්න පුළුවන්. නමුත් ඡායාරූපයේ ගුණාතිමකබව නම් crop කරන ප්‍රමාණයට අනුව අඩු වෙනවා. 
Photograph by Chamara Sulakkhana
 ඡායාරූපයක ආනතිය එහෙමත් නැතිනම් ඇලය සකස් කිරීමට අපිට crop එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් එහෙම වෙද්දී අයිනේ තියෙන යම් ප්‍රමාණයක් කැපිල අයින් වෙනවා. ඒ නිසා ඇලය සකස් කල යුතු ප්‍රමාණයට ඡායාරූපයේ රාමුව තුල ඉඩ ති‍යෙන්න ඕන.
Photograph By Chamara Sulakkhana
ඡායාරූපයක දිග, පළල අනුපාතය සකස් කරගැනීමත් crop එකක් මගින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ඕන වෙන්නේ ඡායාරූප මුද්‍රණයට. අපිට අවශ්‍ය ප්‍රමාණයට මුද්‍රණයේදී ඡායාරූපයෙන් අපිට අවශ්‍ය කොටසක් මුදුණය නොවි තියෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඇදිල ගිහින් විකෘති වෙලා තියෙන් පුළුවන්. ඒකට හේතුව මුද්‍රණ කඩදාසියේ දිග, පළල අනුපාතය අපේ තියෙන ඡායාරූපයේ අනුපාතයට නොගැලපීම. ඒ නිසා ඒ දිග පළල අනුපාතයට හරියන්න අපි crop කරල සකස් කරගන්න ඕන.
5:7 අනුපාතයට ඡායාරූපයක් crop කරන අවස්ථාවක්
Photograph by Chamara Sulakkhana
මෙන්න මේ කියන කාරණා ටික සැකසෙන්න ඡායාරූපයක් ‍crop කරනවා නම් අපිට තියෙන උපකරණ වලින් හොඳ ඡායාරූපයක් නිර්මාණය කරගන්න පුළුවන්.

ආයේ ලිපියකින් එනකම් සියල්ලට ජ‍ය..!

5 comments:

  1. මේකනම් ගොඩක් වටින ලිපියක්.නියමයි අයියා...

    ReplyDelete
  2. මේකනම් ගොඩක් වටින ලිපියක්.නියමයි අයියා...

    ReplyDelete
  3. අයියේ macro extension tube එකකින් වෙන්නේ මොකක්ද ? අපිට macro lens එකක් නැතුව උනත් එක හරහා අපි ගාව තියෙන prime lens එකකින් photos ගන්න පුලුවන්ද? උදාහරණයක් විදිහට 50mm 1.8f lens එකකින් වගේ..

    ReplyDelete
  4. අයියේ macro extension tube එකකින් වෙන්නේ මොකක්ද ? අපිට macro lens එකක් නැතුව උනත් එක හරහා අපි ගාව තියෙන prime lens එකකින් photos ගන්න පුලුවන්ද? උදාහරණයක් විදිහට 50mm 1.8f lens එකකින් වගේ..

    ReplyDelete
    Replies
    1. ඒක්ටෙන්ෂන් ටියුබ් ගැන වෙනම ලියුවනේ මලයා.
      ඕන ලෙන්ස් එකකින් පින්තූර ගන්න පුළුවන්. නමුත් Macro වෙන්න නම් සාමාන්‍ය ලෙන්ස් වලින් බෑ

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!